Nov 14, 2023

වායු සමීකරණය සඳහා විශ්ව පාලන මණ්ඩලයක්

යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. කිව්වා විතරක් නෙමෙයි හයි කරලා. වැඩ කරලත් පෙන්නුවා. වැදගත්ම දේ  "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" තියෙන බව සහ ඒ සංකල්පයයි. මමත් ගියා Aliexpress, මෙන්න බොලේ තියනවා, වායු සමීකරණය වලටත් "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්".

Nov 6, 2023

මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම

තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ. 

CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි,  ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා.