Sep 23, 2015

ගිම්හානයේ ආ අමුත්තා


එදත් වෙනදා වගේම පට්ට රස්නෙ දවසක්. මං හිටියෙ රාත්‍රී වැඩමුරයට යන්න ලෑස්ති  වෙමින්. ගෙදර ඉන්න හෝතම්බුව , මට කතා කලා.

" බස්සො, උඹ දැන්නව නේද ටොලාව? අන්න බුවා, ආපහු ඇවිත්. මං හිතන්නෙ මිනිහට ඉන්න තැනක් නෑ"
"හෑ, ඉන්න තැනක් නෑ? එතකොට කොහෙද අද රෑ ඉන්නෙ?"
" මිනිහට මෙහෙ එන්නද අහන්න ඕනෙකම තියනවා. ඒත් කෙලින්ම මට කිව්වෙ නෑ. ඇහුවම කිව්වෙ, ඔ‍ෆිස් එකේ නිදාගන්නව කියලයි. මං ගිහින් තියනවා ඒකට. ඒක මේ  හුංඩුවක් වගේ තැනක්, පු‍ටුව උඩ දපා තියල ඇති, පව් වැඩේ"

" ඔන්න ඔහෙ එන්න කියපං, අපේ  එක්ස්ට්‍රා ඇඳ තියනවනෙ"


තිබ්බ ඔක්කොම සබ්බ සකලමනාවම පොඩි ට්‍රොලි බෑග් එකක දාගෙන ගිටාර් දෙකකුත්  කරේ දාගෙන, පහුවදා ටොලා අපේ ගෙදරට සැපත් වුනා. ඔහෙලා දැකලා තියනව නෙව කව්බෝයිලා, අර බුදියන පැදුරයි, පොරෝනයයි  රොල් කරලා අස්පයගෙ පස්සෙ බැඳගෙන යන්නෙ. නැහ්නම්, අර බයිකර්ලා, සියලු සබ්බ සකලමනාවම බයිසිමොටෝවෙ දාගෙන , ලෝකෙ පෙරලුනත් ගාණක් නෑ වගේ යන්නෙ. මට ටොලාව පෙනුනෙ , අන්න ඒ නූතන කව්බෝයි කෙනෙක්ගෙ සිරි ලංකන් වර්ශන් එක වගේ.

ටොලා , හෝතම්බුවගෙ යාළුවෙක්.මං මිනිහව  කීපවිටක් මුණගැහිලා තිබුණත්  කලින් එච්චර  දැණහැඳුනුම්කමක් තිබ්බෙ නෑ.සාධාරණ, හිතහොඳ මනුස්පයා.මිනිහා හොඳ විනෝදකාමියා, සංගීතකාරයා. පිලිවෙලකට ඇන්දා, කව්බෝයි හැට් එකක් නූනත්  අමුතු තොප්පියකුත් දැම්මා . බොනවා, ඒත් බේබද්දෙක් නෙමෙයි. 

ගෙදරදි බිව්වට වාත වෙන්නෙ නෑ.  පදම වැඩි වුනාම, හෝතම්බුවාව ඇදගෙන යනවා බිලියඩ් ගහන්න, ඒකට කිව්වෙ " බෝල තල්ලුකරනව" කියලයි. සමහරදාට හෝතම්බුව කම්ප්ලේන් කරනවා :

" මූත් එක්ක බෑ බං. පබ් එකේදි ආයෙ බියර් ගැහැව්වා. ඒ කරලා, මූ යනවා සුද්දොන්ට බිලියඩ් ගහන හැටි කියාදෙන්න" :)

ටොලාගෙ මේ ‍ෆ්‍රී බර්ඩ්  ලයිෆ් ඉස්ටැයිල් එක මං වගේම, පුම්බාත් අනුමත කලේ නෑ. ආ , පුම්බා කියන්නෙත් හෝතම්බුවා මාර්ගයෙන් අඳුන ගත්ත තව මිතුරෙක්. පුම්බා අපි වගේ හිතන කෙනෙක්. ලංකාවෙදි සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ ‍රැකියාවක් කරපු කෙනෙක්.

