Aug 28, 2023

පට්ටි මානසිකත්වය - Herd mentality

 අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු. 

Aug 22, 2023

සොහොන්පල්ලාගේ මතක වස්තුව

එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.

Aug 10, 2023

බුබුලක ජීවත්වීම වරදක්ද?

Bubble life -cat style
ලෝකයේ සිටින සෑම කෙනෙකුම "බුබුලක්"  ඇත. එකම වෙනස වන්නේ එම බුබුලේ නිර්වචනය, ප්‍රමාණය සහ සංයුතියයි. සමහර අයගේ බුබුලු විශාලයි. සමහර ඒවා කුඩා ය. සමහර ඒවා අන් අයගේ බුබුලු වලට වඩා වෙනස් ය, සමහර ඒවා ඉතා ප්‍රාථමික ය. නමුත් අපි හැමෝම විටින්, විට මේ බුබුලු වල ජීවත් වන්නෙමු. මටද "බුබුලක්" දෙකක් ඇති නිසා,  මට අන් අයගේ "බුබුලු ජීවිත" ගැන අවුලක් නැත.