3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා
නිකං දුන්න අයිෆෝන්
විස්තර
- iPhone 14, 128GB, Blue - Unlocked (Renewed)
- ඇපල් කෙයා නැත.
- බැස්ටි කැපෑසිටි 87% කි
- සීරීම්, තැලීම් නැත.
- ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි
වාසි සහ අවාසි
- රොටේටින් ස්මාට් විජට් හොඳයි.
- “ෂෝර්ට්ස් කට්ස්” හොඳයි. බැස්ටි චාර්ජින් 25% සහ 90% සඳහා ඔටෝමේෂන් නෝටිෆිකේෂන් දෙකක් හැදුවා.
- සැකුරිටි හොඳයි. Passwords ඇප් එක නියමයි. ඒත් ෆිංගර් ප්‍රින්ට් නැති නිසා බැංකු කටයුතු තාම Redmi එකේ.
- අපි කොච්චර ඇපලට බැන්නත්, UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.
- නිදන් ඉන්න අපට, නිකං දුන්න එකම මැඳැයි.
- දැන් ෆෝන් දෙකක් පාවිච්චි කරන්න වෙච්ච එක ටිකාක් විතර ඇණයක් වුනත්, ෆෝන් එක උදුරගෙන දිව්වත් ඒ හැටිම අවුලක් නැති එක හොඳ දෙයක්.
- ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් සමඟ පෑහෙන්නේ නැති නිසා ගේම්ස් සහ වට්ස් ඇප් හිස්ටරි එහෙමත් ට්‍රාන්ස්ෆර් කිරීමට නොහැකි විම.
- වයර්ලස් චාර්ජින් තිබ්බත් පාවිච්චි කිරීමට අදහසක් නැත.
නිමිත්ත
Google Docs වල ටයිප් කර පබිලිස් කරන ලදී.
නිගමනය
මහන්සියේ හැටියට ප්‍රතිඵලයක් නැත. Google Docs වල අමතර ෆෝර්මැටින් පහසුකම්, ටෙම්ප්ලේට් වැනි දේ ඇති නමුත් එහෙන් , මෙහාට ගෙන ඒම සාල ඇණයකි. ෆෝර්මැටින් "ඔලුව ජපන් කඳ ජර්මන්" වීය.
එබැවින් මෙය තවත් අසාර්ථක බකුසු අත්හදා බැලීමක් පමණි.
මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!
ReplyDeleteඒ පෝස්ට්නෙ. කමෙන්ට් කෝටා එකෙං තව ඉතුරු තියනවනෙ
Deleteහපෝයි ඔව්. කමෙන්ට් නොකර කොහොමද?
DeleteApple Explains How They Make Money
Deleteනිකං දෙනවානම් ඔලුවේ කැක්කුම උනත් මොකෝ ඉතිං 😊
ReplyDelete//UI සහ user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.// ඇත්ත... ඒත් මගේ විශ්වාසය ඇපල් වලට වැඩි කල් මේක මාකට් කරන්න බැරි වෙයි. මම නම් පෞද්ගලිකව Android fan කෙනෙක්. ස්මාර්ට් නැති නිසා ඉවත් කරන්න උනත් මගේ සදාතනික ලව් එක Nokia 3210.
//මේ අවුරුද්දෙ කෝටා එක ඉවරයි. ජනවාරියෙ හමුවෙමු. සැමට සුභ නත්තලක්!//
මේ හරුපේ මොකක්ද?
මගෙත් තාම Android ලව් එක තියනවා. ඒත් ඉතිං ඇත්ත කියන්න එපැයි, iOS, ඇත්තටම කාර්යක්ෂමයි.
Deleteකෝටා කතාව එච්චර සීරියස් ගන්න එපා. පෝස්ට් 12 ක් ලිව්ව නිසයි එහෙම හිතුවෙ.😁
අපිට නම් එන්ඩ් ඔෆ් ජුන් 3G අහවරයි, ඕන මගුලක් කර ගනින් කිව්වා විතරයි.
