හෝතම්ඹුවායි, මල්ලියි එකට මෙහෙ ඇවිල්ලා තියෙන්නෙ. මුලදි දෙන්නම එකට සර්වයිවල් ජොබ්ස් කලත්, හෝතම්ඹුවා කකුල් වන,වන ඉඳිද්දි, මලයා පට,පට ගාලා ඉහලට ගියා. මම ඉතිං ඒ කාලෙ හෝතම්ඹුවාගෙ රෙන්ට් එකත් එක්කම ගෙව්වා. පස්සෙ හෝතම්ඹුවාට තරමක් හොඳ රැකියාවක් ලැබුනාම රෙන්ට් ගෙවන්න ගත්තා,ඒත් පරණ ණය ගැන මීක් නෑ. ආයෙ පස්සෙ කාලෙකත් ලෝයර්ලා හෝතම්ඹුවාව නැති කලාම, ආයෙ අවුරුද්දක රෙන්ට් එකට විද්දා. පස්සෙ කිව්වා ඒකත් පරණ ණයටම දාන්න කියලා.😋
මලය හතර රියන් පුරුසයා, ඒ වගේම ඉහලටම ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් තමන් ගෙ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමති වුනේ නෑ - ස්ට්‍රෙස් එකයි ලැබෙන ගාණයි වටින්නෙ නෑ කිව්වා. ඒත් පාඩුවක් වුනේ නෑ, නියම බිස්නස් පාට්නර් කෙනෙක් ලැබිලා, වැඩි හරියක් සුද්දො ඉන්න පැත්තක "ඉහල මධ්‍ය පාන්තික" ජීවිතයක් ගත කලා. හිත හොඳ ගොබිලෙක් වෙච්ච මලයාට මුල මතක තිබ්බා. ඒ දවස්වල (මලයට අග-හිඟ නැති කාලෙ) හෝතම්ඹුවා දවස් ගණන් එහේ ගිහින් ඉන්නවා. මලයට යාන-වාහන(+බෝට්ටු) හැම දෙයක්ම තිබ්බා. ඒ කාලෙ හෝතම්ඹුවා ආපහු එන්නෙ ඉහින්-කනින් ගත්ත, මලය අරන් දීපු තෑගිත් අරගෙනයි. හෝතම්ඹුවා මලයව සම්පූර්ණයෙන් අයිති කරගෙන හිටි නිසාත්, මම දුප්පත් සොලිටරි පක්සියා නිසාත්, රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්න නොගිහින් මගේ පාඩුවෙ හිටියා. ඕන්න එතකොට ට්‍රම්පුච්චා ඇවිත් වටේටම නෙලන්න ගත්තා. මම විස්තර දන්නෙත් නෑ, හාර අවුස්සන්න ගියෙත් නෑ, බිස්නස් අවුල් නිසා මලයා ලංකාවට යනවා කියලා හෝතම්ඹුවා කිව්වා. මම හා කිව්වා. ඊට පස්සෙ තමා මලයා බෑග් දෙකකුත් අරගෙන අපේ ගෙදරට ආවෙ. අපි ඉඳහිට කතා කලා. මලයගෙ සාමාන්‍ය දැණුම, මගෙත් එක්ක බොහෝ දුරට සමපාත වුනත්, අපි දිගට කතා කරනවට හෝතම්ඹුවා කැමති වුනේ නෑ. එහෙන්, මෙහෙන් හින්ට් ගැහැව්වා. මුලදි දෙන්නම එකට සවාරි ගියත්, පස්සෙ මලයා තනියම සාලෙ ඉන්නවා මම දැක්කා. ඔහුම හෝතම්ඹුවාට අරන් දීපු කවුච් බෙඩ් එකේ, මලයටම නිදා ගන්න සිදුවීම දෛවයේ සරදමක්ද මන්දා?මලයා ඈත පලාතක රස්සාවක් හොයා ගත්තා.
හෝතම්ඹුවා මලයව ඩ්‍රොප් කරන්නවත් ගියේ නෑ.මම මගේ වාහනේ දුන්නා සුමානෙකට අරං යන්න. "ඇත්තටම වාහනේ දුන්නද?" කියලා හෝතම්ඹුවා පුදුමෙන් ඇහුවා. මම "ඔව්, මිනිස්සු වැටුනාම තමයි උදව් කරන්න ඕනෙ. ඇයි මම උඹටත් උදව් කලේ වැටිච්ච වෙලාවෙ?" කිව්වාම හෝතම්ඹුවා මීක් නොකියා ලුහුටලා ගියා. හෝතම්ඹුවා මලයා ගැන කිව්වෙ "ඔය කෙලෝගෙන තියෙන්නෙ" කියන කුප්ප කතාව විතරයි. මම ඒක මලයට කිව්වෙ නෑ. මම මේ වාහනේට පට්ට කැමති මට නැති වෙලාවෙ පිහිටට හිටිය නිසා" කියලා මලයා මගේ පරණ වන්ඩිය ගැන කිව්වා.
