Apr 16, 2015

හොට බිම ඇණිච්ච බස්සෙක් සහ චරිත දෙකක්


ඔය උඩ තියෙන වීඩියෝ එකේ ඉන්න හාදයගෙ පෙනුමට  කිට්‍ටුවෙන් යන  යාළුවෙක් මටත් හිටියා. හොඳට කැපිල පේන හාදයා. පෙනුම වගේම තමා එයාගෙ අනිත් සුදුසුකම් එහෙමත්. ඉංග්‍රිසි- සිංහල වතුර වගේ, මිනිහාත් කෙලින්ම ඇවිදින පුස්තකාලයක්.උන්දැ සෑහෙන්න ට්‍රයි කොලා, මටත් පෙර අපරදිග දාර්ශණිකයො ගැන කියාදෙන්න. කොහෙද, එයා දැනගෙන හිටියෙ නෑ බස්සොන්ට තියෙන්නෙ කොච්චර පොඩි මොලයක්ද කියන වග?  එව්වා නෙලුම් කොලේට වතුර වක්කරන්නැහෙ වුනා. ආ, ජීන් පෝල් සාත්‍රේ කියල හාදයෙකුයි, තව ඕෂෝ කියල කෙනෙකුයි ගැන කිව්වා කියලා මතකයි.  ඕෂෝව නං හම්බ උනා,  ආගම් නිකාය නායකයෙක් කියල තමා, තිබ්බෙ.මේ ඉන්නෙ ගොබිල :


හරි දැං කතාවට එමුකො. අපි ඒ දවස්වල වැඩ කලේ එකම ආයතනයක. අපි හොඳම යාළුවො වුනේ කොහොමද කියල අදටත් මට තේරෙන්නෙ නෑ. ගිරවෙක්ගෙ හොටක් වගේ තිබ්බ උන්දැගෙ නහය ඇරුනාම,  අපි අතර කිසිම සමාන කමක් තිබ්බෙත් නෑ. 

කාලය ගෙවිල ගියා. වෙන්න ඕනෙ විදිහටම , අපි  දෙපැත්තකට ගමන් කලා. අපි අතර පරතරය, කිලෝ මීටර් සිට මහද්වීප දක්වා වැඩි වෙද්දි යාළු සම්බන්ධකම් නිකම්ම ඇණහිටියා.

අපි කාගෙත් ජීවිතවල අඳුරුම පරිච්චේද තියනවා නෙව? මටත් එහෙම කාලයක් තිබුණා. . 


ඔය කියන්නෙ ජීවිතෙත් එක්තරා සූදුවක් කියල.  ඒත් මට කෙලෙවෙන කොට . තියාගන්න ඕනෙ කොලේ මොකක්ද, විසිකරන්න ඕනෙ කොලේ මොකක්ද කියල හොයාගන්න බැරි තරමට උතුර , දකුණ මාරු වෙලයි හිටියෙ.

මට ආයෙ අපේ මිත්තරයා හම්බවෙන්නෙ,   නම මතක නැති ක්ලබ් එකක අවන්ගලකදි. . එයා  සුපුරුදු මිත්‍රසමාගමෙන් තාවකාලිකව සමුගෙන , හොට බිම ඇණිච්ච  බස්සා ගාවට ආව.ආ, මට කියන්න බැරි වුනා නෙව, අපේ කතා නායකයා කැපිල පේන හාදයා නිසා, මිනිහගෙ සිකුරා හිටියෙ නලලෙ නෙමෙයි ඉස්  මුදුනෙ. දෙයියනේ කියලා සිකුරා උන්දැට මදි නොකියන්න සලකපු බව මං දැණගෙන හිටියත්, මට එව්වා හාර අවුස්සන්න උවමනාවක් තිබ්බෙ නෑ.

  කතාව සාවධානව අහන් හිටිය එයා "බස්සො, මං උඹට කතාවක් කියන්නම්. කාලයක් මටත්, දාහකින් හොයන්න බැරි  ගෑල්ලමයෙක් හිටියා.  ගතිගුණ, පෙනුම, උගත්කම  ඔය හැම අතින්ම, කොටින්ම " ද ලව් ඔෆ් මයි ලයිෆ්."  ඔය අතරෙ තමා මට මේ අනිත් කෑල්ල සෙට් වෙන්නෙ.  නියම ගිණි කිකිලි, තෙල් බේරෙනවා. අර කෙල්ලට වංචා කරන්න මගෙ හිත දුන්නෙ නෑ. ඒත් අපි කියලා දසසිල් නෙමෙයි නෙව, අපිත් චිකන් කනවා? 

