Oct 28, 2012

සෙල් ලිපි

හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.

ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.


Sep 8, 2012

බකුසු සිත්තරා

බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි.

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.

Aug 13, 2012

කතන්දර

තන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

Aug 3, 2012

‍රැජිනගෙ ඇඳ


දැං තේරෙනව නේද, ඇයි සමහරුන්ට "තුන්දෙනෙකුට" විතර නිදාගන්ට ඉඩතියෙන ඇඳවල් ඕනෙ වෙන්නෙ ඇයි කියලා. කෝකටත් බැකප් එකක් විදිහට, පැදුරකුයි, තව අමතර කොට්ට, ෂීට් එකක් එහෙම ඇඳයට තියාගන්ට .


මොකද අර "where I actually sleep" zone එකේ බුදියන්ට වාසනාව ලැබෙන්නෙ එළිවෙනකං ඇඳ උඩ ඉන්න ලැබුනොත් නොවැ :)

පැදුරෙ ඉඳන් අපි කොහොමද බිමට වැටෙන්නේ ? :))

Aug 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)




Jul 29, 2012

පාරුවේ පුවක්

එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:

Jul 28, 2012

සාපේක්ෂ

පෝකර් ෆේස් කියන්නෙ සූදු ක්‍රීඩාවෙදි හදා ගන්නා කිසිම හැඟීමක් පිළිබිඹු නොවෙන මූණ. ඔබ සූදු ක්‍රීඩා කරනව නං, මේක අනිවාර්යයි, මොකද මූණ බලලා කොලේ කියන්න දන්න අය ඉන්න නිසා. ඒ කියන්නෙ , අඩුම ගානෙ සූදූ කාරයෙකුට එකකට වඩා මූණු තියනවා. ජීවිතේ කියන්නෙත් එක්තරා සූදුවක් කියල කව්ද කිව්ව නේද?

Jul 24, 2012

Anonymous බස්සා

ඉස්සර අපි කිව්වෙ :

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙල රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

කියලයි. දැං මේ ටික දොහකට කලියෙන් පටන්ගෙන තාමත් ඇදෙමින් පවතින , අපේ කස්ටියෙගෙ "අපේ කම" දැක්කාම, යලි උපදින්න කෙසේ වෙතත්, නැවත කවදහරි ලංකාවෙ පදිංචියට එන එකත් ආයෙත් සළකා බලන්ට වෙනවා. අර කව්ද කාගෙන්ද ඇහුවලු "ඇයි හැමෝටම 'අයියෙ, අක්කෙ, නංගියෙ ,මල්ලියෙ' කියන්නෙ?" කියලා. " ඒහෙම කියන්නෙ 'අපේ කමට'නෙ?" කියලා උත්තරෙත් ලැබුණයි කියමුකො. අර ඩුප්ලිකේට් ඇනෝනිමසාගෙ දාලා තිබ්බ අපේ "'අයියලගෙ, අක්කලගෙ, නංගිලාගෙ ,මල්ලිලාලගෙ" සංගිස්කුරුත දැක්කාම "අපේ කම" යස අගේට තේරුනා :D

Jul 17, 2012

පාරාදීසය


හැමෝටම තමන්ගෙ ගතවුනු කාලය ගැන සොඳුරු මතකයක් තියනවා නේ.
මටත් එහෙමම තමා.

 


මේක දැක්කාම මට මතක් වෙන්නෙ එව්වා තමයි.
මෙන්න මගේ මතක ලැයිස්තුව:

ඉස්සො වඩේ
ටෙස්ට් දැමූ කඩල
පොල් වෙරළු අච්චාරු
හැලප
ලැවරියා
වණ්ඩු ආප්ප, පැනි ආප්ප
ඉඹුල් කිරිබත්
මාළු පාන්
දිවුල් සහ කිරල
හැන්දෑවට වාඩිවෙලා බකංනිලාගෙන හිටපු පහල වෙලේ බෝක්කුවක්
කුඹුකෙ ලිඳේ වතුර
කොණ්ඩෙ කපල, බෙල්ල කඩන හන්දියෙ බාබර්ගෙ හෙඩ් මසාජ් එක



