Jan 7, 2018

කුරුමිට්ටන් සමඟ සුභ අලුත් අවුරුද්දක්!

ලියන්න කියල එහෙමට දෙයක් නම් තාම නෑ. මේ මකුලු දැල් කඩන්න ආපු ගමන්. එහෙම කියල පුළුවනෑ? ඔන්න ඔහේ ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා කොටලම දානවා.

මේ දවස් වල පට්ට හීතල. ගිය සැරේ ආවෙ ඇල්බර්ටා වලින්, මේ වංගියෙ සයිබීරියාවෙන්. ඔය කියන්නෙ ඇන්ටාක්ටිකාවට වඩා හීතලයි කියලා.

මේ වගේ හීතල වෙලාවක, උණුහුම්,සනීප,සැපපහසු පුංචි උනත් පිලිවෙලට තියන හුරුබුහුටි ගෙයක් දකින එකත් සැපක් නෙමෙයිද? මේ ඒ වගේ කතාවක්:

ඔහෙලත් මං වගේ ෆැන්ටසි කතාවලට කැමති නං, මෙන්න මේක මං දැකපු සුපිරිම ඇනිමේශන් ‍ෆිල්ම් එකක්.

මම නං කියන්නෙ, ඔරිජිනල් ජැපනීස් එක  හොයාගෙන ඉන්ග්ලිශ් සබ්-ටයිටල් එක්ක බලන්න කියලයි. අනේ මන්දා, අන්දෝ සංසාරයක් නොතේරුනාට( අර අරාබි සිංදුව වගේ)  ඒ බාසාවෙ මොකක්දෝ අමුතුම චමත්කාරයක් තියනවා. මේ ඉංග්‍රිසි වර්ශන් එකේ  කියවිල්ල වැඩියි.  මතක ඇතුව, අඩුම ගනනේ හොඳ හෙඩ්පෝන් දෙකක්වත් දාගෙන අහන්න. මේක හරියට රස විඳින්න නම්, ඒක වැදගත්, මොකද මේකෙ audio  වලට නං තව සම්මානයක් දෙන්න වටිනවා. සම්මාන 7 යි, තව හතරකට නොමිනේට් කරල තියනවා.

කතාව ගැන කියනවනම්, මේක Mary Norton ලියපු The Borrowers කියන පොත් සීරීස් එක මතයි පාදක වෙලා තියෙන්නෙ. මේ කතාව ගැන තව ‍ෆිල්ම් ගහල තියනව( ඇනිමේශන් නොවේ), , මම ඒවයෙ trailers බලල තියනව, මට නං එව්ව මෙලෝ රහක් නෑ. එකටත් එක්ක, මේ  Studio Ghibli  හදපු ඇනිමේශන් එක, මාරයි . එක අතකින්, නැහ්නං ඩිස්නිලා මේක ඉංග්‍රිසියෙන් හඬකවලා  රිලීස් කරාවියෑ.

මම පොත් සීරිස් එකත් බා ගත්තා.  මේ ‍ෆිල්ම් එක  පොත අනුසාරයෙන් ලියපු එකක්, එකම නෙමෙයි. ඒ ඔරිජිනල් කන්සෙප්ට් එක අරගෙන නියම වැඩක් කරලා තියනවා  Studio Ghibli  ජප්පො කස්ටිය. කතාවෙ සමහර කොටස් විස්තර වෙන්නෙ, කුරුමිට්ටන්ගෙ කෝණයෙන්. ඒකටම ලස්සනට ගලපල තියන audio . පොඩි imagination power  එකක් තියේ නං , කුරුමිට්ටන්ගෙ ලෝකයට පියමං කරන්න එච්චර අමාරු නෑ.

කොහොමත්, බස්සොන්ගෙ විසේස කැමැත්තක් තියනව නෙව ඔය පොඩි , පොඩි අය ගැන? නෑ, නෑ මීයො විතරක් නෙමෙයි. මං කිව්වෙ little people ගැන කතා ගැන. මුලින්ම හිතට වැදුනෙ Dunno and his friends කියන පොත. ඊට පස්සෙ ගලිවරගෙ සුවිසැරිය.  ගලිවරයා ඒ කාලෙ මගේ වීරයා උනාට, උන්දෑ මහ ගොන් මෝලා.  ඔහෙලට කියන්න, එක සැරයක්  මායාකාරී උල්පතකින් වතුර බීලා ගලිවරයාත් කුරුමිට්ටෙක් වුනා නෙව. අර ඉටිකිරිස් කුමාරිට ලයින් එකක් දාගෙන, අගේට  රජවෙලාඉන්න තිබ්බ චෑන්ස් එකට පයින් ගැහුව නෙව, ඔය ගොන් වාහෙ?

එඤ්ඤං , ඈ?


