Oct 7, 2021

මැකී ගිය බකුසු දඩමං 0 - රටඉඳි මතක

ගමරාළගෙ කූබිච්චි පෝස්ට් එක කියෙව්වා. බොහෝ කළකට පෙර බස්සෙක් මැදපෙරදිග රස්සාවක් කලා. රස්සාවට ගියේ, පස්සා දොරෙන්. දෑවැන්ත කම්හලක් වෙච්ච එතන හිටිය, ලංකාවෙ, රජ වැඩකාර හාදයෙක්ගෙ  රෙකමදාරුව මත. ටෙස්ට් එකට ආපු, සමහර විශයට අදාල ප්‍රශ්ණ පවා, රජ වැඩකාරයා බස්සට කලින්ම ඉගැන්නුවා. ඉන්ජිනේරු අරාබි ලොක්කා,ආව සහයට-ඩැනී අරාබියෙක් එක්ක සම්මුඛ සාකච්චාවට. ඔක්කොම බලලා, ඩැනී මෙහෙම කිව්වා" දිස් ඉස් අ ඩිෆරන්ට් බෝල් ගේම්, ඩූ යූ තිංක් යූ කැන් හැන්ඩල් දිස්?" කියලා.

"ඇත්ත, ඒත් දෙකේම මූලික සිද්ධාන්ත එකයි. මට පුළුවනි" බස්සාගෙ ඩිප්ලොමැටික් උත්තරේ නිසා රස්සාව ලැබුනා.  මම "මලබාරි නයිට්ස්" වල කියපු සෝමෂේකර් "සෝමු" බාස්කරන් මලබාරිය, බස්සට "ගුරු-මුට්ටි" නැතුවම, අදාල විශය ඉගැන්නුවා. සෙක්ෂන් එකේ බොසා, ගිරා නහයක් සහ උකුසු ඇස් දෙකක් තිබ්බ, කෙට්ටු උස අරාබියෙක්. තෙල බෙදන්න දෙයියා, ඒ ඇරෙන්න කරන එකම දේ බුදියන එක විතරයි.

උදේට ඔක්කොම රැස් කරලා, එයාගෙ පුරාජේරුව කියනවා, අපි අහන් ඉන්නවා. ඔන්න ඊට පස්සෙ, බොසා බුදියනවා, අපි කස්ටිය වැඩට බහිනවා. ඉලෙක්ට්‍රිකල්, මැකෑනිකල්, ඉන්ස්ටෘමන්ටේශන් අංශවල අය, වෙන වෙනම තමන්ගෙ වැඩ කොටස කලා. සෝමු, මම, ගව්ඩා හිටියෙ ඉන්ස්ටෘමන්ටේශන් අංසෙ. "වන් ෆුඩ, වන් බාත" කුමාර් හිටියෙ ඉලෙක්ට්‍රිකල් කොටසෙ. අපි හැන්ඩල් කලේ අඩු වොල්ටේජ්- 70V වෙනකම් විතරයි. ඒත් බොහෝවිට 24V තමයි.

මුලින්ම අපේ කොටසෙ කස්ටිය, එකටම හැමදේම කලත්, පස්සෙ මට තනියම ඔවර්හෙඩ් ක්‍රේන්ස් කරන්න වුනා. පිලිපීන ජාතික, ඉලෙක්ට්‍රිකල් නැඹුරුවක් තිබ්බ සුපවයිසරයා, සහජයෙන්ම කුලෑටි සතෙක් වෙච්ච බස්සවම ඉල්ලලම ගත්ත. සෝමු හිත හොඳ ගොබිල වුනාට, එයැයිගෙ අඹ යාලුව, කර්ණාටක ගව්ඩා රටේ වෙදා. ඉස්සර මාවත් ඇදගෙන යනවා කෑම කන්න. මටත් බලෙන්ම, බෙරි වෙන්න උයාපු, තුනපහ සුවඳ නහය කඩාගෙන යන, ඉන්දියන් කෑම කවනවා. මාත් ඉතිං,  අපූරු පිලිපීන කෑම සුවඳ විඳ,විඳ, කිඹුලා කිරිමැටි ගිලින්නැහෙ ඉන්දියන් කෑම කනවා.  ඊට පස්සෙ, උන් ඔක්කෝම කච, පච ගගා හින්දියෙන් විහිලු කරගන්නවා. මහිතේ ඒ උන් කිව්වෙ, තෝත් හිංදි ඉගෙන ගනින් කියලා වෙන්ටෑ?

මට මේක දිගටම දරාගන්න බැරි වුනා. මම ලිස්සන ක්‍රමවේදය අනුගමනය කලා. සෝමු අහනකොට  "හෑ, අදත් එන්නෙ නැත්ද?" කියලා " ක්‍යාහෙ සෝමු, අල්ලල දාහං , බං" කියලා ගව්ඩා එයාව ඇදන් යනවා. මහිතේ, ගවුඩා තමා කෙටෙව්වෙ. මම හිටියෙ වෙනම, ක්‍රේන්ස්වල නිසා අවුලක් වුනේ නෑ. සුහද කතාබහට "චංගල්පට්ටු" චෙල්ලප්පන් වගේ මිත්‍රයො හිටියා. ඇදලා-පැදලා, දමිල උච්චාරණයෙන් කතාකරපු, චෙල්ලප්පන්ගෙ  කතා විලාසය, ගීතයක් වගේ ලස්සනයි. "හා තම්බී, සෞඛ්‍ය....මා....."

කොම්පැණියෙ ඉහල තලවල හිටිය අරාබියො කූල්-රූම්වල බුදියගත්තා. ගේම ඇදන් ගියේ ආසියාතික "සබ්-කොන්" වහල්ලු. අපේ මට්ටමේ හිටිය අරාබින් කීපදෙනාවත් වැඩක් කරනවා මං දැක්කෙ නෑ. ඔවුන්ට ඒකට අවශ්‍ය දැණුම/උවමනාව තිබ්බෙත් නෑ. නිකං ඉඳලා තෙල් බෙදන්න, අපට වගේ කීප ගුණයක වැටුපක් ලැබෙනවා නං, මොකටද වැඩ කරන්නෙ?

රටේ නීතියට අනුකූලවම, පේ-ග්‍රේඩ් තුනක් තිබ්බා -ලෝකල්, එක්ස්පැට් 1(සුද්දො), එක්ස්පැට් 2 කියලා. අපි අඩුම එක -එක්ස්පැට් 2,එකම රැකියාව කලත් වැටුප වෙනස්. ෆීල්ඩ් එකේ හිටියත්, කැමති වෙලාවක කූල්-රූම් රිංගන නිදහස අපට තිබ්බට, පහලම ස්ථරවල හිටි අවාසනාවන්තයොන්ට ඒ නිදහස තිබ්බෙ නෑ. "අරාබි සුපවයිසරයා එනකොට අපි හැංගෙනවා, බස්සො" කියල කිව්වෙ, උතුරන ඇලුමිනියම්  ලෝදිය හැලියෙ වැඩ කරපු, ඉහින් කනින් දාඩිය මුගුරු දාගත්ත, පිලිපීන ඔපරේටර් වරයෙක්.

එක දවසක්, අධි විදුලිසැර කාන්දුවක් නිසා ක්‍රේන් එකක් පොට්-ලයින් එකේදිම මලා. දැන් ක්‍රේන් එක ගල්-ඉබ්බා වගේ පොට්-ලයින් එක මැද. අනිත් ක්‍රේන් වලට එහාට-මෙහාට යන්නත් නෑ. ඒක යටම තිබ්බ "පොට්" එක පැය ගාණක් ඇතුලත  නඩත්තු නොකලොත්, ලෝහ ගල්වෙලා "මැරෙනවා". අරාබි පොඩි බොසා මටයි,  පිලිපීන සුපවයිසර "සීසර්"ටයි මෙහෙම කිව්වා. "තොපි දෙන්නා, අද යන්නෙ නෑ ගෙදර, මේක මේන්ටනස් බේ එකට දාලා මිස".එහෙම කියලා, ඔෆිස් එකෙත් බුදියන එයා, ඉතුරු නිදි වඩිය නිදා ගන්න ගෙදර ගියා.

ක්‍රේන් එකේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් කන්ට්‍රෝල්ස් පිච්චිලා.  සීසර් ක්‍රේන් එකේ රෝදවල බ්‍රේක් රිලීස් කරලා, වෙන ක්‍රේන් එකකින් කෙලගෙන ඇවිත් ලෙඩාට ඇන්නා. ම්හු...ලෙඩා හෙලවුනේවත් නෑ. මෙව්වා ටොන් බරගාණක දඩ ක්‍රේන්. සීසර්, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ මගෙ දිහා බැලුව. මට මතක්වුනා, ක්‍රේන් එකේ VFD (variable frequency drive) වැඩ බවත්, ඕකෙ ස්පීඩ් කමාන්ඩ් එක PLC එකෙන් එන සිම්පල් ඇනලොග් වොල්ටේජ් එකක් බව. මම ගියා මේන්ටනස් බේ එකට . එතන තිබ්බා, අර ලංකාවෙ රජ වැඩකාරයා හදාපු ඩ්‍රයිව් ඩිමෝ මොඩල් එකක්. ගැලෙව්වා ඒකෙ පොටෙන්ශියෝ මීටර(පොට්) ගැජමැටික් එක. 

ගලවගෙන ආපු ගැජමැටික් එක, ක්‍රේන් එකේ VFD එකට හයි කලා.  පොට් එක අඩුම කරලා, ඩිරෙක්ෂන් සිලෙක්ට් කරලා, සෙට් කර ගත්තා. දැන් සීසරයා ගැහෙනවා, "හරි යයිද, බස්සො?" කියලත් ඇහැව්වා. "දන්නෙ නෑ, කරලම බලමු, වෙන විකල්පයක් නෑ නෙව? මම කිව්වා. ඇයි, මේ අටවන-මාටිං සෙල්ලම දාන්නෙ, ටොන් බරගාණක වසවර්තියෙක් එක්ක නෙව? මට සීසර් කිව්වා, අවුලක් වුනොත්, ඕෆ් කරන්න සුවිච් එකට අත තියාගෙනම ඉන්න කියලා.

"ඔන්" කලාම,ඔය යන්නෙ මල දානෙ, කූඹියා වගේ(තියරියෙ විදිහටම). හප්පේ !දැනිච්ච සනීපයක්? සීසර්ට මාර හැපී. "බස්සො, තව ඔය ගැජමැටික් දෙකතුනක් හදලා තියගන්කො" කියල කිව්වා. ක්‍රේන් එක මේන්ටනස් බේ එකට දාලා අපි දෙන්නා ගෙදර ගියා. එදා සීසරයා නං, කණ සාක්කුවට වටෙන්නම බොන්න ඇති. පිල්ලො කියන්නෙ කන්න, බොන්න සහ "ටීක්" ලන්නම උපන් ජාතියක්.

පස්සෙන්දා, අරාබියගෙ මීටිමේ ස්තූති, ප්‍රශංසා මුකුත් නෑ. ලෙසටම එයැයිගෙ සුපුරුදු පුරාජේරුව නං තිබුනා.එයා ලකුණුත් දාගන්න ඇති, ලොකු බොසාගෙන් "මම ලඟ ඉඳලයි වැඩේ කෙරෙව්වෙ, අරූ ලිස්සන්නමයි බැලුවෙ?" කියලා. දිනක් මිටීමක් කැඳවපු ලොකු අරාබි බොසා,  මෙහෙම කිව්වා: " මෙහෙ වර්ජන, පිකටිං වගෙ ෂිට් නෑ, උඹලා ඔච්චරම ස්මාට් කියල හිතනවා නං, ඇයි නාසා එකට වැඩට යන්නෙ නැත්තෙ?". අවුලක් නෑ,  අඩුමගානෙ බස්සට, උගෙ "අටවන මාටිං" ක්‍රම අත්හදා බලන්න චෑන්ස් එක තිබ්බ එකම මඳෑ?