මං මේ බලන් ඉන්නෙ ගුගල් කාරයා ලංකාවට ස්ට්‍රීට් වීව් දෙනකං. අම්මපා , ඇවිදිනව ගමේ පාරවල් වල කකුල් ගෙවෙනකංම :)

බලන්න මහත්වරුනි,දුරින් ඉඳන් අගේ කරන්නත්, මාස තුනකට අඩු සංචාරයකටත් කදිම , ඉන්දියන් ( හුටා, ඒකත් උන්ගෙ) සාගරයෙ කඳුළු බිංදුව!

Jul 11, 2012

dSLR

කැමරාවල auto-focus එන්ට කලින් තිබ්බ දෙයක් තමා split image focusing screen කියන්නෙ. මේ තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. වැඩේ හරිම ලේසියි. උඩ බාහෙයි, යට බාගෙයි align කලා. තිබ්බා, ගැහුවා.

Jul 8, 2012

ටජ් මහලක් .....

පොඩ්ඩක් පරක්කුවෙලා හරි ජෝතිපාල සැමරුමට මොකක් හරි කරන්න ඕනෙයි කියල හිතුනා. මෙන්න මං කැමති සිංදුවක් - බකුසු වර්ෂන් එක :)

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමි
බෝරියල් වනයේ පයින් ගසක මම
ගස් බෙනයක් තනමී....

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහ තරු
ඔබය මියෙන තුරු...


Jul 4, 2012

බස්සා සහ සුරංගනාවි

ඕං ඔය පහුගිය දොහක උදේක, බේගලයක් ඇදබාපු මම, සුපුරුදු පරිදි පලමු නිදි වඩියට සැට් වුනා. මේ බේගල් කිව්වෙ අර කොටා බාන එව්වා. ඒකත් කොටා බාල, හොඳට අත්ත උඩ හරිබරි ගැහිලා දෙයියනේ කියලා ඇස් පියාගත්තා. මොන, මේං කණ ගාවම ඇහෙනව රූං,රූං ගානවා. ඇස් දෙක වහගෙනම හොඳට හඬ එන තැනට මානල දුන්නා හොඳ අත්ත‍ටු පාරක්. කව්දෝ "ඌයි" ගෑව. ඇස් ඇරල බැලින්නං සුරංගනාවියක්. කහපාට මල්පෙති වලින් හදාපු ගවුමක් ඇඳලා.

Jul 3, 2012

වැනිල්ල.....

ඔය වැනිල්ල කිව්වාම නොයකුත් ආකාරයේ වැනිලි තියනවා නෙව. සමහරු පරිසරය වනනවා. සමහරු නැට්ට වනනවා. එතකොට කරටි කැඩෙන්න ගැහැව්වාමත් සමහරු වැනෙනවා නෙව. ඒ එක්කම සමහරු කඩුව වනනවා, හෙළුවෙන් වනනවා.

මේක එහෙම වැනිල්ලක් නෙමයි. පුහ්, බලන් ඉන්න අපිවත් වැනෙන වැනිල්ලක්. හරියටම කියනවා ප්‍රංශ වැනිල්ලක්.


Jun 30, 2012

නින්ද නැති ‍රැයේ....


"නින්ද නැති ‍රැයේ" කියන්නෙ මං ආසම සිංදුවක්. ඒ වගේම "Sleepless in Seattle" කියන්නෙත් මං කැමතිම පිචෑර් එකක් - R.I.P Nora Ephron :(.

