ගෙදර ෂෙයාර් කරන් ඉන්න හාදයා - හෝතම්ඹුවායි , මල්ලියි එකට මෙහෙ ඇවිල්ලා තියෙන්නෙ. මුලදි දෙන්නම එකට සර්වයිවල් ජොබ්ස් කලත්, හෝතම්ඹුවා කකුල් වන,වන ඉඳිද්දි, මලයා පට,පට ගාලා දියුණු වෙලා තියනවා. මලයගෙ ප්‍රියමනාප පෙනුමත්, උසස් අධයාපනයෙන් ලැබුණ පන්නරයත්, බාගදා ඒකට ඉවහල් වෙන්න ඇති. මම ඉතිං , හෝතම්ඹුවා නෝජොබ් කම්පැණියෙ ඉන්න කාලෙ, හෝතම්ඹුවාගෙ රෙන්ට් එකත් එක්කම ගෙව්වා. පස්සෙ හෝතම්ඹුවාට තරමක් හොඳ රැකියාවක් ලැබුනාම ආයෙ රෙන්ට් ගෙවන්න ගත්තා,ඒත් පරණ ණය ගැන මීක් නෑ. ආයෙ පස්සෙ කාලෙකත් ලෝයර්ලා හෝතම්ඹුවාව නැති කලාම, ආයෙ අවුරුද්දක රෙන්ට් එකට විද්දා. පස්සෙ කිව්වා ඒකත් පරණ ණයටම දාන්න කියලා.😋
මලය හතර රියන් පුරුසයා, ඒ වගේම ඉහලටම ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් තමන් ගෙ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමති වුනේ නෑ - ස්ට්‍රෙස් එකයි ලැබෙන ගාණයි වටින්නෙ නෑ කිව්වා. ඒත් පාඩුවක් වුනේ නෑ, පහු කාලෙක නියම බිස්නස් පාට්නර් කෙනෙක් ලැබිලා බිස්නස් වලට බැහැල, වැඩි හරියක් සුද්දො ඉන්න පැත්තක "ඉහල මධ්‍ය පාන්තික" ජීවිතයක් ගත කලා. හිත හොඳ ගොබිලෙක් වෙච්ච මලයාට මුල මතක තිබ්බා.| weaselton- හෝතම්ඹුවා |
මලයගෙ ක්‍රෙඩ්ට් ස්කෝර් අන්තිමයි. "ඔයා ඔච්චර උගත් කෙනෙක් වෙලත් එහෙම වෙන්න ඇරියෙ ඇයි?" කියලා මම ඇහැව්වා. එක්තරා සමාජ මට්ටමක ජීවත්වෙලා වැටුනාම, එක සැරේට ඒක පෙන්නන්න බැරි වුනා කිව්වා. මම කිව්වා "මට තේරුම් ගත හැකියි, ඒත් "ෆයිනෑන්ෂල් ඩිසිප්ලීන්" සහ "එස්කේප් ස්ටැටර්ජි" ගැන ඔයිට වඩා හිතන්න" කියලා. මලයගෙ බිස්නස් සහ පාට්නර් ගැන මම ඇහැව්වෙත් නෑ, එයා කිව්වෙත් නෑ. මම මගේ සීමාවෙ ඉඳගෙන කියන්න ඕනයි කියලා හිතෙන දේ විතරක් කිව්වා.
ඔහු තමන්ගෙ ගේ විතරක් ඉතුරු කර ගත්තා. පස්සෙ දවසක, මාව එක්ක ගියා ඒ ගේ බලන්න. ඒක ගෙයක් නෙමෙයි මාලිගාවක්. කුලියට දීලා ඒකෙන් මෝගේජ් එක ගෙවනවා. දෙවනියට පටන් ගත්ත බිස්නස් එකටත් අවුලක් ආවා. කරදර එනකොට එකපිට එනවා කියන කතාව ඇත්ත.මම ඔහුට ලොකු උදව්වක් කලා කාටවත් කියන්න එපා කියලා. "මම තෑන්ක්ස් කියන්නද, පිං කියන්නද?" කියල මලය කිව්වාම "මුකුත් කියන්න එපා, ආයෙ ජීවිතේ ගොඩ ගන්න" කියලා මම කිව්වා. ඔහු මගෙන් ඉල්ලුවෙ නෑ, මට හිතුනා මම කලා. මම ඒක කිව්වෙ ඔහායෝ ඉන්න මගේ ක්ලාස්මේට්ට විතරයි. ඌ නං කිව්වා, මම කලේ මෝඩ වැඩක් කියලා. "කමක් නෑ, ආවොත් ආව, ගියොත් ගියා. අඩුම ගානෙ මට හොඳ මිත්‍රයෙක් ලැබුනා " මම මිත්‍රයට කිව්වා.
මමත් දුප්පතෙක්, ඒත් කාටවත් ණය නෑ. හෝතම්ඹුවා මට අදින්න පුබ්බක කියලත් තියනවා. ඒ ඌ වගෙ මම ණය වෙලා, ලෝකෙට පේන්න 7 සීටර් SUV එකක් අරගෙන "පේ චෙක් ටු පේ චෙක්" ලයිෆ් ස්ටයිල් එකක් නොගෙවන නිසා වෙන්ටෑ? මම දැක්කෙ, වැටිච්ච ජීවිතේ ගොඩ ගන්න දඟලන දරුපවුල් කාරයෙක්. ඒ බර තමන්ම දරාගෙන හිටිය පියෙක්. මලයට පපුවෙ කැක්කුමක් ඇවිත් තිබ්බා. මම නිදන් ඉන්න අතරෙ, හෝතම්ඹුවා මලයව තනියම හොස්පිටල් යවලා. මම ඇහැව්වා ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ කියලා. පස්සෙ මලයා මට කිව්වා පපුවෙ අමාරුව ආවෙ, ස්ට්‍රෙස් එක නිසා බව. ඒක මගේ බොක්කටම වැදුනා. අපිත් ජීවිතේ වැටිලා හොම්බෙන් ගිහින් නැත්තෙම නෑනෙ?
ඇත්තටම මලයා ගියාම පාලුවක් දැනුනා. අපි අදහස් හුවමාරු කරගත්තා. ඔහු මට කියා දුන්නා "අවශ්‍ය දේට කතා නොකලාම, ගෝනි නැතුවම කරට ගොඩ වෙන බව".ඔහු මාව වැඩිපුර එලියට යන්න උනන්දු කෙරෙව්වා. සමහර "ව්‍යාපාර සබඳතා" පවත්වා ගන්න, ඒ සමාජ තත්ත්වයන් ඕන බව ඔහු කිව්වා. මම ඒක පිලිගත්තා. ඒත් ලෝකෙ දුවන්නෙ සල්ලි උඩ බවත්. නැති දා වටේ ඉන්න වැඩි දෙනෙක් වාෂ්ප වෙන බවත් මම ඔහුට මතක් කලා.හෝතම්ඹුවා බර්ත් ඩේ එකටවත් විෂ් කලෙත් නෑ, කතා කරන්නෙත් නෑ කියල මලය කිව්වා. මුලින් මලයා මෙහෙ ඇවිත්, අපිව බර්ත් ඩේ එකට කෑමට එලියට එක්ක යන්න හිටියෙ. මම ඇහැව්වා "පයිත්තියන්ද? මේ සල්ලි නැති වෙලාවෙ" කියලා. මම ඔහුව එක්කන් ගිහින් අලුත් නවාතැනට ගෙනියන්න බඩු, ග්‍රොසරි බඩු අරන් දුන්නා. ඇයි කියල ඇහැව්වාම බර්ත් ඩේ ප්‍රසන්ට් එක කියල හිතාගන්න කිව්වා. ඒත් ඔහු බල කලා ඔහු ගානෙ දවල් කෑම කමු කියලා. මම කිව්වා තෝසෙ කඩේට ගිහින් කෑම අරන් යමු කියලා. අපි ගෙදර ඇවිත් හොඳට කාලා, මලය ඉතුරු අරං ගියා රෑට කන්න. අපි බඩු ගන්න ඩොලර් කඩේට ගියාම ඔහු කිව්වා "ලොකු කමකට කියනවා නෙමෙයි, ඉස්සර මම මේ වගේ තැන් වලින් බඩු ගත්තෙ නෑ. ඒත් මට පුලුවන් ඕනම දේකට හැඩගැහෙන්න, ඒත් මගේ පවුලෙ අයට බැරි වේවි" කියලා. මම මුකුත් කිව්වෙ නෑ. ඒක ඔහු විසින්ම විසඳා ගතයුතු දෙයක්.
| කාක්කොන්ට ආප්ප |
හෝතම්ඹුවාට ඉව වැටිලා ඇති මලයා වෙනස් වෙලා කියලාත්, විසබීජෙ දැම්මෙ මම කියලත්. ඒත් මලයාවත්, මමවත් හෝතම්ඹුවාගෙ නුගුණ කිව්වෙ නෑ.මම කිව්වෙ "ඕනම කෙනෙක් එක්ක ඕනවට වඩා කාලයක් ලඟින් ඉන්න කොට "ක්‍රැක්ස්" පෙන්න ගන්නවා" වගේ දේ විතරයි.