මම මොනව හරි අටවන වැඩ කරනව කියලා, සීසර් දැණගෙන හිටියා, ඒත් මා ගැන විස්වාසයක් තිව්නා. කිව්වෙ "බස්සො, උඹ ඔය කරන විදිහ, පොතක ලියල තියහංකො" කියල විතරමයි. ලියන්න පුළුවන් ටික ලිව්වත් එක්ක. ඒත් මම කරපු ඔක්කොම උන්දලා දැණගත්තා නං, මාව එලවනවා. ඒත් මම කොහොම හරි ජාම බේරගත්තා. 

අපි හැන්දෑවෙ ගෙදර ගියාම, හදිසි නඩත්තු කරන්නෙ MC( Maintenance Crew). ඕං පස්සෙන්දා එනවා MC ගොබිලා "බස්සො, මේකෙ මෙහෙම ලෙඩක් ආවනෙ? මම මේක හදන්න බෑ කිව්වම, උං කියනවා අර බස්සා නං හදනවා කියලා. මොනවද ඕයි තමුසෙ කලේ?" කියලා. ඒත් මගෙන් පස්සෙ ආව පිල්ලට ඒ වාසනාව තිබිල නෑ. සීසර් එයාට PLC එකට අතවත් තියන්න දෙන්නෙ නෑ,  කියල පස්සෙ සෝමු කිව්වා.  ඒ හාදයා සිංගප්පූරුවට ගියා  අස්වෙලා, කියල පිල්ලො පස්සෙ කිව්වා. නෑ, මම උන්දැව කඩේ යැව්වෙ නෑ, ඒත් හැමදේම කියල දෙන්න බෑ නෙව? පස්සෙ සෝමුට "රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට්" එකට ප්‍රමෝෂන් එකකුත්, ගව්ඩට ඩබල් ප්‍රමෝෂන් එකකුත් ලැබුනලු. ඒත් සෝමු තමයි නියම වැඩ්ඩා. වැඩ දන්නව වුනත්, තෙල බැරි නං හබක්.

මම හැමදාම හිතුවෙ, අරාබිය කියන්නේ, ට්‍රාන්සිට් පොයින්ට් එකක් විතරයි කියලයි. පේන දේම නෙමෙයි ඇතුලෙ තියෙන්නෙ. ලෝකෙම ඉන්න කුඩු මුදලාලිලා, පාතාලයොන්ට ආරක්ෂාව සපයනවා කියන එක ප්‍රසිද්ධ රහසක් නෙව? තව ඉතිං, කළු සල්ලි "අපුල්ලලා" දෙනවා වගේම ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ "හබ්" එකක් විදිහටත් ක්‍රියා කරනවා. රැකියාවත් සමඟ බැඳිච්ච වීසා එකට ඔවුන් කියන්නේ "PR" එක කියලයි. රැකියාව පවතින්නෙ, ඔවුන්ට අවශ්‍ය නම් පමණයි, ඒ එක්කම ඔබේ "PR" එකත් වාෂ්ප වෙනවා. රැකියාව නැති වී, තමන් ගෙ මුළු ලෝකයම කඩා වැටිච්ච කතා නං අපමණයි.

චුත වෙන්නෙ කාලෙ ආවම, අරාබියා මට අනිත් හැමෝටම දෙන සමුගැනීමේ සාදයවත් ( කලෙක්ෂන් - නැතුව උන්දැගෙ සාක්කුවෙන් නෙමෙයි) දුන්නෙ නෑ. ඉතිං මම නෝන්ඩියටම, උන්ට පාටියක් දුන්නා. ඒකට ඇවිත් හොඳට ගිලපු අරාබියා මෙහෙම කිව්වා. " බස්සො, මම උඹව ගන්න කොට, මට ඇඩ්මින් එකේ මලබාරියා කියපු දෙයක් තමයි, ඔහෙට ඕකාගෙන් කිසිම සෙතක් වෙන්නෙ නෑ කියන එක, ඒත් මම උඹව ගත්තා. යූ නෝ, ඔනස්ටි ඉස් ද බෙස්ට් පොලිසි" කියලා.  ඒ හැදුවෙ මම යන්නෙ කොහාටද කියලා ටක්කෙටම කේලම දැණගන්න. හහ්, අපි නොදන්න මොණරතැන්න?😂 මම හිනාවෙලා, ලෙසටම ලිස්සුවා. 

උන්දැට මම යන එකට, මල පැන්න බව මට තේරුනා. ඉන්න තුරු කිසිම හොඳක් තියා, ඇනුවල් ඉන්ක්‍රිමන්ට්වත් අපිට ලැබුනෙ නෑ. අවුලක් නෑ, මම ගත්ත පඩියට සරිලන සේවයක් කල බව, අනිත් අයගෙ ඉඟිවලින් තේරුන නිසා, රස්සාවෙන් යම් සතුටක් ලැබුනා. පස්සෙ ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් වැඩි දෙනෙක් ගිහාම, පඩිය දෙගුණයක් කලාලු. 😁 

☜(゚ヮ゚☜)      ༼ つ ◕_◕ ༽つ        (☞゚ヮ゚)☞    

මේක තමා "මැකී ගිය බකුසු දඩමං" පලමු කොටස. අනුපිලිවෙල මාරුවුනා. වැරැද්ද මගෙ නෙමෙයි, කූබිච්චි පෝස්ට් එක දාන්න පරක්කු කරපු ගමරාළගෙ, බනිමුද උන්දැට? 

මම ලිව්වෙ, මගේ අත්දැකීම්, මම දැකපු දේ. වෙන කෙනෙකුට ඒක එහෙම්මම නොවෙනවත් ඇති. අජිත් ගෙනාපු මාතෘකාවට අදාලවයි, මේ පෝස්ට් එක ලියවුනේ.

201 comments:

  1. I have few electrical motors (In SL)need repairs all the time (including rewinding). Any advice on motor protection?

    ReplyDelete
    Replies
    1. Sorry, no high-voltage switchgear knowledge. Due to safety concerns,you better consult a proper professional. My knowledge is rather limited to hobby electronics.🤔

      By the way, Thanks for the early vist.😊

      Delete
  2. එකෙක්වත් කලින් පෝස්ට් එකේ, බොගෙ "රෑ ඉර පාන" වගෙ පොඩ්කාස්ට් තියේද? කියන එකට උත්තර් දුන්නෙත් නෑ නේද?

    අලුතින් පුම්ක ඉරාගෙන පෝස්ට් දාන්නෙ, තවුසෙට පිස්සුද ඕයි?😂

    ReplyDelete
    Replies
    1. https://youtu.be/kxKZDt4kWxE
      https://youtu.be/K1Z1IJ6IYAM
      https://youtu.be/CpMWORZdyYA
      https://youtube.com/c/MANURANGA මේකෙ ප්ලේන්ටියයි සිංදු දෙකයි (තනිකර ඇඩ් ගොඩක්)
      https://youtu.be/yf5RDkHYqRc

      ඕ වගේව තමා තියෙන්නෙ..
      රෑ ඉරපාන කියන්නෙ රේඩියෝ වැඩසටහනක් නෙව නෙත් FM එකේ ගිය. ඒක එච්චරම තමා. ලංකාවටම ඒක විතරයි. වෙන ඒ වගේ වැඩසටහන් ගියෙ නෑ.
      කාටවත් දෙන්න ලිංක් නෑ 😂😂😂

      Delete
    2. ගුවන් විදුලි සංස්ථාවෙන් කරපුව වගයක් තිබ්බ යලට මහට වගේ. දැං නමත් මතක නැති ඒව යූ ටියුබ් නං හොයන්න එපා. තේරුමකුත් නෑ ගුවන් විදුලි සංස්ථාවට වඩා නාකි ටිකක් ඉන්නෙනෙඒකෙ. ඉතිං ප්‍රගතිශීලී වැඩ හොයනව කියන්නෙ.... ම්හූ.. කරන්න බැරි වැඩක් නෙවී.. කරන්නම බැි වැඩක්

      Delete
    3. රොම්බ තෑන්ක්ස් මෙයා.😊
      මම බන්දුලගෙ කට හඞට හරිම කැමතියි, හරියට භාවනාවක් වගේ. ඔය මඳෑ, දැන් කොණක් තියෙනවා.😊

      Delete
    4. ඕක නං කවදාවත් හරියන්නෙ නෑ, ඔය යන්නෙ අදත් නාන්න.😂

      -මීට චව්,චව්-

      Delete
    5. රෑ ඉරපානම තියේනෙ සීයකට කිට්ටු වෙන්න ඒ මදෑ අවුරුදු දහයකට 😃😃😃

      Delete
    6. හෑ, සීයක් තියෙනව? ඒ කොහේද? එහෙනං ඇති. බාගන්නත් ඇහැකිද?😊🙏👌

      Delete
    7. https://youtube.com/user/RaaIraPaana

      නෑ නේ.. මම ඔය ප්‍රෝග්‍රෑම් එකම ඇහුවෙ ඒම . සෑහෙන්න තිබුණ. බසු හරි. ඒ එකක් වත් දැං නෑ නේ.. 😔😔😔
      මම මතකෙට කිව්වෙ තිබුණය කියල. 😒😒😒

      Delete
    8. https://topiceka.com/2018/04/19/ep07-%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%BB%E0%B7%91-%E0%B6%89%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1/
      ඕක ටිකක් අහල බලන්න

      Delete
    9. එතන කියනවා කොටස් 159 තියේලු.ඔක්කොම තියෙන සයිට් එකක් ගැනත් කියනවා. ලින්ක් එක දාන්නම් කියලත් කිව්වා. කොහෙද මන්දා? තව හාරලා, මම හොයා ගන්නම්. ස්තූතියි.

      වෙබ් රේඩියෝ කරන්න හදලා, පස්සෙ නවත්තලා. ඕඩියන්ස් එක ඉන්නෙ හේනෙ, පැලේ කියන්නෙ. ඕකාව දීයා කාපිය, එතකොට ගස් බෙනවල ඉන්න අපි?😒

      Delete
    10. ඒ සයිට් එකේ ඩොමේන් එක අලුත් කරල නෑ. ඒක ෂඩ්ඩවුන් 😃😃😃
      මම හිතන්නෙ කවුරු හරි ඕව බාල තියාගත්ත කෙනෙක් ගෙන් තමා හම්බෙන්නෙ.
      159 ට වඩා තියේ. 157 වෙනකං බන්ධුල ලිව්ව සිංදු රෑ ඉරපානට ගෙනාවෙ නෑ කියලනේ කියන්නෙ. ඊට පස්සෙ ආව ඒවත් එහෙමටම නෑ.
      අවුරුදු 10 විතර පරණ ප්‍රෝග්‍රෑම් එකක් හොයනෙක අමාරුයි 😒😒

      Delete
    11. මම දාන්න තරමින් බ්ලොග් එකකුත් ලිවුවා.

      Delete
    12. ස්තූතියි සුදීක ඔත්තුවට. මම ඒ ගැනත් සොයා බලන්නම්.😊

      Delete
  3. එතකොට වැඩ කළේ නිකං ට්‍රේනී කෙනෙක් වගේද. නැත්තං ලංකාවෙ ගාමන්ට්ස් වතු එතකොට අනික් හුඟක් කම්පැණි වල වගේ උනුත් ශ්‍රමය සූරා කෑව විතරද. පඩි වැඩිවීම් ඉල්ලන්න බැරිද.

    අරාබියගෙ හොම්බට අනින්න බෑද..
    නැත්තං ලොකු අරාබියට ගොට්ටක් අල්ලල බලන්ඩ තිබ්බෙ ඕං.. ඔය හුඟක් අය කරන්නෙ. අපිත් කළාම මොකද අනේ..