අපි ඉතිං කොහොමත් නිශාචර පක්සීන් නොවැ. ඒත් නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. මට නං නොකෑවත් නිදා ගන්ට ඕනෙ. ඇයි අප්පේ නැතුව කොහොමද මේ නයිට් ශිප්ට් එක අදින්නෙ? මං සාමාන්‍යයෙන් නිදා ගන්නෙ කොටස් දෙකකට. උදේ හීල කොටා බාලා, පනිනව කෙලින්ම ඇඳට, ඊට පස්සෙ මොනවද විනාඩි පහෙන් බස්සා ෂපාන් එකට දොයි (ඔහෙලට කියන්ට, එහෙම සනීපෙට තද නින්දෙ ඉන්න කොට කෝල් කරල " R U sleeping?" කියල අහන ගල් ඉබ්බියොත් ඉන්නව ආයිබොං)

Jun 28, 2012

කුමරි බඹසර

කියන්නට බොහෝදේ ඇතත් කිසිවක් නොකියා, ඔබටම සිතාගන්ට ඉඩදෙමි.


තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබේ කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුනලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල




හුටා!





Jun 24, 2012

සිහින වෙළෙන්දෝ....


ඉන්දියාව කියන්නෙ පුදුම රටක්. ඉස්සර ඒකට කිව්වෙ ජම්-බුහ් ද්වීපය කියලයි. දැං මගෙන් අහන්න එපා ඇයි කියලා. ඕක ඇතුවත් බැරි , නැතුවත් බැරි රටක් නෙව. කොටින්ම "අපේ" බුදුහාමදුරුවොත් ඉන්දියන් නෙව. එතකොට අපේ බාසාව, ඒක ආවෙ සඟිස්කුරුත වලින්. ඔය මොන කතන්දර කිව්වත්, අපේ හැම දේකම පොඩි ඉන්දියන් ආභාෂයක් , අනුකරණයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ඔය අපේ ආරිය-හිංගල ඇඳුම තියනවා නේද? බලන්නකො ඒකෙත් පොඩි ඉන්දියන් ගතියක් නැහ්ද කියලා.

Jun 18, 2012

රොබෝ නැ‍ටුම්


සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් කියනවනෙ. නැ‍ටුම් කියන්නෙත් විශ්ව භාෂාවක් කියලයි මට නං හිතෙන්නෙ. අපි වැඩිහරියක් පුරුදුවෙලා ඉන්නෙ බටහිර ගීත, නැ‍ටුම් බලන්න/අහන්නයි. මං මේ ඒකට වැරද්දක් කියනවා නෙමෙයි. මට කියන්න ඕනෙ වුනේ බටහිරට එහායිනුත් ලෝකයක් තියනව කියලයි.



මේ හුරුබුහුටි කොළුව යුක්‍රේනයෙන්. මට හිතෙනව මේ නැ‍ටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැ‍ඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.


හිතෙන දේ ඔන්න ඔහේ කුරු‍ටු ගාලම ගියා නං :D


Jun 17, 2012

Photoshop Basix

මේ බ්‍රසීලයේ හාවෙක්. හරිම "කියුට්" නේද?

ඒත් මං මේ කල්පනා කලා, මූ ඇයි මේ ආත-බූත කඩාගෙන හුරේ රන් එකක් දෙන්නෙ කියල?


 " ඈ බං හා නයිදෙ, ඇයි මේ හැටට-හැටේ දුවන්නෙ? අහස කඩා ගෙන වැ‍ටුනා වත්දෑ?

Jun 10, 2012

ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..


ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ.
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..




මං මේ  උදේ කෑම වේල හොයාගන්ට කියලා හන්දියෙ බේකරිය පැත්තට යන්ට පාරට බැස්සා. මේං අපෙ බකුසු  තඩියා ඉන්නවා සීයට අරගෙන පනහට දීලා වගේ. මොනව උනත් අපේ එකා නෙව . මං හිමීට කිට්‍ටු කලා.

Jun 9, 2012

බ්ලොගර් පොස්ට් සඳහා සංශිප්ත මුල් පි‍ටුවක්..

මෙන්න අර යස අගේට තියෙන බ්ලොග්  කන මකබාසව එක්කගෙන ආවා :).