එක වගේ හිතන මිත්‍රයෙක්ගෙ සමාගමය කියන්නෙ ආශිර්වාදයක්. "අපි වැලිගම්පිටි"යන්න ඉස්සෙල්ලා මුණ ගැහෙන්න ඉඩක් නැද්ද? කියලා එහෙම තව "එක වගේ හිතන මිත්‍රයෙක්" SMS එකක් එව්වා. මට ලංකාවට යන්න හිතෙන්නෙ නැති හේතු තියනවා. ඒ නිසාම එවැනි "මිත්‍ර සමාගම්" මිස් වෙනවා. ඕව් ඔහොම තමයි අපෙ හාංදුන්නේ!
මම පන්සල් යන්නෙ නෑ, නමට බෞද්ධයා. කාටවත් දානෙ කවලා මට දිවිය ලෝකෙට වීසා ගන්න බලාපොත්තුවකුත් නෑ. ඒත් වැරදිලා හරි දිවිය ලෝකයක් හරි ස්වර්ගයක් හරි තිබ්බොත්, මටත් චෑන්ස් එකක් වදීවි නේද?
සමහර මිනිස්සු ජීවත් වෙලා හිටියත් මළා වගෙයි.
-පමුණුවේ පරසිදු සූපවේදී නිදියා-
මුලදි පෝස්ට් එක සින්ඩිවල අප්ඩේට් වුනේ නෑ. මට තිබිච්ච අවුල නිතර ඇවිත් මාව දිරිමත් කරන, අලුත් පෝස්ට් තියෙනවද බලන, මිත්‍රයො නොදකීද කියන බය විතරයි. ආයෙ මොකටෑ බොරු කියන්නෙ, අපිට දුවන්න ශක්තිය ලැබෙන්නෙ කමෙන්ට් වලින් තමයි. ඒ හින්දා මම ම කමෙන්ට් දෙකක් දාගන්න හිතුවා.
ReplyDeleteඅර මාලු අධ්‍යක්ෂකට වගේ දුවන්න ශක්තිය ලැබෙන්න පිටිපස්සෙන් னයෙක් එවන්න පුලුවං ඕනනං.
Deleteමාලු අධ්‍යක්ෂකගෙ කතාව දන්නෙ නෑ. ගූගල්, නයි මාලු බාන වීඩියෝවක් ඕනෙද ඇහැව්වා?🤣
Deleteනුවරඑළියට වෙලා දැහැමින් සෙමින් අල හිටෝගෙන හිටපු ස ප කොමෙක් දැං මාලුංගෙ ටෙලිනාට්ට අධ්‍යක්ෂනය කරනව කියල තමයි ලෝකය කියන්නෙ.
Deleteහුටා! එහෙමත් එකක්ද? ඉඳා බිත්තරයක් ඔත්තුවට.🐣🥚🥚
Deleteමම මගේ "ණයත් නෑ,බයත් නෑ" ගැන ලිව්වාම, ඒකට සෑහෙන්න බලවත් ප්‍රතිතර්ක ආව මගේ හිතවතුන් ගෙන්ම. පුදුමෙ කියන්නෙ මලයත් ඔහුගේ අතීත ජීවිතේ ගැන ඒ හැටි පසුතැවීමක් නැති පාටයි. ඔහු කියනවා, ඔහු ඒ ඉහල පන්ති ජීවිතේ රසවින්ඳා කියලා. මම හන්ටින්, බෝටින්, ගොල්ෆින් සහ ස්කීන් වගේ දේ අත්දැකලා නැති නිසා වැරදියි කියන්නත් බෑ. ඒත් මේ දේශපාලන, ආර්ථික වාතාවරණය කොච්චර අස්ථාවරද කියල පේන කොට, මට මගේ හිතූමතේ ජීවිතේ හොඳයි කියල හිතෙනවා.
ReplyDeleteහන්ටින් , බෝටින් , ගොල්ෆින් , ස්කීන් හතරම කල . ටිකක් හරි නැගල ගියේ බෝටින් හෙවත් කයාකින් . හිතුමතේ ජිවිතේ තමා දැන්
Deleteඔව් කැමති දේ කරන්න, අකමැති දේ නොකරන්න තියෙන හැකියාව තමයි හොඳම දේ.
Deleteෂුවර් එකටම හෝතම්ඹුවා හෙල කොල්ලෙක් වෙන්න ඇති. අනිවාර්යෙන්ම අපේ හෙල උන් දන්නවා පිටි පස්සේ ඉදන් පිහියෙන් අනින්න, අගේ ඉදන් කන කන්න, බටර් ගාන්න, දිය රෙද්දෙන් බෙල්ල කපන්න, කපන්න බැරි අත ඉබින්න වාගේ අටෝ රාසියක් වැඩ උප්පත්තියේ ඉදන්ම ජානවල පිහිටා තියෙනවා.
ReplyDeleteසක්‍රයා.....
හම්මේ ඔබ වහන්සෙ වැඩිය එකම මට ඇති. පාන්ඩු කම්බල සයිලාසනේ උණු වුනා වත්ද?
Deleteඔව් හෝතම්ඹුවා යක් පුතෙක්, හැබැයි නිතරම පල්ලි යනවා. ඒත් මම හිතන්නෙ, හෝතම්ඹුවාගෙ හොඳ පැත්ත විතරයි. සෘණාත්මක් සිතිවිලි වලින් වෙන හොඳක් නෑ නෙව? හෝතම්ඹුවා සම්පූර්ණයෙන්ම නරකම නැහැ. එහෙන් මෙහෙන් හොඳ දේත් කරලා තියනවා.
ස්තූතියි මුල්ම කමෙන්ටුවට.👌🙏💐
දෙයියනේ... අපි සක්‍රය ගැන හිතාගෙන හිටපු හැටි වැරදියි වගේ.
Deleteඇයි කොහොමද හිතාගෙන හිටියෙ?
Deleteඉස්සර ඩබල් ඩෙකර් බස් තිබ්බ කාලෙ කොන්දොස්තර කිව්වලු "උඩින් බහිනවා" කියල. පුට්බෝඩ් ඉඳපු වෙරි කාරයෙක් " කව්ද උඩින් බහින්නෙ, සැක්‍රයද?" කියලා.
මම හිතන්නෙ මේ වගේ ටෝක්ස් එකක් දෙන්න පරිනත වෙන්න සක්‍රය හොරෙන්ම ලංකාවට ඇවිල්ල කාලයක් ජීවත් වෙලා තියෙනව වගේ.
Deleteඅර මනුස්සට ඔච්චර දෙයක් වෙලත් මෙයාගෙ පාණ්ඩු සයිලාසනේ උණුවෙලා නැද්ද එතකොට.
කව්දෝ කිව්වා දැන් සැක්‍රය ඒකෙ ඉඳගන්නෙ නෑලු. දැන් ඒකෙ රොටි පුච්චනවා කියන්නෙ.🤔
Deleteකොත්තු ගහන්නනං කියම භාණ්ඩෙ.
Deleteඅම්මපා ඒක නියම අයිඩියා එක. "හොටෙල් සයිලාසන" . කාවද කොත්තු බාස්ට ගන්නෙ? කොත්තු බාස් වුනත් දිවිය ලෝකෙ නෙව? දිව්‍ය කෑලි එහෙමත් නැතෑ නේද?
Delete//හෝතම්ඹුවා සම්පූර්ණයෙන්ම නරකම නැහැ. එහෙන් මෙහෙන් හොඳ දේත් කරලා තියනවා.//
Deleteහොඳ නරක සංසන්දනාත්මකයිනෙ. කොහොමත් තනි සුදු හෝ තනි කලු නෑනෙ.
ඔය හෝතම්ඹුව ඉතිං සර්ප අටෑක් එකක් ආපු වෙලාවටවත් පිහිටක් වෙයි කියල හිතනව. මීයොනම් ඉතිං බැස්ටියන් උන්නාන්සෙටම බලා ගත්තෑකිනෙ.
මූ ටිකාක් කලු පැත්තට බර වැඩියි. හැබැයි වැරදි අනුන්ට පටවන්න දෙයියා.
Deleteපත්තරය තමයි කොත්තු වැඩේට හරියන්නෙ.
Deleteකොත්තුපෑඩ්
Deleteඇයි අර "බ්‍රෑන්ඩ් එක ගල්" හාදයා? අම්මපා අපේ පරණ සැට් එක වුත වෙලා නෑ නේද?
