Jul 9, 2023

බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත

ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.

Jul 4, 2023

AliExpress, Temu සහ අටවන මාටින්ලා

ඔහෙලා දන්නවා නෙව, මම චීන ලාබ බඩු වලට කැමති බව. ලාබෙට බඩු ගන්න කොට, ඒ එක්කම එන රිස්ක් එකත් ගන්නම වෙනවා. ඒ "රිස්ක් එක" දැන ගන්න නම්, ඔය බඩු ගලවලා බලන්නම වෙනවා. ආන්න එතකොට තමයි, රට්ටු අපෙන් අහන්නෙ "දැන් කියමු බලන්න, ඇයි ඔහේ ඕක ගැලෙව්වෙ මොන ඉත්තෑ අමාරුවටද කියලා?"