Pages
(Move to ...)
Home
ජීවිත කතා
අනං-මනං
බකුසු කවි
▼
Dec 31, 2013
සුභ අලුත් අවුරුද්දක්
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු තෑග්ග:
Dec 21, 2013
බස්සා සහ කොබෝ නයෙක්
කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.
මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහාටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා
හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.
‹
›
Home
View web version