Apr 28, 2015

කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා

මේ වසන්තයක් හින්දා , මටත් වෙච්ච දෙයක්?

හරි, ඔහෙල සමහර විට මේ කතාව අහලත් ඇති, ඒත් මට බුදු සුවර් කියුරියස් බස්සගෙ කතාව නං අහල නැතිබව, මොකද ඒක දන්නෙ ටික දෙනයි නිසා.

ඕන්න එකෝමත් එක ගමක  හිටියලු කොල්ලෙක්. දැං ඉතිං අහන්න එපා කොයි ගමේද, ලංකාවෙද, නම මොකද්ද වගේ  පුරස්න? මේකාත් අර එළදෙන විකුණන්න ගිය ජැක් වගේ එකෙක්. කොහෙද ගෙදරක වැඩ කර කර ඉඳලා කිව්වලු ගමේ ගිහින් එන්න ඕනෙ කියලා. කොලුවගෙ වැඩ හොඳ හින්දා, හාම්පුතා පඩියත් දීලා, බෝනස් විදිහට කුකුළෙකුත් තෑගි දුන්නලු.

Apr 27, 2015

My Choice

වසන්ත වංචාව 2






හා, මචං 

Apr 18, 2015

එදත් පක්සියා, අදත් පක්සියා


මට කතන්දර ලියන්න බෑ කියල හොඳටම තේරුනට පස්සෙ,  අත්ත උඩට වෙලා  බුම්ම ගෙන ඉන්න කොට , ආව නෙව මයෙ අසල්වාසී බ‍ටු මීයා.

" මොකද බොල නිකං නයා මැරිච්ච අහිකුණ්ටිකයා වගේ ඉන්නෙ"

" නෑ බං , බලාපං අනිත් එවුන්  අර වසන්තෙද මොකද්ද එකට එකසිය ගාණට ලියනවා,  මාත් ඉතිං දන්න තාලෙන් මොනවා හරි ලියන්න හැදුවා, හරියන්නෙම නෑ නෙව?"

ඔය මී කස්ටිය හොඳ ලේඛකයො.  පොත් ලියන්න ඔස්තාර්ල. ලියනවා නිකං  මැල්ලුම් ගාණට.

Apr 16, 2015

හොට බිම ඇණිච්ච බස්සෙක් සහ චරිත දෙකක්


ඔය උඩ තියෙන වීඩියෝ එකේ ඉන්න හාදයගෙ පෙනුමට  කිට්‍ටුවෙන් යන  යාළුවෙක් මටත් හිටියා. හොඳට කැපිල පේන හාදයා. පෙනුම වගේම තමා එයාගෙ අනිත් සුදුසුකම් එහෙමත්. ඉංග්‍රිසි- සිංහල වතුර වගේ, මිනිහාත් කෙලින්ම ඇවිදින පුස්තකාලයක්.උන්දැ සෑහෙන්න ට්‍රයි කොලා, මටත් පෙර අපරදිග දාර්ශණිකයො ගැන කියාදෙන්න. කොහෙද, එයා දැනගෙන හිටියෙ නෑ බස්සොන්ට තියෙන්නෙ කොච්චර පොඩි මොලයක්ද කියන වග?  එව්වා නෙලුම් කොලේට වතුර වක්කරන්නැහෙ වුනා. ආ, ජීන් පෝල් සාත්‍රේ කියල හාදයෙකුයි, තව ඕෂෝ කියල කෙනෙකුයි ගැන කිව්වා කියලා මතකයි.  ඕෂෝව නං හම්බ උනා,  ආගම් නිකාය නායකයෙක් කියල තමා, තිබ්බෙ.මේ ඉන්නෙ ගොබිල :

Apr 12, 2015

කාන්තාරයේ රෝස කුසුම සහ කතන්දර කියන පූසා

කතන්දර කියන පූසා:

"ඉතිං ඊට පස්සෙ සියල්ලෝම සතුටින් ජීවත් වුනා" පොත වැහුව පූසා කිව්වා.

"අනේ පලයං  පූසො යන්න. උඹ හැමදාම කතන්දරේ කියන්නෙ බාගෙට. දැන් බලාපං, ඔය පොතේ පහෙන් එකක්වත් ඉවර නෑ, උඹ කඩේ වැහුව නෙව", මෙච්චර වෙලා කතාවට හූමිටි තිය, තිය හිටිය බලු තඩියා කිව්වා.

Apr 4, 2015

ගොයම් මැස්සෝ සහ සිත්තරපටි බස්සෝ

බොහොම කාලෙකට ඉස්සර කියවපු කතාවක් කෙටි මතක් වුනා. කතාවෙ නම නං මතක නෑ, මයෙ හිතේ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයා ලියපු කතාවක්ද කොහෙද:


Apr 3, 2015

නරි දඩයම

අර බ්ලොග් වසංගතයා ද මොකක්ද එකක් තියනවා නෙව? ඉතිං අපිත් මොකක් හරි වංචාවක් කරන්න එපෑ? 

මේක මේ කෙටි කතාවක්. 

http://wallpaperswa.com/thumbnails/detail/20120331/snow%20animals
%20fox%20jump%201920x1200%20wallpaper
_www.wallpaperhi.com_48.jpg