Jul 31, 2016

සියා සහ බරකා

නෑ, නෑ සීයා සහ හරකා නෙමෙයි. Sia සහ Baraka.

Sia කිව්වෙ  Sia Furler. අර කොච්චෝරවත්, මේට්, මේට් කියන ඩවුන් -අන්ඩ(ර්) දේශ වාසියෙක්.




දැන් මගෙන් අහන්න එපා , ඇයි එයා මූණ වහන් ඉන්නෙ, අර  ඔලුව උඩ තියෙන්නෙ මොකක්ද වගේ ප්‍රශ්ණ . ඔහෙල දන්නව නෙව මං  නිකම්ම නිකං කොට්ටෝරුවෙක් වග?  සින්දුවෙ නම  cheap thrills. බීට් එකට නං අපේ වගෙ කොට්ටෝරු ඔලුගෙඩිත් හෙලවෙනවා.


ඊළඟට කථා නොකරන  චිත්‍රපටයක් Baraka.  මොන කෑටගරියට දාන්නද කියලා හිතාගන්න අමාරුයි. වාර්තා කියන්නත් අමාරුයි. එක, එක අයට එක, එක විදිහට පෙනේවි.
කොහොම පෙනුනත්  බැලුවට පාඩු නෑ. දැන් ඔහෙල හිතනව නං " හහ්, කොට්ටෝරුවො දන්න ‍ෆිල්ම්" කියල, මට කියන්න තියෙන්නෙ "වඳුරොන්ට මොන  jacuzzi ද?"" කියලයි. චිත්‍රපටිය පටන් ගන්නෙ, තඩි වඳුරු මොටෙක්  වින්ටර් එකේ  හොට් වෝටර් බාත් එකක් ගන්න සීන් එකකින්.

මෙන්න ට්‍රේලර් එක:




සම්පූර්ණ මූවි එකම  YouTube එකේ තියනවා -මෙතන

4 comments:

  1. බස්සා ආපහු ලියන්න අරන්.. නියමයි.. පහුගිය කාලේ අපි නම් එහෙම වෙනස් කරා . මෙතනින් කියවන්න...http://helmalu.blogspot.com.au/2016/07/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. කියවන්න පටන් ගත්තා. හොඳ ලිපි පෙලක්

      Delete
  2. බොහොම අහම්බෙනුයි මේක දැක්කෙ.. බස්සා දන්නවනෙ, අපි දැන් බොලොග් කියැවීම එහෙම්පිටින්ම් වාගෙ අත්ඇරලා දාලා නෙවැ.. ඒත් ඉතිං උඹව දැක්කහම කට පියාන යන්නෙ කොහොමෙයි.. :-D

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මටත් දැන් පැංසොන් ගන්න කාලෙ හරි. එහෙම හිතිලයි නැවැත්තුවෙ.ආයෙ හිමීට ආඳා වගේ ලුහුටලා යන එක තමා හරි:) බොහොම ස්තූතියි

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code