ඔබ ජේත්තුකාර ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්‍යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ එයාලගෙ අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං ජීවිතේට දැකපු හැකරම කට සහ ලොකුම මූලග්ගාය තිබ්බෙ උන්දෑට.