Jun 2, 2013

පක්ෂියා රජ කරවීම


කාලෙකට ඉස්සර ඉස්සර තිබ්බ SAF Games වලට අපේ කස්ටිය ලෝගො එකක් නිර්මාණය කරලා තිබ්බා. මේකෙ ඉන්නෙ වලි කුකුලෙක් -අපේ ජාතික පක්සියා. කුකුලා නං කාරියක් නෑ කියමුකො - ඔය මොකක්ද අහවල් එකක් ගුගල් කරලා කප් එක ඉස්සුවෙත් අපි නොවැ. ඇයි  වලි කුකුලා? අපි එහෙම වලි වලට යනවයැ, බොහොම සාමකාමී  ජාතියක් නොවැ? මං  නං  කියන්නෙ අපිට ගැලපෙන්නෙ බස්සෙක් - කියන, කියදේට "හූම්, හූම්" කිය, කිය, ගහන ගහන පදේට ඔලුව වන, වන ඉන්න කස්ටියට,  බස්සෙකුට වඩා ගැලපෙන ආදේශකයක් තවත් කොයින්ද?