ReplyDeleteමම විජේබාහු
මම දැක්කා Reddit එකේ තියනවා, ඔහේ මොබයිල් කම්පැණි 3G රිටයර්මන්ට් එක ආදායම් මාර්ගයක් කරගත්තා කියල. මෙහෙත් ටිකක් ඒ වගේ එකක් කලා, ඒත් මේ වගේ හොඳ වැඩත් කලා.
DeleteOfficially 3G අයින්කරලා දාලා අවුරුද්දක්ම ගෙවිලා. retirement එකට අවුරුද්දකට ඉස්සෙල්ලම සැරෙන් සැරේ මතක් කළා විතරයි. iPhone නම් ඉතිං මගේ ලිස්ට් එකේ නැහැ.ඔහොම නිකං දුන්නොත් ඇරෙන්ඩ.
ReplyDeleteමගේ ලිස්ට් එකේ තිබුනෙත් නෑ. අන්තිම එක iPhone 6. තාම තියනව, තාම වැඩ. ඒක තිබ්බ නිසා යාංතං සන්තං iCloud එක සෙට් කර ගත්තා. ඒත් මේ අලුත් iOS පහසුකම් ආයෙ ඉගෙන ගනිමින් ඉන්නවා. මම කොහොමත් බරපතල මොබයිල් යූසර් කෙනෙක් නෙමෙයි.
Deleteඑකම හොඳේ, පේන විදිහට තව අවුරුද්දකින් විතර තව නිකං පරණ ෆෝන් එකකට මාරු වෙන්න ඇහැකි වගේ.😁
නිකං හම්බවුන (ඔෆීශියල්) අයි පෑඩ් එකක්නං තියනව. යූසර් යාලු නැති නිසා නිකං ඉන්නව.
ReplyDeleteමමත්වය නැති නිසාද කොහෙද i හරි යන්නෙ නැත්තෙ.
ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ටිකක් වෙනස් දෙකක්. මම ඔය යූටියුබ් පන්ති දෙක තුනක් බලල මූලික දේ, මට ඕනෙ විදිහට ටික හදා ගත්තා. ඒත් මේ දැන් යන planned obsolescence සීන් එකත් එක්ක පුදන්න අමාරුයි. මාත් ඒක තමා "නිකං දෙන ටිකක් පරණ එක" ක්‍රමේට ගියේ.
Deleteනිඅක්න් දුන්න දත් වල අස්සය බලන්න එපාලු.
ReplyDeleteටික කාලෙකින්, තව අස්සයෙක් නිකං දෙයිද බලන්න ඕනෙ.😋
Deleteමොකටද අප්පා අණ්ඩර දෙමළේ
ReplyDeleteතේරුම් ගන්නේ කෝමෙයි රාලේ
අපිලට ඔව්වා ඉල්ලේ ඉල්ලේ
සරි සරි කෝටා තියේද මල්ලේ?
අද මේ තියන වානිජ සමාජේ, නිකං දෙන දේවල් බොහොම විරලයි නෙව? මේකත් එහෙම විරල සිදුවීමක්. නිදි ඉතිං මොබයිල් පාවිච්චියක් නෑ නෙව? අණ්ඩර දෙමළ වගේ හිතෙනව ඇත්තෙ ඒකයි.
Deleteහැබෑටම නිදි ක්‍රෙඩ්ට් කාඩ්වත් පාවිච්චියක් නැත්ද? ඔක්කොම අත්පිට මුදලට විතරමද? බිල් එහෙම ඔන්-ලයින් ගෙවන්නෙ නැත්ද? අවුලකට නෙමෙයි, දැණගන්නයි අහන්නෙ?