වයස විසිගණන් වල මෙහෙට ආපු ටොලා, යාන්ත්‍රික විද්‍යාව හදාරපු කෙනෙක්. නවසිය බරගණන්වල, මෙහෙ ‍රැකියාවල් අඩගහල දෙන කාලෙ ,හොද ‍රැකියාවක් ලැබුණත්, සේවා මුර කරන්න බෑ කියලා එව්ව අත්හැරලා. ඒත් තමන්ගෙම ව්‍යාපාර කරල හොඳට හම්බ කරල තියනවා. තමන්ගෙම ගෙවල් දෙකක්, ඒ තියා අර්ධ සුඛෝපභෝගී යොට් එකක් පවා තිබිල තියනවා. එව්වා ඔක්කොම නැති කරගෙන, ඒත්  මේකාට ඒව්වයෙ වගක්වත් නෑ, ඔය ඉන්නෙ යස අගේට :)

ටොලාගෙ  වීක්නස් එක තමා ගෑණු.ලෝකෙ ඉන්න ඔක්කොම ජාති වල, විවිධ වයස් වල ගෑණු යාළුවො ඉන්නවා, කලු කෙල්ලොත්  එක්කම. දවසක්, වෙන රාජකාරියකට එක්කගෙන ආවා යාළුවෙක්. නමේ හැටියට ජා, නැත්නම් මැලේ. තරුණවිය ඉක්ම යමින් තිබුණත්, පෙර රූ සිරියෙ නටබුන් අඩු නැතුව තිබුණා. කතව අතරෙදි , කියවුනා, එයත් ටොලාගෙ යොට් එකේ පාටිවලට සහභාගි වෙච්ච බව :)

පුම්බා නං කියන්නෙ, ටොලාව නැතිකලේ ගෑණු කියලා. " ටොලා, ෆන් අරගෙන වැඩියි" එහෙමයි, පුම්බා කියන්නෙ. ටොලා නෙමෙයි ඒ විවේචන සත පහකට ගණන් ගන්නෙ:)

By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher

මෙහෙම කියල තියෙන්නෙ සොක්‍රටීස්. මං හිතන්නෙ ටොලාට ඕනෙ වෙලා තියෙන්නෙ දාර්ශනිකයෙක් වෙන්න. බාගදා, හතර සැරයක්ම බැඳල තියෙන්නෙ ඒ නිසා වෙන්ටෑ?

ටොලා " ලිවින් ෆෝ ද ඩේ" ක්‍රමවේදය ප්‍රමෝට් කලා. නැති කරගත්ත දේ ගැනවත්, ගතකල ජීවිතේ ගැන වත් අබමල් රේනුවක පසුතැවිල්ලක් තිබ්බෙ නෑ.ඒත්, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනක් ලෙස, ඔහුට සාමාන්‍ය ආදායමක් තිබ්බා.

ඇත්තටම Epicurus කියල තියෙන්නෙත් මෙයට සමාන දෙයක

Epicurus notes that it is essential to eliminate all pointless fears, starting with the two biggest: fear of the gods, and fear of death.  

Once these two great metaphysical anxieties have been rejected, Epicurus analyses the question of the  pleasure that enables us to reach happiness. He starts by noting that our unhappiness results essentially from our permanent dissatisfaction. Then, he makes a first distinction between three sorts of desire: natural and necessary desires (eating, drinking, dressing, having a roof over our heads …); natural and non-necessary desires (fine cooking, beautiful clothes, a comfortable home …); non-natural and non-necessary desires (power, honors, great luxury …). He explains that we need to satisfy only the first group in order to be happy; the second group can be sought, even if it would be better to renounce them; as for the third group, they need to be avoided.

