Pages
▼
මචං
පුංචි කාලෙ මං හැදුනේ පුංචි ගමක මචං
ඉස්කෝලෙදි වැඩි දෙනෙක්ම කිව්වෙත් මට මචං
නම අමතක යාළුවොන්ට කියන්නෙ අපි මචං
හත් වලාමේ, බැස්සිත් මට දැං කියන්නෙ මචං
පනින්ට පෙර සිතා බලනු කිව්ව නේද මචං
"ටයිම් අවුට්" එකක් ගත්තෙ ඒක නිසයි මචං
කුඩම්මගේ සැලකිලි නෙව දැං ලැබෙන්නෙ මචං
ඉඳල හිටල උම්ම එකක් වත් දීපං........ මචං
පොඩ්ඩිත් බලා ඉන්නේ කවුරු හරි එයාටත් ඔය විදියට දන ගහලා මලක් පූජා කරාවිද කියලා.
ReplyDeleteලස්සන කවි ටික මචං......
උඹට අනේ මොකක්ද මේ අලුතෙන් උනේ මචං
ReplyDeleteබැස්සියෙකුත් සෙට් කරගෙන වගේ නේද මචං
කුඩම්මගේ සැලකිලිවත් ලැබෙනව ඇති මචං
වැඩක් නැතිව ඉන්නකොටත් ඔහොම වෙනව මචං
ගිය ආත්මෙ උඹ නං මහ කටු ඉපලක් මචං
ReplyDeleteඇලපාතට මෙඩ්ල් එකක් දෙන්න ඕනෙ මචං
හුහ්, වගේ මොකද සෙට් කරගෙන තමයි ඉන්නෙ මචං
බැස්සි නැතුව ඇතින්නියෙක් මට මොකටද මචං
ඕව ඔහොම තමයි මචං මක්කරම්ද මචං
ReplyDeleteමෙඩල් නෙවෙයි පණ ටිකවත් රැකුනොත් ඇති මචං
හිතේ තියෙන දුක් කරදර නැතිවෙන්නට මචං
පෝට් වයින් බෝතලයක් ගහමුද අපි මචං
එක කට්ටේ රා ගැහුවේ අපි දෙන්නා මචං
ReplyDeleteඅනිකාගේ හිත තේරුනෙ ඒක නිසයි මචං
මේ හුටපර කරදරමයි අපිට දෙන්නෙ මචං
පෝට් වයින් ඔය ලෙඩේට නියම බේත මචං