Day before you came(It's funny, but I had no sense of living without aim)


After you came ( New Rules)

කොහෙන් කැපුවත් රාත්තලයි

17 comments:

  1. //ගලිවරයා ඒ කාලෙ මගේ වීරයා උනාට, උන්දෑ මහ ගොන් මෝලා. ඔහෙලට කියන්න, එක සැරයක් මායාකාරී උල්පතකින් වතුර බීලා ගලිවරයාත් කුරුමිට්ටෙක් වුනා නෙව. අර ඉටිකිරිස් කුමාරිට ලයින් එකක් දාගෙන, අගේට රජවෙලාඉන්න තිබ්බ චෑන්ස් එකට පයින් ගැහුව නෙව, ඔය ගොන් වාහෙ?//

    අම්මප ඕයි , ඕක මටත් ඒ දවස්වල නිතරම හිතුණු දෙයක් . ඌ නං ගොං ගහක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත, පස්සෙ මං හිතල, හිතලම උන්දැට සමාව දුන්නා. මං හිතුවෙ මෙහෙමයි:

      දැන් ගලිවරයා කොහොමත් ගොන් මෝලා වෙච්චි, උන්දැ කුරුමිට්ටා විදිහටම හිටියානං කුරුමිටි ගොන්මෝලා වෙනව නෙව? පු*ට පැස්ටෝල් ගහපු බලු නකුටෙක් වගේ කොච්චෝරවත් හුරේ රන් එක දෙන එක ඇරෙන්නෙ, වෙන විසේස හැකියාවක් නෑ නෙව?

      Delete
  2. යන්නම යන්න ගියයි කිව්ව නේද? එතකොට මේ මොකාද? https://25yearslatersite.com/2017/05/13/doppelgangers-owls-and-other-folklore-superstitions-in-twin-peaks/

    ස්මෝල් ෆෝක් කතාවලින් මගෙ ෆේවරිට් Eoin Colfer ගේ කතා
    Lower Elements Police, Reconnaissance = LEP Recon = Leprechaun

    ReplyDelete
    Replies
    1. මගේ ෆේවරිට් බ්ලොගර්ගේ බ්ලොගය මලා කියලා, අඬලා දොඩලා, උපාසක ලව් පූසන්ට මී දානයක් දීලා, කොක් බණක් කියවලා, අනුස්මරණ බෙණයක් නම් කරන්න හිටියෙ, එකපාරට බසුන්නාන්සෙගේ ඩොපල්ගැන්ගර් ආවනෙ

      Delete
    2. චෑ, චැ, එහෙම යන්නම යන එක හරියෑ මෙහෙම die·hard පාඨක මඬුල්ලක් දාලා?

      ඈ, හත් දවසෙ දානෙත් දෙන්න ලෑස්ති වුනාද? ජපානෙ තියනවා කියන්නෙ , මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගෙ අවමඟුලට සහභගි වෙන්න ඇහැකි එකක්.

      කොහොමත් ජප්පො නං නියම පිස්සු පූසො(no offense, my dear LovePuss ) කස්ටියක්. මේ drive-through funeral ගැන

      Delete
    3. කලින් ආප්ප බාන්නැහෙ පෝස්ට් ලියපු සංදියෙ වගේ නූනත්, ඔය ඉඳලා හිටලා එකක්-දෙකක් කොටා දාඤ්ඤං.

      Delete
  3. මේ බලන්න ඕන. තැන්කිව්

    ReplyDelete
  4. මොකක්ද බස්සෝ පට්ට හීතලයි කියන්නේ මේ සුමානයක් දෙකක් -20 උනා කියල.
    එතකොට සුදු අස්සයගේ ඉන්න අපි මක්කයි කියන්න ඕනේ.

    ඔය ජිබිලිලාගේ වැඩ නං මසුරන්. හැබැයි උන් දැන් වහල දාලලු නේද?

    ReplyDelete
    Replies
    1. සුදු අස්සය කිව්වෙ Whitehorse, Yukon ද? හෑ, එහේ මිනිස්සුත් ඉන්නවද? මං හිතාන උන්නෙ, ඉන්නෙ පෙන්ගුයින්යි, හිම වලස්සුයි විතරයි කියල.

      බස්සො එහෙම ඔහෙ නැතුව ඇති නේද? මං නං ඉතිං මූකලං බස්සෙක් -ඝර්ම කලාපීය පක්සියා.

      Studio Ghibli වැහුව කියල නං ආරංචියක් නෑ

      Delete
  5. හප්පට බොල බසුතුමා කල එලි බැහලා නෙව. ඒත් මම බලුවා මොකො මෙච්චර රශ්නෙ කියල...
    ඉදලා හිටල හරි ඔහේ වගේ බස්සො ලියන එක වටිනව නෙව!

    ReplyDelete
    Replies
    1. රස්නෙ කියන්නෙ, මේ සට-සට ගාලා වෙව්ලනවා. ඔව්වොව් ඔන්න ඔහේ , අර අවාරෙට කජු වැටෙන්නැගෙ කොටලම දානවා

      Delete
  6. ස්ටුඩියෝ ජිබ්ලි චිත්‍රපට බොහොමයක් නරඹල තිබුනත් මේ බස්සා කියන චිත්‍රපටය බලන්න එච්චර උනන්දු උනේ නැහැ වැඩි රසයක් නැතුව ඇති කියල හිතාගෙන.
    ඉක්මනින්ම බාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code