Dec 31, 2013
සුභ අලුත් අවුරුද්දක්
සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු තෑග්ග:
Read more »
Dec 21, 2013
බස්සා සහ කොබෝ නයෙක්
කණ පැලෙන්න සීතල. කාල- ගුණේ අයියා මේ සැරේ නං දෙනව අපිට ඇස්ටි හැලෙන්න. ඕං මේ හීතල උදේක, මං බෙනේ අස්සට රිංගලා හොඳට හරි බරි ගැහිලා, දෙයියනේ කියලා ඇහැ පොඩ්ඩක් පියා ගන්ට ලෑස්ති වුනා.
මට ඇහෙනවා කව්දෝ "ෂූ..., ෂූ" ගානව. මාත් කම්මැලි කමට , තවත් හොඳට පිහාටු පුම්බගෙන, නෑහුනා වගේ හිටියා. මෙන්න බොලේ ඒ වංගියෙ මයෙ කණ ගාවින්ම සද්දෙ ආපි. මං එක ඇහැක් ඇරල බැලුවා
හුටා, නයි කයිද රෝස් පාං කිව්වලු! , මෙන්න බොල නයි තඩියෙක් බෙනේ ලඟ අත්තෙ එතිලා මට පෙනේ කරනවා. මට හීං දාඩිය දැම්මා.
Read more »
Nov 29, 2013
ඤෑස් - NAS
ඤෑස්
කාලෙකට ඉස්සර එක ගම් පලාතක, කෑම රසයි කියල ප්‍රසිද්ධ හෝටලයක් තිබුණා. මේකෙ වඩාත්ම ප්‍රසිද්ධ , රසට හදපු සුප් එකකට කියල තමයි කතාවෙ කියවෙන්නෙ. කොහොමින් හරි, ඒ පැත්තෙ ගැවසුන බිලාල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවුනාය, හෝටලේ සුප් එක රස කලේ අහල පහල බලල්ලුය කියලා චෝදනා කරලා ,අහල පහල හෝටල් කාරයො ඔය කියන හෝටලේ, කැලෑ පත්තර ගහලා, වැස්සෙව්වලු.
Read more »
Nov 12, 2013
බස්සෙක්, කෝපි කෝප්පයක් සහ සිංදු දෙකක්...
මේ ලඟදි දවසක , බස්සගෙ ඉන්දියන් අඹ යාළුව එව්වා සිංදුවක්.
ඊට කලින් යාළුවව හඳුන්වල දෙන්නම්කො. ඌ කොට මොඩල්. කොටා වුනාට මූ හිත හොඳ එකා. මේකාත් එක්ක යාළු කම පටන් ගත්තෙ කවදද, කොහොමද කියන්න මතක නෑ. මොන ඇන්නෑවකට මූ මගේ සීමිත මිත්‍ර සංගමයෙ යාව-ජීව සාමාජිකයක් උනාද මන්ද? එහෙමට කියන්න තරම් අපේ කිසිම සමානකමකුත් නෑ. ඒත් මේකා මගේ හොඳම යාළුවෙක්
Read more »
Nov 6, 2013
පිල්ලෝ මල් කඩන කොට....
මාත් එක්ක වැඩ කරන පිල්ලෙක් හිටපු ගමන් අළුත් ෆෝන් කට්ටක් අරන් ආවා. මං දැම්මා බකුසු ඇහැ..
" ඇයි අර තිබිච්ච එකට මොකද වුනේ?"
" ආ මං එක ගැහැව්ව නෙව පොලොවෙ"
" හෑ, මොන ඇන්නෑවකටද බොල, අර යස අගේට තිබ්බ කිරි ටොයියට එහෙම කලේ?"
" ගෑණි ඇද්ද වලියක්. මං ඇදල ගත්තා , දමල ගැහැව්ව පොලේ"
Read more »
Nov 2, 2013
ආෂික්..
ලස්සන සිංදුව....තියෙන්නෙ මෙන්න මෙහෙම තේරුමක් කියල තමා, මගේ ඉන්දියන් යාළුව කිව්වෙ:
අනේ, පනේ දැන් නං මට ඔයා නැතුව ඉන්න බෑ
හප්පුච්චියේ, මට මොනව වෙයිද ඔයා නැති උනොත්
ඔයාගෙන් මාව වෙන් කලොත්
මයෙ ආතල් (ආෂිකී) කුඩේ කුඩු තමයි.
