Aug 28, 2011

බොම්බයි මොටයි

බොම්බයි මොටයි කියන්නෙ බස්සා පැටියා කාලේ, හරිම ආස කරපු කෑමක්. පොඩි සීනුවක් ගගහා" බොම්බා...යි, මොටා...යි" කිය කිය , ඉඳලා හිටලා ගමට ආපු බොම්බයි මොටයි කාරයා පස්සෙ බකුසු පැටියා පන්නගෙන යනවා දැක්කොත්, අපේ බලු නකුටත් සපෝට් එකට පස්සෙන් දුවගෙන එනවා. ඉතිං අර අසරණ වෙළෙන්දාත් දුවනවා, ඇයි එයා දන්නවයි, මේ නෝන්ජල් බල්ලා කාවත් නොහපන විත්තිය.ඉතිං එදාට බස්සටයි, බල්ලටයි දෙන්නටම හුලං. ඒ වුනත්, බොම්බයි මොටයි ගත්තදාට අර මෝඩ බලු නකුටටත් පංගුව ලැබුනා.. හප්පා, එව්වයෙ රහ.



බොම්බයි මොටයි කියන්නෙ, Candy Floss,Cotton Candy නැත්නම් කැන්ගරුවන්ගෙ Fairy Floss නෙමෙයි. බස්සා රටගිය වෙලේ හිටංම බොම්බයි මොටයි හෙව්වා. මේක ඉන්දියන් රස කැවිල්ලක් බව අනුමාන කරපු බස්ස, එයාලගෙනුත් ඇහැව්වා, ඒත් උන්දලා දන්න බොම්බයි මොටෙක් නෑ. හොයන්නාට සම්බවේ කියනවනෙ, අන්තිමට බොම්බයි මොටාව හම්බ උනා. එයා නම වෙනස් කරලා, වෙස් වලාගෙන උන්නෙ. හුහ්, අපි අහුවෙයි ඕවට. මෙහෙදි එයාගෙ නම Soan Papdi . Sohan papdi නැත්නම් Soam papdi හරි Sohan halva/Patisa කියලත් කියනවා.


මෙන්න බස්සා හොයා ගත්ත බොම්බයි-මොටයි සිංදුව. එයාගෙ හින්දි ටිකාක් මලකඩ කාල නං තමා. ඒත් ඕං ඔහෙලා වෙනුවෙන් දන්න විදිහට පරිවර්තනය කලා:


මං බොම්බයි මොටාව, දිල්ලියත් හෙව්වා,
පූනාත් බැලුවා,
අන්තිමට පට්නා ත් ගියා.
ඔයා එහෙත් නෑ,


අනේ , ඔය හින්දියෙන් ලව් කරන කස්ටියවත් මේකෙ තේරුම දාන්ට. ඉතුරු ටික නං අලද, ගෝවද කියලවත් තේරෙන්නෙ නෑ,  සිංදුවත් ලස්සනයි, කතාවත්ලස්සනයි. පුහ්, බලාන්ටකො එයාගෙ නැ‍ටුම. නම වව්ලා. වව්ලා මොකද, බස්සා මොකද, දෙන්නම පක්ෂියො නොවැ.

            



Aug 23, 2011

My Baby Shot Me Down


In the course of my life, I have often had to eat my words, and I must confess that I have always found it a wholesome diet.
-
Winston Churchill-

There is a thin line that separates laughter and pain, comedy and tragedy, humor and hurt.
-Erma Bombeck-



          

Aug 21, 2011

කව්ද බොලේ මේ ඇලිස්!


මේක මමත් නිතර පාවිච්චි කරපු වචන සැට් එකක් තමයි. ඔහෙලට බොරු කියන්නෙ මොකටෑ, තාමත් පාවිච්චි වෙනවා, හෙහ්..හෙහ්..


දැං බලාන්ට, ඕං බස්සා උගේ පාඩුවේ ඉන්නව කියලා. ඕං හිටි අඩියෙම ඔතෙන්ට කඩා පාත් වෙනවා ඇහැට කණට පේන ගෑණු සතෙක්, හුටා නේද? ඉතිං මොකක්ද ඉස්සෙල්ලම පහලවෙන සිතිවිල්ල. වෙන මොකක්ද,දැම්මා රබර් ඇහැ, ඉතිං "කව්ද බොලේ මේ ඇලිස්!" තමා.


ඕං ඔය නිසා මං මේ කියමනේ සුල මුල හොය හොය හිටියෙ, අපේ කකුල් දෙකේ මකරා දාලා තිබ්බ කොමෙන්‍ටුවක් දිගේ ගිහින් තමා ඔරිජිනල් එක හොයා ගත්තෙ.



