Nov 29, 2013

ඤෑස් - NAS

ඤෑස්

කාලෙකට ඉස්සර එක ගම් පලාතක, කෑම රසයි කියල ප්‍රසිද්ධ හෝටලයක් තිබුණා. මේකෙ වඩාත්ම ප්‍රසිද්ධ , රසට හදපු සුප් එකකට කියල තමයි කතාවෙ කියවෙන්නෙ. කොහොමින් හරි, ඒ පැත්තෙ ගැවසුන බිලාල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවුනාය, හෝටලේ සුප් එක රස කලේ අහල පහල බලල්ලුය කියලා චෝදනා කරලා ,අහල පහල හෝටල් කාරයො ඔය කියන හෝටලේ, කැලෑ පත්තර ගහලා, වැස්සෙව්වලු.

Nov 12, 2013

බස්සෙක්, කෝපි කෝප්පයක් සහ සිංදු දෙකක්...

මේ ලඟදි දවසක , බස්සගෙ ඉන්දියන් අඹ යාළුව එව්වා සිංදුවක්.

ඊට කලින් යාළුවව හඳුන්වල දෙන්නම්කො. ඌ කොට මොඩල්. කොටා වුනාට මූ හිත හොඳ එකා. මේකාත් එක්ක යාළු කම පටන් ගත්තෙ කවදද, කොහොමද කියන්න මතක නෑ. මොන ඇන්නෑවකට මූ මගේ සීමිත මිත්‍ර සංගමයෙ යාව-ජීව සාමාජිකයක් උනාද මන්ද? එහෙමට කියන්න තරම් අපේ කිසිම සමානකමකුත් නෑ. ඒත් මේකා මගේ හොඳම යාළුවෙක්

Nov 6, 2013

පිල්ලෝ මල් කඩන කොට....


මාත් එක්ක වැඩ කරන පිල්ලෙක් හිටපු ගමන් අළුත් ෆෝන් කට්ටක් අරන් ආවා. මං දැම්මා බකුසු ඇහැ..

" ඇයි අර තිබිච්ච එකට මොකද වුනේ?"
" ආ මං එක ගැහැව්ව නෙව පොලොවෙ"
" හෑ, මොන ඇන්නෑවකටද බොල, අර යස අගේට තිබ්බ කිරි ටොයියට එහෙම කලේ?"
" ගෑණි ඇද්ද වලියක්. මං ඇදල ගත්තා , දමල ගැහැව්ව පොලේ"

Nov 2, 2013

ආෂික්..







ලස්සන සිංදුව....තියෙන්නෙ මෙන්න මෙහෙම තේරුමක් කියල තමා, මගේ ඉන්දියන් යාළුව කිව්වෙ:

අනේ, පනේ දැන් නං මට ඔයා නැතුව ඉන්න බෑ
හප්පුච්චියේ, මට මොනව වෙයිද ඔයා නැති උනොත්

ඔයාගෙන් මාව වෙන් කලොත්
මයෙ ආතල් (ආෂිකී) කුඩේ කුඩු තමයි.