බය වෙන්න එපා, මෙව්ව 100% ටැස් කොරාපුව, සැක නං බලන්නකො ඔය උඩතියෙන Home බොත්තම ඔබල.  ඔය තියෙන්නෙ දිලිසි, දිලිසි යස අගේට.....( ඔබාගේ " චොප්පෙ අයියාගේ" කතාවෙන් උස්සන ලදී.. )


මම කොහොම වෙතත් ඔයාල , බොහොම මහන්සි වෙලා අපට බලන්ට ලිපි ලියනවා නෙව.  ඔන්න අපි නිවාඩු දවසක, චැට් එකකට එහෙම පස්සෙ, දෙයියනේ කියල බ්ලොග් අවකාසෙ හැලප ගිල,ගිල යනකොට හොඳ ලිපියක් හම්බ වුනයි කියමුකො. ඒක බැලුව, ගියා. ඇයි අප්පේ තව කොච්චර නිල් කැට, පුස්පරාග වගේ  ලිපි කීයක් ඔය  බ්ලොග් වල වැලලිලා ඇත්ද?  කාටද ඔය මී බෝල කරකවා,  කරකවා,  ඔව්වා හොයන්න ඇහැකි?  මේකට උත්තරේ තමයි අද පාඩම:


අද බාස් උන්නැහේ කියල දෙන්න යන්නෙ, කොහොමද summary page එකක් හදාගන්නෙ කියල. මේක හැම පොස්ට් එකකින්ම ටික, ටික පෙන්නවා, හරියට ඔය සින්ඩිවල තියෙනව වගේ.හරිම ලේසියි. දැං ඉස්සර වගේ HTML එඩිට් කරගෙන නටන්න ඕනෙ නෑ.  මේ පහසුකම Bloggerලම දීල තියනවා. හැබැයි , ඒක setting වල enable කරන්න ඕනෙ. මෙන්න මෙහෙම:


Apr 22, 2012

The Machine is Us

තාක්ෂණය නිසා ලෝකයට ලැබිච්ච හොඳදේ නරකට වඩා වැඩියි කියලයි මට නං හිතෙන්නෙ. හොඳම දේ තමා යම් නරකක් තියනවා නම්, ඒක තේරුම් ගත්තාම පසු කාළෙක හරි අපි ඒ දේ නිවැරදි කිරීමට උත්සාහ ගැනීම - ඔය පරිසරය සු‍රැකීම වගේ.


මේකත් ඒ වගේ අපට ලැබිච්ච හොඳ දෙයක් .අද බස්සො, බකමූණෝ පවා පල් හෑලි ලියන්නේ මේ නිසානෙ :)) 


ඔය පල්ලෙහා විඩියෝවෙ තියනවා විස්තරේ. ගුහාවල, චිත්‍ර ඇඳලා, පස්සෙ සෙල් ලිපි පුස්කොල පොත් හරහා ආපු අපේ ලේඛන කලාව අද මෙතනට ඇවිල්ලා තියනවා.
                                

Apr 12, 2012

Kiss the Girl

කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.





             

Mar 30, 2012

නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු

කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " ‍තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.

Mar 22, 2012

අඳුනා ගත්තොත් ඔබ මා........

අඳුනා ගත්තොත් ඔබමා නෙමෙයි , ඔබ - මා, ඒ කිව්වෙ ඔයයි- මමයි 
ඔය පින්තූරෙ ඉන්නෙ , Diogenes of Sinope. එයා පන්සලක තිබිච්චි නාන බාල්දියක ජීවත් උනත් උනාට එහෙමට අවතක්සේරු කරන්ට එපා - එයා දාර්ශණිකයෙක්. Cynic philosophy කියන්නෙ එයාගෙ දර්ශණය. දැන් අහන්ට එපා බල්ලොන්ට මොන දර්ශනේද - ඌරොන්ට මොන සෞඛ්‍යද කියලා. ඔය Cynic කියන වචනෙ බිඳිලා එන්නෙ පුරාණ ග්‍රීක් භාෂාවෙන්, තේරුම " සුනඛයෙක්- මෙන්" කියන එකයි. එයා කිව්වෙ ජීවිතේ තේරුම් ගන්ට නං ,සැප - සම්පත් ප්‍රතික්ශේප කරලා, සොභාව ධර්මයට අනුකුලව ජීවත් වෙන්න ඕනෙ කියලයි.

