Pages
▼
මේ දවස්ල රබර් ඇහැ දාන එකා නැති නිසා, දෙයියනේ කියල අතපය දිගෑරලා ගන්න ඕන දෙයක් ගන්නවා. මට වෙලාවකට හිතෙනවා , මේකත් එක්තරා ඇබ්බැහිවීමක්ද කියලත්. හරි, හරි ඔය ගන්න හැම එකම අත්‍යාවශය භාණ්ඩ ගණයට වැටෙන්නෙ නෑ තමා. එකාක්, දෙකක් "හයියෝ, ෂල්ලි" කෑටගරියටත් වැටෙනවා තමා. ඒත් බලාන්ට, දැන් බසු කුස්සියෙ පාන් පිච්චෙනවා, කේක් හැදෙනවා. ඒ තියා කඩලත් තැම්බෙනවා. එහෙම බැලුවාම , සමස්තයක් වශයෙන් මේ ව්‍යාපාරයෙන් ලාබයි කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද?
අනික මේ ප්‍රශ්ණයෙදි මම තනිවෙලා නෑ කියලා ඔය උඩ පිංතූරෙන්ම ඔප්පු වෙනව නේද?
ඉඳි ගහයට වාඩිවෙලා විකුණාලා වතුර කනක්කූ
අරාබියේ මරු කතරේ මගියන්ගේ පවස වැලැක්කූ..ඌ...ඌ....
අම්මට උඩු බස්සෙක්. ලංකාවෙ නේද? නෑ කියන්න නං එපා රජෝ, මට හොට දැක්කාම කිව්වෑකි. ආ .. මම මාකඳුරේ බකුෂ්. මේ දවස් වල බර්-ඩුබායි බෝඩිමේ ඉන්නෙ. ඉතිං , ඉතිං කෝමද වාසෙ, දේසෙ?
බස්සා: වරදක් නෑ. ඒක නෙමෙයි පාටිදාලා පොලිසියට මාට්ටු වුනාලු නේද?
බකුෂ්: :ඒක මේමනෙ බොෂ්. පොඩි බිෂ්නස් එකක් කලා පක්කො එක්ක. පස්ෂෙ තිබ්බා පොල්ලක්. පක්කො දුන්නා අරාබි පොලිසියට ඔත්තුව. අවුලක් නෑ, දැන් කෑම ආණ්ඩුව ගානෙ. සිකුරාදාට බුරියානිත් දෙනවා.
බස්සා: එතකොට ඇයි අරහෙ සිරා රෙද්ද කරට අරං උඩ පනින්නෙ?
බස්ස කියන්නෙ නිසාචර පක්සියා බව ඇත්ත. ඒත් ඔය රට්ටු කියන්නැහෙ, බස්සො හෝම්පොලවල් වල ඉඳන් මහ රෑ මිනිස්සු බයකරනව කියන කතාව නං අමූලික බොරු. මිනිස්සු අපට කටකතා නොකියැයියෑ, මේ ඩිස්නියත් අපි ගැන එහෙම කියන කොට?