Deleteකොත්තුපෑඩ් කියලා සර්ච් කලාම ගූගල් මෙහෙම කිව්වා:
Deleteකොත්තු යනු ශ්‍රී ලංකාවට ආවේණික, ලොව පුරා ඉතා ජනප්‍රිය රසවත් ආහාරයකි. සාමාන්‍යයෙන් මෙය සිහින්ව කපාගත් ගෝදම්බා රොටියක්, මස් වර්ගයක් (චිකන්, හරක් මස් හෝ බැටළු මස්), බිත්තර සහ එළවළු (ලීක්ස්, කැරට්, ළූණු, අමුමිරිස්) දමා විශේෂ තුනපහ යොදා ලෝහ තල දෙකකින් කොටා සාදනු ලැබේ.නමුත් අද වන විට රොටි වෙනුවට පාන් (පාන් කොත්තු), ඉඳිආප්ප (ඉඳිආප්ප කොත්තු), ආප්ප (ආප්ප කොත්තු) හෝ ඕට්ස් (ඕට්ස් කොත්තු) යොදාගෙන විවිධ රසයන්ගෙන් යුත් කොත්තු වර්ග රැසක් නිවසේදීම පහසුවෙන් සාදාගත හැක
සැබෑ හෝතඹුවත් මේ හෝතම්ඹුවත් අතර තියන සමාන කම් මොනවද දන්නෙ නෑ!
ReplyDeleteඅල්ලන්න බෑ ලිස්සනවා. කුකුලත් කිහිල්ලෙ ගහගෙනම තමයි මාරු වෙන්නෙ.😋
Deleteඅපාට්මන්ට් එක ඔයාගේ නම් පුපට පයින් එකක් ගහල එළවන්නේ නැත්තේ ඇයි
Deleteඑහෙම කරන්න තරම් දරුණු තත්ත්වයක් නෑ කියලයි හිතෙන්නෙ. මිනිස්සු ඔහොම තමයි. විශේෂයෙන්ම අපේ අය කැමතියි අනුන්ගෙ දුකට හිනාවෙලා, තමන්ව පුම්බ ගන්න. මම එහෙම අයව අතේ දුරින් තියාගන්නවා.
Deleteහෝතම්ඹුවා, එයාගෙම යාළුවා වුන මලයා වැටුනම හිනාවුනා. ඒත් හෝතම්ඹුවාගෙ සිටිසන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා ඩිපෝටේෂන් ඕඩර් ඇවිත් ඉන්නෙ. එහෙම ඉන්න එකා, පඩියෙන් බාගයක වාරික ගෙවන්න වාහනයක් ගන්නවා. මට මේ හෝතඹු ලොජික් තේරෙන්නෙ නෑ ලොක්කා. ඒත් මට බෑ එලියට දාන්න.🤔
මෙහෙත් ඉන්නව එහෙම අය . ලංකාවේ උගස් කරලා ගෙවල් , සමහරු කතා කරන කොට කියන්නේ මම අහවලා . අතන වැඩ කලේ . මං ගැන අහල නැත්ද වගේ කතා . වැඩිපුරම කෙයාර් හෝම් වල වැඩ කරන්නේ . නැත්නම් අපි ස්ටුඩන්ට් කාලේ කරපු රස්සා . ප්‍රශ්නයක් නැහැ ඉතින්. මම ඒවා පහල දමනවා නෙමේ . ජොබ් ගැන හොයන්නේ නැහැනේ මේ රටේ . නමුත් ඒක හින්දද මන්ද ලොකු වාහනයක් නම් ගන්නවා . වාරික ගෙවන්න . මටත් තේරෙන්නේ නැහැ ඕක
Deleteඔබ කියනවා වගේ මටත් කෙනෙකුගේ රැකියාව ප්‍රශ්ණයක් නෑ. මේ සමහරු අනුන්ව පාච්චල් කරන එක තමා පෙන්නන්න බැරි. මෙහෙ ඉන්න අපේ අයගෙ බෝතල් පාටි වල ප්‍රධාන විනෝදාංශය ඕක.
Deleteබැහැයි කියලා බැහැයි කියලා බෑ
බැහැයි කියලා බැහැයි කියලා බෑ
බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය නගේ
බැහැයි කියලා බැහැයි කියලා බෑ
ඒ වුනාට හැමදේටම හා කියලත් බෑ......ඈඈඈඈ
ඇවැසි තැනදි , ඇවැසි දේට නෑ නොකියත් බෑ..ඈ
කෙලින්ම බෑ කියගන්න දිව නැමෙන්නෙ නෑ..ඈ
ගෝනි නැතුව කරේ නගියි, ඔහොම ඉඳලා බෑ...ඈ
අන්තිමට ඒක තමා වෙන්නේ
Deleteඅපේ ජානවල තියෙන කෙලින්ම නෑ,බෑ කියන්න බැරිකම නිසා මමත් ඇදගෙන නාගත්ත අවස්ථා අපමණයි. මේ තාමත් සුද්දො වගේ කෙලින්ම ඤැහ්, බැහ් කියන්න පුරුදු වෙමින් ඉන්නෙ.
Deleteදුක ෂැප නිති පෙරළේ
ReplyDeleteරිය සක ලෙස ලෝකේ කියල කවුද කියල තියෙනවනෙ.
දුක නැති තැන ෂැප නෑ කියනව නේද? දුක් විඳගෙන කඳු නගින්නෙත් ඒකයි කියන්නෙ?
Deleteඑහෙම සැප විඳින්න ඉතිං එවරස්ට් වත් නගින්න ඕන.
Deleteඑවරෙස්ට්ම ඕනෙ දේශීය කඳු හොඳා. බොහෝ කලකට පෙර රත්නපුරේ කන්දක් නැග්ගා. දවල්ට කඳු මුදුනෙදි කෑවෙ පාන්. හැන්දෑවෙ කන්ද බැස්සෙ පුපෙන්. පාන් කියා ගන්න බැරුව ආවම, කිව්වා මහන්සි නොබලා වෙලේ පොකුණෙන් නාගෙන එන්න කියලා. ඇවිත් කෑව වාඩියකින් පිරිමි උයපු ගම්මිරිස් හරක් මස් හොද්දක් එක්ක පිටි මඤ්ඤොක්කා. අදටත් මතකයි ඒකෙ රස. සැප කියන්නෙ මාස ගානක් ඇනිච්ච කටු ගැලෙව්වා.
Deleteමගේ අම්මෝ , මටත් ඇත්තටම හිතා ගන්න බැහැ ගෑනු උයනවට වැඩිය පිරිමි මස් උයන් එක රහ වෙන්නේ මොකද කියල . මිරිස් දානවා වැඩිද දන්නේ නැහැ . අපට ගෝනමස් වගයක් හදල දුන් සමනල වැව් පැත්තේ ගිහින් . ඒකෙ රස කුරහන් තලප තිබ්බ මයියොක්ක තිබබ් සම්බෝල එක්ක තව මොකද්ද අල ජාතියක් තිබ්බ
Deleteඔය වාඩි කෑම, හේනෙ උයන කෑම වල අමුතුම රසක් තියනවා. එකක් අලුත්ම අමුද්‍රව්‍ය නිසා වෙන්ටෑ? අනික එදා මස් එකට යහමින් ගම්මිරිස් දාලාත් තිව්නා. මට හිතෙන්නේ අවස්ථාව සහ පරිසරයත් ඕකට බලපානව ඇති. ගමන් මහන්සිය, බඩගින්න, හීතල වතුරෙන් නා ගත්ත එක වගේ දේවල්
Delete//මට ලංකාවට යන්න හිතෙන්නෙ නැති හේතු තියනවා. ඒ නිසාම එවැනි "මිත්‍ර සමාගම්" මිස් වෙනවා.//
ReplyDeleteඒ හේතු කවදහරි මිස් කරගනියි කියල බලාපොරොත්තු වෙනව.
ඇත්තම කියනවා නං බැරිම හේතුවකුත් නෑ. නංගි එක්ක විතරයි කතා කරන්නෙ. ඒත් එහෙ වුනත් වැඩි දවසක් ඉන්න අදහසක් නෑ. එහෙ විතරක් නෙමෙයි කොහේවත් වැඩි කලක් ඉන්න හොඳ නෑ. මම දන්නවා හොඳ මිනිස්සු තාමත් ලෝකෙ ඉන්නවා, ඒත් ඒක එහෙමයි කියලා අපි අනුන්ට බරක් වෙන එක නරකයි. ඔහෙ නැහ්ද මොටෙල් වගේ ඒව?