ක්‍රෙඩිට් කාඩ් අරගෙන නෑ
DeleteOn ලයිනුත් ගෙවලා නෑ
බිල් ගෙවන්නෙ සල්ලිවලින්
එව්ව ගණිනෙකත් පැනයක්
ඇඟිලි නම්‍යශීලී නෑ
මම ඉස්සෙල්ලාම ක්‍රෙඩිට් කාඩ් වලට මාරු වුනේ, සිල්ලර කාසි කරදරයෙන් බේරෙන්නයි. සාක්කු ඉරෙන්න ගත්තා, ඒවා එකතු වුනාම බැංකු ගෙනියන එක මල වදයක්. අනිත් එක මෙහෙ තියන "ක්‍රෙඩිට් ස්කෝර්" එක නිසා. ඒත් කවදාවත් පොලී ගෙවලා නෑ, කෑෂ්-බැක් ගන්නවා විතරයි. යන එන හැම තැනින්ම ක්‍රෙඩිට් කාඩ් දෙන්න අහනවා. දැන් වැඩි ඒව කැන්සල් කරලා Costco, AMX දෙක විතරයි.
Deleteඑහෙමද?
Deleteඑකේක දේවල් වැඩි වෙන තරමට කරදරයි කියලයි බකුසුතුමෝ මට හිතෙන්නේ...
ඒක නං ඉතිං සදාතනික සත්ය්යක් තමයි. ඒත් වැඩිත් නැතුව, අඩුත් නැතුව, වඳ විදින්නෙත් නැතුව, ජීවිතේ පොඩ්ඩක් පහසු වෙන්නත් එක්ක, මැද මාවතේ යන එක හොඳයි කියලයි මට හිතුනෙ.
Deleteඅයිපෝං තියා අපිටනං නිකං දෙන අස්වැසුමවත් නෑ අයිබෝං.
ReplyDeleteමම දැක්කා ආයෙ ඕට්ටේලියාවෙන් කිරි හරක් ගේනව කියලා පුවතක්. කොහොමද රට කිරෙන් ස්වයං පෝෂිත කලොත් එහෙම? හැබැයි, හා, සිස්ටම් චේන්ජ් එක කරන කොට එහෙම තමයි කියලා, අලි එක්ස්ප්‍රස් වලටත් බදු ගැහැව්වා නේද?😔
Delete//අලි එක්ස්ප්‍රස් වලටත් බදු ගැහැව්වා නේද?// අලි සයිස් එකෙන් ගහල තියෙන්නෙ ආයිබෝන් 🤐
Deleteඅලි එක්ස්ප්‍රස් වලින් මහා පරිමාණයෙන් නොගෙන්වන, අඩු වටිනාකමක් ඇති බඩු සඳහා බදු සහනයක් දෙන එක හැම රටකම වගේ කරනවා. ඒක එහෙම නෙමෙයි නං වැඩේ කැතයි.
Deleteකවුද ලීවත් මතකයි ඔය කිරි හරක් වංචාවක් උනේ නැහැ කියල ත් 😀
Deleteපිට,පිට පිරමිඩ් වංචා වලට රැවටෙන හරක්ට තේරෙනවා අඩුයි කිරි හරක් වංචා ගැන.
Delete//user friendliness අතින් ඇපල් සෑහෙන්න ඉදිරියෙනි.// පහදන්ට
ReplyDeleteiOS වල ඇවැසි හැම දෙයක්ම ඇක්සස් කරන්න පහසුයි. කොහොම කියන්නද මන්දා, ඒත් මේ පොඩි, පොඩි දේවල් තියනවා ප්‍රයෝජනවත් සහ හරි පිළිවෙලයි. ඒ තියා iOS වලට තියන ගූගල් විජට් පවා නියමයි. ඒ හැම දෙයක්ම ඇන්ඩ්‍රොයිඩ් වලත් කලෑකි, හැබැයි වටයක් යන්න වෙයි.
Deleteඇපල් සිස්ටම් වයිඩ් ඩික්ෂනරි සහ "ෂෝර්ට්ස් කට්ස්" වගේ ඒවට ඇන්ඩ්‍රොයිඩ් වල සමාන ඒවා දන්න විදිහට නෑ.