Read more »
Oct 6, 2013
කෝපි
මම කෝපි වලට කැමතියි. අර කට්ටිය කියන්නෙ " get your lazy a** out of the bed & smell the coffee, mate" කියලා. ආන්න ඒ කෝපි තමා.
කෝපි ගැන කිව්වාම උගුඩුවො ගැනත් නොකියාම බැහැ. .නෑ, නෑ උගුඩුවො කෝපි බොන්නෙ නෑ : එ
යාල බොන්නෙ රා :). ඒත් ලෝකෙ මිල අධිකම කෝපි වර්ගයක් වන "
Kopi Luwak
" .හදන්නෙ උගුඩුවො", මෙන්න මෙහෙම :
Read more »
Sep 1, 2013
සොඳුරු විරාමය
http://www.onefleshmarriage.com/wp
-content/uploads/2012/05/
The-Nagging-Wife.jpg
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොගෙ බේරගන්ට පෝස්‍ටුවක් වගේ එකක් ලිව්වා. මදෑ, ඔය කෙලියෙ පාත්තරේටම, මුං අහනව නෙව මං බැන්දද කියලා?
මේක පොඩි අත්හදා බැලීමක්. ආරළු-බුරුළු , වැල්වටාරම් නැතිව, කොටින්ම මුකුත්ම නොකියා දානව, එකිනෙකට සම්බන්ධයක් නැති වීඩියෝවකුයි, කවි පන්තියකුයි. එහෙම කිව්වට සමහරවිට මේ දෙකටම පොදු සාධකයකුත් තියෙන්න ඇහැකි :).
මේ දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි, අනුන්ගෙ. ඒත් මේවට මං කැමති නිසා ඔහෙලත් එක්ක බෙදාගන්නව. නිධාන කතාව හිතාගන්න එක ඔහෙලට බාරයි :)
Read more »
Aug 30, 2013
License to Wed
අපි ඔක්කොම් දන්නව නෙව කතාව?
ඕං ඉන්නව ගොබිල, රජගෙදර පරෙයියා වගේ. නිදහස් ජීවිතේ...
ඔහොම ඉන්න කොට තමා අපල කාලෙ ලබන්නෙ :)
Read more »
Jun 2, 2013
පක්ෂියා රජ කරවීම
කාලෙකට ඉස්සර ඉස්සර තිබ්බ SAF Games වලට අපේ කස්ටිය ලෝගො එකක් නිර්මාණය කරලා තිබ්බා. මේකෙ ඉන්නෙ වලි කුකුලෙක් -අපේ ජාතික පක්සියා. කුකුලා නං කාරියක් නෑ කියමුකො - ඔය මොකක්ද අහවල් එකක් ගුගල් කරලා කප් එක ඉස්සුවෙත් අපි නොවැ. ඇයි වලි කුකුලා? අපි එහෙම වලි වලට යනවයැ, බොහොම සාමකාමී ජාතියක් නොවැ? මං නං කියන්නෙ අපිට ගැලපෙන්නෙ බස්සෙක් - කියන, කියදේට "හූම්, හූම්" කිය, කිය, ගහන ගහන පදේට ඔලුව වන, වන ඉන්න කස්ටියට, බස්සෙකුට වඩා ගැලපෙන ආදේශකයක් තවත් කොයින්ද?
Read more »
Mar 2, 2013
When Life Gives You Lemons....
When life gives you lemons....make lemonade.
කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව.
මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණාටු. කිසිම වගතුවක් නෑ.
මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?
Read more »
Feb 17, 2013
අන්තිම තුරුම්පුව
http://www.equedia.com/wp-content/upload
s
/2012/08/15908492-last-chance-road-sign.jpg
සිංහල බ්ලොග් අවකාසෙන් ලේඛකයො අතුරුදහන් වෙන්න පටන් අරං. ඉන්න එවුනත් ලියෙන්නෙ, අර අවාරෙ කජු වැටෙනව වගේ. උදේ පාන්දරම හිස්බඩ බ්ලොග් එකක්, දෙකක් කියවලා ( සමහරු ඕකට හැලප කන්ට යනවා කියලත් කියනවා :D) , දවසේ වැඩ පටන්ගන්න මට මේක එසේ මෙසේ පාඩුවක් නෙමෙයි.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts ( Atom )