Deleteඑනවා නං එන්න ඕනෙ මෙහෙ සමර් එකේ දි. මෙහෙ ගෙවල් හදලා තියෙන්නෙ රස්නෙ රඳෝ ගන්න. සමර් එක අපාය වගේ.
නවතින්න රීසනබල් තැන් ඕනෙ තරම් තියනව. මොටෙල්/ගෙස්ට් හවුස්/පොඩි හොටෙල්/ගෙවල්වල රූම්ස්/ඇනෙක්ස්/ අපාර්ට්මන්ට්.
Deleteනෑදෑ/යාලු ගෙවල්වල ඉන්න ඕනෙ නෑ.
මම අවුරුදු 15 විතර පස්සෙ බස් එකේ/සබ් වේ එකේ ගියා,මලයත් එක්ක. මරන්න ගෙනියන හරකා වගෙයි ගියේ නං( ගිය එක හොඳා). ඊට පස්සෙ මූ, ඩවුන් ටවුන් එකේ ඇවිදින්න ගත්තා කියහංකො ලේක් ෂොර් එක පැත්තට. හොඳ වෙලාවට වැස්සක් ඇවිත් ආපහු හැරුනා. දැන් ඇවිදින්න කිසිම ආසාවක් නෑ.
Delete( කන්න/බොන්න තියේ නං, ඉන්ටනැට්ට තියේ නන්. මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ)
හදිසියෙවත් ලංකාවට ආවොත් මෙහෙත් එන්න. ගමේ කෑම වෙලා හදල දෙන්නන්.
Delete'කෑම වේලක්' හොඳේ.
Delete( කන්න/බොන්න තියේ නං, ඉන්ටනැට්ට තියේ නන්. මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ)
DeleteYep, so just visit us.
කම්ෆටබල් හුඹහක් දෙන්න පුලුවං AC කරපු.
Deleteඉන්ටනැට්ට නෑ හැබැයි னයි නැට්ටක් ගැන සලකා බැලිහැකි.
කන්නනං තියෙන්නෙ රෝස් පාං එක්ක බිත්තර තමයි.
@ නිදි
Deleteඉස්සෙල්ලා මම හිතුවෙ තලගොයි, ඉබ්බො කාපු නිදි, මාව තුනපහ දාලා ගමේ විදිහට උයන්න හදනවද කියලයි.😋
ආවොත් අනිවාර්‍යයෙන්ම එනවා.
පමුණුවෙ පාරෙ හෝටලයෙන් නොකෑ කට
මොකටද මයෙ කට, වාගෙයි හුඹස් කට
@Praසන්ன
Deleteතෑන්ක්ස් මෙයා. ඒත් ඔය පැත්තෙ හොතම්බුවො, මුගටි එහෙමත් ඇති නේද?🤔
@Pra Jay
DeleteThe political and economic landscape in this part of the world is incredibly volatile right now. When the orange baboon sneezes, we catch a polar vortex. With the cost of living going through the roof, the average Joe is inevitably feeling the squeeze. Let the storm pass, then I'll think about it.
ලන්ඩන් වරෙන් . මෙහෙ හොඳයි . අපි වගේ හොඳ මිනිස්සු ඉන්නේ . ඔය ප් [ ප්‍රා ජේ දෙපාරක් ආවේ . දෙවෙනි පාර ඉන්න බෑ කිව්වනේ අපේ ගෙදර . හොඳ වැඩියි කියල .
Deleteමේ රටේ ඒ හැටි වරදක් නෑ. අපේ සමහර අයගෙ තමා අවුල තියෙන්නෙ. මලයා ඈත පලාතකට ගියෙත්, මෙහෙ ඉන්න හිනාවෙන්න බලාගෙන ඉන්න එවුන් නිසයි. මම ආශ්‍රය කරන අය සීමිතයි. ණයත් නෑ, බයත් නෑ.😋
Deleteරයිගම ලියලා තිබ්බා ඔස්ට්‍රේලියාවෙත් අන්ත දක්ෂිනාන්ත දේශපාලන රැල්ලක් යනවා කියලා. ඔහෙත් එහෙම ප්‍රවනතාවයක් තියනව නේද? මෙහෙ ඒකෙ අනිත් පැත්ත. අපේ කන්සවේටිව් නායකගෙ ඇපෙත් නැති වෙන්න පැරැද්දුවා. එක ප්‍රාන්තයක විතරයි දක්ෂිනාන්ත අදහස් තියෙන අය වැඩිය ඉන්නෙ. හිටපු අගමැති අනාගත්තා වුනත් අන්තිම කාලෙ, රට වෙනුවෙන් ට්‍රම්පුච්චගෙන් බැට කාපු නිසා යම් ප්‍රසාදයක් ලබාගත්තා. දැන් ඉන්න අගමැති නරකම නෑ. උගත් හාදයා, රට වෙනස් පැත්තකට ගෙන යන්න උත්සහයක් ගන්නවා.
අන්ත දක්ෂිණාංශික රැල්ලක් යනව . ඊලෝන් මස්ක් වගේ උන්දලා සල්ලි ගෙවලා අවුස්සනවා . . වැඩේ ඉතින් මේ සුඩාන් , සිරියන්, පකිස්තාන් වගේ රටවලින් එන හරක් රැලත් හැසිරෙන්න දන්නේ නැහැනේ . අවුරුදු 12 ක කෙල්ලෙක් කොල්ලෙක් දැක්කොත් පෙන්නන්න බැහැ . එහෙම නැත්නම් ආගමේ නමින් විකාර කරනවා ඇත්තටම අපට රත්තරන් මුස්ලිම් යාලුවෝ ඉන්නවා . ඒකත් අර තමන් හරියට ධර්මය ආගම දන්නා එකා හොඳයි . නොදන්න එකා තමා නටන්නේ .
Deleteඊලෝන් මස්ක් කියන්නෙ චැරිටි කරන මිනිහෙක් නෙමෙයි.ලෝකෙ සමහර රටවල්වල වාර්ෂික ආදායමත් වැඩි, ලෝකෙ ප්‍රථම ටිලියන්පතියා ප්‍රසිද්ධියේ කියනවා "එහෙම සල්ලි දෙන එක අමාරු වැඩක්" කියලා. ඒත් වටේම බේබි මමාලට නඩත්තු ගෙවන පිනම ඇති වෙයි නේද සුවර්ගෙට යන්න?
Deleteඔහේට සල්ලි විසි කරනවා නඃ, එයාට මොකක් හරි ඇජෙන්ඩා එකක් ඇති කියලයි මට හිතෙන්නෙ.
ඊලෝන් කරන්න ඇමෙරිකාව ගත්ත වගේ මෙහෙ බලය අල්ලන්න . මෙහෙ ගොන්නුත් බ්‍රෙක්සිට් එකට හෙම චන්දෙ දුන්නනේ . මෙහෙ ඩිෆෙන්ස් පැත්ත අඩුයි . ඒකෙ කන්ට්‍රැක්ට් ටික ගන්නනේ දඟලන්නේ
Deleteඕකේ බූවල්ලා වගේ ඔහාටත් අඞුවක් දා ගන්න අදහසක් ඇති
Deletehttps://web.facebook.com/groups/birdlifesouthafrica/posts/10163734879168415/?_rdc=1&_rdr#
ReplyDeletehttps://www.youtube.com/watch?v=hHp9S44nDVA
https://www.reddit.com/r/HardcoreNature/comments/md8h02/indian_grey_mongoose_with_a_freshly_killed_indian/
https://brainly.in/question/18543227
https://www.youtube.com/watch?v=-UvCug5ns2U
https://myvoice.opindia.com/2020/01/friendship-between-owl-rat-mongoose-and-cat-cannot-help-india-political-message-from-panchathantra-story/
https://prekshaa.in/article/madanamanchukalambaka-kathamrta-part-43-the-story-of-mongoose-rat-owl-cat-the-story-of-presenajit
Some hints for Lord Bastian.
හැමදාම වගේ ඔබතුමාගේ ලින්ක් සපෝට් එකට මගේ හර්දයාංගම කුරුතඥ්ඥභාවය.😋🙏
Deleteඅහා!
Your enemy’s enemy is your friend. There are no constants in life. Friends can turn foes and foes.🫠
මේ කතාවේ මුල මැද අග කාලයේ සහ චරිත පොඩි අවුලක් මට පැටළුණු ගතියක් තිබ්බා වගේ. ආව අමුත්තා මලයද හොතම්බුවද? නැත්නම් දෙන්නම එකම චරිතයේ දෙපැත්තක්ද ? ආවේ පහුගිය සිසිරයේ නම් ඇවිත් තියෙන්නේ මලයා ට්‍රුම්ප් ගෙන් බැටකාලා . ඊට ඉස්සර හිටියේ හෝතඹුවා. හුම්ම්. ඕනෑවට වඩා හිතන්නේ ඕනේ නැහැ.පස්සේ දෙපාරක් විතර කියෙව්වම අනිත් අයට වගේ තේරෙයි.
