Jan 16, 2017

නරි නාටක

http://vignette2.wikia.nocookie.net/disney/images/0/03/Nick_and_judy_zootopia_renders.png/revision/latest?cb=20151220130400ඔහෙල දන්නව නේද , අර රජවෙච්ච නරියගෙ කතාව. අර නිල් බාල්දියෙ වැ‍ටුනෙ. හරි, ආන්න එයා තමා. මට හම්බ වුනා නෙව එයාව.

බස්සා:කොහොමද සෑර් වෙනස සැපද?

නරි: මඟුලක් කියනවා, හපොයි මාත් පැටලිච්ච පඹගාලක මහත?

බස්සා: ඇයි සෑර් , එහෙම කියන්නෙ? රජසැප නේද? අර හිටපු රජා තාමත් හූල්ලන්නෙ නිකංද? ආං දැන් කියනවා  කොහොමහරි පෙරලනවා කියලා

නරි: හෑ, හැබෑටම එයා එහෙම කිව්වද? පෙරලනවයි කිව්වෙ, ඔලුවට කලුගලක් වත්ද?

බස්සා:  ඒ කලුගල් පෙරලන කතාව කිව්වෙ නාලාගිරි නෙව. මේ කියන්නෙ අපේ හිටපු රජතුමා ගැන.

නරි:  ආ එයාද? එයා නං පෙරලන්නෙ බාල්දි වෙන්ටෑ. ඒක නෙමෙයි, උඹට කියන්න බස්සෝ, මට මේ රජකම එපාවෙලා තියෙන්නෙ.

බස්සා: හෑ, එහෙනං නිල් බාල්දියට පැන්නෙ  මොන උලව්වකටද?

නරි:  පැන්නෙ නෑ , මාව නැට්ටෙන් ඇඳගෙන ඇවිල්ලා, බාල්දියට තල්ලු කලා නෙව අර සැටලයිට් නෝන. අම්මපා මං මේ හම්බවෙනකං ඉන්නෙ, හපනව කකුලක් පත්තු බඳින්නම.