    ReplyDelete
    Replies
    1. ඔන් ද ජොබ් ට්‍රේනිං. ඒත් ස්ථීර සම්පූර්ණ පඩිය ගෙව්වා. අරාබීන්ට "කං සැප" සපයල ඩබල් ප්‍රොමෝෂන් ගත්ත පිල්ලොත් හිටිය. ඒත් හැමෝම නෙමෙයි. අවුලක් නෑ, ඒ අවුරුදු පහෙන් හම්බ කරගත්තා, අලුත් ට්‍රේඩ් එකක් ඉගෙන ගත්තා. ඒ නිසා තමයි මෙහෙට එන්න ලැබුනෙ. 😊

      Delete
    2. ම්ම්ම්. OJT 😃😃 මට නං බස්සට තරං ඉවසීමක් තිබ්බෙ නෑ. අද ඒ ගැන පසු තැවෙනව. ලංකාවෙ ලොකුම කම්පැණි දෙක්ක හම්බුණ ට්‍රේනිං මග දාල ගෙදර ආව. අනික් එකේ මාසයක් ඉඳල වෙන රස්සාවක් හම්බෙලා ආව. ඒ අවස්ථා තුන ගැනම අද මාර දුකක් තියෙන්නෙ. මොකද දැං වෙන දේවල් දකිනකොට ඒ හිටිය තැං වල හිටිය නං... 😒😒😒

      Delete
    3. එහෙමම හිතෙන්න එපා මහේෂ්. අපි කරපු දේ ගැන, අනේ, අපොයි කියල දැන් හිතුනට, හැමදේටම හේතුවක් තියෙනව කියලත් මට හිතෙනවා.🤔

      Delete
    4. නිවාඩු නෑ, ඒත් අවුරුද්දට මාසයක් පඩි සහිත නිවාඩු, ටිකට් එක දුන්නා. ගෙවල් කුලීදීමනාවක් දුන්නා.වැඩ පලේම, සත පහකට වැඩක් නැති ඉන්දියන් ඩොකෙක් උන්නා. ඌ මලාට සික් ලීව් එකක් දෙන්නෙ නෑ.අවුලක් නෑ, මලේ නෑ නෙව?🤣

      Delete
    5. ⁣හුම්ම්ම්
      කැරකිල ඇවිල්ල නැවතිච්ච තැන ගැන කැමැත්තක් නැතිවට වෙන කියන්න තරං වරදක් වුණා නං ඒ මේකෙ ඉන්න පරණ ඉරටු කූරු කියන කයි කතා අහගෙන ඒ පරණ විදිහටම හැඩගැහෙන්න වුණ එකයි. සදා එක තැන

      Delete
    6. ජීවිතේ කියන්නෙ දුක-සැප දෙකේ මිශ්‍රනයක්. දුක නැත්නම් එතන සැපක් නෑ.දැන් බලාන්ට..ඔය බූට් එකෙත්, වෙනම ආතල් එකක් තියනවා නෙහ්? එතකොට, බඩගින්න, ඒකත් එහෙමයි. හෝතම්බු බීෆ්/පෝක් ගෙන්න නොදුන්නට, මම හොරෙන් ගෙනත් වලලල තියාගෙන කනකොට, එලියට ගිහින් ගිලින කොට, අම්මා! දිවියලෝක රහයි, ලොක්කා.😊

      https://frozenlazyowl.blogspot.com/2014/06/blog-post_4.html

      අපට තියෙන දේ ගැන, ටිකක් හරි හිත හදාගෙන, හීනියට දෙකක් නමා ගෙන ඉමු.🤔

      https://www.msn.com/en-ca/lifestyle/style/kate-moss-daughter-lila-moss-walks-the-runway-wearing-insulin-pump/ar-AAPcUNu?ocid=winp1taskbar

      Delete
    7. පස්සෙ කියවන්නං වැඩ වැඩී අද

      Delete
  4. උලත් එකයි පිලත් එකයි කොයි කොටුවෙත් කොටන්න හැකි වැඩ දන්නව නං
    ඒ වගේම තමයි රජෝ - ගැලවෙතෑකි නියම තැනට ඇණ ගහනව නං!

    ReplyDelete
    Replies
    1. ඇණ? මයිල් ඉස්මයිල් වුනා, නිදි.😂. ස්තූතියි.
      සුරුස්....

      Delete
    2. මාත් එකට එකඟයි හැබැයි කොටන ඕනෑම එකෙක්ට දවසක කෙහෙල් ගහට කෙටුවොත් හොට ඉවරයි

      Delete
    3. කොටන එක පුරුද්දට ගියාම, ඕව පේන්නෙ නෑ. කොටාගෙන,කොටාගෙන යනවා. ආං ඒ අතර කෙසෙල් ගහකුත් තියනවා. එදාට කොට්ටෝරු නයිදෙ සෙත්තපෝච්චි.🤔🤣

      Delete
  5. https://en.m.wikipedia.org/wiki/Lion%27s_Blood

    ReplyDelete
    Replies
    1. හොඳ පොතක් වගෙයි. නෑ, විහිලුවට නෙමෙයි, සීරියස්ලි. ඒත් මට දැන් පොත් කියවන්න හිතෙන්නෙම නෑ, මොන කරුමයක්ද මන්දා?😒

      Delete
    2. //The novel presents an alternate world where an Islamic Africa is the center of technological progress and learning while Europe remains largely tribal and backward. Throughout the novel, both the Gregorian calendar and the Islamic Hijri calendar are used.
      The story begins with Aidan O'Dere, a White European child growing up in a primitive 19th century Ireland with his pagan father, Christian mother, and his twin sister. Their village is attacked by Vikings and Aidan's father is killed in the battle, while Aidan and the rest of his family are taken as slaves. They are later sold to black slave merchants in Andalus and taken to Bilalistan (southeastern North America) by the Middle Passage. //

      Delete
    3. @Pra,

      මම නිකං plot එක කියෝලා බැලුවා විකියෙ. පරණ පුරුදු ස්ටෝරියම - වහල් කොල්ලා වහල් මාස්ටර්ගෙ පුතත් එකක් බොසම් ෆ්‍රෙන්ඩ් වෙනවා, මැද්දට කෙල්ලෙක් එනවා, දෙන්නා තරහ වෙනවා, වහල් නැගිටීමක් එනවා, යුද්ධයක් එනවා, තරහ වෙච්චි යාළුවො දෙන්නා එක පෙරමුණේ යුද්ධ කරනවා, අන්තිමේදි සියල්ලෝම සතුටින් විසිර යනවා - තමා නේ. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. එකම වෙනස මේ ඔක්කොම සිද්දවෙන්නෙ alternate cultural කැඳ හැළියක වීමයි.

      Delete
    4. හ්ම්... ඉස්සෙල්ල මේ සමරිය කියවල නැගලා ගියාම, ලින්ක් එක දිගේ ගිහින් ඉතිරිය කියෙව්වා. Game of Thrones වගෙද කියලත් හිතුනා.

      කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද,කියවනවද, බැයිද...............මට බෑහ්.

      Delete
    5. තිබුනට මං තාම කියවල නෑ. ඒත් හැරී හැරිසන්ගෙ ඕල්ටර්නේට් හිස්ටොරිකල් නවකතා සීරීස් දෙකක් කියවල ඕල්ටර්නේට් ගැන ආසාව ආවෙ.
      ඒ දෙකෙන් එකක් ඩයිනෝසර්ල වඳ නොවී පරිණාමයවෙලා dominant species විදිහට ඉන්න, ජෙනටික් ඉන්ජිනේරු ක්‍රමයෙන් තාක්ෂණය තියන ( උදා. තුවක්කු විදිහට තියෙන්නෙ සතෙක්, පෙලට් එකක් විදින ) කතාවක්
      https://www.amazon.com/West-Eden-Trilogy-Harry-Harrison/dp/0743487184

      අනිත් එක ක්‍රිස්තියානි ආගමෙන් නෝර්ස් ආගම යටපත් නොවී දෙකම ආධිපත්‍යයට සටන් කරන Ivar (the Boneless) Ragnarsson ගෙ කාලෙ කතාවක්.
      https://www.goodreads.com/book/show/710830.The_Hammer_and_the_Cross

      ඔයිට අමතරව මම පොඩිකාලෙ එක පොතක් කියවල ආසාවෙන් ඉඳල ලඟදි මුලු සීරීස් එකම හොයාගත්ත
      https://www.goodreads.com/series/62815-spider-world
      (After the fall of the human civilization spiders evolve and become the dominant species)

      ඔය සීරීස් තුනේ සහ බාර්න්ස්ගෙ පොත් දෙකේ හාර්ඩ් කොපි පොත් හොයා ගත්ත.
      දැන් Z library හම්බවුනාට පස්සෙ ඩවුන්ලෝඩ් කලා
      Harry Turtledove, Eric Flint, S.M. Stirling, William Fortschen සහ තව කීපදෙනෙක්ගෙ ඕල්ටර්නේට් ඉතිහාස හා කාල තරණය පොත් ගොඩක්. සමහර ඒවට ලෝර්ඩ් බුර් නම් හුඟක් කැමති වෙයි.
      (මට ඔක්කොම කියවන්නනම් නැවත් ඉපදීම විස්වාස කරන්න වෙනවා.)

      Delete
    6. ස්තූතියි ප්‍රාජේ, Z library ඔත්තුවට. ඒක නං නිධානයක්ම තමා, The Moonstone කියල සර්ච් කලා, ආවෙ නැතෑ පොත් බර ගාණක්.ටිං-ටිං සහ අනිකුත් කොමික්ස් එහෙමත් තියනවා.දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ.😂

      Delete
    7. ඒක තවම තියනවද , මම හිතුවේ වහල දාල කියල. මම පොත් බාගන්නවා project gutenberg එකෙනුත්

      Delete
    8. මාත් ගියේ එතෙන්ට. තව නම මතක නැති තැනකුත් තිබ්බා. ඒත් මෙතන වෙනස්ම තැනක්.😊👌

      Delete
    9. z eඑකෙන් පොත් මම බාගෙන තියනවා විතරක් නෙමෙයි මම උන්ට ආධාරයකුත් කළා

      Delete
    10. පුස්ථකාල ගැන මට ඇත්තේ සොඳුරු මතකයක්. ඒක එක්තරා නොස්ටැල්ජියාවක්. දුප්පත්, ගැමි කොලුවෙක් ලෙස, බ්‍රිටිෂ් කවුන්සිල් පුස්ථකාලෙට මම ගියේ,සස්-බස් ගාමින් කඩ්ඩ වැනූ, ඉහල පැලැන්තියේ කෙල්ලන් දෙස රබර් ඇහැ දාගෙන බයෙන්. එහිදී මැගසීන් පිංතූරවල දුටු, සුදු කෙල්ලෙන් සහ ඉහල පැලැන්තියේ ජීවන රටාව, මගෙ හිතේ ඇති කලේ චමත්කාරයක්.

      අද මේ හැම දෙයක්ම වෙනස් වෙලා. කියවීම, දැණුම අද සැමට නොමිලේම ලැබෙනවා. ඇත්තටම මම නං මේ වෙනසට කැමතියි.

      Delete
  6. 1, 2 දෙක ගාවට තියෙන්නෙ 0 කියලා අද තමා දැනගත්තෙ. අරාබි කරමේට වෙන්ටැති.

    // අපූරු පිලිපීන කෑම සුවඳ විඳ,විඳ, කිඹුලා කිරිමැටි ගිලින්නැහෙ ඉන්දියන් කෑම කනවා //

    ඒ කියන්නෙ ඔහේ පිලීපීන් කෑම රහ බැලුවෙම නෑ?

    ReplyDelete
    Replies
    1. හෑ, එහෙම අංක පිලිවෙලට ලියන්නම ඕනෙද, ඈ? ඔය 0 හොයාගත්තෙ අරාබියො නේද? බුදියාන ඉන්න කොට හීනෙන් පෙනුන වෙන්ටෑ?🤔

      කෑව, කෑව එව්වා ඉන්දියන් ඒවට වැඩිය අපට අල්ලලා යනවා. මම ලිස්සල ගියා වෙන කැන්ටිමක ඒව කන්න. තව පිලිපීන කෑම ජාතියක් තියනවා, කෑවොත්....එක්කො ඕනෙ නෑ.🤔

      Delete
    2. නෑ බොලං, බිංදුව හෙවත් ශුන්‍යය කියන්නෙ ඉන්දියන් කන්සෙප්ට් එකක්.