Sally called when she got the word,
And she said: "I suppose you've heard - About Alice".
When I rushed to the window,And I looked outside,
And I could hardly believe my eyes -
As a big limousine rolled up Into Alice's drive... 


Twenty-four years just waiting for a chance,
To tell her how I feel, and maybe get a second glance,
Now I gotta get used to not living next door to Alice...

And Sally called back and asked how I felt,
And she said: "I know how to help - Get over Alice".
She said: "Now Alice is gone, But I'm still here,
You know I've been waiting For twenty-four years..."
And the big limousine disappeared... 

ඔහෙලට කියන්ට, ඔය ඇලිස්ලා නං මේ එනවා , මේ යනවා, එච්චරයි. හැබැයි ගොයියෝ, ඔය අතර ඉන්නවා එක ඇලිස් කෙනෙක්, උන්දැ තමා "ද ඇලිස්", මං මේ තාමත් හොයනවා.සමහර විට එයා "සැලී" වෙන්ට ඇති.

අපි හැමෝම "ඇලිස්" ව හොයනවා. සමහර විට අපි, නොදන්නව උනාට , මේ ලඟටම වෙලා " පුරු,පුරු" කියකිය ඉන්න සැලී, ඒ ඇලිස් වෙන්ට බැරිත් නෑනෙ. හා නැත්ද මං කියන්නෙ. තියෙන්නෙ අර තඩි බකුසු ඇස් දෙක හොඳට ඇරලා බලන්ට විතරක් වෙන්ටත් බැරි නෑනෙ.
 
ආන්න එදාට අර තඩි ලිමොසීන් එක අන්තරස්දාන වෙයි.. 




                    

ප.ලි:
අර මොකක් හරි හොඳ දෙයක් කරන්න ගිහිල්ලා, ඒකට බැනුම් අහන එකට කියන්නෙ "වඳින්න ගිය දේවාලෙ ඔලුවට කඩා වැටෙනව " කියලා නේද? ආන්න ඒක තමා ආයිබෝං මේ මටත් වුනේ, මේ.. ඔහෙලටත් එහෙම වෙලා තියනවද? මං තාම සුං බුං වලට යට වෙච්චි ගමන්..පොඩි උදව්වක්..   

Aug 12, 2011

Summer Wine

ටික කාලෙකට ඉස්සර කාන්තාරයක් කිට්‍ටුවදි බස්සට ඉහින් කනින් දාඩිය පෙරා ගත්ත සුද්දෙක් හම්බ උනා. හිනා වෙවී ඉන්න බස්සව දැකලා, තද වෙච්චි සුද්දා " ඈ බොල , උඹලට දාඩිය කියල ජාතියක් දාන්නෙ නැත්ද? මං -50c උශ්ණත්වය තියෙන තැන්වලත් ඉඳලා තියනවා, ඒත් හොඳට උනුසුම් ඇඳුම් ඇන්දාම ඒක හොඳා, මේ උලව් රස්නෙට වැඩිය" කියලා කිව්වා. මට ඔය කතාව ඒ දවස් වල හරියට තේරුනේ නෑනෙ, ඕං දැං නං යස අගේට තේරෙනව :)))

දැං මෙහේට ගිම්හානය. කණ පැලෙන්න රස්නෙ අප්පා. ඝර්ම කලාපීය පක්ෂියෙක් වෙච්චි බස්සා ඉස්සර කලේ සීත කාලෙට බනින එකයි. දැං නං හීනෙනුත් හිම පේනවා.සීත කාලෙට පොරෝගෙන කුම්බකර්ණයා වගේ බුදිය ගත්ත හැටි තාමත් මැවිලා පේනවා. හුහ්, මට හේම ඔය "ගිම්හාන " කියලා නමක් දාලා තිබ්බ නං දනී, මං කරන දේ...

හා දැං බොන එක ගැන කතා කරමුකො. ඔය වයින් තියනවා නේද? සීත කාලෙට ඕකට ඔය කුළුබඩු දාලා උණු කරලා " හොට් වයින්" ඇදලා ඇරියෑකි. ගිම්හානෙටත්, පලතුරු දාලා සීත කරලා ඇදලා ඇරියෑකි නෙව..හෙහ්..හෙහ්..

මේ කියන්නෙත් එහෙම"චෙරිස්, බෙරීස්" දාලා හදපු වයින් එකක් ගැනයි. පේන විදිහට මේක හදලා තියෙන්නෙ මන්තර කාරියක්, බස්සෙකුට මේක පොවලා, උම්මා දීලා  උගේ "මේව්වා එක" හොරකං කරගෙන යන්ට..



Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
 

My eyes grew heavy and my lips they could not speak
I tried to get up but I couldn't find my feet
She reassured me with an unfamilliar line
And then she gave to me more summer wine
 

When I woke up the sun was shining in my eyes
My silver spurs were gone my head felt twice its size
She took my silver spurs a dollar and a dime
And left me cravin' for more summer w
ine 

              

Aug 9, 2011

My Sassy Girl

ඔයාල දෛවය කියලා එකක් තියනවා කියලා විස්වාස කරනවාද? නැහැ කිව්වා, හරි, මං කතාවක් කියන්නම්. බස්සා පොඩිකාලේ බස්සලයි ගෙදර "බ්ලැකී" කියලා බලු නකුටෙක් හිටියා. නෑ, නෑ ඌ "my sweet Milo" වගේ බූල් බෝනික්කෙක් නෙමෙයි, මේ නිකංම නිකං පරයා ඩෝග් කෙනෙක්. දන්නවානෙ, අර
හොම්බ නිකං නරියගෙ වගේ, වලිගෙ රිට වගේ කෙලින් කරන් දඩාවතේ යන ජාතිය, ආන්න ඒ වර්ගෙ තමා. බ්ලැකියා වස කම්මැලියා, ඔය කොහේ හරි වල් ‍ටුවර් එකක් ගහලා ඇවිත්, දවස තිස්සෙම බුදියන එකමයි කලේ. ඒ වගේම මහා නෝන්ජලයා, ඒ වැයික්කියෙ හිටිය කුක්කො පවා, ඌට හයිකාරං පෙන්නුවා. මූ අර රිට වගේ නකුට දෙප‍රැන්ද අස්සෙ ගහගෙන යනවා මිසක් කවදාවත් වලියට ගියේ නෑ. කිසි කෙනෙක්ව හපලා නෑ, ඕන කෙනකුට නකුට වනනවා.

බස්සට දවසක් හිතුනා මූ හපා කන්නෙම නැද්ද කියලා බලන්න. එහෙම හිතලා ඌ බත් කන වෙලාවක බකුසු මූණ කිට්‍ටු කරලා නියවලා ගෙරෙව්වා. අර කාවත් නොකන නොන්ජ්ල් බලු නකුටා, පැන්න ගමන් කෑව බස්සගෙ නහය. ආන්ට බලන්ට, ඒක තමයි දෛවය. බස්සට නියවන්න හිතුනෙත්, බ්ලැකියට හපා කන්ට හිතුනෙත් ඒකයි.

මේ වැල්වටාරම් කිව්වෙ, බල්ලෙක් ගැන නෙමෙයි කෙල්ලෙක් ගැන කියන්නයි. මූණ ලස්සන උනාට ‍රැවටෙන්න එපා, මේක කොච්චි කරලක්. ඒත් එයිට යටින් හරිම සුන්දර බවකුත්, ආදරණීය බවකුත් තියනවා. මේක කොරියන් චිත්‍රපටයක්, නම "My Sassy Girl" . බලන්ට හිනාවෙලා පණ යනවා. පස්සෙ හදපු ඉංග්‍රිසි එකකුත් තියනවා, ඒක නං ජරාවත්, කොරියන් එකේ අහලින්වත් තියන්ට බෑ, ඒ තියා හින්දි වලටත් මේක කොපි කරලා තියනවා.බයිස්කොප් අඩවියේ විස්තරේ තියනවා මෙන්න ලින්ක් එක
http://www.baiscopelk.com/?p=4214

මේක ඇත්තම ආදර කතාවත් කියලයි කියන්නෙ. කොලුවට කෙලීව අහම්බෙන් හම්බු වෙන්නෙ, කෙල්ල කරටි කැඩෙන්න ගහල ඉන්න වෙලාවක (ආන්න කෙල්ලො!). ඉතිං අර හිත හොඳ මෝඩ උලමා යනවා උදව් කරන්ට, හුහ්, ඉතිං කාපන්කො පරිප්පු...

මං බලපු හොඳම, හාස්‍යජනක ආදර කතාව කිව්වත් වැරදි නෑ. ඉංග්‍රිසි සබ් ටයිටල් ෆයිල් එකත් බාගන්ට. මම නං පාවිච්චි කරන්නේ KMP player එක. ඒකට නං ෆයිල් දෙකම drag & drop කරන්න විතරයි තියන්නෙ.



මේ ට්‍රේලර් එක නං සතපහකට වැඩක් නෑ, වෙන හොයාගන්ට එකක් නැති හින්දයි දැම්මෙ.
බස්සා මේකට මෙච්චරම කැමති , ඌත් දන්න කොච්චි කරලක් ඉන්න හින්දද මන්දා...

 
            

Aug 6, 2011

The Rules....

