"I've lived more in my head than I have in real life"
— කියල එකෙක් කියපි.
අප්පට හුඩු, ඇත්ත නේන්නං. මාතෘකාව "ස්වයං දැනුවත්භාවයේ විරුද්ධාභාසය". හුටා! ඒක කියන්න ගිහින් දිව ඇඹරුනා කියහංකො. මේ කියන්නෙ අර superposition proton, observer effect වගේ එකක්. ගමරාළ නං, ඕක විද්යාත්මකව ලියනවා. මගේ විදිහට කියනව නං, Actor and the Critic සංකල්පය.
අපි උප්පත්තියෙන්ම නලුවො. කරන්නෙම රඟපෑමක්. ඇතුලෙ තව එකෙක් ඉන්නවා - විචාරක. ඌ බලන කොට, රඟපෑම වෙනස් කරනවා. ඒත් තාම නලුවම තමයි.