      // තව පිලිපීන කෑම ජාතියක් තියනවා, කෑවොත් //

      රහයි නේ... ;-)

      Delete
    3. රහයි. ඊට පස්සෙ...පිලිපීනෙ පොඩි ගම්මානයක් නඩත්තු කරන්න වුනාට තමයි වමාරන්න හිතෙන්නෙ.😂 ඇහුවම කියන්නෙ, අපේ පවුල් බැඳීම හරිම බලගතුයි කියලයි, එතකොට අනිකගෙ පොකැට් එක "බුරුල්" වෙනවා.🤣

      Delete
    4. බැස්සෝ මගේ fb ඉන්න හැම ගෑනුකෙනාම divorce. මන් දන්න විදිහට එහෙ ඒවා වැඩි. මන්ද හේතු දන්නවද?

      Delete
    5. දන්න ටික කියන්නම්. එහෙ සංස්කෘතිය වෙනස්. ඒත් අපේ එක තමා හොඳම කියලත් කියන්න බෑ. හැපී ගෝ, ලකී කස්ටිය, ඒත් ජීවිතේ හොඳට රසවිඳිනවා, හෙටක් ගැන නම් හිතන්නෙ නෑ.

      ආර්ථික හික්මීම, ඇට මිඳුලුවලට කිඳා බැහැල, හෙටට යමක් ඉතුරු කරගන්න අපට, එයාලත් එක්ක පෑහෙන්න අමාරු වෙයි.

      Delete
    6. මේ මේ පිලිපීන කට්ටියට අරවා මෙව්වා කියන්නේ පරෙස්සමෙන්... අපිත් මෙහෙ ඉන්නවා... දන්නවයි, එයාලගේ පවුල් බැඳීම බලගතුයි වගේ තමා...
      අපේ බඩා මල්ලියා- දීපාල් බැඳලා ඉන්නේ පිලිපීන ජාතික ගෑනු ළමයෙක්... මඟුල ගත්තේ හික්කඩුවේ හෝටලේ... ලෝකේ හැම අස්සකින්- මුල්ලකින්ම නෑදෑයෝ පවූල් පිටින් ආවා, අර බැඳීම නිසා. මට මතක හැටියට හෝටලේ එක wing එකකටත් වැඩිය වෙන් කර ගන්න වුණා- එයාලට නවතින්න. (ඒ හිතවත්කම් නිසාම බාල නෑනාගේ අම්මා, අක්කලා හෙමත් ලංකාවට ආවා මට හැට පිරෙන වෙලාවේ- කොහොමද පවුල් බැඳීම?)

      ඒ මඟුල ගැන ලියන්න හිතාගෙන එයාලගේ වෙඩින් ඇල්බම් එක ගෙන්නාගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා... තාම නැකත ආවේ නෑ!

      Delete
    7. එහෙම අයත් ඇති, නිදි. මම නෑ කියන්නෙ නෑ. ඒත් මම දන්න කතා වැඩි හරියක් ඛේදවාචක.😒. සමහරවිට, මෙහෙම ඒකාකෘති(stereotype) කතාවක් කියන එක අසාධාරනයිද මන්දා? ඒත් නමිය ඇහැව්වෙ මම දන්න දේ නෙව? මම කිව්වා.🤔

      Delete
    8. එයාලාගෙන් වැඩිම දෙනෙක් ඉන්නේ පිලිපීනෙ නොවෙන නිසා වෙනසක් තියෙනවා වෙන්නත් පුළුවනි, මම කිව්වේ අපේ නෑයෝ කට්ටිය ගැන... මම දන්නා පිලිපීන ජාතිකයනුත් එච්චරයි බස්සා මහත්තයෝ.!

      Delete
    9. මගේ යාළුවෙක් ඉන්නවා ගල්කිස්ස පැත්තේ පිලිපීන කෙල්ලක් බැඳලා . දරුවෙකුත් ඉන්නවා

      Delete
    10. ඈ! අපේ මල්ලියාද? එයා ඉන්නෙත් ගල්කිස්සේ හෝටලය ළඟමයි. මේ දවස්වල නං එයාලා හතර දෙනාම ඉන්නේ එංගලන්තෙ. ඔයාව හමුවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි අජිත්!

      Delete
    11. එයාගේ ගෙදර හිටියද නිමන්ත කියල හාදයෙක් , පිටිගල පැත්තේ. එහෙමනම් අපි මේ කතා කරන්නේ එයා ගැන තමයි. හුටා

      Delete
    12. @අජියා : මට ඌව හමු වෙලා තියෙනවා. දීපාල් නේද නම ? මං ඌ ගැන පොස්ට් එකක ලිවුවා. දීපාල්

      Delete
    13. හෙහ්, හෙහ් පට්ට කතාව. කොන්දො වටකරල ,තඩිබෑවෙ නැත්ද?🤣😢 අපි ආයෙත් මේ වගේ එව්වා ලියමු.

      Delete
    14. @සුදී දන්නේ නැහැ. අඩේ මම ඔය ලිපිය කියවල තියනවා. ඒ දවස් වල කියවල ලිස්සන නිසා කොමෙන්ට් නෑ. මට නම මතක නැහැ බං බුවාගේ. වයසේ වැරැද්ද. මමත් හැබැයි කොන්දන්ට සල්ලි දෙන්නේ ගානට. නැත්නම් ඉතුරු ගන්නවා බලෙන් හරි. කොන්ද හොඳ වැඩිය කෑ ගහන්නේ නැති එකෙක්නම් ගන්නේ නැහැ. හැබැයි එහෙම අය අඩුවෙන් හම්බවුනේ. නිදිගේ මල්ලිද දන්නෙත් නැහැ.

      Delete
    15. හිටියා නේන්නං අජිත් මහත්තයෝ. බඩාලා ගෙදර තමයි නිමන්ත හිටියේ. දැන් නිමන්ත ලංකාවේ.

      https://nidigepanchathanthare.blogspot.com/2021/09/brighton-marathon.html මතකයිද මේ ලිපියේ දීපාල්ලගේ 4 හතර දෙනාගෙම් foto තිබුණා.

      Delete
    16. සුදීක, දීපාල් වචනය උඩ ක්ලික් කලාම එන්නෙ වෙනත් ලිපියක්. තරහ නැතිව බලනවද ඇයි ඒ කියලා.

      Delete
    17. හාහ් හා , එහෙනම් එයා තමා අපිව හම්බ වෙන්න ආවේ. නිමන්ත මගේ යාළුවෙක්. අර ෆොටෝ එක එයා තමයි. ලෝකේ කොපමණ පොඩිද

      Delete
    18. සුදීක, comments කියවාගෙන පහළට එද්දී තේරුණේ මාතෘකාව වෙනස් වුණාට අපේ මල්ලියා ගැන ඒකෙ තියෙන බව. සුදීක දන්නවද, ඒකාගෙ ඔය ගති නිසා ගල්කිස්සේ ඡන්දෙකටත් ඉල්ලන්න කියල තිබුණා. ගෙවල් පැත්තේ අය. මල්ලියා නිවාසවල ප්‍රශ්න ගණනාවකට හෙම මැදිහත් වෙච්චාම.

      Delete
  7. // ඊට පස්සෙ, උන් ඔක්කෝම කච, පච ගගා හින්දියෙන් විහිලු කරගන්නවා //

    කොච්චර ළඟින් ආශ්‍රය කරන ඉන්දියන් යාළුවො හිටියත් මට උන්ගෙ පේන්නම බැරි දේ තමා ඔය. ඇයි යකෝ කතා කරපියවුකො ඉංගිරිසියෙන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්...එහෙනං ඒක ඒ හැමෝටම පොදු දෙයක් වෙන්ටත් ඇති. අපිට ඊට වඩා මැනර්ස් තිබ්බා.🤔

      Delete
  8. සිරා! ඕක ඉතා සාමාන්‍ය දෙයක්! මම අර පැනි බේරෙන කොම්පැනි කථාවල කියලා තියෙන්නේ! මටත් කිසිදාක ඉන්ක්‍රිමන්ට් එකක් හෝ ප්‍රොමෝශන් එකක් නොලද කෙනෙක් ගානයි! ඒවා ගැන ලියන්නෝන! මම හැමදාම කියන එක කථාවක් තියෙනවා! ඒක තමයි කවදා හරි දවසක මගේ අතින් එකෙක් හරි මැරුණු දාට අනිවා තව දෙන්නෙක් ලිස්ට් එකට එකතු වෙලා තමයි හිරේ යන්නේ! ඉන් එකෙක් මගේ ජීවිතයෙන් අවුරුදු 12ක් විනාස කරපු එකෙක්! මම දකිණ මගේ චරිතයේ තියෙන භයානකම හැසිරීම තමයි "රිටර්න්" එක හෙවත් "රිවේන්ජ්" එක! මම ජීවිතයේ වඩාත්ම ආස කරණ කථාවක් හා ටෙලියක් වන්නේ "සිටුවර මොන්ත ක්‍රිස්තෝ" කථාව! මේ ලෝකෙට අපි හොඳ වැඩියි මිත්‍රයා!

    ReplyDelete
    Replies
    1. අඩේ තට්ටයා මහත්තයා, මොන්ත ක්‍රිස්තෝ මගෙත් ප්‍රියතම කතාවක් නෙව? අර හිරේ ඉන්න කොටස, පිස්සු පූජකයා සහ හිරෙන් පැනලා යන කොටස එහෙම පට්ට! ස්තූතියි.

      Delete
    2. ඇලෙක්සැන්ඩර් ඩුමාස් කියන්නේ, අවිධිමත් භාෂාවකින් රස කතා ලියපු අපි වගේ පොරක්. මම ඒ ගැන පොස්ට් එකක් පරිවර්තනය කරළා මග නැවැත්තුවා. ඇත්තටම පුදුම පරිකල්පන ශක්තියක් තිබුණු අය.

      Delete
    3. අලි සන්දර දියුමා පබුදුවාණන්! යවෙස් ලූ මිනිසා, කළු දල මල, ඔවැනි කථා රාශියක් ඔහු ලියා තියෙනවා නේද?

      Delete
    4. සුදීක, තට්ට මහත්තයා ස්තූතියි. හ්ම්.. ඇලෙක්සැන්ඩර් ඩුමාස්, අවිධිමත් භාෂාව, මේක කලින් අහල තිබ්බෙ නෑ, ඒත් තට්ට මහත්තයා කිව්වා වගේ රස විඳින්න කිසිම බාධාවක් තිබ්බෙ නෑ.

      Delete
    5. මගෙත් වීරයෙක් ඩූමාස්! සුදීක බාගෙට නවත්තපු වැඩේ complete කරන්නකෝ.
      තට්ටයා මහත්තයෝ, කොසිකන් බ්‍රදර්ස් එහෙමත් එතුමාගේ... තව තියෙනවා, මේ මොහොතේ ඔළුවට එන්නෙ නෑ.

      Delete
    6. කොසිකන් බ්‍රදර්ස්අ? අහලම නෑ නිදි, පොඩ්ඩක් ඉන්නම් තමුන්නැහෙලාගෙ විචාර එන තෙක්. ප්‍රාජේ දීපු Z library ඇති.🙏😊

      Delete
    7. මූ නං ජීවීතේට පොත් කියවපු බස්සෙක් නෙවී. ඇයි යකඩෝ 'කෝර්සිකානු සහෝදරයෝ' ගැන අහලා නෑ කියන්නෙ.

