Feb 19, 2018

බස්සා සහ අලිබබා

චන්දෙන් පස්සෙ විස්තර බලාකියා ගන්නත් එක්ක මං මැද මූකලාන දිහාවට පියෑඹුව නෙව, ඊයෙ හැන්දෑකොරේ.අම්මට හුඩු ඔය ඉන්නෙ, මැද මූකලානෙ සිංහරාජ හතර ගාතෙන් දපා තියලා. පොල් කට්ටෙන් චංද ජයපැන් බීලා, සලු වෙලා.

සිංහයා: ආ, වරෙන්, වරෙන් බෂ්ෂො. උම්බලට ඉතිං අපිව මතක් වෙන්න චංදයක් තියෙන්නම ඕන නේද?

බස්සා: අනේ  එහෙම නෑ බොස්. මේ දවස්වල බිසී

සිංහයා: අනේ පලයං යන්න. මං නොදන්නවද බොගේ හැටි.

බස්සා:  එහෙම නෙවෙයිනෙ බොස්. දැන් අලි වංසෙ වැඩ පෙන්නන කාලෙ. ආරංචි ඇති නෙව, අර මියන් කුමාර. මේං මෙච්චර පැටියා. අපවත් කලේ නැතෑ නායක උන්නාන්සෙ කෙනෙක්ව. මං මේ අහිංසක පක්සියා , හොඬ වැලෙන් දෙකක් පත බෑවොත්, කම්මුතුයි නෙව?