ඇන්ඩ්‍රොයිඩ්ට ඇති මගේ ලව් එක අඩු වෙලා නැති වැඩිය පැහැදිලි කරන එක කේලමක් වගේ වෙයි නේද?😋
//iOS වල ඇවැසි හැම දෙයක්ම ඇක්සස් කරන්න පහසුයි.// හුම්. මටනම් එහෙම ලව් එකක් දෙකොටහෙන් කොකටවත් නෑ. ඒත් ටිකක් හුරු ගතිය වැඩි... පාවිච්චි කරලම තියෙන හන්ද ඇන්ඩ්‍රොයිඩ්.
Deleteමගෙ වැඩි ගෞරවය ඇන්ඩ්‍රොයිඩ්ට, දුප්පතාගෙ හිතවතා නිසා. ගත්ත ඇපල් ෆෝන් ඔක්කොම ගත්තෙ බාග මිලට, පරණ ඒවා. දැන් නම් ඉතිං නිකං විතරයි. ඒත් ඇපල්ලගෙ ක්රියේටිවිටි එක රස විඳින්න ඒක බාධවක් නෙමෙයි.
Deleteකෝල් ඇප් එකේම තියෙන කෝල් රෙකෝඩ්න්. නොදන්න නම්බර් වලින් එන කෝල් කෙලින්ම වොයිස් මේල් යවා, ටෙක්ස් එක බැලීමේ හැකියාව වගේ දේ, මට ඉතාම ප්‍රයෝජනවත්. එච්චර වැඩක් නැති වුනත්, චීන ස්පෑම් කෝල් ට්‍රාන්ස්ලේට් කරලම ටෙක්ස් එක දෙනවා.😁
තාම අනිත් පහසුකම් හොයා ගනිමින් පවතිනවා.
නිකං,දුන්නත් අයිපෝං පාවිච්චි කරන්න හිතෙන්නෙ නැති මං
ReplyDeleteඔව් ඔය අයිපෝං/ඇන්ඩ්‍රොයිඩ් විරසකය දේශපාලන පක්ෂ දෙකක් වගේ. මම නං ඔන්න ඔහේ දෙකම තියාගෙන වැඩ ගන්නවා.😋
Deleteනිකං දුන්න නිසා ගත්තා මිසක් නැත්නං ගන්නෙ නෑ. ඒ වෙලාවෙ නොමිලේ තෝරගන්න තිබ්බ ඔප්ෂන් 4 න් හොඳම එක වුනේ මේක. මෙහෙ අනිත් හුදී ජනයා වුනත්, මොබයිල් ප්ලැන් එකෙන් දෙන මාස්පතා ගෙවන එකට ගන්නව මිසක්, අයිපෝං සල්ලි දීලා ගන්නවා අඩුයි.
👺☠️😡
Deleteහෑ ඇයි එච්චර තරහා ගියේ. වැරදි යමක් කියැවුනා වත්ද?🤔
Deleteනෑ අප්පා......දවසට වතාවක් දෙකක් අනිවාර්යයෙන් මේ පැත්තේ ඇවිත් යනවා. අලුතින් මොකුත් තිබුනොත් සතුටුයි. තේරෙන්නේ නැති මගුලක් තිබුනම තමයි මේ බරපතල emoji දාන්නෙ
Deleteමම දැණගෙන හිටියෙ නෑ, ටැක්නිකල් අජීරණ, ඒත් "දවසට වතාවක් දෙකක් අනිවාර්යයෙන් මේ පැත්තේ ඇවිත්" යන පාඨකයො මටත් ඉන්නවා කියලා.😮
Deleteහරි, එහෙම නං නොන්-ටැක්නිකල් පෝස්ට් එකක් නොලියා කොහොමද, නේද?🤣
ආ...............න්න වැටහුනා නේද නොලියා කොහොමද
Deleteමුල්ම කාලෙ වෝල් පේපර් එකවත් මාරු කරන්න දුන්නෙ නැහැ නොව. ඔයාකාරේ i නිපදවන්නන්ගේ තිබ්බ 'අපේ එක අපිට ඕන විදිහට තියෙන්නෙ පුලුහංනං පාවිච්චි කරහං' තියරියට මම අකමැති. දැන්නං ඒ විදිහ නෑ වගේ නේ ස්ටීව් ජොබ්ස් පරලෝ ගිය හන්දද මන්ද!
