Jan 16, 2017

නරි නාටක

http://vignette2.wikia.nocookie.net/disney/images/0/03/Nick_and_judy_zootopia_renders.png/revision/latest?cb=20151220130400ඔහෙල දන්නව නේද , අර රජවෙච්ච නරියගෙ කතාව. අර නිල් බාල්දියෙ වැ‍ටුනෙ. හරි, ආන්න එයා තමා. මට හම්බ වුනා නෙව එයාව.

බස්සා:කොහොමද සෑර් වෙනස සැපද?

නරි: මඟුලක් කියනවා, හපොයි මාත් පැටලිච්ච පඹගාලක මහත?

බස්සා: ඇයි සෑර් , එහෙම කියන්නෙ? රජසැප නේද? අර හිටපු රජා තාමත් හූල්ලන්නෙ නිකංද? ආං දැන් කියනවා  කොහොමහරි පෙරලනවා කියලා

නරි: හෑ, හැබෑටම එයා එහෙම කිව්වද? පෙරලනවයි කිව්වෙ, ඔලුවට කලුගලක් වත්ද?

බස්සා:  ඒ කලුගල් පෙරලන කතාව කිව්වෙ නාලාගිරි නෙව. මේ කියන්නෙ අපේ හිටපු රජතුමා ගැන.

නරි:  ආ එයාද? එයා නං පෙරලන්නෙ බාල්දි වෙන්ටෑ. ඒක නෙමෙයි, උඹට කියන්න බස්සෝ, මට මේ රජකම එපාවෙලා තියෙන්නෙ.

බස්සා: හෑ, එහෙනං නිල් බාල්දියට පැන්නෙ  මොන උලව්වකටද?

නරි:  පැන්නෙ නෑ , මාව නැට්ටෙන් ඇඳගෙන ඇවිල්ලා, බාල්දියට තල්ලු කලා නෙව අර සැටලයිට් නෝන. අම්මපා මං මේ හම්බවෙනකං ඉන්නෙ, හපනව කකුලක් පත්තු බඳින්නම.

------------------------------------------------------------------------------------------
ලංකාවෙ නරි, දේශපාලනය කලාට, කපටි සූට් ඇන්දට, ලෝකෙ හැම නරියම එහෙම නෑ. ඔය නරිය හරි හුරතල් සතා.බල්ලො කියන්නෙත් ගෘහස්තකරණය කරපු නරි ජාතියක් කියල කියන්නෙ. ඔය  එන්ගලාන්ත වංශවත් සුද්දො නං, ඉස්සර එහෙ නරින්ගෙ "නරි අයිතිවාසිකං" උල්ළංඝනය කලා "ෆොක්ස් හන්ටින්" ගිහිල්ලා.ඒත් හැමෝම එහෙම නෑ:
Riot The Red Fox

නරියා, විශේෂයෙන්ම "නරිච්චි" ජපානෙ සහ කොරියාවෙ අත්භූත බලයක් ඇති සතෙක් විදිහටයි සැලකෙන්නෙ. මෙන්න මේ වගේ:


කොරියාවෙ නරිච්චියොත්  හරිම "ෆොක්සි". එහෙ ජනකතාවල ඉන්නෙ වලිග නමයේ නරිච්චියො. මෙන්න මේ කොරියන් ටෙලි නාට්ටිය මට නං නැගලම ගිය එකක්. බලන්න. කෙලින්ම සබ්ටයිටල් එක්කම යූ ටියුබ් එකේ තියනවා
https://s-media-cache-ak0.pinimg.com/564x/6d/ed/bd/6dedbdd0648230e1b24d427f072bea27.jpg
Sly fox and dumb bunny


20 comments:

  1. ඔය නරියා ලංකාවේ කපටි රාජා වෙන්නේ නිකම් ඉඳන් අනුන්ගේ දඩයමෙන් කාලා ජිවත් වෙන නිසා කියනවානේ.අපේ දේශපාලනය කරන උනුත් එහෙමනේ.උන් නිකම් ඉඳන් කන්නෙම අහිංසක මහජනතාවමයි. අර නිල් බාල්දියෙ වැ‍ටුන නරියාට කට්ටියක් කියනවාලු ආයෙමත් නිල් බාල්දියේ බහින්න කියලා.නරියා නම් කලින් කිව්වේ වලේ වැටෙන්නේ රෑ විතරයි දවල් වැටෙන්නේ නැහැ කියලා.එත් යන විදියට ආයෙත් නරියා නිල් බාල්දියට පනින්න බැරිත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් , මෙහෙට බට්ටො පනින නරි, හොඬවැල වන, වන ඉන්න මෙලෝ රහක් නැති අලි. ලංකාවම උලාකාලා, නීතිය අතට ගත්ත වල් ඌරො සැට් එක. ඒ අස්සෙ කැකුණ තලාගන්න හදන විප්ලවීය හබන් කුකුළ් සැට් එක. අනේ මන්දා? මට නං කිසිම පැහැදිලි අනාගතයක් පේන්නෙ නෑ

      Delete
    2. //ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් , මෙහෙට බට්ටො පනින නරි, හොඬවැල වන, වන ඉන්න මෙලෝ රහක් නැති අලි. ලංකාවම උලාකාලා, නීතිය අතට ගත්ත වල් ඌරො සැට් එක. ඒ අස්සෙ කැකුණ තලාගන්න හදන විප්ලවීය හබන් කුකුළ් සැට් එක.//

      A lovely analysis Owlord! This is better than any of the political commentaries I came across recently. You really should write political satire more.