Mar 17, 2012

බලු වැඩ

සමහරු අපට බව්වා කියනවා, සමගරු බච්චෝ කියනවා. ගමේ ඉන්න අපි නං නිකම්ම නිකං බල්ලා. "මිනිසාගේ හොඳම මිතුරා" කියන නම්බු නාමෙ ලැබිලා තිබුනට, "බලු වැඩ" කියන්නෙ නං නම්බුකාර වැඩ නෙමෙයි. අපේ නම හම ගියාට එව්වා වැඩියක්ම කරන්නෙ අපි නෙමෙයි , මිනිස්සු.


Feb 20, 2012

බලු මහත්තය - Pooch in Boots


අදත් උදේ වැඩ ඇරිලා එනකොට බලු මහත්තයව හම්බ වුනා. කච්චිය පිච්චියට ගියත් බල්ලා එළුවෙන් කියන්නෙ බොරු නෙව, ආයිබෝං, ඔය අපූරුවට කෝට්-බෝට් ඇඳලා කකුල් හතරටම සපත්තුත් දාලා හිටියෙ( මෙහෙ වින්ටර් එකේදි බල්ලොන්ට ඇඳුම්, සපත්තු අන්දවනවා.) බල්ලෙක්ගෙ උනත් අවසර ගන්නෙ නැතුව පිංතූර ගන්න එක, මෙහේ හැටියට වැරදි වැඩක් නිසා පින්තූරයක් ගත්තෙ නෑ. මේක ගත්තෙ නං ඉන්ටනෙට් එකෙන්:



Feb 8, 2012

Part-time Lovers

We are undercover passion on the run
 Chasing love, up against the sun
We are strangers by day, lovers by night
Knowing its so wrong, but feeling so right

I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers




මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර අඳුනන බළලෙක් කියපු කතාවක් ." මචං බෂ්ෂො, හොරා කන්න නං පුරුදු වෙන්න එපා. හැබැයි එක එක සැරයක් හොරා කෑවොත්, මඟුල් මේසයක් ඇරලා දුන්නත්, කුස්සියට පැනලා හැලිවලං පෙරල ගෙන කනවා මිසක්, වැදගත් විදිහට කනවා නං බොරු".සිංදුවෙ " Knowing its so wrong, but feeling so right " කියලා කියන්නෙ ඒකනෙ.

මේ අසම්මත ප්‍රේම කතා මෙච්චර රසවත් ඇයි? රසයත් සමඟ එන, අවදානම එයට උත්ප්‍රේරකයක් වෙන නිසාද?

හොරා කාපු කිසිම බළලෙක් ඇත්ත කියන්නෙ නෑ, ඒත් හොඳින් බැලුවොත්, ‍රැව්ල් ගස් අතරි ගෑවිච්ච දැලි පේනවා.ගිය සතියෙ අපේ ටීම් ලීඩර් කෙනෙක් කියුබා ගියා වැකේෂන් එකට. මිනිහගෙ පැටිකිරිය දන්න අය නං කිව්වෙ, එයා තනියම ගියේ කියුබා සුරුට්‍ටු බොන්නම විතරක් නෙමයි කියලයි. වැඩේ කියන්නෙ, කොච්චරවත් ඇටි කෙහෙල් කාපු රිලවා වගේ මුඩ් ගහලා හිටපු හාදයා ආපහු ආවෙ , චන්දෙ කිට්‍ටු වෙච්ච අපේ දේසපාලු උන්නැගේ කෙනෙක් වගේ ප්‍රිය මනාපවයි. උන්දෑ මොල් කලන්තෙටත් බේත් කරගන්ට ඇති!

