Dec 14, 2018

ඔ‍ටුව, පිටඔ‍ටුව, හොර්ටන් තැන්න සහ ගූගල් අර්ත්VR


  • පිටකො‍ටු ගිය බස්සා
බස්සා කැමති තැන් අතරින් පිටකො‍ටුව ඉන්නෙ සෑහෙන උඩින්. අහා! පිටකො‍ටුව, මගේ ප්‍රථම ප්‍රේමය.පිටකො‍ටුවට , ඒකටම ආවේනික වූ පෞරුෂත්වක් තියෙනවා - a city with a character indeed, I must say. ගිණි ගහන අවුවේ වුනත්, පිටකො‍ටු හරස් වීදි දිගේ වටපිට බල, බල ඇවිදින්න චෑන්ස් එකක්හම්බවුනොත් බස්සා නෙමෙයි මඟෑරියෙ. ඔය හරස් වීදි අතර තිබුණා ලූණු, අල වගේ තොග ආහාර විකුණන වීදියක්. ඒක එක්තරා විදිහක ඩෙඩ් එන්ඩ් එකක්. පිටකො‍ටුවෙ වංකගිරියෙ හිටපු ගමන් අතරමං වෙන බස්සා, සමහර වෙලාවට ඔය පාරට වැටෙනවා. ඔය පාර හදලා තියෙන්නෙ තාර දාලා නෙමෙයි : ලූණුයි, අලයි දාලා. කල්පාන්තයක් තැම්පත් වෙච්ච් ලූණු කොල තට්‍ටුවකින් තාර වැහිලයි තියෙන්නෙ. පොඩි වැස්සක් තියෙන දවසට ඔය පාරෙ අතරමං වෙන්න තරම් ඔබ වාසනාවන්ත වුනොත් හොඳ අත්දැකීමක් ලබා ගන්න චෑන්ස් එකක් ලැබෙනවා.ඒක වෙනම ආතල් එකක්.

එදාට අර ලූණු කොල තට්‍ටුව  බුරුල් වෙනවා. කකුල තියන කොට චිරිස් ගානවා, ඒකටම ගැලපෙන අපූරු සුවඳක් පරිසරයම වෙලා ගන්නවා. ඔය මොනවත්, පිටකො‍ටුවට තිබ්බ බකුසු ආදරේ අඩු කලේ නෑ. මුස්ලිම් පල්ලිය ගාව විකුණපු පොල් වෙරලු අච්චාරු, ෆ්ලුඩා, ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ එක්ක පිටකො‍ටුව ගැන බස්සගෙ තිබ්බ ලව් එෆයාර් එකේ, සුන්දර මතකය අදටත් අඩුවක් නැතුවම තියෙනවා.

Dec 10, 2018

බස්සා, නත්තල සහ උම්බලකඩ

නත්තල අතලඟ. වින්ටරේ හොට ලඟ. නත්තල කිව්වාම ඔහෙලට මතක් වෙන්නෙ නත්තල් පප්පව නේද?  නත්තලට කව්ද අපි වගේ දෙකයි පනහෙ බස්සොන්ට තෑගි දෙන්නෙ? ඒක නිසා මං කරන්නෙ , නත්තලට මං, මටම තෑගි තැපැල් කරගන්නවා. ඒ කරලා, තැපැලා එනතුරු මග ‍රැකගෙන ඉන්නවා. බලන්න එපෑයැ, තැපලා අර ලියුම් මල්ලයි, පාර්සලුයි කරගහගෙන එන ලස්සන, නත්තල් පප්පා පරාදයි. වැඩේ කියන්නෙ අපේ නත්තල් පප්පල සැට් එකම මේ දවස්වල ඉස්ට්‍රැයික්. මං හිතන්නෙ  ආණ්ඩුවත් එක්ක වලි, වැඩි පඩි ඉල්ලලා. මුංව දීයා කන්න, හරියටම ඉස්ට්‍රැයික් පටන් ගත්තෙ නත්තල් උත්සව සමය අල්ලල  නෙව.