තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සුරැකීම වගේ.
මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :))
ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.