Feb 5, 2017

හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්‍ටුවක්

බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ  පොඩි කාලෙ, බසු මෑණියෝ  උන්දැගෙ ජල ව්‍යාපෘති  වැඩි හරියක් කඩා කප්පල් කලා.  ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ   වැටිලා නැති  නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ.  අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා.   අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්‍ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට  අපේ ගම් පට්ට ඩොටේ.

මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?

පහල  වෙලේ  ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී

http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/04/village-life-indonesia-herman-damar-9.jpgඔන්න මාන කොකා , බස්සව එක්කන් ගියා ඇලට පීනන්න පුරුදු කරවන්න.

මානකොකා : හා දැන්, ඔය බෝක්කුව උඩට නැගලා , මේන්න මෙහෙම අත් දෙක තියාගෙන  පැනපං ඇලට.

බස්සා , කොකා කිව්ව විදිහට පැන්න, ඒත් පිම්ම වැරදුනා. තලපතා පොලොවෙ ගැහැව්වා වගේ  වතුරට  හරහට වැ‍ටුන. බස්සා කෙඳිරි ගගා ගොඩට ආවා. ඒත් පස්සෙන් පහු  බස්සා පීනන්න ඉගෙන ගත්තා.

බස්සා සහ ජලය අතර තියෙන්නෙ බොහොම ගැඹුරු සම්බන්ධයක්. දෙවන ව්‍යාපෘතිය ඔරු පැදිල්ල. කට්ටිය එක්ක රා බීපු දවසක, බොල්ගොඩ ගඟේ තො‍ටුපලක නාන්න ගිය වෙලාවක, ඒකට චෑන්ස් එකක් ලැබුනා , එතන තිබ්බ අත්හැර දාපු පරණ ඔරුවක නැගගත්ත බස්සා සහ පිරිස. පොල්  පිත්තක් හබලක් ලෙස යොදා  ගත්තා. අඩියෙ හිලක් තිව්ව , කොල්ලෑවක් නැති ඔරු කබල නිසා එදා බසු  නාවික හමුදාව දියබත් වුනත්, කවදා හරි ඔරුවක් හබල් ගානවාමයි කියලා බස්සා ඒක "බකට් ලිස්ට් එකට" දාගත්තා.

http://rubberboats.com/templates/rubberboats.com/prodimages/68351-1.jpgබස්සගෙ බෝට්‍ටුව ඊයෙ තැපෑලෙන් ආවා. හොඳ ඩීල් එකක්. හුලං මෙට්ටෙකට වඩා ලාබයි.
මෙන්න මේක.
බෝට්‍ටුව ගත්තට , මෙහේ අහල ගං හතක ඇලක් , දොලක් නෑ.  පංච මහා විල් නං තියනවා,චෑ එව්වයෙ කිසි ගතියක් නෑ. එහා, මෙහා නොපෙනෙන, මේ විල් මුහුද වගේ, හීනියට ‍රැල්ලත් ගහනවා. ඒ වගේද, දෙපැත්තෙ සුන්දරත්වය නරඹමින් හබල් ගාන්න ඇහැකි අපේ ගඟවල්.

http://www.lankaholidays.com/pics/30906/1.jpg
බොල්ගොඩ 
හතරට  පහට නමාපු බෝට්‍ටුව දැක්කා ගෙදර ඉන්න හෝතම්බුවා.
හෝතම්බුවා: මොන ඇන්නෑවක්ද  බොල මේ ?
"බෝට්‍ටුවක්"  බස්සා අහිංසක විදිහට කිව්වා.
හෝතම්බුවා: හහ්, දැං ඕක ගත්ත  පාරෙ පදින්නද?  මං අහන්නෙ මොන කෙහෙම්මලකටද  ඕක?  හෑ, උඹටත් ටොලාගෙ ලෙඩේ බෝවුනාද? හයියෝ ෂල්ලි.

ටොලාට තිබ්බෙ යොට් එකක්. ඒ කතාව මෙතන තියනවා. ටොලා  පාටි දාලා තියෙන්නෙ යොට් එකේ. ෆුල් ෆන් එකක් ගත්තට , ටොලාව නැතිකලේ  ගෑණු කියලයි පුම්බා කිව්වෙ.

