Jun 2023 හිදී, බෙල්ජියම් සංචාරක සෙලීන් ක්‍රෙමර් (Céline Cremer), වයඹදිග ටැස්මේනියාවේ පිහිටි ෆිලෝසොෆර් ෆෝල්ස් (Philosopher Falls) මංපෙතේ ගමන් ආරම්භ කිරීමෙන් පසු අතුරුදහන් වූවාය. පැයක් ඇතුළත ආපසු පැමිණීමට තිබූ ඇගේ ගමන, වසර දෙකකට වැඩි අදටත් නොවිසිඳුන අභිරහසක්.
ටැස්මේනියන් වනාන්තර සෙල්ලමක් නං නෙමෙයි. මේ ඒ පැත්තෙ කලින් ගිය ජෝඩුවකගෙ කමෙන්ට් එකක්:
අපි බ්‍රිස්බේන්, බෲක්ෆීල්ඩ් වල තියෙන කැලෑ පාරක ඇවිදින්න ගියා. අපි මේ ඇවිදීම මීට කලිනුත් කරලා තියෙනවා, නමුත් මේ වතාවේ අනෙක් පැත්තෙන් පටන් ගන්න තීරණය කළා.අපිට තැනිතලා කොටසක් හම්බවෙද්දී මගේ මහත්තයාට හිතුණා ටිකක් දුවන්න, ඒ නිසා එයා ඉස්සරහට දිව්වා. පාර දෙකට බෙදෙන තැනට ආවම, මම එකපාරටම හිතුනා, එයා ගියේ ලොකු වනාන්තර ප්‍රදේශයකට යන වැරදි පාරෙ කියලා. ඒ තමයි මවුන්ට් නෙබෝ (Mount Nebo). මම කලබල වෙන්න පටන් ගත්තා, නමුත් එයා හරි පාරේ ගියා වෙන්න පුළුවන් කියලා හිතලා මම දිගටම ඇවිද්දා.
මොබයිල් සංඥා තිබුණේ නැහැ, වතුර බෝතල් තිබුණේ මගේ ළඟ, ඒවගේම එදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් වුණා. මම මුළු වටේම ඇවිදලා ඉවර වුණත් මගේ මහත්තයා පේන්න හිටියේ නැහැ. මම තවත් පැයක් බලාගෙන ඉඳලා ආයෙත් හොයන්න ගියා. සංඥාවක් හොයාගන්න මට පාරෙන් එළියට වාහනේ එලවගෙන යන්න සිද්ධ වුණා, ඒත් එයාටත් සංඥා තිබිලා නැහැ. පැය 2කට පස්සේ, එයාට සංඥාවක් ලැබිලා මට කිව්වා එයාට පාර වැරදිලා කියලා. එයා පාරක් දැකලා තිබුණා, නමුත් ආයෙත් කැලෑව ඇතුළට ගිහින් ආයෙත් අතරමං වෙලා.
මම එයාට කිව්වා ආපහු පාරට හැරිලා යන වාහනයකට අත දාලා නවත්වන්න කියලා. විශ්වාස කරන්න, අතරමං වෙලා කියලා දැනගත්තම බැටරිය ඉතුරු කරගන්නවා වෙනුවට, මේ බූරුවා එයා වෙලාව ගතකරන්න පොඩ්කාස්ට් එකකට ඇහුම්කන් දීලා. සුළු මොහොතකින් එයාගේ ෆෝන් එක මලා. දැන් අතුරුදහන් වෙලා පැය 5ක්, හොඳටම අඳුරු වෙන්නත් පටන් ගත්ත නිසා මම පොලීසියට කතා කළා. තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා.
ඒක මගේ ජීවිතේ විනාශකාරීම සහ දීර්ඝතම පැය 6 ක් වුණා. දැන් උන්දැට, වනාන්තරයක් ළඟටවත් යන්න තහනම්.
ජීවිතේ හැම දෙයක්ම රිස්ක් එකක්. පාරෙ යන එක වුනත් රිස්ක් එකක්. රිස්ක් එකක් නොගෙන අපට ජීවත් වෙන්න බැහැ. මමත් ඕන තරම් රිස්ක් අරගෙන හොම්බෙන් ගිය අවස්ථාත් තිබ්බා. මේ ලිපියේ අදහස තරුණ කාලෙ අතපය හකුලාගෙන ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. අවස්ථාව අවතක්සේරු කරන්නෙ නැතුව, පොඩියට හරි රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්න කියන එකයි කියන්න ඕනෙ වුනේ.
ReplyDeleteGPS, සෙල් පෝන්, සැටලයිට් SOS අද දවසෙ වුනත් කෙනෙක් අතුරුදහන් වෙන්න හැකියාව තියනවා. මං මුලා වෙලා පැනික් වුනාම, ලොජිකල් තීරණ ගන්න තියන හැකියාව නැති වෙනවා. ස'වයිවල් ස්කිල් නැත්නම්, ඕනම කරන අඩුම-කුඩුම නැතුව මෙහෙම ගමන් යෑම "ඩෙත් විෂ්" එකක් නෙමෙයිද? කියන සැකය මට තියනවා.
සෙලීන් කාරය ටැස්මේනියන් ඩෙවිල් කෙනෙක් බැඳගෙන ඔය ආතල් එකේ ඉන්නව කියන්නෙ.
ReplyDeleteබෙයා ග්‍රිල්ස් ගෙ වීඩියෝ බලපු එකක්නං னයෙක් මරාගෙන කාල හරි ජීවිතේ ගැටගහගනී ඉඳගෙන.
//තවත් පැයකට පස්සේ, එයා ශිෂ්‍ය හෙදියන් දෙදෙනෙක්ගේ කාර් එකකින් ආවා//
ReplyDeleteඑහෙම වෙලත් ඒ බූරුව අතුරුදන් උනේ (කළේ) නැත එක පුදුමයි.