In this part of the world men travel far and wide in search of the promised land. This may be the story of   yours  or  mine  , which shows , how far we must travel to find the place where we belong.....


Aug 5, 2011

අළුත් නවාතැනක්........

බස්සා ඉතිං නිශාචර පක්ෂියා නෙව, බුදියන්නෙ දවල්ට. ඔහෙලට කියන්ට ලොක්කා, ඔය දවල් බුදිය ගනිල්ල තියනවා නෙවද, ඒක වෙනමම කෝස් එකක්. ඇයි ඉතිං අනිත් එවුන් දන්නවෑ අපි බුදියි කියලා, දැන ගත්තත් උන්ට ගානක් නෑ. කෑ ගහනවයි, සිංදු දානවයි, එක සෙල්ලමයි.

වැඩි දොහක් නෑ මේ ඊයෙ පෙරෙයිදා, මං ෂපාන් එකේ නියම හීනයකුත් දැක දැක බුදි. මාව උඩ විසිවෙලා ඇහැරුනා. හෙන ගහපිය , ගණන් බලාපිය, අල්ලපු ගෙදර එකා වඩු මඩුවක් දාලා, "ටෝන්, ටෝන්" ගාලා ලෑල්ලකට ඇණ ගහනවා. මං ඉතිං හිතිං උන්දැගෙ ආච්චිට පිං අනුමොදන් කරවලා, ඉයර් ෆෝන් කනේ ගහගෙන සංගීතයක් දාගත්තා.

ඔව්වා, මෙව්වා සහ තවත් එව්වා නිසා මං නිස්කලංක අළුත් බෙනයක් බලන්ට හිතේ තියනවා. මේං එහෙම තැනක් බලනකොට "ටැස්" කරලා බලන විදිහ


              

Aug 1, 2011

සම්භාව්‍ය සහ අසම්භාව්‍ය


   


















ඉන්ටනෙට් වලින් මට ලැබිච්ච වටිනාම දේවල් අතර එකක් තමා සිංහල බ්ලොග් අවකාශය. උපන් බිමෙන් ඈත්වෙලා ඉන්න අපට ඒක වටිනාකම බොහොම හොඳට තේරෙනවා. ඒ විතරද? ඇයි මෙච්චරකල් හැංඟිලා හිටිය කොච්චර නං ලේඛකයො මේ නිසා එලියට ආවද? මගේ නං කිසිම බේදයක් නෑ, පිං දිදී හි‍ටු කියලා කියවනවා, ඉඩක් ලැබිච්ච ගමන්.

ඉතිං, ඔහොම කියව ගෙන යන කොට තේරිච්ච දෙයක් තමා, මේ ලිපි සම්භාව්‍ය සහ අසම්භාව්‍ය කියලා වර්ග වෙලා තියනවා කියන එක. අර පොත් ගුල්ලා කිව්වා වගේ" එක එක්කෙනාගෙ රුචිකත්වය වෙනස්" මාත් ඒ පෞද්ගලිකත්වයට ගරු කරනවා. නමුත් ප්‍රශ්ණෙ මේකයි, එහෙම කියලා අපි එක වර්ගයක් පහත් කියලා සලකන්න ඕනෙද කියන එකයි?

ඕනෙම දෙයක "හොඳ" දකින්න එයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන්න ඕනෙ. " ඉර-හඳ පායන ලෝකේ, ආලෝකය අතරේ, සැප-දුක සමබර වේ" කියලා කියන්නෙ ඒකනෙ. දුකක් නැත්නම් එතන සැපක් නෑ. හොඳට බඩගින්නෙ හිටියාම තමයි , කෑමවේලක නියම රසය දැනෙන්නෙ. මම මේ ලිපි කියවන්නෙ දැනුම ලබාගන්න, බැරෑරුම් කාරනා සාකච්චා කරන්නම විතරක් නෙමයි. දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර එන අපි වගේ සාමාන්‍ය බස්සොන්ට සැහැල්ලුවෙන් කියවලා දවසේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් දේවල් තියෙන්න ඕනෙනෙ.

මේ ලෝකෙ ලස්සන වෙලා තියෙන්නෙ, රසවත් වෙලා තියෙන්නෙ විවිධත්වය නිසා කියලයි , මගේ බකුසු මොලේට නං තේරෙන්නෙ. ලෝකය විවිධයි, විෂමයි, ගෝලාකාරයි කියන්නෙ ඒක වෙන්න ඇති.

මෙන්න "වම්බො‍ටු" සිංදුව. වා, පිත්, සෙම් කෝප නොකරන කෑම විතරක් හෙව්වොත් ජීවිතේ මෙලෝ රහක් නැති වේවිද?