Dec 31, 2013

සුභ අලුත් අවුරුද්දක්

 

සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

 newyear-1

අවුරුදු තෑග්ග:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. ඔය wordpress blog වල කොමෙන්ට්  වලදිත් පිංතූර , වීඩියෝ එහෙම පෙන්නන්න පුළුවන් ඔයෙ හිතේ. අපිට කොයින්දෑ පූසෝ මාළු, අපි යනවැයි මූදු!

නෑ, මං මේ කිව්වෙ අපි බ්ලොගර්, බ්ලොගර්  අපිට නේ. බ්ලොගර්ගෙ ඔය ඇටෑච් බාත් රූම් නෑ නෙව. නැත්තෙත් නෑ, බලාගෙන හියාම , මෙන්න මෙහෙම කලොත්:

මේක මං හොයා ගත්ත දෙයක් නෙමෙයි. .සම්පූර්ණ තොරනේ විස්තරේම  මෙතන  තියනවා .

ඔරිජිනල් ක්‍රමේ තියෙන්නෙ. blogger template එකේ script  එක මොඩිෆයි කරන විදිහට. ඔහෙලට කියන්න, ඕක ටිකක් බයානක වැඩේ. පොඩි වැ‍රැද්දක් එහෙම වුනොත් " සදා සොත්ති බවන්තුතේ" තමයි. ඇත්තටම මට එහෙම වෙලා තියනවා.

මෙන්න මගේ ක්‍රමේ. මහප්‍රාණ නෑ . කිසිම රිස්ක් එකක් නෑ , බොහොම සරලයි:

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලා පහත පිලිවෙලට කොටාගෙන, කොටාගෙන යන්න.

ඉස්සෙල්ලම බ්ලොග් එකට ලොග් වෙලාsettings වල තියන layout page එකට යන්න. ඔතන තියනවා "Add a Gadjet" කියලා එකක්. ඇත්තටම තැන් හතරක් තියනවා. අපි මේ කරන්න යන දේ නං පහලම තියන එකක් ‍තෝරා ගත්තත් කාරියක් නෑ..

image

ඔය "Add a Gadjet" එකකට කෙ‍ටුවාම එනවා මෙන්න මෙහෙම එකක්image

. දැන් තියෙන්නෙ ඔය ලිස්ට් එක පහලට scroll කරගෙන යන එකයි. එතකොට හම්බු වෙයි " HTML/JAVA Script" කියල එකක්. අන්න ඒකට කොටන්න. දැන් එයි මෙහෙම කො‍ටුවක්. හෙඩිමට මුකුත් ලියන්න ඕනෙ නෑ. "Content" වලට මං මේ පහත දෙන කොඩ් කෑල්ල අලවලා, මතක ඇතුව "save" එකත් ඔබලා "logout වෙන එකයි තියෙන්නෙ.

image

මෙන්න අලවන්න ඕන කෝඩ් කෑල්ල:

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/></script>



දැං මේක වැඩකරන විදිහ:

අපි කොමෙන්ට් කරද්දි, කොමෙන්ට් වල සපෝට් කරන්නෙ බොහොම සීමිත HTML  ටිකක් විතරනෙ. දැන්, අපිට එයිට අමතර  HTML   සෙට් එකකුත් ලැබෙනවා. සම්පූර්ණ සෙට් එකම ඕනෙ නං අර ඔරිජිනල් සයිට් එකෙන් බලාගන්ට. මට නං වැදගත්ම එක පිංතූර. දාන්නෙ මෙහෙමයි:
කොමෙන්ට් සාමානය විදිහට කොටලා, දාන්න ඕනෙ පිංතූරෙ URL නැත්නම් web address එක කොපි කරහෙන. , පහත විදිහට දානවා, එච්චරයි :)

[im]URL[/im]

14 comments:

  1. [im]http://thumbs.dreamstime.com/x/owl-santa-claus-21754497.jpg[/im]

    මෙන්න මෙහෙම

    ReplyDelete
  2. 1. කොහොමැයි කිවුවා!? මෙතන ඉමේජ් එකක් පේන්නෙ නෑ නෙවැ බොලං.. බොලාගෙ ඔය අටමගලෙ වැඩකොරන්නෙ නෑ වගෙයි.. :P

    2. අපට 'අළු' එපා! අළු ටික ලිප් බොක්කටම දාන්ට.. සුබ 'අලුත්' අවුරුද්දක් නං පැතුවට කමක් නෑ.. :D

    3. ඔය කෝඩ් කෑල්ලෙ http://www.spiceupyourblog.com කියන ටික තියෙන්නෙ මක්කටැයි!? අපි මොටෝ කායෙවත් බ්ලොග්වලට ලින්ක් දාන්නෙ අපේ බ්ලොග් එකේ!?