ගතානුගතිකව, කො‍ටු පැනීම, පිරිමින්ට විශේෂ වෙච්ච වරප්‍රසාදයක් විදිහටයි සැලකෙන්නෙ, විශේෂයෙන්ම ආසියානු සංස්කෘතියෙ. ඒත්, වැඩේ කියන්නෙ මේ කිසිම පිරිමියෙක්ට තමන්ගෙ භාර්‍යාව ඒකට එකට එක කලොත් එය විඳ දරාගන්ට බෑ. මං මේවා දැකලා අහල තියනවා.ඒත් එහෙම කියලා ගෑණු අහිංසකයි කියලා මං කියන්නේ නෑ, මොකද පිරිමිටත් වඩා කිසිම හර්ද සාක්ෂියක් නැති විදිහට වැඩකරන්න දක්ෂ ගෑණු නිසා :p .



I've got something that I must tell
Last night someone rang our doorbell
And it was not you my part-time lover
And then a man called our exchange
But didn't want to leave his name
I guess that two can play the game
Of part-time lovers
You and me, part-time lovers
But, she and he, part-time lovers


චැහ්! මේව්වයෙ හරි වැරදි අහගන්ට අපේ ස'(ර්)ප්‍රියා වත් මේ සාවියට එන්නෙ නෑනෙ. ඒත් ජීවිත කාලයක් අපට පොවලා, දැන් අර‍ටු බැහැපු "හරි මඟේ" වරදකාරී හැඟීම, මේ සමාජයේ "සාමාන්‍ය" දෙයක් වන හොරා කෑමේ නිදහස සමඟ ඉඳලා හිටලාවත් සටන් කරන්නෙ නෑ කිව්වොත්, ඒක ඇත්ත නෙමෙයි.

බඩගිනි වෙලා මා ගිය කල කැන්ටිමට
රස කෑමක් ආවයි මගෙ ඉදිරියට
නහය ලඟින් ගෑවී ගෙනගිය කලට
කන්දෝ, නොකන්දෝ කියලා සිතුනි මට

නිකං බොරු කියන්නෙ මොකටද අපිත් හොරා කාල තියනවා. අපේ ගමේ අල්ලපු වත්තේ, පංසල් වත්තෙ පොල් ගස්, තැඹිලි ගස් වලින් ඇහැව්වොත් ඒවට සාක්කි කියයි.

මේ සිංදුවෙන් කියවෙන්නෙ නං අසම්මත ප්‍රේමයක්,  නැහ්නම් කො‍ටු පැනිල්ලක් පිළිබඳ කතාවකුයි. ඒත් අසම්මතත් නැති, සම්මතත් නැති ප්‍රේම කතාවකුත් තියෙන්න පුළුවනිද? ඇයි බැරි සුදු සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාව. එතකොට සුදු මහත්තයක් පැන්නෙ කො‍ටුද? නැත්නම් අබංක කුසුමගෙ අයියට අහුවුනාම සුදු මහත්තයා ආත-බුත කඩාගෙන දිව්වෙ ඇයි? කව්ද දන්නෙ , "පරම්පරාවෙ නම්බුව ‍‍රැකගන්ට , මලයණ්ඩි" කියලා කවුරුහරි කිව්ව වත්දෑ කියලා? 
මට නං හිතෙන්නෙ සුදු මහත්තයගෙයි, අබංක කුසුමගෙයි කතාවට ගැලපෙන්නෙ මේ සිංදුව කියලා: 
 

        


මේ ඒක නෙමෙයි , ඔහෙලටත් ඔය " part-time love " වගේ දේවල් වෙලා තියෙනවද? නෑ මං මේ කිව්වෙ, ඔය නිකං මේ ඉන්නවා, මේ නෑ වගේ හැඟීමක් එන එව්වා.


මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හින්දා

Feb 3, 2012

යා දෙක නොරත රත....


“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”
මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.