      Delete
    8. කරමසෝව් සහෝදරයෝ කියල තඩි පොතක් නං, පැටියා කාලෙ ලයිබ්‍රරියෙන් උස්සන් ගියා කියල මතකයි. ඒත් කියවන්නම නෙමෙයි මහිතේ.😂

      කෝර්සිකානු සහෝදරයෝ හොඳයිද, ඈ?🙏

      Delete
    9. අන්න සුදීක ලස්සන පෝස්ට් එකක් දාලා. මේ දැන් උණු උණුවෙ බෑවෙ,බ්ලොග් රෝලෙ උඩටම.😂

      Delete
    10. කෝසිකන් බ්‍රදර්ස් කතාවෙන් සිනමාස් සමාගම ගාමිණී ෆොන්සේකා ඩබල් ඇක්ටින් කරවලා හැදුවා ෆිල්ම් එකක් 'ආත්ම පූජා' කියල. ප්‍රධාන නිළිය ක්ලැරිස්. ඒකේ හින්දි film එක තමා 'ගෝරා අවුර් කාලා'. මතකේ හැටියට නං ඒකෙ හිටියේ රාජේන්ද්‍ර කුමාර්- හේමා මාලිනී.

      Delete
    11. හ්ම් නියම ඔත්තුවක්. දැන් ඒ පස්සේ පැන්නුවෑකි. ස්තූතියි.😊

      Delete
    12. අලුත් එකක් වෙන්න බෑ , සුදිකයාගේ එක මගේ බ්ලොග් රෝලේ 9 , උඩින්ම මාතලන්, චොකලට් නංගිත් ඉන්නව උඩින්ම. දැන්නම් කියවන්න වෙලාවක් නැහැ වගේ සීන් එකක් තියෙන්නේ

      Delete
    13. චොකලට් නංගි?🤣🙊🙉🙈

      ගොයියෝ, නැඩ ඉලන්දාරි පුතෙකුත් ඉන්නව. කෙටුවොත්, අපේ නිද්‍රාශීලී වලි කුකුළ වගේ නෙමෙයි. ඕං.🤡🤣

      Delete
    14. ඒ වුනාට මට බාල ඇති කියල තමයි හිතෙන්නේ බොලා ඔක්කොම

      Delete
  9. නියමයි පරණ බසු කතා!
    දඩිබිඩියේ නැතිව හීන් සීරුවේ ලියමුකො පිට දේස වල ලැබුණු බසු අත්දැකීම් සීරීස් එකක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒක ටිකා....ක් ඉතර කල්පනාවෙන් කරන්න ඕනෙ වැඩක් නෝනෙ. මගෙ පස්සෙන් මහසෝනා එනවා, ඇණේකුයි මිටියකුයි අරං.😱😨
      අහුවුනොත් "මුල්ලකට" තියලා තටු වලට ඇණ ගහනවා කියලත් කිව්වා.😒

      Delete
  10. මටත් මතක් වුණා මගේ ෆස්ට් ජොබ් එකේ කණා ගහලා ගොඩ ගිය එකක්. ඒකෙ කණා පාරවල් දෙකයි. එකක් යුනික්ස් කමාන්ඩ් එකක්. අනික ඒකට දෙන ඉන්පුට් එකක්. සම්බාවිතවා ලක්ෂේකින් එකක් වගේ වෙන්න ඇති. හරි ගියා. ජී.එම්. කාරයා ඇහුවම ප්‍රින්ට් වෙන එක නවත්තන්න බැරි ඇයි කියළා. ඌ පඬියා වගේ ඇහුවට මෙලෝ මලදානයක් දන්න එකෙක් නෙවෙයි. මම ජොබ් කරන්න අරගෙන පලවෙනි සතියේ. ගැහුවා කමාන්ඩ් එකක් වන්ෂොට් නොකවුට්. පොර හිනා වෙලා යන්න ගියා. ඒකෙ ප්‍රතිපල විදියට මම මැනුවල් කෑවා. හරියට ඉංග්‍රීසිත් බැරිව. හැබැයි අන්තිමට දැන් ජොබ් එකෙත් වැඩ පෙන්වන්න ඒවා හේතු වුණා. ඇත්තටම disaster එකකින් ඉගෙන ගැනීම තරම් වටින වෙන දෙයක් නෑ. ඒ කතාව හීන් සීරුවේ කොටන්න බලන්නම්. රොබර්තෝ කියෝසාකි කියන්නේ පලවෙනි ජොබ් එක නොමිලේ කළත් කමක් නෑ කියළා Rich Dad Poor Dad පොතේ.

    ReplyDelete
    Replies
    1. මේ දැන් මම මේ උපුටනය මගේ පුතාට කිව්වා! //රොබර්තෝ කියෝසාකි කියන්නේ පලවෙනි ජොබ් එක නොමිලේ කළත් කමක් නෑ කියළා Rich Dad Poor Dad පොතේ.//

      Delete
    2. සුදීක, තට්ට මහත්තයා ස්තූතියි. ඔව් ඒක නං අපූරු කියමනක්ම තමා.

      මේක මගේ පලවෙනි රස්සාව නං නෙමෙයි.හ්ම්...බලමු. අඹතලේ1, පච සංස්ථාව2, උඩින් යන කොම්පැණිය3, ඔලුව4,බෲනායි5,අජ්මාන්6. ඔව් එතකොට මේක මගේ 7 වෙනි රස්සාව.

      සුදීක කියපු දේ ඇත්ත. මැනුවල් තමයි අපේ මිතුරා. රිස්ක් එකක් නොගෙන ඉස්සරහට යන්න බෑ. එකම දේ, ඒක කැල්කියුලේටඩ් රිස්ක් එකක් වෙන්න ඕනෙ, අනිත් අයවත්, තමන්වත් අමාරුවෙ නොවැටෙන්න. ඒ කතා ටිකත් ලියන්න. අර ටයිම් මැනේජ්මන්ට් රටාවට. අපි දෙන්නම් කමෙන්ට් ඇස්ටි හැලෙන්න.😊

      මෙන්න මේකෙ ඉන්න "මැනුවෙල්" නියමයි. ඈ?😂🤣
      https://www.youtube.com/watch?v=s6EaoPMANQM

      Delete
  11. කට්ටිය මේකත් බලල හිටියනම්. හොඳ චිත්‍රපටියක්. https://hotchocolatedays.blogspot.com/2021/10/capernaum-movie.html?showComment=1633706910910#c102979360461843544

    ReplyDelete
    Replies
    1. ගියා කමෙන්ට් දෙකක්ම කොටල ආවා.😊
      නමියත් දැන් ගනු-දෙනු ක්‍රමවේදයට හුරු වේගන එනවා, බොහොම සතුටුයි.🤗

      චිත්‍රපටිය හොඳ නිමැයුමක් ලෙස හැඟෙනවා. ඒත් මම මේ දවස්වල ආතතිය වැඩි වියහැකි දේ බැලීමෙන් වලකින නිසා දැම්ම බලන්න බෑ.

      Delete
    2. හොඳමයි. මනස නිදහස් කරගන්න. ජීවිතය විඳින්න හොඳ ක්ලැසිකක් බලන්න.

      Delete
    3. හොඳ දෙයක් කොතැනද නමිය එතන...

      Delete
    4. බාගෙන තිබුණු films ගොඩෙන් ඊයේ රෑ serenity බැලුවා... හොට් චොක්ලට් ඩේස් එකත් ඒ ගොඩේ තියෙනව් මතකයි... ඔන්න නමී - අද බලනවා නං බලන්නේ ඒක, ඔයා කියලා තියෙන නිසා.

      Delete
    5. මෙන්න තව එකක්, සැබෑ කතාවක්.

      https://www.youtube.com/watch?v=Olth4ypxTuI

      Delete
    6. නමී. උදේ කලබලේට මම බ්ලොග් සයිට් එකේ නම film එක වෙනුවට ලියලා. Capernaum ෆිලුම මම බලලා තියෙන එකක්. තන්හාවට තවම තියාගෙනත් ඉන්නා එකක්... සුපිරීම එකක්. අර ළමා නළුවා!!!

      බකුසුතුමෝ, Nude බලන්න ඕනි. නස්රුදින් ෂා ඉන්න නිසාම. දෙන්නටම ස්තුතියි!

      Delete
  12. පිළිතුරු නං ලැබෙන එකක් නෑ, ඒත් යමක් ඉගෙන ගත්තෑකි.😊

    http://chandimagomes.blogspot.com/2021/10/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. අපේ රටෙත් මෙහෙම වෙනවා නං- කියලා හිතුණා බකුසු මහත්තයෝ ඒ link එකට ගිහින් කියෙව්වාම.

      ඒක කියද්දී හිතුණා මගේ මොට්ටකමක් ගැනත් කියන්න. ඔයාලා මෙහෙම දෙන links copy කරලා, new tab එකක් open කරගෙන අලවලා තමයි ගිය සතිය වෙනකල්ම මම ඒ තැන්වලට ගියේ.
      ගිය සතියෙ Pra Jayගේ link එකක් copy කරගන්න ගියාම තමයි දැක්කේ go to... කියලත් තියෙන බව. ඒ උඩ ක්ලික් කළා... දැන් තවත් ලේසියි..... අනේ, මෙච්චරකල් මං අරක දැක්කේ නැති හැටි!

      Delete
    2. අපි කලින් ඔය ගැන කතාකලා. නිදිට මිස් වෙන්න ඇති. ඒකයි දැන් අපි ලින්ක්,අමුවෙන්ම දාන්නෙ.😊

      අවුලක් නෑ, දැන් හරි ඉගෙන ගත්තා නෙව? ඒකයි වටින්නෙ.🙏👍

      Delete
  13. 'වැඩ දන්නව වුනත්, තෙල බැරි නං හබක්'. සදාකාලික සත්‍යය. self marketing හරි ගාණට කරන්න දන්නෙ නැත්නම් මොනවා තිබ්බත් වැඩක් නැහැ.

    තමන්ගෙ භාශාවෙන් කතා කරන එක නම් හැම ජාතියෙම අය කරන දෙයක්, අපේ අයත් ඇතුලුව.

    ReplyDelete
    Replies
    1. අපේ අයත් එහෙම කරනවද? ටැමිල් සමහරු එහෙම කරන බව දන්නවා. බාසාව නොදන්න අමුත්තෙක් ඉස්සරහා එහෙම කරන එක හොඳ දෙයක් නෙමෙයි, ඔහුට/ඇයට කරන අගෞරවයක් කියලයි පිලිගන්නෙ. ඒක අත්විඳලා තියෙන නිසා, මමත් ඒකට එකඟ වෙනවා.

      Delete
  14. ඔන්න අපිත් ආවා මේ පැත්තෙ👌

    ReplyDelete
  15. ඔන්න අපිත් ආවා මේ පැත්තෙ👌

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි,ඈඳි ගත්තා නං.😊
      ඔය තියෙන දෙයක්, ඇති හැටිය බෙදාගමු.👌

      Delete
  16. https://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_09.html?m=1

    බස්සො ගැන ලියන සිංදු 😒😒😒

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක මල් මසුරං බොලේ.🙏👌🦊😊🤗🦉🤣😢

      Delete
    2. ඔන්න බස්සා ගැන ලමයින්ට හිතෙන දේ ලියල තියෙනවා. කාලෙකට කලින් ලියපු එකක්. දැන් බස්සට උත්තර දෙන්න පුළුවන්.

      Delete
    3. දෙනවද කියන්නෙ, දෙඤ්ඤංකො දොඹෙන්?🦉🦊🤗🙏👌

      Delete
    4. සෑර් අපේ තැබෑරුමේ රැට්-නායක(ගං-ගුලි) සෑර් ගැනත් ලියලම දාන්ට සෑර්. අර බලන්නකො, මූණ දැක්කම හීල්ලෙනවා.🙏😢😒🤡

      Delete
  17. ඉස්සර බෞද්ධ රටක් නේද බස්සා

    ReplyDelete
    Replies
    1. මේ නම නොකියපු අරාබි රටද? මම හිතන්නෙ නෑ.

      Delete
    2. වෙන්න අමාරුයි. පිලිපීනය දූපත් රාජ්‍යයක්. ඉස්සර ඉඳලා තියෙන්නෙ ගෝත්‍රිකයො. ප්‍රධාන භාෂාව "තගලොග්" වුනාට "ඉලංගො" වගේ ප්‍රාදේශීය භාෂා තියනවා. "ලාෆු-ලාෆු" වගේ රණශූර ගෝත්‍රික නායකයො, බටහිරයන්ට විරුද්ධව සටන් කරල තියනවා. දැන් රටේ වැඩිදෙනෙක් ක්‍රිස්තියානි. කොටසක් මුස්ලිම්, හැමදාම ගැටුම්. මහිතේ කලක් ඇමරිකන් කොලනියක්, ඇමරිකන් ආභාෂය තදට තියනවා.

