Sep 23, 2015

ගිම්හානයේ ආ අමුත්තා


එදත් වෙනදා වගේම පට්ට රස්නෙ දවසක්. මං හිටියෙ රාත්‍රී වැඩමුරයට යන්න ලෑස්ති  වෙමින්. ගෙදර ඉන්න හෝතම්බුව , මට කතා කලා.

" බස්සො, උඹ දැන්නව නේද ටොලාව? අන්න බුවා, ආපහු ඇවිත්. මං හිතන්නෙ මිනිහට ඉන්න තැනක් නෑ"
"හෑ, ඉන්න තැනක් නෑ? එතකොට කොහෙද අද රෑ ඉන්නෙ?"
" මිනිහට මෙහෙ එන්නද අහන්න ඕනෙකම තියනවා. ඒත් කෙලින්ම මට කිව්වෙ නෑ. ඇහුවම කිව්වෙ, ඔ‍ෆිස් එකේ නිදාගන්නව කියලයි. මං ගිහින් තියනවා ඒකට. ඒක මේ  හුංඩුවක් වගේ තැනක්, පු‍ටුව උඩ දපා තියල ඇති, පව් වැඩේ"

" ඔන්න ඔහෙ එන්න කියපං, අපේ  එක්ස්ට්‍රා ඇඳ තියනවනෙ"


තිබ්බ ඔක්කොම සබ්බ සකලමනාවම පොඩි ට්‍රොලි බෑග් එකක දාගෙන ගිටාර් දෙකකුත්  කරේ දාගෙන, පහුවදා ටොලා අපේ ගෙදරට සැපත් වුනා. ඔහෙලා දැකලා තියනව නෙව කව්බෝයිලා, අර බුදියන පැදුරයි, පොරෝනයයි  රොල් කරලා අස්පයගෙ පස්සෙ බැඳගෙන යන්නෙ. නැහ්නම්, අර බයිකර්ලා, සියලු සබ්බ සකලමනාවම බයිසිමොටෝවෙ දාගෙන , ලෝකෙ පෙරලුනත් ගාණක් නෑ වගේ යන්නෙ. මට ටොලාව පෙනුනෙ , අන්න ඒ නූතන කව්බෝයි කෙනෙක්ගෙ සිරි ලංකන් වර්ශන් එක වගේ.

Sep 13, 2015

කො‍ටු පැනපු දස්කොන් සහ රට පැනපු සිමියොන්

http://www.tayafinchonline.com/media/blogs/visit-kandy-the-ancient-capital-of-sri-lanka--1492510980.jpg
අර කලින් පෝස්ට් එකේ  සිංදු කියපු ගෑල්ලමයා ගැන විස්තරේ  හොයා ගත්තා.එයා ඉන්නෙ නවසීලන්තයෙ, කන්නෙ චෙරි, බෙරි වෙන්ටෑ? කොහොමත් ඔය පිටරට හැදිච්ච අපේ ගෑල්ලමයි ගැන මයෙ පොඩි ගවුරවයක් තියනවා. දැං බලන්න මේ කෙලීට හරියට සිංහල කතාකරන්න බෑ, බොහෝ විට ජීවිතේම ගතකලේ නවසීලන්තෙ වෙන්ටෑ?ඒත් නියමෙට සිංහල සිංදු  කියනවා. කිසිම ඇක්සන්ට් එකක් නෑ, ඔරිජිනල් සිංහල. ඒකටත් එක්ක අපේ සමහර සක්කර වට්ටං?  උපන්දා ඉඳලා ලංකාවෙ හිටලත්, සිංහල "බේ."


Sep 7, 2015

මාතෘකාවක් නැත

http://i.imgur.com/7rdT2.jpg
කාගෙද conspiracy theory එකක් තියනවා, බ්ලොග් එකක ආයු කාලය අවුරුදු තුනයි කියලා.  මටත් හිතෙනවා මේක ඇත්තක් තියනවා කියලා. ඊට වඩා කල්  පවත්වාගෙන යන බ්ලොග් තියනවා තමයි, ඒත්  පහුවෙන කොට පැහැදිලිවම පේනවා , එව්වා අර " උපන්නාට මේ ලොව  වැනෙනවා විනා" ස්ටයිල් එකට යන්නෙ කියලා. දැං අපි බලමු, කවදාවත්ම මාතෘකා හිඟ නොවෙච්ච කකා. ඉස්සරහට  " වෙන්ඩ පෝස්ට්" සීයක් තියාගෙනම , ඔය යස අගේට මලේ.