ReplyDeleteසමාවෙන්න මහත්මයා වරද මගේ. මම ඒක නිවැරදි කරන්නම්. පෙන්නා දුන්නට ස්තූතියි
Deleteමගේ පැරණි පාඨකයො විතරයි දන්නෙ. හෝතම්ඹුවා තමයි ගෙදර ඉන්න එපාර්ට්මන්ට් මේට්. මලයා තමා අමුත්තා -හෝතම්ඹුවාගෙ මිත්‍රයා. .මේ අය ඇත්ත චරිත දෙකක් නිසා වැඩි විස්තර නොකිය ඉන්න එක තමා හොඳ නේද? ඔබට මගේ අත්දැකීමෙන් යම් පණිවිඩයක් ලැබෙනවා නං එච්චරයි. එසේ නොලැබෙනවා නං මම ෆේල්.
ඔබේ ප්‍රතිචාරය වටිනවා. මෙහෙම පැටලිල්ලක් තියන වග දැණගත්තෙත් ඒකෙන්. එකම අවුල මේ අය ගැන වැඩි විස්තර දෙන්න බැරි එකයි.
Deleteඅහා එහෙමද? මට හිතුනේ අපි හැමෝම චරිත mix එකක් නිසා එකම චරිතේ වෙනස් පෞර්ශයන්ද කියලා.මගේ ඇතුලේ ඉන්න හොඳ චරිතේ එළියේ, මං හෝතඹුවා හැංගිලා ශේප් එකේ පේන්නේ නැති ගානට.කාලෙන් කාලෙට මතුවෙනවා. හෝතඹුවා එලියට ආවහම කුහකයා කියලා කියනවා.කොහොමත් ලාංකිකයෝ සවභාවයෙන්ම ටිකක් කුහකයි. මගේ මිත්‍රයෝ අතරෙත් අඩුවැඩි වශයෙන් හොතඹුවෝ ඉන්නවා, බස්සෝත් සෑහෙන්න ඉන්නවා නැත්තේම නැහැ.හොතඹුවෙක් එක්ක ඉන්න පුළුවන් කියන්නෙම සෑහෙන tolerance එකක්.
Deleteඔව් ආයෙ මමයි කියලත් සාන්තුවරයෙක් නෙමෙයි. අපි ඔක්කොම කලු-සුදු චරිත. ඒත් හෝතඹුවාගෙ හර්ද සාක්ෂිය අඩුයි. අර මගේම කලසම අගේට ඇඳගෙන උගේ වගේ යන පොරක්. tolerance ද මන්දා විකල්පයක් නැති නිසා ඉන්නවා( දන්න යකා හොඳයි නොදන්න යකාට වඩා සංකල්පය).
Deleteමලයට උදව් කිරීමත් චැරිටිම නෙමෙයි, ඉන්වෙස්ට්මන්ට් එකක් . මලයා කිව්වා, පස්සෙ ටික දවසක් ඉන්න එන්න, අපි NY යමු එහෙම කියලා. ඔහුත් එක්ක කතා කිරීම නිසා මම අනාගතය ගැනත් පියවර කීපයක් ගත්තා. වාහනේ එලවන කොට වුනත්, මම නොදන්න/නොසලකා හරිය මාර්ග නීතී පවා මා ඉගෙන ගත්තා. එහෙම පාට්නර්ෂිප් එකකට මා කැමතියි. ගනු වගේම දෙනු. හොතඹුවා වැඩි වශයෙන් ගනු, ඉඳහිට දෙනු එකයි අවුල.
ඔයත් අර මෙහෙට ලංකාවෙන් අලුතින් එන හෝතඹු වෝ වගේ මාර්ග නීති නොසලකා ඩ්‍රයිව් කරන කෙනෙක්ද ?
Deleteඅපොයි නෑ හාංදුන්නේ මම දක්ෂ රියදුරෙක් වත් ඩ්‍රයිවින් එන්ජෝයි කරන කෙනෙකුත් නොවන බව ඇත්ත, ඒත් මම නීති ගරුක රියදුරෙක්. ඉස්සර කහ එලිය දැක්කාම යන්න තමයි බලන්නෙ. දැන් පෙඩ්ස්ට්‍රියන් කවුන්ටරේ බලල කලින්ම්ම ගෙස් කරනවා යනවද නවත්තනවද කියලා. බොහෝ විට මම ස්ලෝ කරලා නවත්තනවා. ඒත් පස්සෙන් එන එකාට අවුලක් නොවෙන්නත් ඕනෙ, හදිසියේ බ්‍රේක් නොගහ.
Deleteමලයා කියන්නෙ ජන්සන් එකේ බාගයක් පැන්නොත්, පොයින්ට් ඔෆ් නෝ රිටර්න් කියලයි. අපේ කොල එලිය වැටුන ගමන් අද්දන්න එපා කියලා මලය කියනවා. අනිත් පාරෙ අන්තිම මොහොතෙ එන හදිස්සි කාරයෙක් අනින්න ඉඩ තියෙන නිසා. තව ඔය වගේ සට්ල් ඒත් ලයිෆ් සේවිංග්ස් ටිප්ස් හුඟක් මලයා කියල දුන්නා.
මලයා ටිකක් හයියෙන් ඩ්‍රයිව් කරනවා. ඒත් ඉස්සරහා ඈත වාහනවල බ්‍රේක් ලයිට් වදිනවද , ට්‍රැෆික් පොලිස් ඉන්නවද කියල මාර ඇලට් එකේ යන්නෙ. අපේ මාර්ග නීති නිතරම අලුත් වෙනවා. ඒව ගැන තමා මලයා කිව්වෙ.
මමත් ඇලට් එකේ තමා යන්නේ . එංගලන්තේ තමා මම දැකපු හොඳම ඩ්‍රයිවර් ලා ඉන්නේ . යුරෝපයේ නම් ඉතාලියේ හා ප්‍රංශයේ ඩ්‍රයිවින් පට්ට අවුල් . මේ ඉන්දියන් , ලංකා සෙට් එක ඉන්න පැත්තට ගියහම - හෝන් ගහනව , පේව්මන්ට් වල පාක් කරනවා , මග නවත්තනවා පැය ගණන් , ගැනිට බහින්න , ළමයට බහින්න , බඩු දාන්න , ආච්චි අම්මව උස්සල තියන්න . දැන් අපි ඉන්න හරියේ කුර්දිෂ් , ටර්කිෂ් වැඩියි . හෝන් ගහනවා . කහ ඉරේ නවත් වන්නේ නැහැ . කුණු එලියට විසි කරනවා . ඉතිං සුද්දෝ දක්ෂිණාංශික පක්ෂ වලට සහය දෙන අහන්නත් දෙයක්ද ?
Deleteමම ඉන්න ප්‍රදේශයෙත් ආසියාතිකයො වැඩි වුනත්, ඒ හැටිම අවුලක් නෑ. ඒත් බඩු ගන්න දෙමල ග්‍රොසරියට ගියාම නං ඒක වෙනමම ලෝකයක් වගෙයි.
Deleteමෙහෙ ඒ අතින් එන්න එන්නම , අවුල් . දක්ෂිනනාෂික අන්තවාදී ආණ්ඩුවක් ආවොත් මේ රටට කෙල වෙලාම යයි . එක්කෝ හැදෙයි . මමත් සන්ක්රමනිකයෙක් නිසා සංක්‍රමණිකයන්ට විරුද්ධ නැහැ . හැබැයි බ්ලොග් ලිපියක් ලියන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ කියල මේ එන සමහර උන්ට පල්ලේගම සින්ද්රොම් එකනේ . අවුරුදු දොළහේ එකක් පේන්න බැහැ . එහෙම නැත්නම් පොඩ්ඩක් අඩුවට ඇඳන් ගියොත් ඒක ඉන්වයිට් එකක් හැටියට සලකනවා . ජර්මනියේත් ඔය සීන් එකම තමා
Deleteමමත් කියෙව්වා, ප්‍රංශයෙත් ඔය "පල්ලේගම සින්ඩ්‍රෝම්" කල්ලි ක්‍රියාත්මක වෙනවා කියලා. කන්න දීපු අත හපා කන අපතයො තමා. මෙහෙ තියෙන්නෙ වෙන සීන් එකක්. "මංකොල්ල සංචාරකයො". විස්ට් වීසා අරන් ඇවිත් ගේම් දීලා මාරු වෙනවා. ලෝකෙට මොනවා වෙන්න එනවද කියල මට තේරෙන්නෙ නෑ.