      සෙට් වුනොත්, බොක්කෙන් උදව් කරන පිල්ලොත් ඉන්නවා. මහන්සිවෙලා වැඩ කරනවා, "ඩලර්" වලට හරි මනාපයි. මගේ "කෝපි" බඩී, ග්ලෙන් ගැන "පිල්ලෝ මල් කඩන කොට...." පෝස්ට් එකේ ලිව්වා.

      https://frozenlazyowl.blogspot.com/2021/10/0.html#comment-form

      මේවා ලිව්වා වගේ නෙමෙයි, කොලුවො, නිදි ඒවිද මන්දා දෙකේ දෙකේ පොල්ලක් අරගෙන, එයැයිගෙ නෑන පිලිපීන.😂🤣

      Delete
    3. Phil was a Spanish colony for more than 300 years, before turning over to US after the Spanish-American war in late 19th Century. Hence the Roman-Catholic dominance.

      Delete
    4. අහා! දැන් තේරෙනවා, ඇයි එයාල භක්තිමත් කතෝලිකයො කියලා. ස්පැනිෂ් කට්ටිය නේද ලමයි උඩදාල කඩුව අල්ලලා හරි ස්වර්ගෙටම යන පාර කියන,ආගම පතුරවන අය?😂

      පැහැදිලි නැති තැන, ඇයි මුස්ලිම් භක්තිය බිඳින්න බැරි වුනේ කියන එක විතරමයි.🤔

      Delete
    5. බකුසු, ඇත්ත කියනකොට මම නං කවදාවත් ඔරොප්පු වෙන්නේ නෑ, අපි කාගෙ කාගේ ලඟත්; පරම්පරාවල කිල්ලෝටවලත් හුණු ඩිංගක් හරි තියෙනවනේ....
      අපේ නෑනාට තවම සිංහල කතා කරන්න බෑ.... පුතාලා දෙන්නා තමයි දැන් අම්මගේ පරිවර්තකයෝ,තාත්තට වැඩිය හොඳ.

      Delete
    6. නෑ, නිදි පරම සත්‍යය කියල දෙයක් නෑ. හැමදේම සාපේක්ෂයි. මගෙත් පක්ෂක්ග්‍රාහී ආකල්ප තියනවා. සුද්දා ඒකට stereotype කියල කියනවා.ඒත් අපිත් පෘතඥ්ඥ සත්තු, මොකදෑ කරන්නෙ?🤔

      Delete
    7. // ස්පැනිෂ් කට්ටිය නේද ලමයි උඩදාල කඩුව අල්ලලා හරි ස්වර්ගෙටම යන පාර කියන //

      Spanish & Portuguese දෙගොල්ලම හරි හරියට කලා. පාප් වහන්සෙ ඉරක් ඇඳලා ලෝකෙ දෙකට බෙදලා, අවසර දීලා නෙව තිවුනෙ එවුන්දැලාට එහෙම කරන්ටයි කියලා. අමෙරිකානු පැත්ත ස්පැනිෂ් කොන්කිස්තදෝර්ලාට. අප්‍රිකා/ ආසියා පැත්ත පෝචුගීස් අයට.

      // ඇයි මුස්ලිම් භක්තිය බිඳින්න බැරි වුනේ //

      කොයි රටේද කියහං ඉස්ලාම් භක්තිය බිඳින්න පුළුවන් වුනේ? පිලීපීන් කියන්නෙ දූපත් 7,000 ගානක රටක්. එකිනෙකාට වෙනස් කල්චර්ස් බරගානක් එකට තියෙන රටක්. හැබැයි මම දන්න තරමට ඉස්ලාම් භක්තිය බොහොම පුංචි percentage එකක්, විශේෂෙන්ම දකුණු දූපක් වල. එහෙ නෙව අර අබු-නිඩාල්/ අබු-සයාෆ් සෙට් එක ඉන්නෙ. බාලි වල බෝම්බ සීන් එක දුන්නෙ එවුන්දැලා තමා.

      Delete
    8. මේ මෙතෙන්ට ගියාම නන්නං කෑවෑකි. පට්ට රහයි.😊
      https://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html

      ආන්න ජංසං. "අබු" සැට් එක ඉන්නෙ එහෙ තමා, පුදුම දුකක් විඳින්නෙ රැව්ල වවන්න, ඒකත් එළු රැව්ල. දැන් ඔහේට ඉස්ලාම් එන්න ඇත්තෙ, අරාබි වෙළදුන්ගෙන් වෙන්ටෑ?

      Delete
  18. හත්වෙනිදා ලියපු එකට කොමෙන්ට් වැස්සක් වැහැල නේ බස්සෝ. දුප්පත් අපට කොයින්ඩ් උණු බත් කීවලු. ඔය සුදිකල තට්ටයා වගේ ප්‍රවීන බ්ලොග් කරුවන්ට අපේ ආධුනික බ්ලොග් පෙන්නේනේ නැහැ නොව.
    // "ටීක්" ලන්නම/ කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. "ටීක්" ලන්න, කොපි රයිට්ස් තියෙන්නෙ ඩ්‍රැකියට.
      https://frozenlazyowl.blogspot.com/2021/08/blog-post_15.html?showComment=1629076920621#c1989257217134347281

      හැලපයා නං කිව්වෙ "කං සැප" කියලයි.

      ඔය කමෙන්ට් බාගෙට-බාගයටත් වැඩිය මමම ලියපු උත්තර. සමහරු කමෙන්ට් දෙක-දෙක ලියලත් සප් එක දුන්නා. ප්‍රවීන බ්ලොග් කරුවන්ට "ඇම" දාලා "කොක්ක" ගහල තමයි ගෙන්න ගත්තෙ. ආපු හැමෝටම කෝපි එකයි, කිතුල් හකුරු කෑල්ලයි දුන්නා. එතකොට ගිය එකත් ආයෙ ආවා. ඕකත් ඩ්‍රැකියගෙම කන්සෙප්ට් එකක්. බොගක් කියන්නෙ, ගමේ කෝපි කඩයක්, කස්ටිය එන්නෙ දාං අදින්න, තෙලක් බෙදලා, විහිලුවක් කරල ආතල් එකක් ගන්න කියන එක.

      Delete
    2. මං හිතන්නේ මම සීරියස් වැඩි බකුසු තුමා. //ගමේ කෝපි කඩයක්, කස්ටිය එන්නෙ දාං අදින්න, තෙලක් බෙදලා, විහිලුවක් කරල ආතල් එකක් ගන්න කියන එක.// හේ හේ ඕකයි ප්‍රශ්නේ

      Delete
    3. hallelujah, Eureka! කියාගන්න විදිහක් නැතුවයි හිටියෙ සෑර්. එහෙන් මෙහෙන් විහිලුවෙන් කියලා, හුරේ රන් දීලයි, පස්ස බැලුවෙත්.😊😂🤣

      Delete
    4. හෑ, කෙටුව නේද, ආයිත් පාරක්?😂🤣🤡

      Delete
    5. @Ajith,

      Please consider removing 'comment moderation' in your blog. It affects constant communication.

      Delete
    6. මම දැන් ගිහින් කමෙන්ට් එකක් දාලා, මකලත් ආවනේ? comment moderation නෑ.🤔

      Delete
    7. ඒනං අයින් කරලා වෙන්ටෑ.

      Delete
    8. comment moderation' තියෙන්නේ දවස් 60 ට වැඩි ඒවාට දැන්. ඒක අන්තිමට මටත් වදයක් වුනා. මේ නිදි නිසා. නිදි හිතලා තියෙන්නේ එයාගේ පුටරේ අප්සෙට් කියල එක කොමෙන්ට් එක හතර පාරක් දාල තිබ්බ. එදාම අයින් කළා.
      //ඔය කිව්වට අජිත් බබා!// මොකද්ද නිදි මාතියා කියන්නේ

      Delete
    9. ආන්න එහෙම තමා දෙන්න ඕනෙ. ඔය ඇවිත් ඉන්නෙ කුකුල් පොරේට ඇදලා ගන්න, අහුවෙන්න එපා.😂🤣👌😁

      Delete
    10. අම්මෝ අජිත් මාතියා, වලි නං බෑ... ජීවිතේට කාත් එක්කවත් ගහගෙන නෑ. කටෙන් විතරයි සේරම fight.

      Delete
  19. ඊළඟ පරශ්නේ ඔළුවට ආපු? බස්සා මම මුලික අහ්ද්‍ය්පන සුදුසුකම වගේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජෙක්ද නැත්නම් එලෙක්ට්‍රොනික් පොරක්ද? නැත්නම් මෙක්කෙක් ද කියල. හැබැයි එතන කුඹිය කියල නම් හොඳටම තේරුනා. අරබියෝ ඔහොම්මමයි පාණිය විතරයි, වැඩ ටිකක් පුළුවන්. උන්ට පෙන්වන්න ඕනේ උන්ගේ බොසාලට උන් තග හරි චාටුව දාල හරි වැඩ කර ගන්නවා කියල.
    මට ඔය පැත්තේ වැඩ අල්ලන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ සින්ටැක්ස් එරර් වලට සොරි ඈ අධ්‍යාපන කියල ලියවෙන්නේ ඕනේ. කලබලේට කොරොස් කටෙත් ටය්ප් කරන්න බැරිලුනේ. එලෙක්ට්‍රිකල් කියල තේරුනා අර ලිපියෙන්. එළ හා හා මගේ ජීවිතෙත් සම්බන්ධයි නේ ඔය පැත්තට ටිකාක් වෙන්න

      Delete
    2. මේකා "නින්ජා" සෑර්. නෝ නේම්, නෝ ෆේස්, නෝ නම්බර්. මේ. මටත් හංදියෙ පාං බේකරිය ලඟදි "ඉංජුක්" කියල කිව්වනෙ? ඔය අපේ බොක්සරයා, කිව්වා ඉස්සර බල්ලොත් පාට්-ටයිම් ජොබ් කලා කියල.
      https://en.wikipedia.org/wiki/Turnspit_dog

      බොක්සරයා යමක්-කමක් දන්න සතා. හීනියට ටිකිල සොට් එකක් දාගත්තාම ඔව්වා කියාදෙනවා. එයා ඉතිං, හිස් මාස්ට'(ර්)ස් වොයිස් නෙව? අනේ ඉතිං මාත්, නැට්ට වනාගෙන බක්කරේ ගාවට ගියා, අපට එහෙමවත් පොට්ට චෑන්ස් එකක් වදීද බලන්න? ඔහෙට කියන්න, වැදුනා, චෑන්ස් එක නෙමෙයි ගඩොල් බාගා පාර.😒😢

      Delete
    3. ඕක මල්ටි-බිලියන් කොම්පැණියක්. අයිති රටේ මහ එකාට. පුළුවන් තරම්, අඩි පාරවල් මකලයි ලිව්වෙ. මේ චරිත අදත් යෙහෙන් වැජඹෙනවා ඇති. සිංහලෙන් ලීවත්, ගූගලයා ට්‍රාන්ස්ලේට් කරනව නෙව? "Hit squad", එව්වා, බස්සා යාවි සූට් කේස් එකේ.🤣😂

      Delete
    4. අම්මට සිරි, කශෝගී වගේ. කොල්ලගේ බය. ටොමියා ඔයා අර ටෙකිල අන්කල්ගේ හොඳ යාළුවෙක් වගේ, බක්කරේ ල විශ්වාස කරන්න බැහැ තමයි

      Delete
    5. ඒ තරම් වැදගත් කමක් මට නැති වුනත්, කස්ටිය මෙහෙත් ඇවිත් ගිහින් තියේ කියන්නෙ? නිකං කිව්වා. ඔය වැඩෙත් කරල, අන්න අරූ ඉන්න බෙනේටත් ඔලුව ඔබලම, ඕකගෙ හොට ගලෝගෙනම වරෙල්ලා කියලා. බ්ලොග් ලියල හමාරයි නේද?🤔🤣

      අර, කිව්ව ඔපරේටර් වගේ අය, ලෝකෙ උසම, දිගම අහවල් එක හදන කම්කරුවො ගෙ දුක දැක්කට, මගේ තටු කපලයි තිබ්බෙ.කතාව ලියල ඉවර වුනාම, අවුරුදු බර ගාණක් හිතේ තිබිච්ච බරක් නිදහස් වුනා වගේ හැඟුනා.