    4. දැන් ඔය nccode.js කියන ජාවාස්ක්‍රිප්ට් එක විශ්වාස කරන්ට පුළුවන් එකක්ද? ඒක ඇතුළෙ වෙන වෙන මොකුත් ජල්තර එහෙම දුවන්නෙ නැද්ද?

    පලි: සුබ අලුත් අවුරුද්දක්ම වේවා! වැඩි වැඩියෙන් චෙරීස්-බෙරීස් ලැබේවා!!

    ReplyDelete
  3. අප්පට හුඩු බුරාව දැක්ක කල්.

    හුටා. මූ මේකෙ පස්චාස් මරණ පරීක්සනෙත් පවත්වල නෙව :)

    අළු කෑල්ල හදඤ්ඤං. ඉතිරිවා නං මං දන්න අල බෝලයක් නෑ බොල , ගූගල් කොලා, සයිට් එකක තිබ්බා ගත්තා. ඔන්න වැඩි කෑලි අයින් කලා. දැං ස්කිරිප්ට් එක විතරයි



    මෙන්න script එක:
    nccode.js
    Google code වල තිබ්බෙ.මං google drive එකට දාගත්තා. හොඳ එකා වගේ පොඩ්ඩක් බලාපං :)

    ReplyDelete
    Replies
    1. Chrome වල ඔයෙ ප්‍රශ්නෙ තියනවා. අනික් බ්‍රව්සර් වලට අවුලක් නෑ ;(

      හොයා බැලුවාට තැන්කූ කිව්ව. උඹටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා! වැඩි වැඩියෙන් පොත්-පත් ලැබේවා!!

      Delete
    2. Opera වලත් වැඩ කරන්නෙ නැහැ නෙවැ.. ඔය JavaScript එකේ marquee කියන HTML ටැග් එක පාවිච්චි වෙලා තියෙනවා.. ඒක හැම browser එකකටම සපෝර්ට් කරන්නෙ නෑ.. ඒකයි හේතුව..

      Delete
    3. බුරාලව අල්ලගන්න වෙන්නේ මෙහෙම අනුන්ගේ වතු වලදිනේ ඉතින්.. බුරාටත් සුභ නව වසරක් වේවා...

      Delete
    4. @bura
      ඇයි බොල, මේ යස අගේට වැඩ කොරන්නෙ opera වල. හැබැයි මං පාවිච්චි කරන්නෙ Opera 12. මං Opera 18. වල speed dial එකට කැමති නෑ, ඒකයි

      මං දෙන්නද marquee වලට බැස්ටිය? ඒත් , අනුන්ගෙ කෝඩ් නෙව, ඕන නෑ

      @ තිසර

      හහ්, බුරාද? උන්දෑ ගල් ආඳා. අනුන්ගෙ වතුවල නැතුව, නැතුව තමන්ගෙයි කියල එකක් හැදුව එකක්යෑ? :)

      Delete
    5. @තිසර,

      // බුරාලව අල්ලගන්න වෙන්නේ මෙහෙම අනුන්ගේ වතු වලදිනේ ඉතින් //

      බුරාලව කියලා කිවුවේ මේ බුරා හැර තවත් බුරාලා සිටිත්ද.?? :)

      තිසරටත් සුබ නව වසරක්ම වේවා!


      @බස්සා,

      ආඳො කොහෙද බොල වතුවල ඉන්නෙ.!? උං ඉන්නෙ වතුරෙනෙ.. වතුවල ඔන්න ගල් ඉබ්බොනං ඉන්නවා.. :P

      Delete
  4. බස්සටත්, සුබම සුබ අලුත් අවුරුද්දක්!!!

    ඔය තෑග්ගෙන් මට නම් වැඩක් නෑ. හී හී...දෙනවා නම් හොඳ සිංහල පොත් ටිකක් හොයලා එවන්ට ඔය බෙනේ පුස්කන.

    ReplyDelete
  5. Sinhala Books
    ඔන්න පොත් 520 ක්ම තියනවා

    පොඩ්ඩිටත්, පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. සුභ නව වසරක් බස්සා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් තිසර.

      Delete
  7. සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code