- Happiness :Frédéric Lenoir



,In the Garden of Pleasures, with Aristotle and Epicurus

කෙටියෙන් කිව්වොත්, "Life is short, so make sure  you enjoy it , while you can" කියපු Epicurus  
දාර්ශණියෙක් නම්,  ජීවිතේ හොඳට රස විඳපු , ඒ ගැන පසු නොතැවෙන ටොලාගෙ ලයිෆ් ඉස්ටැයිල් එකත් දර්ශණයක්.ප්‍රශ්ණෙ තියෙන්නෙ ජීවිතකාලයක් සිරි ලාංකික "හොඳ පුරුදු" ප්‍රගුණ කරපු මටවත්, පුම්බාටවත් ඒක දිරවගන්න බැරි එකයි. මං කොහේද දැක්කා . හුස්මක් කටක් නොගෙන දැන් වැඩ කරලා, රිටයර් වෙලා ෆන් ගන්න හදනකොට, පරක්කු වැඩියි, බෝට්‍ටුව ගිහිල්ලා තියෙයි කියලා :)

ටොලා උග්‍ර රාජපක්ෂ පාක්ෂිකයෙක්. ටොලා, පුම්බා එක්ක ගැටෙන්න එක හේතුවක් ඒක. දෙන්නා ගෙ දේශපාලන විවාද, අපට නොමඳ විනෝදය ගෙන දුන්නා. පහුගිය ටිකේ , මාත් අසාමාන්‍ය ලෙස, සති අන්ත සාද වලදි, කරටි කැඩෙන්න බිව්වා. ටොලාගෙ පැරණි රසාංග - පරණ කතා සහ සිංදු අහන එක එච්චරටම නැගලා ගියා.  "Guitar is a life saver" අදටත්, මිනිහගෙ දුක සැප බෙදා ගන්න සංගීතය ගැන ටොලා කිව්වෙ එහෙමයි. 

ඔව්වා ඇහෙන කොට පුම්බට තද වෙනවා :). ටොලා කැමති සිංදුවක් තමා " සුරංගනා කතා තවත් නොකියනු මැන මට" කියන එක. පුබ්බා නිතරම ඇනුම්පදයකට ඇදලා ගත්තෙ ඒක.

ගිය සඳුදා ටොලා ගියා.දැන් උදේ පාන්දර ගෙයි දොර අරිනකොට කෝපි සුවඳ දැනෙන්නෙ නෑ. බැන්ජො ගිටාර් එකේ සෞම්‍ය සංගීතය ඇහෙන්නෙත් නෑ,මට දවස් දෙකක් විතර ගියා , පුරුදු ට්‍රැක් එකට එන්න.මං සැලුනෙ, හුස්මක් කටක් ගන්නෙ නැතුව එකසිය ගාණට , පුළුවන් කාලෙ වැඩ කරලා, "වැස්ස" කාළෙට ගන්න යමක් ඉතුරු කරගන්න ඕනෙ කියන බස්සාගෙ " කුහුඹු" තියරි එකේ බවුන්ඩේසමටම, ටොලා නැමති තණකොළ පෙත්තා කෙලිය නිසාද,  නැත්නම් මට ටොලා තුලින් මගේම  අනාගත ප්‍රතිරූපය පෙනුන නිසාද කියලා අදටත් මට පැහැදිලි නෑ.

 හිටිය ටික දවසට , ටොලා  මගේ  ජීවන ගමනේ  සලකුණක් තියලා ගියා කියල නං හිතෙනවා.

ටොලාගෙ පැරණි රසාංගයක්:

:



29 comments:

  1. “Hakuna Matata!
    What a wonderful phrase”
    “Hakuna Matata!
    Ain't no passing craze”
    “It means no worries
    For the rest of your days”
    “It's our problem-free
    Philosophy”
    “Hakuna Matata!”


    - Timon and Pumbaa

    ReplyDelete
  2. //ටොලාගෙ වීක්නස් එක තමා ගෑණු// බස්සා මීන් කරන්නේ ටැලන්ට් එක නේද?

    මට මේ කතාවේ ආතල්ම මොකද්ද දන්නවද "ලිවින් ෆෝ ද ඩේ" ක්‍රමවේදය ප්‍රමෝට් කරපු ටොලා ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් වීම... ඒක නම් පට්ට සාකෑස්ටික්...