      Delete
  20. මම සොෆ්ට්වෙයාර් ඩිග්‍රිය කරල් ඉවර වුනහම කොම්පැණි එකක් දාගත්ත චිප්ස් ඇන්ඩ් බයිට් කියල. රෙජිස්ටර්ඩ් කරපු. මම මෙහෙ ඉමිග්‍රේෂන් වැඩ කරන නීතිඥයන්ට ලෝටස් නෝට්ස් (මතකද දන්නේ නැහැ) කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හැදුව. ටැමිල් කොම්පැනි දෙක තුනකට වික්කා. මගේනෙට්වර්ක් එන්ජිනියර් වුනේ ටර්කිෂ් කෙල්ලක් මාත් එක්කම ඉගෙන ගත්තු. තවම අපි හෙන යාලුයි. ඔය මම බුකියේ ෆොටෝ දාන ඇවිදින්න යන ගමන් වලට සෙට් වෙනවා තවම. මම කරපු ලොකුම මෝඩ වැඩේ ඒ කොම්පැනිය වහපු එක. සුද්දෙක් ගේ මූණක් දාන්නේ නැතිව ඒ කාලේ (මේ 1998-1999 කාලේ ) මුකුත් විකුණා ගන්න බැහැ. සුද්දෙක්ට පඩිය දෙන්න තරම් අපේ ඉන්කම් එක මදි. කැපිටල් ලෝන් එකක් ඉල්ලුව මේ බල්ලෝ දුන්නේ නැහැ. ලෝන් දෙන තැන ඉන්නේ සුද්දෝ නෙමේ අපි වගේ ඉන්දියන්, පකිස්තාන්, අප්‍රිකන් සෙට් එකක්. පට්ට ඉරිසියයි. මම ඉන්ටවීව් ගියා කොම්පැනි වලට. ඔය මම කලින් කියපු කම්පැනි එක (මගේ පෝස්ට් එකේ) මගේ ප්‍රෝග්‍රෑම් එක බලල ටකස් ගාල ජොබ් එක දුන්න. මට පස්සෙයි තේරුනේ උන්ගේ කොපිරයිට් ප්‍රෝග්‍රෑම් එකේ කරන්නෙත් මම කරපු එකමයි කියල. උන් කලේ එක competitor කෙනෙක් අයින් කරපු එක. අර ටර්කිෂ් කෙල්ල තවම මට බනිනවා. හේ හේ මම ගිය අලුත ට්‍රේනර්ස් ල වගේ හිටපුසුද්දෝ ටිකකුයි අර මම ලෝටස් ට දාපු කොමෙන්ට් එකේ (මගේ බ්ලොග් එකේ) සුද්දෝ දෙන්නයි ඉන්දියන් කාරයෝ, පක්කො දෙකකුයි හෙන වලි. මොකද මම කෙලින් දෙව් ටීම් එකට ආව නිසා.
    එනිවේ මම ගිය ගමන්ම වගේ උන්ට තිබ්බ ඇඩෝබ් ෆෝම්ස් වල ප්‍රශ්නයක් තිබ්බ. අර මම ලෝටස් ට දාපු කොමෙන්ට් එකේ (මගේ බ්ලොග් එකේ) සුද්දෝ දෙන්නට විසඳ ගන්න බැහැ . උන් මාස ගානක් හිර වෙලා හිටියේ. මම underline සෝස් කෝඩ් එක බලල ප්‍රශ්නේ විසඳුවා. මුන් දෙන්න කියාපි උන් තමයි විසඳුවේ කියල එන එන හැමෝටම. හැබැයි මගේ ලයින් මැනේජර් තමා ටෙක් ඩිරෙක්ටර. ඌ දැන ගත්ත මම කියල කලේ. මොකද ඌ දන්නවා අරුන් දෙන්න ඇනගෙන හිටියේ කියල. ඊට පස්සේ ඌ මට හෙන බැකප් එකක් දුන්න. සුද්දෝ දෙන්නත් කාලයාගේ ඇවෑමෙන් ශේප් වුනා. කම්පැනිය වෙන එකකින් ගන්න කම්ම එතැන තමා හිටියේ. ලෝයල්ටි නිසා නෙමේ. මම මට ඇරෙන්න වෙන මොකෙකුට වත් ලෝයල් නැහැ. වෙන හේතුවක් නිසා. ඒක වෙන දවසක කියමු.
    අරාබිකරයට අකමැති හේතුව "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොතේ ලියල තියනවා. කියවපු කට්ටිය දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මට පෙනුන දෙයක් තමා, අලුත් පෝස්ට් ලියන්න හොඳම උත්තේජනය සපයන්නෙ, අනිත් අයගෙ පෝස්ට් කියන එක. ආං අනුරුද්ධ මහත්තයාගෙ"හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ" පෝස්ට් එක දැකලා තට්ටයා මහත්තයාත් පෝස්ට් එකක් ලියනවලු.🙏👌

      //මම ....මොකෙකුට වත් ලෝයල් නැහැ....ඒක වෙන දවසක කියමු.//
      ඔය එන්නෙ පරණ කතා මතක් වෙලා.😊

      //අරාබිකරයට අකමැති හේතුව...කියවපු කට්ටිය දන්නවා ඇති.//

      ඒක බ්ලොග් එකේ ගිය කතාවෙ නැද්ද?😒

      Delete
    2. බ්ලොග් එකේ ගිය කතාව තමයි.

      Delete
    3. // මම කලින් කියපු කම්පැනි එක (මගේ පෝස්ට් එකේ) //
      // මම ලෝටස් ට දාපු කොමෙන්ට් එකේ (මගේ බ්ලොග් එකේ) //

      මාකටින් පාර හොඳයි අජිත්, හැබැයි බාගෙට වැඩේ කරලා තියෙන්නෙ. ඔය වගේ තැන්වලට ඇක්ටිව් ලින්ක් එකක් දාන්න. නැත්තං නොදන්න අපි ගිහින් හොයන්නෙපැයි අදාල පෝස්ට් එකයි, කමෙන්ට් එකයි. :-D

      Delete
    4. නැහැ බුරෝ , කොමෙන්ට් එක ආපහු ලියන්න කම්මැලි කමට , කට් ඇන්ඩ් පේස්ට් එකටත් කම්මැලි කමට

      Delete
    5. හෑ, ඉතිං පුදුමයක් යෑ , කම්මැලි හිතෙන එක ලින්ක් දාන්න? ඔහොම ඕනෙ නෑ, අමුවෙන්ම දාන්න. හේතුව:😂🤣🤡
      https://frozenlazyowl.blogspot.com/2021/10/0.html?showComment=1633743252775#c1638134291912892595

      අනික, හරිම ලින්ක් එක ඕක නෙමෙයි මේකයි:🤣😂🤡
      https://kolambagamaya.blogspot.com/2021/10/blog-post_6.html?showComment=1633773571269#c4535494377835890445

      Delete
    6. හරි ඩී ජී එම් සර් ඔබ හරි

      Delete
    7. තනි ඇහැට ඇඞෙනවා. කොච්චර නයිට් ඇද්දත්, ඔය "නයිට්" පදවියක් ලැබුනමයි. බස්සා, බකුස්, බකුසුමොටා, බසු වරත්තුවා, බස්තියං වගේ නම් තමයි අහන්න ලැබුනෙ. ආ, තව පියාඹන ආඳා, ගල් ආඳා කියලත් කිව්වා. තැන්කූ සෑර්. 🤣😂

      Delete
    8. //අරාබිකරයට අකමැති හේතුව "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොතේ ලියල තියනවා//

      එතකොට පොත ප්‍රබන්ධයක් නෙමෙයිද?🤔😲😧🧐

      Delete
    9. සියලු නම් ගම් මනඃකල්පිතය.

      Delete
    10. හ්ම්....ඔයිට වඩා අහන්නෙ නෑ. ඒ කතාව මට එච්චරම අල්ලා ගියේ ඇයි කියල මට දැන් හිතා ගත්තෑකි. 👌😊😒🤔🙏

      Delete
  21. //අලුත් පෝස්ට් ලියන්න හොඳම උත්තේජනය සපයන්නෙ, අනිත් අයගෙ පෝස්ට් කියන එක.//
    පැණි රහක් නැති මගේ ජීවිත කතාව ලියද්දී වුණත් ඒකට අනුපාන හම්බ වෙන්නේ මට වැඩිය දන්නා-කියන උදවිය ලියලා-කියලා තියෙන දෙයින්. ඒ නිසාමයි ලියනවා වගේම- එහෙමත් නැත්තං ඊට වැඩි වෙලාවක් තමුන්නාන්සේලා ඇසුරේ, ප්‍රවෘත්ති ඇසුරේ, පොත් හා films අතරේ සහ අසල්වාසී ඇසුරේ ගත කරන්නේ.

    ReplyDelete
    Replies
    1. හොඳ ඉරාන සිත්තර පටියක් පාටයි.
      http://hashanrandika.blogspot.com/2021/10/close-up-1990.html

      මම කැමතියි, විචාරයේ මේ කොටසට, ඒකමයි ෆිලුම බෑවෙත්.

      //"තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ". ඒ බව කියන්නෙ ජපන් සිනමාකරු අකිරා කුරසාවා. අපි නිතරම සමාජය ඉදිරියෙ පෙනී ඉන්න උත්සාහ කරන්නෙ සමාජය අපිව දකින්න කැමති ස්වරූපයකින්. එතනදි හැමකෙනෙකුම තමන්වටා යම් අන්න්‍යතාවක් ගොඩනගා ගන්නව. ඒ කියන්නෙ යම් ආකාරයකින් තමන්වම ප්‍රබන්ධකරණය කරනව. පුද්ගල පෞරුෂය කියන්නෙ අන්න එහෙම අපි නිර්මාණය කරගත්‍ත පුද්ගලභාවයට.//

      Delete
    2. //තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ// වෙයන්කෝ සෝෂල් මීඩියා වල බ්ලොග් ඇතුළුව කෙලින හැටි බලන්න

      Delete
    3. 🤣😂🦊🦉🤡

      No Face, No Name, No Number

      මේකෙ අර කොන්ඩෙ කොටට කපපු , ගිනි කිකිළි නටනව නැටිල්ලක්, හම්මා හඳුන්පොත් ටිං-ටිං ගානවා.

      Delete
    4. ඒ දවස් වල මොඩර්න් ටෝකින් වලට තමා අපිත් නැටුවේ හේ හේ

      Delete
    5. Close Up ගැන හොයන්න ඕනි. ස්තුතියි යක්ෂයිනේ.

      Delete
  22. යකො, මං මේකට මොකුත් ලියල නෑනෙ...!

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නං, මං හිතුව බෝ බිසි ඇති කියලා.🤔🤣😂🦉🦊😜

      Delete
    2. පට්ට බිසි. සෙකන්ඩ් සෙමෙස්ටරය, එන්ඩොස්කොපි, හොඳම ග්‍රාම සේකර තරගය සහ අම්මගෙ අවුරුද්දෙ දානෙ...

      Delete
    3. අවුලක් නෑ, බං. පස්සෙ සෙට්වෙමු. දැන් කොහොමත්, කස්ටිය හොඳට ඇදන් යනවා.😊👌

      Delete
  23. https://www.facebook.com/100000679449643/posts/4743936128972322/?sfnsn=mo

    ReplyDelete
  24. බකුස් නරකද වෙනසකටත් එක්ක පොඩි ආදර කතාවක් ලිව්වොත්. වෙනසකට අනේ..

