Aug 15, 2021

අමතක නොවන මතක සටහන්

මගේ පලවෙනි රස්සාව කලේ අඹතලේ. මුලදි අම්මා රසට උයාදීපු බත් මුලත් අරගෙන, බස්, කෝච්චි වල ගිහින් ෂිෆ්ට් ඩියුටිත් කලා. රෑ පාලු කොච්චි වල යන එක ආතල් වැඩක්. ඒත් පාලු පෙට්ටි වලට වැල්ලද්දර වෙන්ට මංකොල්ලකාරයො නගිනවා. ශිෆ්ට් ඩියුටියෙ ඒ හැටි වැඩක් තිබ්බෙ නෑ. ගෝලය එක්ක, ගමේ ඕප කතා කරන එකයි, අර බත් එක කන එකයි තමයි දවසේ වැදගත්ම කාරිය වුනේ. ඒත් දිගටම මේ දුර ගමන් සේවය කරන්න බැරි වුන නිසා, ක්වාටර්ස් වල නවතින්න වුනා. අම්ම දීපු බත්, සැපට ගිල,ගිල හිටිය එකෙකුට, ජීවිතේ ගෙදරින් පිට පලවෙනි නැවතීම කියන්නෙ, ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඇයි උයන්නත් එපැයි.

Aug 4, 2021

ඔක්කෝටම මුල හොර බස්සා

මේ හොඳ අහිං- සක බස්සා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

පිණි වැටිලා කම්මුල් පෙඟිලා..
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..

Aug 2, 2021

දෙවෙනි වෙඩි මුරය

Windows 11 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචිය මතකයි නේද? ඔහෙලාගෙ උපදෙස් නිහතමානී ලෙස පිලිඅරගෙන ඉන්න කොට තමා, ගේට්ටුවා මහතාගෙ ජනේල ගෙදරින් පනිවිඩයක් ආවෙ. ඔය කියන්නෙ early bird 🐦 කියන එක නේද? ඉතිං මමත් එහෙමනෙ?