මේක සීත කාලෙ නොවැ. පහුගිය දොහක හිම වැටෙන උදයක බස්ස යනව තව බකමූණෙකුත් එක්ක ගමනක්. මඟ කඩයකින් උණු-උණු කොපි කෝප්පයක් එහෙම ඇද බාලා, යන කොට අහපු සිංදුවක් තමා මෙන්න මේක:
                        
                                      
මේක ඇහුව විතරයි, මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු බස්සගෙ කට ඉබේම වැහුනා. ඌ ගියා ක්ලැසික් බස්සා මූඩ් එකට. යාළුව අහන ප්‍රශ්ණ වලට "හූම්..හූම්.." කියලා කිව්වා
"මොකද බොල උඹට උනේ, බස්සා වගේ "හූම්..හූම්.." ගාන්නෙ"
" හූම්.."
( යටි සිතින් - හහ්, 'හූම්..හූම්..' නොගා මම 'ක්වැක්, ක්වැක්' ගාන්නයෑ, මම බස්සෙක්නෙ)
බස්සගෙ හිතේ, විදුලි වේගයෙන් චිත්ත රූප පෙලක් මැව්නා. ලොකු ගෙයක්, සැඳෑ සාදයක් සහ ගතින් කෙසේ වෙතත්, හිතින් තනි වෙච්ච කුරා කුහුඹුවෙක්......
"හැබෑටම මචෝ එහෙම වෙයිද?"
" කොහොම වෙන්නද? මොකක්ද? වමාරපිය,වමාරපිය  මට තේරුනා බොට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙන බව, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට"
" නෑ, මම මේ කිව්වෙ, අර සිංදුවෙ වගේ..කුරා කුහුඹු මිනිසා..."
" ආයි අහල, අන්වා ඩෙෆා. මං දන්න ඔහොම කේස් එකකුත් තියනවා"
"ඒ කිව්වෙ?"
" මගේ බැචෙක්, දෙන්නම මෙහෙ ආවා. කෙල්ලට මූට වැඩිය සිරා පෝස්ට් එකක් සෙට් වුනා, කෙල්ල හරි බ්‍රයිට්. මූ හොඳට කැපිලා පේන හාදයා. වැඩ කරන තැන, විරුද්ධ පක්සයෙන් බලපෑම් ආව. මූත් ඉතිං නිකං ඉන්න නැතුව ඇති, අඩු ගානෙ මල් කඩන්නවත් ඇති. එහෙන් මෙහෙන් වැඩේ කෙල්ලගෙ කණට ගියා. එදා ඉඳන් මූ ගෘහ මූලික"
"ඒ කිව්වෙ?"
" ඒ කිව්වෙ උගුඩුවෝ, ඌ ගෙදර ඉඳන් උයනවා, අස්-පස් කරනවා, ලමයි බලනවා. ගෑණි රස්සාවට යනවා. දැන් ඌ වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ, අපි කාඩ් ගහයි කියලා බය ඇති"
"හූම්..හූම්.."

Feb 1, 2012

ඈවරයි..දෑවරයි......

මේ දවස්වල ගෙම්බොන්ට මාර ඉල්ලුමක් තියනවැයි කියන නිසා මාත් හිතුව පොඩි පහේ ගෙම්බො බිස්නස් එකක් කරන්න. මෙන්න ගෙම්බා, හා තියන්න බලන්න ලන්සුවක්.... 


    

Jan 31, 2012

Farewell

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
 I had to leave a little girl in far-away town

 Down at the market you can hear
Ladies cry out while on their heads they bear
`Akey' rice, salt fish are nice
And the rum is fine any time of year

Sounds of laughter everywhere
 And the dancing girls sway to and from
I must declare my heart is there
Though I've been from Maine to Mexico





-The song is ended, but the melody lingers on -


           

Jan 25, 2012

අපේ විත්ති ......

http://2.bp.blogspot.com/-
C2lMoMOpDK0/UOmthrpwgmI
/AAAAAAAAQsc/gL
JReDYbE5Q/s1600
/Funny+Cats+Fight
+Wallpaper.jpg
මේ දවස්වල කුමාරිහාමිත් රට ගෙම්බො හොයන්න ඒරොප්පෙ ගිහින් නිසා වලව්වත් පාළුවට ගිහින්. ඔය ඉඳලා හිටලා පිරිතකට, බණකට වැඩලා දානෙ වලඳලා ආපු බිලාල උපාසකමාතාවක් "පුරු,පුරු" ගෑවොත් මිසක්කා, වලව්වෙ මීක් සද්දයක් නෑ, ආයිබෝං. ඒ තියා වෙනදා මේ අහ නිතරම ගැවසෙන අපේ ස'(ර්)ප්‍රියා ආදිපාදතුමා වත් නෑ පාළු කපන්න, එයත් ගිහිල්ලා "මෙව්ව එක" හිතටද ගතටද කියලා හොයන්න.