    ReplyDelete
    Replies
    1. අපොයි , එක කිව්ව නං , ටොලා ඒකටත් වග උත්තර බඳීවි"I don't mix business with pleasure" කියලා :)

      Delete
  3. "Guitar is a life saver" very true Mr.DGMB , no such a friend who cares you and your mind in any situation.

    බස්සගේ තියරිය මොකක් වුනත් ටොලාගේ තියරිය තමා හරි, මොකද අපිට සිද්ධවෙන දේවල් ගැන උද්දාම වෙන්නවත් ,දුක් වෙන්නවත් ගියොත් ජීවත් වෙන්න අමතක් වෙනවා . වුනු දේවල් වෙලා ඉවරයි , වෙන්න තියෙන දේවල් වෙයි. ඒ ගැන නොහිතා සතුටින් ජීවත් වීම තමා හොඳම දේ, නැත්තම් වෙන්න හැමදාම ජීවත් වෙන්න ලැස්ති වෙනවා හැබැයි මැරෙනකම්ම ජීවත් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ජීවිතේ ගැන දැක්කෙ ටනල් විෂන් එකක්ද කියලා දැං හිතෙනවා , ඉවාන්. ඒත් ඒ කියලා , ඒ කියලා මයෙ රටාව වෙනස් කරන්න අමාරුයි, කරන්න තියෙන්නෙ , තියෙන දේ ගැන සතුටින් ඉන්න බලන්න විතරයි

      Delete
  4. Replies
    1. ස්තූතියි, කුරු‍ටු ලමයි

      Delete
  5. හුස්මක් කටක් නොගෙන වැඩ පමණක් කිරීමත් ආන්තිකයි, වැඩ නොකර ආතල් පමණක්ම ගැනීමත් ආන්තිකයි... ඔය ටික තේරුම් ගන්ට බටහිර දාර්ශනිකයො පස්සෙ දුවාන්ට ඕන නෑ නෙවැ බස්සො... ඊට වඩා හොඳ දාර්ශනිකයෙක් අපට කියලා දීලා තියෙනවා නෙවැ 'මැදුම් පිළිවෙත' කියලා දර්ශනයක් ගැන... :-)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නෙ.. බ්ලොග් එපාමයි, වෙන වැඩ කර ගන්න විදිහක් නෑයි කියලා ආන්තික වෙන්නේ නැතුව, බ්ලොග් ටිකකුත් කියවලා වෙන වැඩත් කරගෙන ඉන්න එපැ‍යි... :)

      Delete
    2. @ බුරා

      මැදුම් පිළිවෙත කිව්වෙ? ඒක අර නොබැඳි සමුළුව වගෙ එකක්ද, අපෙ හාංදුන්නේ? :)

      මං බොහොම අගේ කරන සංකල්පයක්. අපි හැමෝම හිතාගෙන ඉන්නවා, අපේ පිලිවෙත තමා මැදුම් පිලිවෙත කියලා. ඒත් හැම දෙයක්ම සාපේක්ෂයි නෙව?

      @ තිසර

      හා, හා ඔව්වා කියන්න ගිහින් බුරන්නාන්සෙගෙ ආතතිය තමා වැඩිවෙන්නෙ

      Delete
    3. @ තිසර,

      ඒක නෙවෙන්නං මේ ආයෙමත් එහෙන් මෙහෙන් කමෙන්ට් එකක් දෙකක් කොටන්නෙ.. :-P

      බොලා දන්නවය, මම ගිය සතියට පොත් පහක් කියෝලා අහවර කලා..

      Delete
    4. හහ්, පොත් පහක්ම කම්මුතු කොලා? අර නන්නත්තාර වෙච්ච බ්ලොග් කියවන්නන් ගැනත් පොඩ්ඩක් සලකා බැලුවොත් නේද හොඳ:)

      Delete
    5. කියමු බලන්'ට' පොත පහ...