හෝතඹුවා ගත්ත ජාතියේ ඔරලෝසුවක් 

බස්සා: නෑ බං , මට එහෙම  මඟුල් පිස්සුවක් නෑ. මේක මේ  පොඩිකාලෙ ඉඳලා තිව්ව ආසාවක්  බං. හා , දැන් එහෙනං  උඹ ගත්තෙ මේවගේ තුන්ගුණයක් ගණන් ඔරලෝසුවක්. දැං බලාපං මොකක්ද අත් ඔරලෝසුවකින් දැන් ඇති වැඩේ. අද බලන, බලන තැන වෙලාව තියනවා. කම්පූටරේ, සාක්කුවෙ මොබයිල් එකේ පවා. ආන්න ඒ වගේ තමා  මේකත්. මට ඕනෙ මේක ලංකාවට යන දවසක ගෙනිහිල්ලා, බොල්ගොඩ ගඟේ පදින්න.

හෝතම්බුවා: අනේ මන්දා, කොන්ත නෝනගෙ **ට කොන්ත නෝනගෙ කැමැත්තක් කිව්වලු

ඌ එහෙම කිව්වෙ, අද රටේ ලෝකෙ, ඔය ජලයට සම්බන්ධ ‍රැකියාවල් කොරන උදවිය ගැන එන ආරංචි නිසා.ඔන්න එක හාදයෙක්, ඩෝරා  බෝට්‍ටුවකින්  පිඹල ගිහින්, පත්තරකාරයෙක්ගෙ හොම්බට ඇන්නලු. තව  අනුරාජපුරේ පැත්තෙ  වැලි ගොඩදාපු බෝට්‍ටුකාරයෙක් , වැලි තියනවද කියල බලන්න අහල පහල ගෙදරකට රිංගලා, පොරෝ පාරක් කාලා මැරිලා. මං නං දැණගත්තෙ පත්තරෙන්, හිටං.

කාලෙකට ඉස්සර අපේ  පහල වෙලේ ඇල ගැන කිව්වාම , බින්දි කිව්වෙ" හහ්, හිතං ඉන්නෙ ඒක තාම ඇති කියලද?" කියලයි. හුටා, ඇත්ත නෙවෙන්නම්, "many many moons ago, when the dinosaurs ruled the earth" නෙව අන්තිමට දැක්කෙ? ඔහෙලට කියන්න, ඒක මතක් වෙලා හඳුන්පොත "කීං" ගෑව. පටස් ගාලා ගිහින් ගුගල් ස්ට්‍රීට් වලින් බැලුවා. වෙලයි, ඇලයි දෙකම වළඳලා, ගන්න දෙයක් නෑ, යාංතං  උන්දලා බොල්ගොඩ ගඟ ඉතුරු කරලා තියනවා, උන්න හැටියට මලා මදැයි කිව්වලු.හිරණ තො‍ටුපලේ පාලම් පාරුව නෑ, පාලමක් හදලා. රුක්ගහ තො‍ටුපොලේ පාලම්පාරුව තියනවා. මහබෙල්ලන  වැඩි වෙනසක් නෑ.



https://static1.1.sqspcdn.com/static/f/297115/20858227/1352003036070/HouseboatExample5890850.jpg?token=xz5VStpKbYEelT2BPPfYA4gqwv4%3D
යටත්විජිත කාළෙ , ලංකාවෙ වාරිමාර්ග ආශ්‍රිතව, හොඳ ප්‍රවාහන සේවයක් තිබිලා තියනවා. මෝටර්වාහන බහුල නොවෙච්ච ඒ යුගේ, බරවාහන වෙලා තියෙන්නෙ කරත්ත, සහ ඔරු පාරු. එතකොට  ලංදේසි, පෘතුගීසි එහෙමත්  වාරිමාර්ග  වැඩිදියුණු කරල තියනවා. මතක විදිහට ලංදේසි/පරංගි ඇල කියලා කැප්පූ ඇලක් එහෙම තිබුණ බව මතකයි. ඒ කාලෙ පාරු වලට සේවය සලසන්න, ගඟ පැත්තට මුහුණ දාලා හදපු කඩයප්පං කඩ පවා තිබුණ කියල අපේ සීයල කියනවා මං අහල තියනවා. අද වෙනකොට ඒවා අභාවයට ගියත්, අපේ අසල්වැසි රටේ , කේරළයේ මේ  පැරණි රසාංගය, සරු සංචාරක  ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියනවා.

