Dec 17, 2023

මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා

පසුබිමේ ඇති අහස සූරන උස් ගොඩනැගිලි පෙල එලි දක්වමින්,  ඈත සිතිජයෙන් ටෝ-නුවර හිරු නැග එන විට, මහලු මිනිසෙක් ඔහුගේ තුන්-වන මහලේ, මහල් නිවාස බැල්කනියට පැමිනේ. බැල්කනිය පුරාවට ඇති මිළ අධික , ඒත් සරුවට සහ ලස්සනට වැවුනු මල් පැල ගොන්න ඔහුගේ පැහැදිලි දසුනක් දැකීමේ අවස්ථාව මුවා කරයි.

මේ වඩා නො-උස් මහල් නිවාසය,හරිත වර්ණයෙන් හැඩවුන, බටහිර ටෝ-නුවර  ප්‍රදේශය පුරා පැතුරුනු, පහල මැද පන්ති මහල් නිවාස ගොන්නෙන් කිසිම විශේෂත්වයක් නැති, තවත් එක ගොඩනැගිල්ලක් පමණි. මේ හිමිදිරි පින්න වැටෙන සරත් සෘතු උදෑසන, පරිස්සමින් සහ උනන්දුවෙන් තමන්ගේ මල්-පැල වලට සාත්තු කරන මහලු මිනිසාද, එසේම මේ පරිසරයේ සාමාන්‍ය දසුනකි.

Dec 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා. 

Dec 13, 2023

මොබයිල් රෙප්‍යාර්කෙරේ

හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහින ලෙඩක් නෑ. අමතර බැස්ටියක් සුපියල් 15කට ගෙන්න ගෙන දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?

Dec 11, 2023

වින්ඩෝස් 11ට මල් මිටක්

මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්‍රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර්  සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා ,  බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.

මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.