DeleteUK is not any better than USA
තොරතුරු හොයන්නේ නැත මං පන්නාලා
ReplyDeleteකියන දෙයින් වටහා ගමි ටක් ගාලා
අද නං පක්ෂියා යද්දී පියඹාලා
සුද පෙනෙනවා - හිතුණා හරි පව් කියලා
ට්‍රම්පුච්චත් කවදා හරි චුත වෙනවා
Deleteමලයයි, මමයි එතකොට NY යනවා
ඉන්න ටිකේ කෙලියත් බුල් අපි මොනවා
නොම්බරෙ කතා කලවිට යන්නට වෙනවා
අර පින්තුරේ කතාව ඇත්ත නෙව. බටර් ගාන අය ළඟ පිහියක් තියෙනවා නේන්නම්. තටු අකුලාන ඉඳල ඉඳල ඔය යන්තම් එලියට බැස්සෙ. හෝතඹුවට පිං සිද්ද වෙන්න.
ReplyDeleteButter spreader එකක් නැතුව පිහියක් තියාගෙන ඉන්නව කියන්නෙ මිනිහ ගැන සෑහෙන්න පරිස්සං වෙන්න වෙනව.
Delete@kumudu
Deleteතටු අකුලාන හිටියෙම නෑ. ඉමෝෂනල් සපෝට් ඇනිමල්ට ඇට් කලා.😋
පාන් කපන දැති පිහි තියනවා, බටර් ගාන්නෙ මේස හැන්දෙන්.
@ Praසන්ன
DeleteButter spreader?? ඒ මොකක්ද?. නිකං බදාම හැන්ද වගේ එකක්ද? බාගදා හෝතඹු ගාව ඇති, ඒත් උන්දෑ වැඩිය කරන්නෙ, වචන වලින් පිහියෙන් අනින එක.
අපේ හොඳ බ්ලොග් යාළුවෙක් නොඑන ගමන් ගියා නෙවේ අද උදේ . පෝස්ට් එකක් දැම්මා . සති තුනකට කලින් උගේ ගේ ළඟටම වගේ ගියා . ඒත් ගියේ නැහැ . පස්සසේ යනවා කියල . දැන් ඌ ගිහින් . ඔන්න ඔහොමයි
ReplyDeleteඔව් ප්‍රාජේ එවල තිබ්බා. ජීවිතේ හැටි ඔහොම තමයි. 😞
Deleteඒත් යනවා නං මාත් කැමති එහෙම යන්න.
මමත් අද උදේ FB එකෙන් දැක්කේ. සුභ ගමන් රවී!
Deleteඉලන්දාරියා, විචාරක, ඔබ්සර්වර්, මගේ ලෝකය, අතරට නිදහස් සිතුවිලි ත් එකතු උනා.
පස්සෙ FB එකේ වැඩිය ඇක්ටිව් වුනත්, අපේ දුප්පත් බ්ලොග් ලෝකෙත් හිටියා. ආරම්භක සාමාජිකයෙක්. දැන් ඔය අපේ නිදියා දාගෙන පඳුරු තැලුවට, වංගු ගැව්වට රවි තමයි ඒවා හඳුන්වා දුන්නෙ. මොකක්ද "මාගල්" එකකුත් හඳුන්වා දුන්නා නේද?
Deleteසුභ ගමන් රවි! ස්තූතියි 🙏💐
ඔව් රවියා තමා ඒ වැඩේට දක්ෂයා
Deleteඔහු දක්ෂ කතන්දර කරුවෙක්. මට මතකයි, කතාවක් කියාගෙන යනවා. මඟදී වෙන අතුරු කතාවකට හැරෙනවා. පස්සෙ ආයෙ මුල් කතාවට එන එකට නේද පඳුරු තලනව කීවෙ?
Deleteඔව් ඔව්
Deleteඅද කාලේ මල ගෙවල්
Delete/ඔව්, මිනිස්සු වැටුනාම තමයි උදව් කරන්න ඕනෙ./ Yes
ReplyDeleteඒත් සමහරුන්ට එහෙම උදව් ගත්තද කියලවත් මතක නෑ.
Deleteආසාවෙන් කියෙව්වා. කෙටිකතාවකට හොද තොරතුරු තියෙනවා. අර ලංකාවේ මතක කතා ලිව්වා වගේ රස කෑලි, දෙබස් ටිකක් දාල කතාවක් ලියන්න. ඒක රසිකගේ සිසිල ට යවන්න. රසික හරි මහන්සියෙන් ඒවා සංස්කරණය කරනවා .
ReplyDeleteස්තූතියි අනුරුද්ධ. මගේ කතා ඔක්කොම වගේ ඇත්ත කතා. මගේම අත්දැකීම්, අදටත් ඉන්න සැබෑ චරිත, ප්‍රබන්ධ නෙමෙයි. මම අප්‍රසිද්ධියේ ඉන්නෙත්, ආරූඩ නම් පාවිච්චි කරන්නෙත් ඒකයි. ලංකාවෙ මිත්‍ර සමාගම් මිස් කරගන්න එක හේතුවකුත් ඒකයි. අර "චාමි" කියනවා වගේ, මම ලියන්නෙ අනුන්ගෙ ජීවිත කොපි කරලා, ඒ නිසා කොපි රයිට්ස් නෑ.
Delete"සිසිර කාලේ ආ අමුත්තා" කිවුවහම මං හිතුවා ටොලා ආයෙමත් ඇවිත් වත් දෑ කියලා. බලනකොට මේ වෙන පක්සියෙක්..
ReplyDeleteරවිගෙ මරණය ගැන පුවත දැනගන්නට ලැබුනෙ අදයි.. කිසිදා හැබැහින් මුනගැහිලා නැතත් මගෙ ළඟින්ම හිටිය යාලුවෙක් නැතිවුනා වගෙයි හදවතට දැනුනෙ..
ඔබට සුබ ගමන් මගේ ආදරණීය මිත්‍රයා!
මමත් රවිව මුනගැහිලා නෑ. ඒත් ඔහුගේ ලිපි සෑහෙන්න රස වින්ඳා. ඔබතුමාත් හොඳින් ඉන්නවා යැයි සිතමි. ටොලා ඇල්බර්ටා ගියා ගියාමයි. කාලෙකට ඉස්සර, අපේ ලෑන්ඩ් ලයින් තිබ්බ කාලෙ ටොලා හෝතම්බුවට මැසේජ් තියල තිබ්බා. මට තේරිච්ච විදිහට හෝතම්බුව, ටොලාටත් ඇරියා.😞
Deleteහෝතඹුවට deportation orders ඇවිත් තියෙන්නෙ කියලා කිවුවා නේ ද? බලාගෙන, ඌ යනකොට බොටත් ඇරගෙනම යයි. අර උඩ කවුදෝ කිවුවා වගේ හෙළ යක් පුතුන් නෙවැ. "තෙරුවන් සරණයි" කියලා තමා අරින්නෙ..
Deleteඒව විහින්ම දාගත්ත ඒව. PR හම්බ වුනාම ලංකාවට ගියා. උන්දැගෙම බොනපාට් සමාගමේ සාමජිකයෙක් ඔත්තුව දුන්නා කියලයි කියන්නෙ. ඇෆීල් කරල තියෙන්නෙ, බරසාර වාහනේකුත් ගත්ත නිසා බාගදා යන්න අදහසක් නැතුව ඇති. ඒත් ගියොත් මටත් ඇරගෙනම යනවා කියන එක බුදු ෂුවර්.
Deleteමේකත් ලෝකයක්ද මරතේලිස් කියල, ලොකු හාංදුරුවොත් කිව්වෙ ඒක නෙව ආයිබෝං!🤣😋
අසා සිටි ඔබ සැමට ස්තූතියි. මගේ කතාව මෙතනින් අවසානයි.
ReplyDeleteතටු අකුලාන මං යනවා සිසිර තාරකා නින්දට. ආයෙ වැදගත් යමක් ආවොත් හමුවෙමු
ජීවිත කතන්දරේ
මාර ජීවිත කතන්දරයක්ම තමයි!
Deleteඅම්මා අප්පා නැතිවුණ දවසට උඹටත් දැනෙයි මේ
Deleteජීවිතේ කතන්දරේ
හැමදාම ඉන්ඩ නෙමේ මචන් ආවේ අපිත් මැරෙනවා
පොදි ගහලා වැඩක් නැතේ
ආදරයයි බඩගින්නයි තමයි මචන් එදා ඉඳලම
මිනිස්සු වෙනස් කරේ
දැන්නෙම නැතුව කැපෙනවා දාන්බෝඩ් එකේ වගේ තමයි
සෙල්ලමක්ම නෙවෙයි ජීවිතේ
හීන පස්සෙ දුවගෙන යනකොට මචන් හෙන හති
කව්රුත් දන්නෙ නෑ දවස් උඹ නිදාගත්තේම නැති
බිඳෙනවා ඔය හැමදේම විදුරු වගේමයි හැටි
බිඳුනු රිදුනු ආදරකතා උඹටත් ඇති...