මලයගෙ ක්‍රෙඩ්ට් ස්කෝර් අන්තිමයි. "ඔයා ඔච්චර උගත් කෙනෙක් වෙලත් එහෙම වෙන්න ඇරියෙ ඇයි?" කියලා මම ඇහැව්වා. එක්තරා සමාජ මට්ටමක ජීවත්වෙලා වැටුනාම, එක සැරේට ඒක පෙන්නන්න බැරි වුනා කිව්වා. මම කිව්වා "මට තේරුම් ගත හැකියි, ඒත් "ෆයිනෑන්ෂල් ඩිසිප්ලීන්" සහ "එස්කේප් ස්ටැටර්ජි" ගැන ඔයිට වඩා හිතන්න" කියලා. මලයගෙ බිස්නස් සහ පාට්නර් ගැන මම ඇහැව්වෙත් නෑ, එයා කිව්වෙත් නෑ. මම මගේ සීමාවෙ ඉඳගෙන කියන්න ඕනයි කියලා හිතෙන දේ විතරක් කිව්වා.
ඔහු තමන්ගෙ ගේ විතරක් ඉතුරු කර ගත්තා. මාව එක්ක ගියා පස්සෙ ඒක බලන්න. ඒක ගෙයක් නෙමෙයි මාලිගාවක්. කුලියට දීලා ඒකෙන් මෝගේජ් එක ගෙවනවා. දෙවනියට පටන් ගත්ත බිස්නස් එකටත් අවුලක් ආවා. කරදර එනකොට එකපිට එනවා කියන කතාව ඇත්ත. මම ඔහුට ලොකු උදව්වක් කලා කාටවත් කියන්න එපා කියලා. "මම තෑන්ක්ස් කියන්නද, පිං කියන්නද?" කිව්වාම "මුකුත් කියන්න එපා, ආයෙ ජීවිතේ ගොඩ ගන්න" කියලා මම කිව්වා.ඔහු මගෙන් ඉල්ලුවෙ නෑ, මට හිතුනා මම කලා. මම ඒක කිව්වෙ ඔහායෝ ඉන්න මගේ ක්ලාස්මේට්ට විතරයි. ඌ කිව්වා මෝඩ වැඩක් කියලා. "කමක් නෑ, ආවොත් ආව, ගියොත් ගියා. අඩුම ගානෙ මට හොඳ මිත්‍රයෙක් ලැබුනා " මම කිව්වා. මමත් දුප්පතෙක්, ඒත් කාටවත් ණය නෑ. හෝතම්ඹුවා මට අදින්න පුබ්බක කියලත් තියනවා. ඒ ඌ වගෙ මම ණය වෙලා, ලෝකෙට පේන්න 7 සීටර් SUV එකක් අරගෙන "පේ චෙක් ටු පේ චෙක්" ලයිෆ් ස්ටයිල් එකක් නොගෙවන නිසා වෙන්ටෑ? මම දැක්කෙ, වැටිච්ච ජීවිතේ ගොඩ ගන්න දගලන දරුපවුල් කාරයෙක්. ඒ බර තමන්ම දරාගෙන හිටිය පියෙක්. මලයට පපුවෙ කැක්කුමක් ඇවිත් තිබ්බා. මම නිදන් ඉන්න අතරෙ, හෝතම්ඹුවා මලයව තනියම හොස්පිටල් යවලා. මම ඇහැව්වා ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ කියලා. පස්සෙ මලයා මට කිව්වා පපුවෙ අමාරුව ආවෙ, ස්ට්‍රෙස් එක නිසා බව. ඒක මගේ බොක්කටම වැදුනා. අපිත් ජීවිතේ වැටිලා හොම්බෙන් ගිහින් නැත්තෙම නෑනෙ?
ඇත්තටම මලයා ගියාම පාලුවක් දැනුනා. අපි අදහස් හුවමාරු කරගත්තා. ඔහු මට කියා දුන්නා "අවශ්‍ය දේට කතා නොකලාම, ගෝනි නැතුවම කරට ගොඩ වෙන බව".ඔහු මාව වැඩිපුර එලියට යන්න උනන්දු කෙරෙව්වා. සමහර "ව්‍යාපාර සබඳතා" පවත්වා ගන්න, ඒ සමාජ තත්ත්වයන් ඕන බව ඔහු කිව්වා. මම ඒක පිලිගත්තා. ඒත් ලෝකෙ දුවන්නෙ සල්ලි උඩ බවත්. නැති දා වටේ ඉන්න වැඩි දෙනෙක් වාෂ්ප වෙන බවත් මම ඔහුට මතක් කලා.අපි වැට් කරනවා, ඒත් මම වැඩිය වාත වෙන්න කැමති නෑ, දැන් ඔහු සෙකන්ඩ් ජොබ් එකකුත් කරන නිසා. එක වගේ හිතන මිත්‍රයෙක්ගෙ සමාගමය කියන්නෙ ආශිර්වාදයක්. "අපි වැලිගම්පිටි"යන්න ඉස්සෙල්ලා මුණ ගැහෙන්න ඉඩක් නැද්ද? කියලා එහෙම තව "එක වගේ හිතන මිත්‍රයෙක්" SMS එකක් එව්වා. මට ලංකාවට යන්න හිතෙන්නෙ නැති හේතු තියනවා. ඒ නිසාම එවැනි "මිත්‍ර සමාගම්" මිස් වෙනවා. ඕව් ඔහොම තමයි අපෙ හාංදුන්නේ!
මම පන්සල් යන්නෙ නෑ, නමට බෞද්ධයා. කාටවත් දානෙ කවලා මට දිවිය ලෝකෙට වීසා ගන්න බලාපොත්තුවකුත් නෑ. ඒත් වැරදිලා හරි දිවිය ලෝකයක් හරි ස්වර්ගයක් හරි තිබ්බොත්, මටත් චෑන්ස් එකක් වදීවි නේද?
No comments:
Post a Comment
ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code