Pages
▼
ගැල්කරුවාගේ බිරිඳගේ ගීතය
පහුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත් තිබුනා.
පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන් බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. මට පොඩි චකිතයක් ඇති නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ, තිබ්බෙ ෆයිල් කවරයක් :) සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලිටු ඉටි-කිරිස් කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො අඩුයි.