නෙදර්ලන්තෙන් ආපු ලංදේසි වාරිමාර්ග තාක්ෂණය අතින් ඉහල ජාතියක්. නෙදර්ලන්තෙ එක විශේෂත්වයක් බයිසිකල් නම් අනික බෝට්‍ටු සහ වින්ඩ් මිල්ස්. ගෙවල් පේලියක් තියනවා නම්, එක පැත්තක් පාර, පිටිපස්සෙන් ඇල. කාර් එක පාරෙ පාක් කරලා, බෝට්‍ටුව ගේ පිටිපස්සෙ  ඇලේ නවත්තලා.

මේ සාවියෙත්, සුපිරි ධනවතුන්ට මෙන්න මේ වගෙ සමර් හවුස් තියනවා. ඇත්තටම , ධනවතුන්ට විතරක්ම නෙමෙයි, මං දන්න රුසියන් පවුලක් හිටියා සාමාන්‍ය ‍රැකියා කරපු. එයාලටත් සමර් කොටේජ් එකක් තිබ්බා  විලක් අයිනෙ. මම කියන්නෙ, අවශ්‍යතාවය තියනවා නම්,ඕන කෙනෙකුට බැංකුවක් කඩන්නෙ නැතුව විනෝදාංශයක් කරගන්න පුළුවන් කියන එකයි.

http://lankapura.com/wp-content/uploads/2009/02/river-transport-at-ratnapura-ceylon.jpgමෙන්න අපේ  පැරණි පාරු කාරයො ගත්ත ආතල්. වෙලාව හොඳ නං , මයෙ දෙකයි පනහෙ බෝට්‍ටු කට්ට වුනත් ඇති "සොබාදහම් අසිරිය" නරඹන්න:)

වගේ අස මිතුර – මකියන දී            සවන
ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන
ගඟේ යන පානදුර – යේ තොටු       පලින
මගේ නම් මෙ ළඳ – ඇවිදිමි වඩා     ගෙන

කද්දුව එගොඩ උළු අම්බලම         ගාවා
ගැහැණු තුන් දෙනෙක් ඉස නාව    නාවා
අප දැකලා උන් කරවන              නුරාවා
කොහොමද ලියෝ සිත නළවන  උපාවා


මේ කාලෙ නං  විල් ඔක්කොම මිදිලා. ගිරීස්ම ඉර්තුවෙ , ඔහෙලා මේ පැත්තෙ ආවොත්, බාග වෙලාවට, බස්සෙකුයි, හෝතම්බුවෙකුයි ඔරු පදිනවා බලාගන්න පුළුවන් වෙයි.

28 comments:

  1. අප්පට නියම බඩුවක්නේ... මගෙත් ආශාවක් තියෙනවා ලංකාවේ ගඟක ඇලක දොළක බෝට්ටුවක් පදින්න. ආයේ ගොඩ නෝන එක විස්වාසයක් නැති වුනත් අඩු ගානේ අර පොඩි කාලේ කඩදාසි බෝට්ටු වතුරේ පාකරලා යවපු ආශාව වෙන්න ඕනේ. හිටිගමන් අපි ඒ බොඅට්ටුවලට කූඹියොත් අහුලල දානවා. ( දැන් අහන්න එපා පව් කාරයෝ කියලා. )
    බොල්ගොඩ ගඟේ සර්ෆින්ග් කරන්නත් මරු. මගේ යාළුවෙක්ගේ ප්‍රජෙක්ට් එකක තියෙනවා. මාත් ඔය ඉඳලා හිටලා ගියාම ට්‍රයි කරලා තියෙනවා. ඒ වුනාට inflatable boat එකක් පැදින්න ලැබිලාම නේ නෙව.

    පොඩි කාලේ නම් මටත් වතුරෙන් පරෙස්සම් වෙන්න කියලා තිබුනා. අම්මා හැමදාම වතුරෙනුයි ගින්දරෙනුයි මාව බේරගන්න ඕනේ කිය කිය හිටියේ. (ඒ මදිවට මගේ ඔළුවේ රවුම් තුනකුත් තියෙනවා. ) දන්න දා ඉඳන් ඒ වුනාට මගෙ ආසම විනෝදාංශය වතුර... මුහුද මඩ වලක්, වැවක් නෙමෙයි ඕනේ මඟුලක්... ගින්දරත් ඒ වගේමයි. බාබකිව් නයිට් එහෙම කිව්වම ලේසියෙන් අරින්නෙ නෑ. හෙට අනිද්දට මොනවා වෙයිද දන්නේ නෑ තවම නම් යහතින්...