නිදියෝ, උඹත් තනි අලිය නෙව? දීහන්කො අපටත් ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්. කෑම-බීම, විනෝදාංශ, ගෙදර-දොර ගුරු-හරු කම් මොනවා වුනත් කමක් නෑ. මේ පිටරට වල ජීවිත සටන ගෙනියන අපි හැමෝටම ප්‍රයෝජනවත් වේවි.🙏
මරු කවිය . ලියාගෙන යමුද ජිවත් වෙන විධිහයි ජිවත් වෙන්න ඕනේ විධිහයි ගැන අපට හිතෙන හැටි
Deleteකවියක් නෙමෙයි අජිත්, මේකෙ මම උඩින් දාලා තියෙන කමෙන්ට් එකේ "ජීවිත කතන්දරේ" අමු සිංදුවෙ ලිරික්ස්. මට නං පට්ට සින්දුව, අහන්න.
Deleteඑක, එක්කෙනාගෙ ජීවිත, ප්‍රශ්ණ, පරිසරය වෙනස් නිසා, ජීවිතේට එහෙම පිඹුරුපත් ලියන්න අමාරුවෙයි කියල හිතෙන්නෙ නැත්ද? මට කියන්න තියෙන්නෙ හොර බොරු කරන්න එපා. අනුන්ට පොලු තියන්න එපා. ආණ්ඩුවටවත් හොර, බොරු කරන්න එපා. බොරුවට තමන්ව පුම්බ ගන්න, වටේ ඉන්න කපුටොන්ට ආප්ප අරන් දීලා, උන් ඉගිලුනාම අඞන්න එපා. මොන රස්සාව කරල හරි, අවංකව තුට්ටු දෙකක් හොයා ගන්නව නං එච්චරයි.
මට නං ඇහැකි, මගේ ජීවිත අත්දැකීම් සහ දැක්ක අයගෙ ජීවිත ගැන කොපි කරපු කතා කියන්න විතරයි. අජිත් ඉඳ,හිට කමෙන්ට් වලින් අර නැගපු කන්දෙදි මුණ ගැහිච්ච ප්‍රොපා, බ්‍රයන් ගැන එහෙම කියල තියනව නෙව?
ඒත් නිදි ගාව තාම, නොකියපු "ගුරු මුට්ටි" තියනවා කියලමයි මට හිතෙන්නෙ. 😋
මේ මම බලන යූ-ටියුබ් චැනල් එකක්:
ජපන් ජීවිතේ Delete වෙන දවස් | රෑ දවල් මාරුව... | Sri Lankan Student Life in Japan
අලුත් පරම්පරාවෙ කොල්ලෙක්. ඉගෙන ගන්න ගමන්, ජපානෙ ජීවත් වෙන්න පට්ට ජීවිත සටනක් දෙන්නෙ. ජපානෙ එදිනෙදා ජීවිතේ ගැන ලස්සනට පෙන්නනවා. හොර බොරු නෑ නියම රාත්තල. ගිහින් ලැයික් එකක් දාලා, සබක් දාලා සපෝට් එකක් දීපල්ලා.
අයියෝ බං බෂු, මේ පුතාට එන්නයි කියන්න මම කියලා දෙඤ්ඤං කෝමද ඉගෙනගන්න ගමන් වැඩ කරන්නෙ කියලා..
Deleteයුනි යන කාලෙ මං වැඩ කලේ Tesco Express එකක. යුනියෙ අන්තිම අවුරුද්දෙ සතියට දවස් 4ක් ලෙක්චර්ස්. මං මන්ඩේ ටු තර්ස්ඩේ යුනි යනවා. අනිත් දවස් 3 වැඩ. සිකුරාදා උදේ 7 ඉඳන් රෑ 11 වෙනකං ඩබල් ෂිෆ්ට් එකක් අදිනවා (පැය අටේ ෂිෆ්ට් දෙකක්). සෙනසුරාදාත් එමමයි, ඩබල් ෂිෆ්ට් එකක්. ඉරිදා උදේ 7 ඉඳන් සඳුදා උදේ 7 වෙනකං ට්‍රිපල් ෂිෆ්ට් එකක් පැය 24ක. (පිස්සුද ඇහුවා? නෑ පින්වතුනි එහෙම වැඩ නොකර කොහොමද කාමර කුලියයි, යුනි ෆීසුයි, අනිත් වියදනුයි කවර් කරගන්නෙ?)
සඳුදා උදේ හතට වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගන්නවා කියලා හිතුව ද පින්වතුනි? නෑ, 9ට ලෙක්චර්ස්. මං ඉතිං ගෙදර දුවලා (මේකටත් කෝච්චියකයි බස් එකකයි දෙකක යන්ටෝන), වොෂ් එකක් දාගෙන ආපිට හැරිලා දුවනවා යුනියට (මේකටත් කෝච්චියකයි බස් එකකයි දෙකක යන්ටෝන).
සමහර සඳුදා උදෑසනවල ස්ටාෆ් අඩුයි. එන්ටෝන එවුන් සික් ලීව් දාලා. උදේ කියන්නෙ හොඳම බුසී වෙලාව. ඩිලිවරි එනවා දෙක-තුනක් එවුවා බාන්ටෝන, ෆිල් කරන්ටෝන. සඳුදා උදේ කස්ටමර්ස්ලාත් වැඩියි. මැනේජර් අහනවා මගෙන්, "ඒයි බං බුරෝ දෙන්නෙක් එන්නැහැල්ලු. අද ඉන්ස්පෙක්ෂන් එකකුත් තියෙනවලු. උඹට බැයි ද තව පැයක් දෙකක් ඇදලා දෙන්න? මං කාට කාට හරි කෝල් කරලා ගෙන්න ගඤ්ඤං. උන් එනකං සපෝට්ටෙකක් දීපං." මං ඉතින් බැහැයි නොකියා තව පැය 3-4ක් ඇදලා දෙනවා. එදාට 9-12 ලෙක්චර්රෙකට සොරි.
හැබැයි අපරාදෙ කියන්න බෑ මං සපෝට් කලා වගේම මැනේජරුත් මට මාර සපෝට් එකක් දුන්නා වැඩිපුර OT එහෙම දීලා. ඌ දැනන් හිටියා මං ගහපු ගේම කොච්චර ද කියලා. (අනික පින්වතුනි ස්ටුඩන්ට්ස්ලා විදියට අපට ඔෆීෂියලි වැඩ කරන්න පුලුවන් සතියට පැය 20යි. මං පැය 60ක් විතර වැඩ කලා. අහු වුනානං එදාම ඩිපෝට් කරනවා. පූරුවෙ වාසනාවකට කවදාවත් Home office එකට මාට්ටු වුනේ නෑ).
සමහර දවස්වල වැඩ ඉවරවෙලා රෑ ගෙදර ගිහින් නිදාගන්නත් නෑ. අසයිමන්ට්ස් කරන්ට තියෙනවා. මොනා කලත් මම මගේ ඉගෙනීමෙ වැඩ අතපසු කරගත්තෙ නෑ. කෝම හරි ඇදන් ගියා. අනික මගෙ විතරක් නෙවී, අපේ තිවුනා ගෲප් එකක්, එකට පාඩං කරපු බොක්ක හොඳ යාලුවො පස් දෙනෙක් . මං උන්ගෙ ප්‍රොජෙක්ට්ස් හිටන් කරලා දුන්නා, මොකද පන්තියෙ හිටපු හොඳම ප්‍රෝග්‍රෑමර්ස්ලා දෙන්නගෙන් එකෙක් මම. මට ලොකු උවමනාවක් තිවුනා මේ ගෲප්පෙකම ගොඩ දාගන්න, මම තනියම නිවන් යනවට වඩා. සන්තෝසයි කියන්න අපි හැමෝම ඩිග්‍රිය ගොඩ දාගත්තා. මටත් සෙකන්ඩ් අපර් එකක් තිවුනා. (ඉගෙනීම වෙනුවෙන් තව වෙලාව වැය කරන්න තිවුනානං ෆර්ස්ට් ක්ලාස් එකකට යන්ට තිවුනා. ඒත් ඉතින් දුකක් නෑ මට). අපි යාලුවො පස්දෙනාත් තාම එදා වගේම ටච්චෙකේ ඉන්නවා, ලෝකෙ පුරා විසිරිලා හිටියට.
ඇර මාටින්. ඉස්සෙල්ලාම ස්තූතියි දීර්ඝ කමෙන්ටුවට.