      Delete
    6. 1. 2 States - Chetan Bhagat
      2. Half Girlfriend - CB
      3. Five Point Someone - CB
      4. Dracula - Bram Stoker
      5. ලස්සන ඇස් - කරුනාසේන ජයලත්

      Delete
    7. 2 States - CBගෙ මුලින්ම කියවපු පොත, එකෙන්තමා එයැයිගෙ කතාවලට වහ වැ‍ටුනෙ

      Half Girlfriend - කැමතිම පොත

      Five Point Someone - කියවා නැත, 3 idiots එහෙන් මෙහෙන් බැලුවෙමි

      One night @ a call center - අමූලික, තිත්ත ක‍ටුක ඇත්ත.

      Dracula - A timeless classic

      ලස්සන ඇස් - කියවන්න ඇති

      Delete

    8. 2 States-කියෙව්වා

      Half Girlfriend-කියෙව්වා

      Five Point Someone -කියවමින් ඉන්නවා

      One night @ a call center-කියවලා නෑ

      Dracula-කොච්චර කියෙව්වත්ඉවරයක් නෑ.

      ලස්සන ඇස්-කියවන්නේ නෑ. බලාගෙන ඉන්නවා...:P

      Delete
    9. CB ගෙ පොත් ටික (6 of them) කියෙවුවට පස්සෙ මෙන්න මට හිතුන දේවල්..

      1. කතා ඔක්කොම ඒකාකාරීය
      2. IIT එකත් job එකත් හැරුනු විට CB ට ජීවිතයේ වෙනත් අත්දැකීම් හිඟය

      Delete
    10. හෑ, පොත් හයම කියෙව්වද? ඒකට නං සම්මානයක් දෙන්න වටිනවා :)

      අංක 2 සමඟ බොහෝ දුරට එකඟයි. මා, පොත් 2.5 පමණක් කියවීම ගැන සතු‍ටු වෙමි

      Delete
    11. CB ගෙ මම කියවලා තියෙන්නේ Night at call centre විතරයි, තව එකක බාගයක් කියෙව්වා. දැන් රවියා ලියාගෙන යන එක කියවනවා... ඒක නෙමේ බුරා මම අයිස්-ෆයර් කතාවේ පොත 5ම කියවලා උඩබලාගෙන ඉන්නවා.... ඊළඟ Winds of WInter එන දවසක් ගැන කතාවක්වත් තියේද?

      Delete
    12. jump on the bandwagon buddy!

      ලෝකෙ පුරා තව මිලියන ගානක් ඔහොම උඩ බලන් ඉන්නවා තිසර.. WoW පේන තෙක් මානෙක වත් නෑ.. What to Do? :-(

      Delete
  6. "නැව ගිලුනත් බෑන්ඩ් චුන්" තියරිය කියන්නේ ඔය ටොලාගෙ වර්ගයේ එව්වාට වෙන්ට ඇති.හැබැයි "ටොලා"වගේ පවුල් බැඳීම් වලින් වියුක්ත පොරකට මිසක් පවුලක්,පන්සලක් නඩත්තු කරන බුවෙක්ට ඔය විදියෙන් ජිවත් වෙන්ට අපහසු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ආසියාතික සමාජයෙ බෑ.

      මං තැනක දැක්කා අපූරු කමෙන්ට් එකක්. ඒකෙ තිබුනෙ මෙහෙමයි:

      අපේ රටේ , විශ්‍රාමික ප්ලෑන හරිම සරලයි - "දවසෙම ලමයිගෙ ලමයි බලාගන්නවා . සති අන්තෙ පන්සල් යනවා" කියල.
      ඔය පිං කරනවා කියන්නෙත්, ඊළඟ ආත්මෙට කරන ඉන්වෙස්ට්මන්ට් එකක් නේද?