    ReplyDelete
    Replies
    1. මේක ගණන් නෑ රංගි. Amazon එකේ තියනවා, සපත්තු කුට්ටමකට වඩා ලාබයි .හප්පේ, මේවා වලට තියෙන DIY ප්‍රොජෙක්ට් තොගේ? iBoats කියල සයිට් එකක් තියෙනවා , එහෙම අයට අදහස් හුවමාරු කර ගන්න.

      Delete
  2. දැන්ද කොහෙද අපලෙ පටන් ගත්තේ :-D

    ReplyDelete
    Replies
    1. හුටා! එහෙම වෙයිද? මේකෙ හුලං ටැංකි දෙකක් තියනවා. එකක හුලං බැස්සොත් කියලා. කෝකටත් ඉස්සෙල්ලම හෝතම්බුවා යවල බලනවා :). තව අර ලයිෆ් ජැකට් තුන ,හතරකුත් ගන්න බැරියෑ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. http://www.lankalibrary.com/geo/dutch/dutch4.htm

      https://www.thedodo.com/owl-swimming-lake-michigan-858746671.html

      Fish Owl ලංකාවෙත් ඉන්නවා.
      http://www.owlpages.com/owls/species.php?s=1400

      ඒ කොහොමවෙතත්, කවදාවත් දැකලා නැති මගේ ප්‍රියතම බ්ලොග්කරුවා මෙන්න මේ පහල පින්තූරවල වගේ ඇතියි කියා උපකල්පනය කරනවා
      http://www.sadanduseless.com/2017/02/owls-vs-water/

      Delete
    2. අන්න හරි අවුලෝර්ඩ්, ඔයවගේ ගාම්භීර ලුක් එකක් තමයි අපි ඔබතුමා ගැන හිතාගෙන ඉන්නෙ

      Delete
    3. //ඒ කොහොමවෙතත්, කවදාවත් දැකලා නැති.....//

      Aha, the beauty of the unknown:)

      Perhaps, Bassa is "BuckBeak" the hippogriff . You never know, right? :)

      Delete
    4. http://scaryfuckingowls.tumblr.com/

      Delete
  4. ඔරු පදින්න,බෝට්ටුවක යන්න මටත් හරි ආසාවක් තියෙනවා ආයුබෝවන්.එත් තවම බැරි වුනා නොව ඒ ආශාව ඉස්ට කර ගන්න හිටං.මටත් වතුරෙන් අපලයි.මොකෝ පීනන්න දන්නා එකක් කියලයි.

    ReplyDelete
    Replies
    1. පීනන්න බැරි එක ඒකට බාධාවක් කරගන්න ඕනම නෑ. පොඩි ලයිෆ් වෙස්ට් එකක් එච්චර ගාණක් වෙන්නෙ නෑ

      Delete
    2. Most sailors, up until the late nineteenth century, could not swim. Why :-

      http://www.wondersandmarvels.com/2014/05/famous-sailors-who-couldnt-swim.html

      Delete
    3. නැහ්නං මෙන්න ලෝකෙ ලාබම ලයිෆ් වෙස්ට් එක- made in India :)
      දැන් ඔය අධිරාජ්‍යවාදී බටහිර කුමන්ත්‍රණකාරයො හිනා වෙනව එහෙම නෙමෙයි - බලළා ප්ලාස්ටික් උනාම මොකද, මීයො අල්ලනව නං :)

      Delete
    4. මේක දන්නවද......

      ///////A captain of his ship was sailing the seas one afternoon, when suddenly over the horizon a pirate ship was seen.

      The captain yells "Everyone prepare for battle, and hand me my red jacket." To which one of the crew members complied and handed him his jacket which he put on. The battle ended victoriously for the ship and his captain and they continued on in their voyage.

      Later, they again spotted pirates, this time two ships were a approaching. "Men, we must go to battle again! Someone get me my red jacket!" And a crew member brought the jacket and the captain put it on. After a fierce war, and a truly stunning effort of the ships crew, the pirates were defeated.

      Noticing a trend, one of the ships crew members approaches the captain, "Why is it every time we go to war with another ship, you request to wear your red jacket?" To which the captain replies, "Well, if for some reason I should be injured and bleed, the red jacket will not show my wounds and thus the crew will not be alarmed and worried of my condition." The crew member agrees that this is a good strategy and continues with his work.

      Later that day over the horizon, a massive fleet of pirate ships, 10 in all, come over the horizon. The nervous crew looks up at the captain and he yells "Everyone prepare for battle, and hand me my brown pants!"////////////

      Delete
    5. හෙහ්, හෙහ් නියමයි. අදමයි ඇහැව්වෙ.