      Delete
  2. බන්ටු ජාතික අප්‍රිකාවෙ කපටි උගුල් කාරයා හාවා !
    In Bantu Africa (East, central, and southern Africa) and the western Sudan, the trickster is the rabbit or hare.)

    ඔබ කැමතිවෙයි මේක කියවන්නThe - "The animal trickster – an essential character in African tales” -Cristina Ferreira Pinto
    www.eten-online.org/modules/newbb/dl_attachment.php?attachid=1266750631...

    හෝව් පොඩ්ඩක් ඉන්න .....බස්සා ගැන අපි දන්නා කතා තියෙන්නේ බුද්ධිමත්ම කියලනෙ. බලන්න ඕනෙ හැමෝම එහෙම කියනවද කියලා. අපි wise කියලා හිතුවට vice ද දන්නෙ නෑනෙ. Brb





    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ! මෙහෙමයි එහෙනම් වෙලා තියෙන්නේ - http://nativeamericans.mrdonn.org/stories/wiseowl.html

      හෑ.......//British beliefs about owls include the Welsh belief that if a owl is heard amongst houses then an unmarried girl has lost her virginity.//
      //In the Lorraine region of France, owls are believed to help spinsters find husbands.//
      මේක ඔබතුමා කියවන්නම ඕනෙ - Owls Mythology & Folklore http://www.pauldfrost.co.uk/intro_o2.html

      වැඩිය හොයන්න එපා කියලා පුරාණ රිෂිවරු (අවුල් ද මංදා)කියලා තියෙන්නෙ මේකයි එහෙනං. මගේ මේ අවුල් රිසර්ච් එකෙන් මගේ ප්‍රියතම බ්ලොග්කරු එක්ක තරහා වෙයිද දන්නෙ නිසා මෙවැනි අවුල් නාදයකින් මෙය අවසන් කරමි :- //It was also believed that owls did not come out during the day because they were so beautiful & would be mobbed by other birds out of jealousy.//


      Delete
    2. ///British beliefs about owls include the Welsh belief that if a owl is heard amongst houses then an unmarried girl has lost her virginity.//

      බස්සෝ....බැරිවෙලාවත් කට අරින්න එපා......

      Delete
    3. @Pra Jay
      මම අහල තියෙන්නෙ ඕකෙ සිංහල වර්ශන් එක මදුරුවා ගැන. සුපුරුදු පරිදි දවල් වෙනකං නිදාගෙන ඉඳලා මදුරුවත් ගියාලු Everything-Maker හම්බ වෙන්න, එතකොට Everything-Maker වැඩ ඉවරකරලා මඩුව අස්කරනවලු. ඉතුරුවෙලා තිබ්බෙ වැඩ කරන්න ගත්ත නියනක් විතරමලු. මදුරුවාගෙන් බේරෙන්න බැරිම තැන නියන ගැහැව්වාලු මදුරු කටේ. මදුරුවා ආයෙක් "කූං, කූං" ගගා වටේ කැරකි, කැරකි කිව්වලු " මේ නියනක් විතරක් දීලා මොනව කරන්නද, එතකොට කෝ අතකොලුව" කියලා. Everything-Maker කිව්වලු " ආ, උඹ ගිහින් නියන තියපංකො, අතකොලු පාර එහෙන් හම්බවෙයි කියලා.

      තරහා වෙන්නෙ මොකටද? අර අවසාන අවුල් වාක්‍යය කියලා බටර් පාරක් ගාලා තියෙන කොට?:)

      Delete
    4. @අරූ
      පේනව නේද අහිංසක අපට එන මඩ? ඉස්සෙල්ලම ස්වර්ඝස්ථ කලා පෝලිමක තියන්න, ඊට පස්සෙ මගුල් කපුකම බාරදුන්නා.අන්තිමට ගෑල්ලමයින්ගෙ අහවල් එක බලන්න ගාල්තැන්නෙ කපුකම බාරදුන්නා.

      අම්මපා අර කිව්වා වගේ , හූම් ගාන්නවත් කට අරින්න නරකයි :)

      Delete
  3. නරි කැලේ බං අපේ නරි ගැන හිතුවාම. දේශපාලන උණක් වගේ එකක් තිබුනු මං වගේ උන්ව ඒ උණෙන් ගලවගත්ත මේ නරින්ට මගේ උපහාරය!!!!!!

    ReplyDelete
    Replies
    1. අද අපි දකින , ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන අරූව හදන්න ඒ දේශපාලන උණත් දායකවෙන්න ඇති කියල මට හිතෙනවා

      Delete
  4. මෙහෙම බ්ලොග් එකකුත් තියෙනවා කියළා හාන්කවින්සියක් තිබුණේ නෑ. හැබැයි මම ඵලොව් කරළා. නියම කතාව.

    ReplyDelete
    Replies
    1. මම ඔය ඉඳලා හිටලා පෝස්ට් කට්ටක් කොටල දානව. සුධීක ආපු එක සතුටක්

      Delete
  5. ඇත්ත කතාව දැන් නා ගෙන ඉන්නෙ නවුතෙට

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම දෙයක් තමා රස්තියාදු ගැහිල්ල. ඇවිත් ගියාට සතු‍ටුයි

      Delete
  6. Replies
    1. නියමයි නෙව? අපේ වැඩක් කියල කියන්න බැරි තරම් නියමයි

      Delete
  7. මෙන්න මේ Web Comics දෙක කියවහං, උඹ කැමැති වෙයි.

    A Red Tail's Dream

    Stand Still, Stay Silent

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු බුරා!

      නියමයි. බොහොම ස්තූතියි

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code