      ආසියාතික නොවන සමාජයක , ඔය රටාව පොඩ්ඩිත්තක් ඉතර වෙනස් වෙනවා. දෙමාපියන්ට , දැරුවන්ගෙ බර තියෙන්නෙ පාසැල් අධ්‍යාපනය ඉවරකරන තෙක් පමණයි. ඊට පස්සෙ, කොලේජ් යනවද? යුනි යනවද? ලිවින් ‍ටුගැදර් කරන්න යන්වද? කියන එක ලමයිගෙ වැඩක්. වැඩිදුර ඉගෙන ගන්නවා නම්, රජයෙන් ශිෂ්‍ය ණයක් ගන්න එකක්, ඒක ගෙවන එකත් ලමයිගෙ වගකීම.

      දෙමාපිය-දරු , වගකීම් වගේම බැඳිම්/ සබඳතාත් අඩුයි. ආරේ ගුණ නෑරේ කිව්වැහේ, ආසියාතික දෙමව්පියොන්ට පුරුදු රටාවෙන් මිදෙන්න අමාරු නිසා නං, නැති ප්‍රශ්ණ ඇති කර ගන්නවා .

      Delete
  7. මරු චරිතයක්. පුදුමයි රාජපක්ශ වාදියෙක් වුනා.

    ReplyDelete
    Replies
    1. ටොලා උපන්ගම දකුණෙ, ගමේ කමට ඇදිල්ල.

      ටොලා කොහොමත් ඔය වගෙ ඉල ඇදෙන කතා කියනවා:

      " බස්සො, අපිත් හොඳ ගොවියො තමයි"
      " අම්මපා, මං දැනන් හිටෙයෙ නෑනෙ? මොනවද, ගොඩ ගොවිතැන්ද, මඩ ගොවිතැන්ද?"
      " අපිට කුඹුරු තිබුනා, අඳේට දීලයි තිබුනෙ. හැබැයි, මං නං කුඹුරකටවත් බැහැල නෑ"

      "^%$#@??#***??"

      Delete
  8. සොක්‍රටීස්ගේ කතාව ඇත්ත. බඳින්ටම ඕනි නෑ. කෙල්ලෝ හත් අටදෙනෙක් අමාරුවේ දැම්මට පස්සේ කොල්ලෝ දාර්ශනිකයෝ වෙනවා. :D

    //ගිය සඳුදා ටොලා ගියා.දැන් උදේ පාන්දර ගෙයි දොර අරිනකොට කෝපි සුවඳ දැනෙන්නෙ නෑ. බැන්ජො ගිටාර් එකේ සෞම්‍ය සංගීතය ඇහෙන්නෙත් නෑ,මට දවස් දෙකක් විතර ගියා , පුරුදු ට්‍රැක් එකට එන්න.//

    කෙල්ලෙක් එහෙම ඉඳලා ගියොත් කොහොම වෙයිද?:P

    ReplyDelete
    Replies
    1. //...කෙල්ලෝ හත් අටදෙනෙක් අමාරුවේ දැම්මට පස්සේ ...//

      හහ්, අමාරුවෙ වැටිච්ච අහිංසක කොල්ලො ගැන අහලම නැද්ද? :)

      //කෙල්ලෙක් එහෙම ඉඳලා ගියොත් කොහොම වෙයිද?//

      ආයෙ වෙන කොහොම වෙන්නද? වැහැල පෑව්වා වගේ කියල හිතෙයි :)

      Delete
  9. අපේ යාළුවෙක් ඉන්නවා රංග කියලා. පොරත් ටිකක් විතර ඔය වගේ. උගෙ බෑග් එකේ තියෙන්නෙ පොඩි ලෑන්ඩ් සේල් බැනර් කෑල්ලකුයි ටූත් බ්‍රෂ් එකයි විතරයි. අර බැනර් කෑල්ල ඇඳං නානවා. පස්සෙ ඒක මිරිකලා අරං පිහදාගනනවා. ඒක ඇඳගෙන ඇඳුං මාරු කරගන්නවා. පස්සෙ වේලුනාම බිම එළාගෙන වකුටු වෙලා නිදාගන්නවා...

    ReplyDelete
    Replies
    1. යකඩෝ! ටොලා මොකාද, මේකා නොවැ නියම බුවා ? :)

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code