Feb 17, 2013

අන්තිම තුරුම්පුව

http://www.equedia.com/wp-content/upload
s/2012/08/15908492-last-chance-road-sign.jpg
සිංහල බ්ලොග් අවකාසෙන් ලේඛකයො අතුරුදහන් වෙන්න පටන් අරං. ඉන්න එවුනත් ලියෙන්නෙ, අර අවාරෙ කජු වැටෙනව වගේ. උදේ පාන්දරම හිස්බඩ බ්ලොග් එකක්, දෙකක් කියවලා ( සමහරු ඕකට හැලප කන්ට යනවා කියලත් කියනවා :D) , දවසේ වැඩ පටන්ගන්න මට මේක එසේ මෙසේ පාඩුවක් නෙමෙයි. 


ආ හැලප ගැන කියපු නිසා මේක ගැනත් නොලියාම බැහැ. අපේ ආදරණීය ඔබා නැවත ඇවිල්ලා, හැලප කඩයක් දාලා . එහාටත් ගොඩ වැදිලා, හැලපයක් කොටාබාලා බලන්නකො.  මෙන්න පාර:

http://helapakade.blogspot.ca/

ඉස්සර වගේමයි, කොච්චෝරවත් පඳුරු වටේ තල, තල යනවා :)

හරි , දැන් ආයෙත් කියන්න ගිය මාත්තුරුකාවට එමුකො. සමහරු නං කියන්නෙ දැන් සිංහල බ්ලොග්වල බහින කලාව කියලයි. නගින කලාවක් තිබ්බොත්, බහින කලාවකුත් තියෙන්නම එපැයි. ඒත් එහෙම නෑලු, දැන් දිගටම පල්ලං බැස්ම විතරලු. හුටා නේද?

කව්දෝ කියල තිබුනා බ්ලොග් එකක ආවිස අවුරුදු තුනයි කියලා, ඊට පස්සෙ එපා වෙනවලු. මේක conspiracy theory එකක් වගේ පෙනුනට අද සිංහල බ්ලොග් වෙලා තියෙන්නෙ මේකවත්ද? මම නං සම්භාවනීය ලේඛකයො අතර නිකම්ම නිකං බකමූනෙක් වුනත්, මාත් දැං කාලෙකින් ලිපියක් ලියල නෑ, හැබයි අර අවුරුදු තුනේ ජයන්තියට කිට්‍ටුයි, මයෙ හිතේ :).

ඔහොම ඉන්න කොට තමා, මේ තර්ජනය ආවෙ. ආවෙ තැපෑලෙන්, ගුගල් දෙයියොන්ගෙන් - " මොනවා හරි ලියපිය, නැහ්නං ‍තෝගෙ අහවල් එක මකෝනව" කියල.

කෙලිය නේද පාත්තරේටම? ඉතිං මොකේදෑ දන් වලඳන්නෙ? මං අහිංසක බස්ස ආයිබෝං, අපට පුළුවනෑ ඔය දෙවි ගොල්ලොත් එක්ක හැප්පෙන්න. මේකා දෙයියෙක් හින්දා, කිව්වොත් ආයෙ දෙකක් නෑ මකනවම තමා. ලිව්වෙ අපි වුනාට , එව්ව තියෙන්නෙ ගූගලයාගෙ ඉඩමෙ නොවැ, එකනෙ ඔය පාරම් බාන්නෙ.
කාට නැති වුනත් , මං අමාරුවෙන් කොටාපුවා මට වටිනව නෙව.


දැං දහ අතේ කල්පනා කරනව, මොකද කරන්නෙ කියලා. බැකප් එකක් ගන්න පුළුවනි, ඒකත් කොච්චර සාර්ථකද මන්දා, ඒකත් දෙන්නෙ ගූගල් දෙයියොම නොවැ.

දැම්මා ගූගල් සර්ච් පාරක්. ආපු ඒවයින් ‍තෝර ගත්තා WinHttrack කියන web copier එක. පොඩි නොමිලේ දෙන GPLඇප්ලිකේෂන් එකක්. මෙන්න ලින්ක් එක:

http://www.httrack.com/

මං බාගත්තෙ මෙන්න මේක:
http://download.httrack.com/cserv.php3?File=httrack-noinst.zip

ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ, කෙලින්ම රන් කරන්නයි තියෙන්නෙ. බ්ලොග් සයිට් එකේ ලින්ක් එකදීලා ලොගින් විස්තර දීලා, පටන් ගන්න විතරයි තියෙන්නෙ.

බ්ලොග් එකේ තිබ්බ ඔක්කොම, කමෙන්ට් පවා බාගන්නවා. මගේ මේ පොඩි බ්ලොග් එකටත් 300 Mb වලටත් වැඩිය ඉඩ ගිය නිසා , ඔය ලොකු බ්ලොග් තියෙන කස්ටිය ඉඩ ඇති තැනකට බාගන්න එකයි තියෙන්නෙ.