ReplyDeleteඅයිෆෝන් හඳුන්වා දීම මොබයිල් ලෝකෙ වෙනස් කලා. ඒත් අර උද්දච්ච තියරිය, මිල, අඩු වයසෙන් අබ්බගාත කරවීම වගේ වැඩ නිසා අයිෆෝන් එපාවුනා. විකල්පයක් විදිහට අපට තිබ්බෙ ඇන්ඩොයිඩ්. තාමත් මම ඇන්ඩොයිඩ්ට මනාප ඒකයි.
Deleteදැන් නම් ඇන්ඩොයිඩ් ෆෝන් නිපදවන්නන් ඇපල්ගෙ සමහර නරක ප්‍රතිපත්ති අනුගමනය කරනවා, වැඩි වෙනසක් නෑ වගේ. ඒත් බොහෝ විට නව නිර්මාණ වැඩිය ආවෙ ඇපල් හරහායි. ඇපල් නෝට්ස් ඇප් එක නියමයි. වොයිස් නෝට්ස්/ ස්කෑන් ගන්න, ඒවා ටෙක්ස් වලට හරවන්න, සර්ච් කරන්න හරිම පහසුයි.
ඩයිනමික් අයිලන්ඩ් නෑ, ඇක්ෂන් බටන් නෑ, LiDAR නෑ, කැමරාවෙ ලෙන්ස් දෙකක් විතරයි. ඒත් අවුලකුත් නෑ. නිකං දුන්න දතේ අස්පයා බලන්න එපා කියල ඉයනුත් කිව්වා. නිකං ලැබෙන පරණ තාක්සනේ අපට හොඳා!
ඇපලේ උඩ තමා බැක් බටන් එක සෙට් වෙන්නෙ. අනික්, ඇප් ෆෝල්ඩර් වලට දාගෙන ඒවා කැමති විදිහට හදාගන්න ලේසි. මයේ පොන් එකේ වන් හෑන්ඩ් පාවිච්චියට ස්ක්‍රීන් එක පොඩි සයිස් එකට ගන්න පුළුවන්. කෝල් රෙකෝඩින්, ස්ක්‍රීන් රෙකෝඩින් නම් ඉන්බිල්ට් තියේ. ගූගලයා හා කම්පැටිබල් වැඩිව වාසය නිසා, iට වඩා ඇන්ඩොයිඩ් පහසුයි... මටනං. ඒත් ඇපල්වල කොලිටි සහ තව අනුපාන තියේ බසූ කීව ඒවා වගේ.
Deleteමට දැන් තියන Hyper OS( Xiaomi)වල, කෝල් රෙකෝඩින් කප්පාදු කරලා, . වන් හෑන්ඩ් පාවිච්චියට ස්ක්‍රීන් එක පොඩි සයිස් එකට ගන්න දෙකේම කලෑකි.
Deleteඇපල් "ෂෝට්ස් කට්" ඇප් එකෙන්, වටේ ගිහින් කරගන්න වැඩ එක ක්ලික් එකකට ගත්තෑකි, ඕනෙම නං. මම බරපතල ලෙස මොබයිල් භාවිතා නොකලත්, දැනට දැක්කදේ අනුව iOS ගැන සතුටුයි.
