Oct 28, 2020

බස්සා, ටොරන්ට් සහ Seedr

මම බොහොම කාළයක ඉඳලා ටොරන්ට් පාවිච්චි කරනවා. දැන් ඉතිං අහනව එහෙම  නෙමෙයි. මොකටද පාවිච්චි කරන්නෙ කියල එහෙම?

හරි, හරි, ටොරන්ට් වලට නරක පැටිකිරියක් තියනවා තමා. ඒත් සමහර Free Software, Open Source වගේ එව්වට පවා ටොරන්ට් පාවිච්චි වෙනවනෙ? මේ ලඟකදි ඉඳලා මගේ එක Torrent Client එකක්වත් වැඩ කරන්නෙ නැතුව ගියා. අර නරක පැටිකිරිය නිසා අපේ ISP ඔක්කොම ටොරන්ට් කප්පාදු කරල වෙන්න ඉඩ තියනවා.

Oct 11, 2020

පඹගාලේ නරියා, Chaos theory සහ "අවුල්" සහගත ඇනිමේ

පඹගාලේ නරියා

 ඔහෙලට මතකද මන්දා අර රජවෙච්ච නරියා? ඔව්,ඔව් සැටලයිට් නෝන  නිල් බාල්දියට තල්ලු කරලා රජ කෙරෙව්වෙ, ආ හරි ආන්න එයා තමා. ඕං විස්වාස කොරාන්.....ට, මට එයාව මේ ලඟකදි  හම්බවුනා නෙව?

ගිම්හාන කාළයත් ඉවර වේගන එනවා. සැරින්, සැරේ තදින් හුලං හමනවා වුනාට කාලගුනේ කිසි ලකයක් නෑ, හිටපු ගමන් රත් වෙනවා, ආයෙ හිටපු ගමන් සීතල වෙනවා. මං ගියා පොඩි වෝක් එකකට කැලේ ඇතුලට. 

මෙන්න මට පේනවා තඩි පඹ ගාලක්. පඹ ගාල ඇතුලෙ මොකෙක්දෝ යමර යුද්දයක්. ලංවෙලා බැලින්නන් නරියෙක්.

බස්සා: පැටලිලා වගෙයි නේද? 

නරියා: හුහ්?  අපි එහෙමත් පැටලෙනවද? මං මේ  ව්‍යායාම කරනවා, හිටං. ඇයි ඔහෙට මාව නිච්චියක් නැහ්ද?

බස්සා: හුටා! යකඩෝ,  මේ අපේ හිටපු  කපටිසේන රජතුමා නෙව? ඇයි කොහොම අඳුන ගන්නද, මොකෑ නිල් සායමට වුනේ?

නරියා: ඒක නෙව බස්සෝ, බලාපංකො, මේ වල් අලි සැට් එක මයෙ සායම ඇරියා නෙව? ඒක නෙමෙයි, මං මේ  පඹගාලෙ ඉන්න ගමන් කල්පනා කරැව්වෙ, " මයෙ නරිබාප්පුච්චේ මේ ලෝකෙක තියෙන අවුල්" කියලයි. 

Oct 4, 2020

ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)


 හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?

බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.

හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත්  බයවෙලා නූල්  බඳින්න වෙනවනෙ?

බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.