Nov 5, 2017

පාත්තයෙක්ගෙන් පාඩමක්

https://static4.depositphotos.com/1020091/365/v/950/depositphotos_3652795-stock-illustration-autumn-tree.jpg
බස්සා ලියන එක නවත්තලා , හඳවල් ගාණක් ගතවෙලා. ඒ ඩිංගට රට්‍ටු කයි-කන්දර කියන්න පටන් අරන් නෙව?

පාඨකයෙක්: මං නං කියන්නෙ , බස්සාත් එක්ක බෝට්‍ටුව ගිලිලා

යාළුව මැරෙන ඇනෝ: මයෙ යාළුවෙක් බෝට්‍ටු පදින්න ගිහිල්ලා මලා

තවත් ඇනෝවෙක්: මල සේක!?

තවත් පාඨකයෙක්:දැන් කවුරු හරි ඉන්නවද , මේකාව දැකපු?

හෝතම්බුවා: බස්සා, බස්සා කිව්වට ඕකා මොකාද කව්දැ දන්නෙ? මං කියන්නෙ බස්සා කියන්නෙ පාත්තයෙක් .මෙන්න මේකා වෙන්න බැරිද?

පොලොස් කොට්ටෝරුවෙක්: ඒක වෙන්නත් බැරි නැ. මොකක්ද පාත්ත පෝස්ට් එකකුත් ලිව්ව නෙව? මේ අපි ඉන්නව, කෝ අපි ගැන ලිව්වැයෑ?

හෝතම්බුවා: හ්ම්... ඒකත් හැබෑව. උන්දෑ කොට්ටෝරුවො ගැන ලිව්වෙ නෑ තමා. එහෙම බලන් ගියාම උන්දෑ හෝතම්බුවො ගැන ලිව්වෙත් නෑ නෙව?

http://www.onegentleman.biz/Stories/images%20stories/Having%20Sons%20Pics/Boy-checking-out-Girl-Parts.jpg
පොලොස් කොට්ටෝරුවා:  හැබෑ නේන්නම් . ඒත් මට මතකයි , කුකුලෙක් ගැන නම් ලියලා තිබුණා. මේ මොකක්ද" කුකුලෙක් පණහයි" වගේ කුකුල් බිස්නස් එකක් ගැන. ඕකා කුකුලෙක් වෙන්න බැරිද? 

හෝතම්බුවා:ඒ කතාවෙ හැටියට නං මූ, පොඩිකාලෙ ඉඳලම  රජ කුකුලෙක් නෙව?

පාඩම: කෙටිල්ල මාරාන්තික විය හැක. බ්ලොග් වලටද "එක්ස්ෆයරි ඩේට්" ඇත.ලිවිල්ල අඤ්ඤකොරොස් වීගෙන එන විට, ආ‍ඳෙකු සේ ලිස්සා යෑම සරීර සවුක්කියට ගුණ වග කාක්කොත් දන්නා දෙයකි.

බ්ලොග් කල් ඉකුත් වීමට හේතු:
1. බස්සන් බෝට්‍ටු පදින්නට යෑම
2. නාරායන් සොයා යෑම
3. පහේ පන්තියට සමත් වීම
4. අවුල් වන්නට පෙර owl වීම
5. පූසන් ටොයිලට් භාවිතා කිරීම
6. කැවුම් මඩුව ගිණි ගැනීම


17 comments:

  1. පණ පිටින් ඉන්නවනම් ඒත් මදෑ

    ReplyDelete
    Replies
    1. ඉන්නව නං තමා, ඒත් බ්ලොග් කියවනවා විතරයි

      Delete
  2. එක්ස්පයරි කොහොමවෙතත් බෙස්ට් බිෆෝර් ඩේට් එක දික් කරගන්න

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ප්‍රාජේ. ලියන්න ගැම්මක් ඇත්තෙම නෑ

      Delete
    2. මං ඉස්සරත් කිව්වා මම කැමැත්තෙන්ම හා සැහැල්ලුවෙන්ම කමෙන්ට්කරපු බ්ලොග් එක මේක කියලා. ඒත් මොනව කරන්නද ලියන්න ගැම්මක් නැත්නම්. එහෙනම් ඉතින් කමෙන්ට් වලින් හමුවෙමු. අනිත් බ්ලොග්වල කමෙන්ට් කරයි නේද?

      Delete
    3. බ්ලොග් බලනවා, කමෙන්ට් එහෙමත් කියවනවා.

      Delete
    4. Feeling nostalgic about our discussions here, with Bur, PoM, et al.

      Delete
    5. Yeah, I know. I don't want to use the overworked phrase "Those were the days," but, I miss that time, a lot. Having said that, deep down, I knew, I had to let go. That's the sad reality, Mon'Amie.Our paths may not cross again, but I have those memories, always with me.

      Delete
    6. I guess you wouldn't like to give your email address.
      Anyway, mine is - jaytun4@yahoo.com.

      Delete
  3. පාඩම ඉගෙනගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. හා, හා මමත් ඒක දැක්කා, ඒ පැත්තෙ ගිය වෙලාවක. ඒත් ඔහොම හරි ඉන්න එකම මඳෑ :)

      Delete
  4. හායි බස් , හව් ආ යූ ... සේම් හියර් බොස්

    ReplyDelete
  5. විලේ ඒසියන් කාප්ල අහු උනේ නැහැ කියල අපි පලිද?
    ඔන්නොහෙ ඉඳ හිටලා වත් පොස්ට් එකක් බැරිනං බාගයක්වත් දාන්ඩකො.

    ReplyDelete
  6. ග්ලෑඩ් ටු සී යූ අගේන් බස්සො. :) ආෆ්ටර් අ ලෝංග් ටයිම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. සමාවෙන්න, පිලිතුරු දෙන්න පරක්කු වුනාට. මං දැක්කෙ අද.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code