Deleteමමත් කටු කාලා තියනවා වුනාට ඔහොම කරන්න හැමෝටම බෑ. අපට ආණ්ඩුවෙ ශිෂ්‍ය ණය ලැබුන නිසා එහෙම කරන්න අවශ්‍ය වුනෙත් නෑ. බාගදා අජිත් ස්ටුඩන්ට් කාලෙ කට්ටක් කන්න ඇති. ඒත් මේ කොලුවට වරදක් කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ. මෙහෙ ඉන්න ස්ටුඩන්ට්ලා දිහා සමහරු වපර ඇහෙන් බලනවා. ඇත්තටම බොහෝ දෙනෙක්, ජීවිතේ ගැට ගහ ගන්න දඟලන අසරණයො. උන් තමයි ෆාස්ට් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක ඇදන් යන්නෙ. අපේ බඩු ඩිලිවරි කරන්නෙ. එහෙම කරන වුන්ට, ෆුඩ් බෑන්ක් එන්න එපා කියලා කෙනහිලි කරන එක සාධාරණ නෑ. ඔය අතරෙ සමහර අපත කීප දෙනෙකුත් නැතුවාම නෙමෙයි, ඒත් වැඩි හරියක් අහිංසකයො.
මම මුළු ජීවිතේටම ඔහොම කටු කාල නැහැ .. ඒ අතින් මම ජිවත් වෙලා නැහැ වගේ .. අනිත් අතට මම හෙන කම්මැලි තීරණ අරගෙන ජීවිතේම කම්මැලි මාවතකට හරවාගෙන යන නිසා කටු අඩුයිදෝ කියලත් හිතෙනවා .. නමුත් මම ඔහොම ජිවත් වෙන කොල්ලන්ට /කෙල්ලන්ට උදව් කරනවා .. මේ ලඟදි අපි ගිය පාටි එකක කෑම සප්ලයි කරන්න හිටියේ ලංකාවේ පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි .. උන් දෙන්න බැඳලද කියල මම දන්නේ නැහැ .. හැබැයි රෑ තිස්සේ ඒ කණ කට්ට දැක්කම මම හිතුවේ කවදාවත් මගේ දරුවෙකුට නම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ කියල .... කොල්ලෝ කොහොම උනත් කෙල්ලෝ නම් ෆුල්ම අනාත වෙනවා ඇති ... පව් වැඩේ
Deleteඔහොම කට්ට කාගෙන, කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන ඉන්න එකෙත් අමුතුම ආතල් එකක් තියනවා. කට්ට කෑවත් එව්වා දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සාධාරණ සල්ලි. කාගෙන්වත් මංකොල්ල කාපුවා නෙමෙයි. බාගදා ජීවිතයට පන්නරයක් ලැබෙන්නෙ එහෙම දෙයින් මිස, රිදී පිඟානෙන් කට ලඟටම ගෙනත් දෙන දෙයින් නොවෙන්නත් ඇහැකි.
Deleteහොයාගෙන ම ඇවිල්ලා හොයා ගත්තේ. රෑ වුනා වැඩියි. ආයේ වෙලාවක එන්නම් කියවන්න ඈ. රසවත් ලිපියක් කියලා හිතුනා. ඉඳ හිට කවිත් ලියන්න ඈ, අපේ srilancan සඟරාවට උපුටා ගන්න.
ReplyDeleteආපු එකම මඳෑ? ස්තූතියි. මම ඒ හැටි දක්ෂ නෑ කවියට. බලමු හොඳ නිමිත්තක් ලැබුනොත්.
Deleteමම ඔය වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නවා .. ඒ කියන්නේ ඇණයක් වෙන්න ඉඩ තියෙනවල කියල හිතෙන දේවල් මුලින්ම නෑ බෑ කියල කපල දානවා මම . ඒක කොච්චර අමාරු හෝ වැරදි කියල හිතුනත් කාලයක් ගියාට පස්සේ උනත් ඒ අයත් එක්ක සුහදව ඉන්න පුළුවන් කම තියෙනවා .. පැල් බැඳගෙන කරන්න ගියාම බොහෝ වෙලාවට ජන්මාන්තර වෛරක්කාරයෝ වෙලා නතර වෙන්නේ ..
ReplyDeleteඋදාහරණ මතක් වෙනවා ගොඩක් .. මම හරිද වැරදිද කියල මම දන්නේ නැහැ .. හැබැයි මගේ ජිවිතේ වැඩි හරියක් සාමකාමී ලෙස ගෙවිලා යනවා .. සමාජෙට අනුව හරි වැරැද්ද මොකක් උනත් ඒ සාමයට මම ගොඩක් කැමතියි ..
මට ණයත් ණෑ බයත් ණෑ කියල නම් කියන්න බැහැ .. ණය නිසා මම බයයි ඒ නිසා මම වැඩ .. ඒ නිසා උඹල ඕනේ මගුලක් කර ගනිල්ලා මට බෑ කියල කියල සේප් වෙලා ඉන්න පුළුවන් මට ... හෙහ් හෙහ්
මුලින්ම නෑ බෑ කියන එක තමයි හරි. ඒත් කොහොමද එකට ඉන්න එකාට රස්සාව නැති වුනාම පාරට දාන්නෙ? මුලින් එක ගෙවන්න කිසිම සූදානමක්වත් නැතුව, දෙවනි සැරෙත් ඇරියාම සද්ද නොකර හිටි එක මගේ වැරැද්ද තමයි. මම දැන් අමාරුවෙන් ටෝක්-බැක් කරන්න ට්‍රයි කරනවා, මට ගෙම්බර් දාන කොට.
Deleteඋදව් කරන එක කවදාවත් වැරදි දෙයක් නෙමේ .. මම මිනිස්සුන්ට උදව් කරනවා .. නමුත් ඒක මට ඇණයක් නොවන විදියට කරන්න මම උපරිම ට්‍රයි කරනවා . තරහ වෙන අයට තරහ වෙන්න අරිනවා , මග අරින අයට මග අරින්න ඉඩ දෙනවා ... අපි හැමෝටම අපිටම ආවේනික ජිවිතයක් තියෙනවනේ මම ඒක ගෙවන්න මුලිකත්වය දෙනවා ..
Deleteඕවා ඉතින් කොහොම කිව්වත් අමාරු වැඩ ... ඔබ කිව්වා වගේ එකට ඉන්න එකාට බෑ කියන්න බැරි වීම .. නොලියන / නොලියපු කතා මතක් වෙනවා ඉතින් හෙහ් හෙහ්
// නොලියන / නොලියපු කතා මතක් වෙනවා....//
Deleteඔන්න ඕක තමයි මටත් තියෙන අවුල. මට හිතෙන්නෙ ලස්සනම කතා ටික, කවදාවත් නොකිය වෙන ඒව කියලයි.
බසු තුමාට මුලින්ම ඉස්කෝතුයි හාර්ට් එකට දැනෙන ලියමන ගැන. මට නම් බොහොම කාලයක් ආස්සරේ කරන්න බැරි ජාතියෙ ඩයල් එකක් තමයි මේ හෝතම්බුවාගෙ විස්තරේ කියෙව්වම හිතේ මැවුනෙ. එහෙම උන්වත් මලය වගෙ ඩෑල්වත් එක විදියට ආස්සරේ කරගෙන ඉන්න එක ගැන බසු තුමාට මෙන්න හිස නැව්වා ඕං
ReplyDeleteමට හිතෙන්නෙ සමාජයේ හෝතම්බුවො හිඟ නෑ කියලයි. අතේ දුරින් තියා ගත්තොත් හෝතම්බුවත් ෂෝක් සතා. ලඟට අරන් හුරතල් කරන්න ගියාම තමයි. ගෝනි නැතුවම කරේ. එතකොට වැරද්දෙන් බාගයක් මගේ. මලයාගෙන් මට ලැබිච්ච ඉඟි වලින් කියැවුනේ, වැඩි ලාභ ලැබෙන "බිස්නස්" වලත් ටිකාක් ඉතර "ග්‍රේ" එරියා එකක් තිබෙන බවයි.හෝතඹු ඇහෙන් බැලුවාම, මම තාමත් කලුයි ( මට එහෙම කියලත් තියනවා). හැම දෙයක්ම සාපේක්ෂයි. 🤣
Deleteරවී නැතිවෙච්ච මේ අල්ල පනල්ලෙ මට ඔබාව මතක් වුනා
ReplyDeleteLiving together 1
Living together 2
මිනිස්සුන්ගෙත් හැටි තමයි.. මමත් ඕවා හොඳට දැනගෙන දැන් පැත්තකට වෙලා ඉන්නේ.
ReplyDeleteඔව්. සමහර වෙලාවට වඳින්න ගිය දේවාල හිසට කඩාගෙන වැටෙන වෙලාවලුත් තියනවා.ස්තූතියි අදහස් දක්වා සාකච්චාවට සහභාගීවීම ගැන.👌
Delete