    ReplyDelete
    Replies
    1. මට කතා ගොතන්න තරම් ටැලන්ට් එකක් නෑ නෙව?

      Delete
    2. මේං ටැලන්ට් තියෙන කට්ටිය. ගිහින් කියවහන්, කලින් කොටසුත් හොයාගෙනම.😊
      ඔය කඩේ හැලප, පට්ට රහයි.
      https://helapakade.blogspot.com/2021/10/5.html

      Delete
  25. බස්සා දන්නවද crome එකේ bookmark, savepages නැතිඋනාම ගන්න විදිහ. gust මූඩ් ගිහින් දැන් ඔක්කොම save කරපුව නෑ

    ReplyDelete
    Replies
    1. හුටා! කොලුවො උඹත් මූකලං බස්සෙක්ම තමා.🤣😂

      Chrome බ්‍රවුසර් එකේ, උඩම වම්පැත්තෙ රවුමක් ඇතුලෙ කලුපාට මිනිසෙක් ඉන්නවා. ඒකට කෙටුවාම තව වින්ඩෝ එකක් ඇරෙනවා, ඒකෙ තියන "Turn on Sync.." වලට කෙටුවාම, ගූගල් ලොග් ඉන් එකට ගෙනියාවි. එතන සුපුරුදු ලෙස ලොග් වෙන්න ඕනෙ.

      ඊලඟට ආයෙත් උඩම වම්පැත්තෙ තියෙන "තිත් තුන" ඔබල, ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් settings සිලෙක්ට් කරලා, ඒකෙ You and Google යටතෙ තියෙන, "Turn on Sync" වලට කොටන්න ඕනෙ. එතකොට , වෙලාව හොඳ නං, සේව් වෙලා තිබ්බොත් ආයෙ ලැබේවි.

      ඒකත් වැරදුනොත් වින්ඩෝස් වල මෑතදීම ගත්ත, Restore point ට්‍රයි කලෑකි. ඒත් එතකොට ඒ දිනයත්, අදත් අතර බාගත කරපුව සහ අනිකුත් ඩොකියුමන්ට් නැති වෙනවා. ඒ නිසා ඩවුන්ලොඩ් සහ ඩොකියුමන්ට් ෆෝල්ඩර් වලට ගිහින් එව්වා පෙන් ඩ්‍රයිව් එකකට්වත් ගන්න වෙයි.

      Delete
  26. ඒ බං බස්සො, මමත් පෝස්ට් එකක් ලිව්ව බොලං.
    https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html

    ඒත් අපිව සිංඩි වලට ගන්නෙ නෑනෙ? කස්ටිය බලාවිද?

    ReplyDelete
    Replies
    1. ඒක නං කියන්න අමාරුයි බොලේ? ඇයි උඹ අනිත් අයගෙ එව්වා ගිහින් තැන, තැන අලවන්නෙ, ඒවගේ ගිහින් අලවාපිය?

      Delete
    2. මට බැහ්, ප්‍රාජේ කියාවි "Huh,tooting your own horn, eh? " කියලා. බල්ලෙක් වුනත් මටත් ආත්ම ගවුරවයක් කියල මෙව්වා එකක් තියනවානෙ බොලං?

      Delete
    3. කලගුණ නොදන්න බල්ලා. ඒ උත්තමයා නෙවෙයිද, තෝ අර වංචා පෝස්ට් එක ලිව්වාමත්, ලින්ක් දීලා ප්‍රමෝට් කලේ?😡🥵

      Delete
  27. මේ... බලුනකුට මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෑනෙ.

    අනික් කාරණේ, බ්ලොග් රෝලෙ මහ තඩි පින්තූර පෙන්නන එකට මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. සොරි පොඩි වෙලාවක් ගියා හොයාගන්න, ඒක ඇවිත් තියෙන්නෙ, ඩිෆෝල්ට් බ්ලොග් තීම් එකෙන්, තීම් එක "සිම්පල් එකකට මාරු කලා. දැන් හරි නේද?

      Delete
    2. අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනවා. නිදිගෙ එකට ආවා. ඒ කියන්නෙ අවුලක් නෑ, බොටත් ඒවි.

      Delete
    3. හූම්ම්... ඩෑෂ් බෝඩ් එකේ නං පෙන්නනව. නිදිගෙ බ්ලොග් එකේ උනත් මට පේන්නෑ ටොමියව. සමහරවිට නුවරඑළියෙ බහිරවයෙක් ඇති.

      Delete
    4. නුවරඑළියෙ බහිරවයෙක් ඉන්නව.😂🤣
      නිදිගෙ බ්ලොග් රෝලෙ, බකමූණු කතා වලට පහලින් බලුනකුට ඉන්නව. බොට අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යාවි.

      Delete
  28. දැන් එතකොට බස්සා උඹද, බොසාද?

    ReplyDelete
    Replies
    1. ඇයි බාං බස්සා මමනෙ? ආ ඒ ටොමියයි, ඩ්‍රැකියයි අලුත් බ්ලොග් එකේ මොනවද සීරුමාරු කරනව නෙව? මෙන්න මේක එව්වෙ නං ඩ්‍රැකියා.��
      බස්සාගෙ ගෙය

      සෙන්නා ලියපු අවතාරයකට රියදුරෙක්ව, යාචකයෝ වගේ කතා මතක් වුනා. යාචකයෝ එකේ තියනව වගේ දේවල්, මම මැදපෙරදිගදි දැක්කා. ලියහං.🙏😊

      Delete
  29. හොයා ගන්න අමාරු, පැරණි ගීත ගැන වටින බ්ලොග් එකක්. ගිහින් පොඩි සපෝට් එකක් දෙමුද?

    https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

    ReplyDelete
    Replies
    1. මාත් ඒ පැත්තේ ගොඩ උනා. හොඳ බ්ලෝගක් විවිධ ඉසව් නියෝජනය රසබර වෙන්න හරිම වැදගත් නෙව

      Delete
    2. මම නං ඒක නිධානයක් හම්බ වුනු ගානයි. දැන් C.T ප්‍රනාන්දුගෙ ලිපිය බැලුව.
      https://geemuthumala.blogspot.com/2021/04/blog-post.html
      මම නමියටත් කිව්වා. ගැල්කරුවො ලිපිය බැලුවාම මට හිතුනා, ඔබටත් මේ හැකියාව තියනවා කියල. දැනට දාන කතාව ඉවරවෙලා හිතල බලන්න. එක්කො එහෙමත් ඕනෙ නෑ, කතාව යන අතරමගත්, වෙනසකට ඩ්‍රැකිත් එහෙම වෙන ලිපිත් දානවා.🤔


      Delete
  30. අරාබියට GOLDEN VISA 🧐🙄
    https://www.youtube.com/watch?v=cvHqltd2NeQ

    ReplyDelete
  31. https://www.facebook.com/1356862661/posts/10226385393005289/?sfnsn=mo

    ReplyDelete
    Replies
    1. ඒක පෙන්නන්නෙ යාළුවෙන්ට විතරයි කියන්නෙ. මම ඉතිං වල් බල්ලෙක් නෙව?😒😢

      Delete
    2. https://m.facebook.com/story.php?story_fbid=404567071112364&id=100046772243050

      Delete
    3. හෙහ්, හෙහ් ඒක නං පට්ට බොලං. මාරම ක්‍රියේටිව් වැඩක්.🙏😂🤣👌

      Delete
  32. අහා! බකමූණු කතාත් දැන් "සිතුවිලි" සිංඩියේ. ස්තූතියි නදුන්. 👌😊🦉

    ReplyDelete
    Replies
    1. බකමූණු කතා හොඳට ගොතා ඔබට කියන්නම්
      ඉර හැරුණු වෙලේ හඳපානේ දඩයමේ යන්නම්
      වැව් ඉස්මත්තේ මී කුණකට ලංවී
      බ්ලොග් වලටයි මා ආ ආ කෑදරේ

      Delete
    2. නිදිට මේ දවස්වල බිසී නිසා, නෑසුනු කවි මෙහෙම හරි ඇහෙන එක හොඳා.👌😊

      බුරාබිධාණ උපාසකගෙන් බණ අසා,, සසර කළකිරී සෝවාන් වී ඇති නිසා අපට කවි අකැපයැ.
      ඒවං මේසුතං සුනඛං සමයං...
      https://slash-dev-slash-null.blogspot.com/2021/10/blog-post_19.html?showComment=1634734860403#c4837661276243816598

      Delete
    3. සුනඛං නං සමයංම තමා ඉතින්... නිකං සමයං නෙවෙයි, මල සමයං...

      Delete
    4. හෑ , එතකොට ඔබතුමාගෙ ශ්‍රී මුඛයෙන් වදාල "චතුරාර්‍ය සත්‍යය" අහල නෙව, මාව සකුර්දාගාමී වුනේ?🤔

      http://thattayagekolama.blogspot.com/2021/10/219.html?showComment=1634280796671#c7384413741536636080

      Delete
  33. බැස්සෝ මොකෝ අලුත් post එකක් නැත්තෙ......

    ReplyDelete
    Replies
    1. දැන් ඇත්තටම හැකියාවක් තියන, ලියන කස්ටිය ගේමට බැහැල ඉන්නෙ. අලුත් අයත් ලියනවා. අපට දැන් තියෙන්නෙ, ඒ ලියන අයට සපෝට් එක දෙන්නයි. මේ කොටස් දෙකම එක වගේ වැදගත් කියලයි, මට හිතෙන්නෙ.🤔

      ප්‍රාජේ, බුරා වගේ ප්‍රවීණයන් තමයි කියල දුන්නෙ.🙏😊

      Delete
    2. හරි බකුස් ඒ උනත් කොපි කඩේ වගේ කස්ටිය මුණ ගැහෙන තැන් දෙක තුනක් අතර මෙතනත් තියෙන නිසා කිව්වෙ. ලිස්සල යන ලියවිල්ලක් ඉතින් බකුස්ට දාන එක මහ වැඩක්ද...... ආ

      Delete
  34. සහතික ඇත්ත!
    හැබැයි බකුසුතුමෝ ඒ දෙගොල්ලන්ටත් වැඩි බරකට කර ගහන්න වෙනවාමයි- මේ උද්යෝගය නොසිඳී පවත්වාගෙන යන්න වගේම පාඨක සහෘදයන් දිගටම රඳවා ගන්න.

    ReplyDelete
    Replies
    1. මේක මගේ අදහසක් විතරයි නිදි, සාකච්චාවට විවෘතයි. සමහර වෙලාවට, සරලම දේ තමයි, හොඳම දේ. දැනට කෙරෙන ක්‍රමය හොඳයි කියලයි හිතෙන්නෙ. ඔයිට අමතරව, ඔබගේ ඩිප්ලොමැටික් ප්‍රතිචාර ක්‍රමවේදයත්, ප්‍රාජේගේ අප්‍රතිහද වැට සහ හ්ම් දිරි ගැන්වීමේ ක්‍රමයත් තිබුණහම ඇතියි කියලයි හිතෙන්නෙ. මොකද හිතෙන්නෙ?

      Delete
    2. මමත් එකඟයි. හෙමිං ගමනක් යද්දී මහන්සිය අඩුයි නෙව. එකෑවරම ලොකු පිබිදීමක් එන එකේ නරකකුත් තියෙනවා... ඒක අඩු වෙද්දී සමහරුන් කලකිරෙන්න ඇහැකියි.

      හීන් සැරේ රාම සැරේටත් වැඩිය බලගතුයි කියනවනේ බස්සා මහත්තයෝ.

      Delete
  35. කාලෙකින බ්‍ලොග් කියවනනේ . බස්සා සුපිරියට ලියනවනේ … ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. ඔබතුමිල වගේ පරිණත බ්ලොගර්ලා ආයෙ ස්ක්‍රීය ලෙස ලියන එක ගැන හරිම සතුටුයි. ඇගයීම ගැන ස්තූතියි. 🙏😊

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code