 මමත් දවල් බතට කක්කුට්ටෙක්වත් හොයාගන්ට කියලා පාරට බැස්සා. ඔහෙල දන්නවනෙ අර බේකරිය ලඟ සිල්ලර කඩේ - " ඇවිත් ටිකක් අඬලා යන්න." ඕං ඔතන කස්ටිය ‍රැස්වෙලා  පුරුසයොන්ට "මෙව්ව" ගැසීමට ඇති මුලික අයිතිවාසිකම ගැන සාකච්චාවක්. ඔය කඩේ මුදලාලි ඉන්නව නේද? අනේ හරිම සාදාරන මනුස්පයා. දැහැමින් සෙමින් වෙළදාමක් කරගෙන ඉන්නවා මිසක්කා, අනික් වෙලෙන්ඳො ගැන කිසිම කහටක් නෑ, කොටින්ම අහල-පහල එක කඩයක්වත් වස්සවල නෑ කිව්වම. හැබැයි කඩේ වැඩට ඉන්න කොලුව " ලෝකයා" නං විස්වාස නැති බුවා. හිංගල අවුරුද්දත් ලඟ ලඟම එන නිසා අවුරුදු උත්සවයක් පවත්තලා ගමේ කස්ටිය එක්කාසු කරන්නත් ඒ අස්සෙ කතාවක් යනවා. මෙන්න යෝජනා වෙච්චි කෙලි සෙල්ලං:

1. කණාට පොල්ලෙන්/මුට්ටියෙන් ගැසීම
2. පව්කාරයාට ගල් ගැසීම
3. හොඳම "බ්ලොගික" කුහකයා තේරීම. අනුන්ගේ කඩවලට යන සෙනඟ ගණන් කිරීම, ඒ කඩවල බඩු විකුනන වෙළඳ උපක්‍රම විශ්ලේෂණය, සහ හරි හැටි නින්ද නොයාම මූලික සුදුසුකම් වේ.
4. හොඳම ග්‍රීස් -යකා තේරීම. මූ නං යකා උනාට , ඉන්නෙ මනුස්පයෙක් වගේ වෙන්ට ඕනෙ, මෙලෝ යකෙකුට කියන්න බෑ ඌ යකෙක් කියලා, වැඩිපුරම බැල්ම දාන්නෙ ස්තිරි පාර්සවේට,වයස පුරස්නයක් නෑ. හොඳට කන-බොන , ගම්-දනව්වල සංචාරෙ කරපු යකෙක් වෙන්නම ඕනෙ.

ඊට පස්සෙ කස්ටිය ගහ මරාගෙන්ට පටන් ගත්තා. ඔය අතරේ කව්දෝ හාදයෙක් කඩුවක් අරගෙන සටනට පැන්නා. පැන්නෙ නැතෑ කඩේ කොලුවට මල, ඌත් "හහ්, යුද්දෙට නැති කඩුව 'ජැක්' කොටන්නද" කියලා මන්නයක් අරගෙන සටනට පැන්නා. පස්සෙ කස්ටිය අනෙක් ගෙවල්වල ගෘහ මූලිකයාට අමතරව ඉන්නා "නිත්‍ය පදිංචිකාරයොන්ට" විරුද්ධව සත්‍යග්‍රහයක් පැවැත්වීමට කමි‍ටු යෝජනාවක් සම්මත කර ගත්තා.

මෙව්වා බලං හිටපු මාව නිකං නන්නත්තාර වෙලා ගිය නිසා මාත් දෙකක් නමා ගන්ට අලි මඩුව පැත්තට මංගැච්චුවා.