Nov 5, 2017
Feb 5, 2017
හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්ටුවක්
බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ පොඩි කාලෙ, බසු මෑණියෝ උන්දැගෙ ජල ව්‍යාපෘති වැඩි හරියක් කඩා කප්පල් කලා. ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ වැටිලා නැති නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ. අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා. අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට අපේ ගම් පට්ට ඩොටේ.
මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?
පහල වෙලේ ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී
මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?
පහල වෙලේ ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී
Jan 16, 2017
නරි නාටක
ඔහෙල දන්නව නේද , අර රජවෙච්ච නරියගෙ කතාව. අර නිල් බාල්දියෙ වැටුනෙ. හරි, ආන්න එයා තමා. මට හම්බ වුනා නෙව එයාව.බස්සා:කොහොමද සෑර් වෙනස සැපද?
නරි: මඟුලක් කියනවා, හපොයි මාත් පැටලිච්ච පඹගාලක මහත?
බස්සා: ඇයි සෑර් , එහෙම කියන්නෙ? රජසැප නේද? අර හිටපු රජා තාමත් හූල්ලන්නෙ නිකංද? ආං දැන් කියනවා කොහොමහරි පෙරලනවා කියලා
නරි: හෑ, හැබෑටම එයා එහෙම කිව්වද? පෙරලනවයි කිව්වෙ, ඔලුවට කලුගලක් වත්ද?
බස්සා: ඒ කලුගල් පෙරලන කතාව කිව්වෙ නාලාගිරි නෙව. මේ කියන්නෙ අපේ හිටපු රජතුමා ගැන.
නරි: ආ එයාද? එයා නං පෙරලන්නෙ බාල්දි වෙන්ටෑ. ඒක නෙමෙයි, උඹට කියන්න බස්සෝ, මට මේ රජකම එපාවෙලා තියෙන්නෙ.
බස්සා: හෑ, එහෙනං නිල් බාල්දියට පැන්නෙ මොන උලව්වකටද?
නරි: පැන්නෙ නෑ , මාව නැට්ටෙන් ඇඳගෙන ඇවිල්ලා, බාල්දියට තල්ලු කලා නෙව අර සැටලයිට් නෝන. අම්මපා මං මේ හම්බවෙනකං ඉන්නෙ, හපනව කකුලක් පත්තු බඳින්නම.
Dec 23, 2016
දොර නාරින් අමල්බිසෝ
ඔන්න මුළු නොවැම්බරේම යසට ඉඳලා, අපේ කාල-ගුනේ වැඩ පටන් අරගෙන. ඔය කස්ටිය කියන්නෙ හිම වැස්ස, මල් තුහින කියලා එහෙම.ඇත්ත, මෙව්වා හරිම සුන්දරයි ගෙදර ජනේලෙ ගාවට වෙලා , උණු කෝපි එකක් බොන ගමන් බලාගෙන ඉන්න. ඒත් එලියට යන්න උනොත් , ඒක එච්චරම සුන්දර අත්දැකීමක් වෙන්නෙ නෑ.ඒත් හිම වැස්සකට අහුවෙලා, ගෙදර ඇවිල්ලා තටු ගසා-බසා දාලා ඇඟ රත්වෙන්න දෙකක් නමා ගත්ත නං, ආන්න පිංවතුනි සැප.
ඒත් නත්තල් පප්පගෙ සාවියෙ ජීවත් වෙනවා නම්, සීත කාලෙ කියන එක ජීවිතේ කොටසක් විදිහට හිතන්න වෙනවා. මේ ඍතු හතර ජීවන චක්‍රයක්. කෘමීන් පාලනය, වැටිච්ච කොලරොඩු දිරාපත් කිරීම වැනි වැඩ කොටස කරන්නෙ සීත කාලෙ.
ඒත් නත්තල් පප්පගෙ සාවියෙ ජීවත් වෙනවා නම්, සීත කාලෙ කියන එක ජීවිතේ කොටසක් විදිහට හිතන්න වෙනවා. මේ ඍතු හතර ජීවන චක්‍රයක්. කෘමීන් පාලනය, වැටිච්ච කොලරොඩු දිරාපත් කිරීම වැනි වැඩ කොටස කරන්නෙ සීත කාලෙ.
Nov 19, 2016
නැතිවූ දියමන්තියේ අභිරහස
ඔබ ජේත්තුකාර ඉහල පැලැන්තිය ගැන දන්නවා නම්, සුරූපී හර්න්කාසල් සොහොයුරියන් තිදෙනා -මිස් ඇඩිලේඩ්, මිස් කැරොලයින් හා මිස් ජූලියා ගැන නොදැන ඉන්න හේතුවක් නෑ. ඒ අය අතරින් අන්තිම කෙනා, බාලම නමුත් හොඳම ආර්යාව බව මගේ අදහසයි. මම ඉස්සෙල්ලාම සේවයට ගියේ එයාලගෙ අප්පුච්චා - ලෝඩ් හර්න්කාසල් ලඟට. දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කතාවට උන්දෑ අදාල නොවීම ගැන, මං ජීවිතේට දැකපු හැකරම කට සහ ලොකුම මූලග්ගාය තිබ්බෙ උන්දෑට.
Nov 12, 2016
Chef බස්තියං
Oct 23, 2016
බස්සා සහ හීන් බබා සීයා
"උඹහෙට කියන්න බස්සෝ, මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."
"ඉතින්, ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?"
"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "
Oct 9, 2016
අපි කන හැටි ලිපා දනී
මේ සිංදුවෙ ජාඩි ගැන ඇහෙන කොට මට ජාඩි හොද්දෙ රහ ගැන මෙන්න මෙහෙම කියැවෙනවා:
හෙරලි පොලොස්
දෙල් , අටුකොස්
ජාඩි හොදිත්
එක්ක ගුඩුස්
Sep 9, 2016
What's going on?
"තොට මහසෝන ගැහුවද බොල, මේ පාන්දර ජාමේ මරහත තියන්න තිබා ගත්තෙ? "
අල්ලපු ගහේ බෙනෙන් හොට එලියට දාපු , මයෙ අසල්වාසි පොලොස් කොට්ටෝරුවා එහෙම ඇහුව්වෙ, මම උදේ පාන්දරම අත්ත උඩට වෙලා , පිහාටු , පුම්බලා, හොඳට රැල් බුරුල් ඇරලා,, මෙන්න මෙහෙම කිව්වහමයි:
And I say, hey yeah yeah, hey yeah yeah
I said hey,
what's going on?
Jul 31, 2016
සියා සහ බරකා
නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.
Sia කිව්වෙ Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.
දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග? සින්දුවෙ නම cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.
Sia කිව්වෙ Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.
දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග? සින්දුවෙ නම cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.
Subscribe to:
Posts (Atom)



