Feb 5, 2017

හෝතම්බුවෙක්, ඔරලෝසුවක්, බස්සෙක් සහ බෝට්‍ටුවක්

බස්සාට වතුරෙන් අපලයි කියලා,බස්සාගෙ  පොඩි කාලෙ, බසු මෑණියෝ  උන්දැගෙ ජල ව්‍යාපෘති  වැඩි හරියක් කඩා කප්පල් කලා.  ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ. බස්සා පොඩි කාලෙ   වැටිලා නැති  නාන පොකුණක් අහල පහල තිබ්බෙ නෑ. ඒත් ඌ නෙමෙයි එව්වයෙන් සැලුනෙ.  අපලෙ ගෙවෙන්නත් එක්ක, බස්සා අසල්වාසී මානකොකෙක්ගෙන් ස්විමින් ටියුෂන් ගත්තා.   අපේ ගම තිබ්බෙ "නිව්ඩාව" කිට්‍ටුව. නම නිකන් පොෂ් වගේ වුනාට  අපේ ගම් පට්ට ඩොටේ.

මඟුලක් අහනවා, එහෙ කොහෙද ස්විමින් පූල්.?

පහල  වෙලේ  ඇල කාටත් පරවේණී
මට තනි නැත , උඹ නාඬන් උලලේනී