මුලදී සැම්සුන් ඇතුළු ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරලා එංගලන්තේ ඒව හැක් කරන එවුන් වැඩි බවත් ජේල් බ්රේක් සීන් එක සැර බවත් දැන ගත්තට පස්සේ හොඳම සෙකියුරිටි එක තියෙන්නේ අයි පෝං කියල දැනගත්ත . එදා ඉඳන් දිගටම ඒක තමා . නැතිවෙලත් ආයේ හම්බ වුනා දෙපාරක් . මැරෙනකන් අයි පෝං
ReplyDeleteiPhone Thief Explains How He Breaks Into Your Phone
Delete100% සැකුරිටි කියල එකක් නම් නෑ.ඇන්ඩ්‍රොයිඩ් 15 වලත් theft protection තියනවා, උදුරගෙන් දිව්වොත් ලොක් වෙන්න. ඒත් සැකුරිටි අතින් ඇපල් ඉදිරියෙන් කියල හිතෙනවා.
මට ඇපල් ඇඩ්වාන්ස් සෙකුරිටි එන්ක්රිප්ෂන් ඔන් කරන්න දෙන්න බෑ කිව්වා නොවැම්බර් වෙනකං. මගෙ මුදල් කටයුතු අයි පෝං එකේ නෑ. ඒවා ගෙදර තියලා යන අනිත් ෆෝන් එකේ.
මම මුදල් කටයුතුත් ඒකෙන්ම තමා කරන්නේ . ඒ නිසා බොහොම පරිස්සමින් . ලන්ඩන් සිටි ගියා ඊයේ ඔෆිස් එකට / ෆෝන් එක එලියට ගත්තේ නැහැ . උදුරගෙන දුවන ගැන් නිසා
Deleteඔව් ලන්ඩන් හරි ප්‍රසිද්ධයි, උදුරගෙන දුවන ගැන් වලට. එන්නෙම ඉලෙක්ට්‍රික් ස්කූටර් වල. මම දැක්කා, පොලිසිය, ස්පීඩ් මොඩ් කරපු ස්කූටර් අල්ලනවා.
Deleteපාරෙ තොටේ ෆෝන් එකේ මූණ ඔබාගෙන යන අයගෙ ඒව තමා වැඩියෙන්ම උස්සන්නෙ.
https://kolompure.blogspot.com/2025/07/esophageal-varices.html
ReplyDeleteගිහින් ආව. වටින විස්තර ටිකක්. ඔහොම හරි කටිය ආයෙ ලියන එකට සතුටුයි.😁
Deleteමාත් "සිලිලාර" එකේ දැක්ක, හිත සසල කරපු ලිපියක් අලෝගෙන,අලෝගෙන ගියා බොලෑ බ්ලොග්වල, අවුලක් නෑ නේද?😁
ඒ ඩොකා ගයාන් ගේ ලිපියක් මේ බ්ලොග් එකටත් දැම්ම . මේක තමා දේශපාලන සැර කතා යන බ්ලොග් එක දැන් . කොළඹ ගමයා ඒකෙ ඒවා ඉයන්නේ නැහැ කියල තීරණය කළා . ගොඩ වැදිලා යන්න . https://anogamaya.blogspot.com/2025/07/blog-post_24.html
Deleteනමියා (මේකෙන් දැම්මහම ලින්ක් එක ටයිටල් එකෙන් වැටෙනවා ) Title
Deleteඉතිහාසය හැම රටකම එක වගේද?
එන්නං. ඒ බ්ලොග් එකත් රෝලෙ එල්ල ගත්තාම පෝස්ට් මිස් වෙන එකක් නැහැ.
Deleteබකුසට නිකං දුන්නට, අපට ගෙඩි ඩොලර් ම 549 ක් පෙන්නනවනෙ.
ReplyDeleteඒ ඇමසන් ලින්ක් එක දැම්මෙ ෆෝන් එක පෙන්නන්න විතරයි. නිකන් ලැබුනෙ, අපේ මොබයිල් ඔපරේටර් හරහායි.