      Delete
  5. බස්සෝ......ජල සන්නිය සහ ජල භීතිකාව කියන්නේ දෙකක් :D

    සේෆ්ටි ගැන හිතන්න. අපේ ලමයත් ඔය බෝට්ටු ගමන්, මාලු ඇල්ලිලිවල තමයි ගතකරන්නේ වීක් එන්ඩ්ස්.

    ශානිකා සෝමතිලක නියමෙට සින්ග් කරනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ, සේෆ්ටි වෙස්ට් දෙක තුනක් ගන්න ඕනෙ.මට ඕනෙ බොල්ගොඩ ගඟේ ඔරු පදින්න.

      පුන් සඳ හොඳින් පායා ඇති මහ රෑයක
      වවුලන් පවා දන්නා රහසකි මේක
      ගඟ මැද්දේ,තනි ඔරුවක තො‍ටුපලක
      ඉන්නා විටක නොදැනෙනු ඇත දුක-සෝක

      එහෙන් මෙහෙන් කෑලි අහුලල හදාගත්ත හයිබ්‍රිඩ් කවියක් :)

      Delete
  6. මට සාමන්‍යයෙන් බෝට්ටු පදින්න පුළුවන්. රුසියාවේදී තමා පුරුදු වුනේ. අපි ඉන්න පැත්තේ එපින්ග් ෆොරස්ට් කියල පැත්තක් තියනවා. ලොකු ජලාශයක් තියනවා. සමර් එකට ඔරු පදින්න පුළුවන්. සින්දු දෙක ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හුටා, පුරුදු වෙන්නත් ඕනෙද? මං හිතුවෙ හබල් ගාගෙන, ගාගෙන යනකොට යාවි කියලයි

      Delete
  7. ඔය මුල් සින්දුව ඩීන් මාර්ටින් නුයි මයිකල් බුබ්ලේ දෙන්නත් කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කීපදෙනෙක්ම කියන ජනප්‍රිය ගීතයක්. ඒත් මම වැඩියම කැමති Markus Haider කියපු මෙන්න මේකට.

      Delete
  8. ශානිකා සෝමතිලක සහ ඇගේ සොහොයුරිය සිංහල සිංදු කීපයක්ම කවර් කරල යූටියුබ් එකේ තියෙනවා. අහල තියෙන විදිහට නවසීලන්තෙ ඉන්න ඉංජිනේරුවරියක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්. එහෙම තමා මේ සිංදුවෙ හැඳින්වීමෙදි දිවුල්ගනේ කියන්නෙ


      මං ඒත් මේ කම්පනා කලේ, කො‍ටු පනිනව නං, පනින්න ඕනෙ ,රාජ කුමාරියෙක් එක්ක. බෙල්ල ගහල යන වැඩක් තමා. ඒත් අඩු ගානෙ පස්සෙ පරම්පරාව කවි, සිංදු ලියනව නෙව. නිකම්ම පොරෝ පාරක් කාලා මැරෙනවට වඩා හොඳයි නෙව?

      Delete
    2. ශානිකා ලස්සනට කියනවා සින්දුව. මමත් ආසම ගීතයක්. දැන් කාලෙත් රජ කුමරියන්ට ලව් කරන අය ඇති. ඒ කාලේ නම් හිටියා.

      ඉස්සර මං වාගේ උදවියටයි
      රජ කුමරියෝ ආලේ කලේ
      දැන් කාලේ ඒ වගේ බැරි ඇයිදෝ
      මට යතුරත් දීලයි ගියේ....
      ගායනය : H.R.ජෝතිපාල
      පද රචනය : ධමසිරි ගමගේ
      චිත්‍රපටය : හිත හොඳ මිනිහෙක්
      තිර ගතවු වර්ෂය : 1975
      අධ්‍යක්ෂණය : එම්.වී.බාලන්
      රගපෑම් : ගාමිණි,සෝනියා
      ඉස්සර මං වාගේ උදවියටයි
      රජ කුමරියෝ ආලේ කලේ

      Delete
    3. Beauty, brains and talent is a rare combination.

      Delete
  9. බෝට්ටුව තාම ලෝන්ච් කරේ නැතෙයි? :/

    ReplyDelete
  10. දි.ග.ම. බස්සා බෝට්ටුවෙ ගිහිල්ල ගිලුන ද?

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code