මම කලින් කෙල්ලෙට  කිව්වා, මට හුස්ම ගන්න පොඩි ඉඩක් ඕනෙ, පොඩි බ්‍රේක් එකකට අවුරුද්දක් දෙන්න කියලා.  කෙල්ල කල්පනා කරල බලල, කැමති වුනා. ඉබ්බ දියට දැම්ම වගේ තමයි ඉතිං, ගිණි කිකිලි  මට හොඳට සැලකුව. අවුරුද්ද මෙහෙම කරන කොට ගෙවිල ගියා. කලින් කෙල්ල කෝල් කලා.  චිකන් වලට රස වැටිල හිටිය මං, පොඩි එක්ටෙන්ෂන් එකක් ඉල්ලුවා. මාස තුනකින් කෙල්ල ආයෙ කොල් කලා. කිව්වා, එයා ගැන බලාපොරොත්තු තියාගෙන, අහ, අහ පස්සෙන් ආපු කොල්ලෙකුට එයා වචනෙ දුන්නා කියලා.  බොරු හේතු දක්වල වැඩක් නැති බව මං දැණගෙන හිටියා, මට එයාව තම්බන්න බෑ, කෙල්ල එච්චර ස්මාට්.  මට එතකොටයි,  මට නැතිවුන දේ අගේ තේරුණේ. මට හැම දෙයක්ම එපා වුනා. මං ඔක්කොම දේවල් නැවැත්තුවා. ගිණි කිකිළි වහ බිව්වා. 

නෑ, මලේ නෑ. ඒත් මට ඒක තවදුරටත් ඉස්සරහට ගෙනියන්න හිතදුන්නෙ නෑ. කතාවෙ හොඳම හරිය එන්නෙ දැන්.  දැන් අපි ඔක්කොම බැඳලා . මේ ලඟදි මට ගිණි කිකිළිගෙන් කොල් එකක් ආවා.  මාව හම්බවෙන්න ඕනෙයි කිව්වා.  අපි මුණ ගැහුනා. ඒ මගේ උපන්දිනයට පහුවෙනිදා. ගිණිකිකිලි කේක් එකකුත් ගෙනැල්ලා තිබුණා, එයාට තාම එව්ව මතකයි. ඊට පස්සෙ මේකි කියනවා, එයාට මගෙන් බබෙක් ඕනෙයි කියලා. මට එලොව පොල් පෙනුනා, මං කිව්වා " ඒක නං කොහොමවත් කරන්න බෑ" කියලා. අපි හැමෝටම අපේම නොවන ආදරයක් තියනවා. එහෙම බලනකොට , උඹට කනගා‍ටු වෙන්න දෙයක් නැතිවෙලා නෑ, කියල මිත්‍රයා කතාව අවසන් කලා.



සමහර විට, ගිණි කිකිළිට මගේ නොවන, මගේම ආදරයෙ සිහිවටනයක් තියාගන්න ඕනෙ වෙන්න ඇති. එව්වා  ජජ් කරන්න මං කව්ද? ඒත්  එතකොට මේ මුකුත් නොදන්න ගිණි කිකිළිගෙ හබියා?මට හතර මහ හිනාව මතක් වෙලා, හිනාවෙන්නද, අඬන්නද ඕනෙ කියල නිනව්වක් නැතුව ගියා.



6 comments :

  1. මෙය කතාවක්ද, අත්දැකීමක්ද, කුමක්ද නොදන්නා නිසා මේ ගැන අදහස් දැක්වීම අපහසු මෙන්ම පොලයිට් නෑ. ඔය හැමදේම පුද්ගලයන්, ඔවුන්ගේ ප්‍රශ්න හා අවස්ථාවන් අනුව රඳා පවතිනවා. පිට ඉඳන් බලන අයගේ ඔපීනියන් මත කරන්න හෝ හොද/නරක තීරණය කරන්න බෑ.

    කොහොමවෙතත් ආගමික නායකයෙක් ලෙස Osho තෝරා ගැනීම නම් an effing inspiration , DGMB !

    මේක කියවනකොට බය හිතුනෙ Shoko Asahara, වගේ එකෙක් හම්බවුනානම් මොනව වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. අපොයි මං එයාව ‍තෝර ගත්තෙ නෑ. cult leader කියන එක යි කියන්න ඕනෙ වුනෙ, මං හිතන්නෙ වැරදි අදහසක් එන්නෙ.
      රාජ්නීශ්ගෙ scandal එක අමතක කලොත්, එයා හොඳ කතිකයෙක්, ආගම් ගැන එහෙම කියල තියෙන දේ ඇත්ත කියල හිතෙනවා, එච්චරයි

      Shoko Asahara කිව්වෙ? එයත් බස්සෙක්ද? :)

      Delete
    2. ෂෝකෝ අසහාරා ජපානයේ නේද??? අාගමික නායකයෙක් විදිහට තමයි බිහිවුනේ... පසුව ත්‍රස්තවාදයට ගියා.... නමුත් කුඩා කාලයේ නම් හරිම දුක් විදපු පවුලක්.... අැහැකුත් පේන්නෑ... ඒත් උත්සාහයෙන් නැගිට්ටා... අන්තිමට වැරදි ගමනක් ගියේ......

      Delete
    3. තැන්කූ කුරු‍ටු ලමයි

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code