Aug 15, 2021

අමතක නොවන මතක සටහන්

මගේ පලවෙනි රස්සාව අඹතලේ, නවතින්න වුනා  ක්වාටස්වල.  ක්වාටස් වල මගේ සඟයා වුනේ බලපිටියෙ හිත හොඳ  හාදයෙක්. බලපිටියෙ කතා විලාසය, දකුණෙ කතාවට වඩා අමුතුයි. හොඳට ඇදලා පැදලා තමා කතා කරන්නෙ. 

ඔන්න දවසක් හැන්දෑවක, අපි දෙන්නා ක්වාටස් එක ඉස්සරහ කොට තාප්පෙ වාඩි වෙලා කයියක් ගහගෙන ඉන්නවා.  මේං, කොහේ ඉඳන්ද ආපු බළල් තඩියෙක් යනවා පාරෙ අනිත් පැත්තෙන්. මම කිව්වා "  ළූණු ගෙඩි දෙකත් අරගෙන, කොහෙද යන්නෙ , පූසෝ?" කියලා. බලපිටියා කියාපි " මොකා? පූචා නෙමෙයි බොල, ඕකා සෑනා" කියලා. මම ඉතින් මගේ යුතුකම විදිහට, අනෙත් අයටත් විස්තරේ කියලා, එදා ඉඳන් බලපිටියට "සෑනා" කියන නම බෞතීස්ම කලා.

Aug 4, 2021

ඔක්කෝටම මුල හොර බස්සා

මේ හොඳ අහිං- සක බස්සා..
තනිවී හඬනා හැටි දැක්කා..
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ..

පිණි වැටිලා කම්මුල් පෙඟිලා..
පිහාටු වල සායම් මැකිලා..
බකමූණා අපි එක්කලා කිව්වා..
රහසක් ඉකිබිඳලා..

Aug 2, 2021

දෙවෙනි වෙඩි මුරය

Windows 11 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචිය මතකයි නේද? ඔහෙලාගෙ උපදෙස් නිහතමානී ලෙස පිලිඅරගෙන ඉන්න කොට තමා, ගේට්ටුවා මහතාගෙ ජනේල ගෙදරින් පනිවිඩයක් ආවෙ. ඔය කියන්නෙ early bird 🐦 කියන එක නේද? ඉතිං මමත් එහෙමනෙ?