Deleteලාබ හින්දා ෆෝන් කේස් 3, ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් 4, වයර්ලස් චාජරයයි ගෙන්න ගත්තා අලි එක්ස්ප්‍රස් එකෙන්. ඒත් වයර්ලස් චාර්ජ් වැඩේ අත් ඇරල දැම්මා, බැටරි හෙල්ත් එක නිසා.
https://drive.google.com/file/d/1pqmZJ4vtZTRb0B91shmHjHu09ZihC_DY/view?usp=drivesdk
ReplyDeleteබලන්න බෑ. ඔක්කොම පිංතූර රෙස්ට්රික්ටඩ් ඇති. පබ්ලික් කරපියෝ.
Deleteඕං කොළා
Deleteහේහ්, හෙහ් හුකෑස්. ඒක නං නියමයි. බලහංකො මුගෙ හිනාව.🤣😋😁💐
Deleteතොප්පියයි, වේල් එකයි දෙක ම දාගෙන ඉන්නෙ ඇයි?
Deletegender crisis එකක් කියලයි හිතුනෙ.🤔
Deleteඒක වේල් එකක් නෙමෙයි, පිටිපස්සෙ තියෙන අත්තක හිම දියවෙනව කියල හිත හදා ගමු ද?
Deleteඔව්, වොව් නැත්නම් පොඩි කාලෙ ඉඳන් රැක ගත්ත, අහවල් එක වතුරෙ.🤣
Deleteඒක වතුරෙ දාල ගම්මු? 🤣🤪
Deleteඑහෙනං ඒක වක්කඩේ හල් බැන්දා වගේ තියෙයි
Deletehttps://drive.google.com/file/d/1pwJTEHsnqdrWzFlZYOsN8ECTd18-v9VU/view?usp=drivesdk
ReplyDeleteඅයිපෝන් එක කසාද බැන්දට, ඇන්ඩ්රොයිඩා තමා සයිඩ් කික් එක.😋
Deletehttps://www.seaart.ai/explore/detail/d224ante878c738tnghg?u_code=KLN4M55Q
Deleteඑතන ඇන්ඩ්රොයිඩාගෙ බැල්ම එව්වර ගුණ නෑ "හිටහංකො වැස්ස පායන කං" වගේ එකක්.🤣
Deleteහප්පට! පරිස්සමිං ඈ. ඔය වගේ ෆිල්ම් එකක් මම බලල තිබුණ. හිටින්ඩ ලිංක් එකක් හොයා ගන්ඩ...
DeleteJexi
බුදාම්මෝ! 😮🤔😋
Deleteලිංක් එක වැඩ නේ? මොබයිල් වර්ෂන් එකේ වැඩ කරන් නෑ.
Deleteමම බැලුව අයිපෝන් එකේ.උඩ ලින්ක් දෙකම වැඩ කරනවනෙ?🤔
Deletehttps://www.youtube.com/watch?v=txSOaY-je-o&pp=ygUEamV4aQ%3D%3D
DeleteJexi ලිංක් එක...
ඕකේ , ඒක නං කොහේවත් වැඩ කලේ නැහැ. ස්තූතියි.🙏
Deletehttps://drive.google.com/file/d/1q-PrFxIsoM7TqWrQFQgQ6JLYhl2nC-IC/view?usp=drivesdk
ReplyDeleteඕවා ඔය රට්ටු කියන කතා ආයිබෝං.😋
Deletehttps://drive.google.com/file/d/1q5bQH_HtLxUcgPBPOp8JuoFy-V2gDQl9/view?usp=drivesdk
ReplyDeleteමේවා AI මඩ.😋
Deletehttps://drive.google.com/file/d/1pkjmelErn0_WulkTX22pN-yiMmm04QaM/view?usp=drivesdk
ReplyDeleteහුටා! මේකෙදි මාව පන්චතන්තරේ කරවලා නේද?😮😋
Deleteඅඩෝ නෝඕඕඕ...!
Delete