මේක මෙහෙම ලියන්න හිතුනෙ මගේ මේ වැදගම්මකට නැති බ්ලොහ් ක‍ටුවට වඩා, ඔහෙල අමාරුවෙන් ලියල තියන සාරඝර්භ බ්ලොග් අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරගන්න ඕනෙ නිසයි. 

12 comments :

  1. හැබෑට ගුගලයා එහෙම එහෙකුත් ඒව්වද? උන්ටත් අපි වගේ උන්ගෙන් ගැලවීමක් නැතිව ඇති. ඇයි කී දාහක් බ්ලොග් පෝස්ට් 3-4ක් විතරක් එක්ක නිකං තියෙනව ඇද්ද

    ReplyDelete
    Replies
    1. එව්ව නේන්නං, මේකාව දීයා කන්ට එපෑ :)
      ඒත් අර කිව්වා වගේ, උන් නිකං දෙනව මදිවට, ලියන්නන් වාලෙ ලියලා අතැරදාපු බ්ලොග් කීයක් ඇත්ද?

      මගෙත් එකම ලොගින් නමට, තව අමතර බ්ලොග් දෙකක් තියනවා. එව්වා පාවිච්චි කලේ බැකප් හැටියට. මගේ මකබාස් අත්හදා බැලීම් නිසා, හිටපු ගමන් බ්ලොග් අන්තරස්දාන වෙන නිසයි එහෙම කලේ. අනතුරු හැඟවීම එව්වෙ, එහෙම එකකට වෙන්නත් බැරි නෑ :)

      කොහොම උනත් ඔහෙලයි බ්ලොග් බැකප් කරන විදිහක් ‍තෝර ගෙන, අත්හදා බලන බලන එක හොඳයි, පස්සෙ පසු තැවෙනවට වඩා.

      මං කල්පනා කලේ අපේ ඔබාගෙ බ්ලොග් එකට මොනව වෙයිද කියලයි :(

      Delete
  2. තව ටික දොහක් බලලා මාත් බොට මේල් එකක් දාන්ටයි හිටියේ "මොකුත් ලිවුවෙ නැත්තං තෝව මකෝනවා!" කියලා.. එහෙනං මට වඩා ගූගල් දෙයියා ඉස්සර වුනා.. :)

    ඔබාගෙ බ්ලොග් එක archive එකට දාන්ට පුළුවන් මං හිතන්නෙ, අර Taboo Subjects බ්ලොග් එකත් එහෙම තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එවපු මැසේජ් එක පර්වර්තනය කරද්දි උඹව මතක් වුනා.:)

      archive? එහෙම කරන්න පුළුවනි කියන එක නං සුභ ආරංචියක් :D

      Delete
    2. එක ගෝතයෙක් ටැබූ ගෙ ලිපි ආපහු දාන්න අරං තියෙන්නේ

      http://taboosubjects-mirrored.blogspot.com

      Delete
    3. @බුරා / කවුළුව

      ටැබූගෙ බ්ලොග් එකට යන ලින්ක් එක මොකක්ද? මම ට්‍රයි කලාම වැඩ කලේ නෑනෙ. ඔබාගෙ බ්ලොග් එක නං තාමත් අවුලක් නෑ.

      මමත් දැක්කා ඔය ටැබූගෙ මිරර් සයිට් එක. ඕකෙ දෙපැත්තක් තියනවා: එහෙම එකක් කිරීමේ අවශ්‍යතාවය සහ චේතනාව මත තමා එහි හරි හෝ වැරදිබව රඳා පවතින්නෙ.

      Delete
  3. කොහෙද ඉතින් දෙවිවරුම කියන්ට එපැයි , කියන දේවල් අහන්ට නේද? හොඳ වැඩේ බස්සට.:D:D

    මටත් නම් බ්ලොග් ලිවිල්ල එපාවෙලා තියෙන්නේ...:(

    ReplyDelete
    Replies
    1. හුටා! එහෙනං අවුරුදු තුනේ ඇනිවසරියට කිට්‍ටු ඇති , මයෙ හිතේ :(

      මොකද කියන්නෙ, සැබටිකල් නිවාඩුවක් දාලා, යමුද aurora borealis බලන්න :)

      Delete
  4. සිරාවටම හැලපයා මාමා නියමෙට ලියනවා...

    සමහර ඒවා කවදාවත් දැකලවත් නැති සීන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එයා ලියන රටාව නියමයි. හුඟ දෙනෙක් ඒ බ්ලොග් එක ගැන දන්නෙ නෑ, මයෙ හිතේ.

      Delete
  5. අත්හදා බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අත්හදා බලල අවුලක් තියේ නං කියන්න

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code