Dec 1, 2020

දෙවියනි! ඔබ කොහිද?

අපි මොන දේස දීපන්කරේ පදිංචියට ගියත්, අපේ සංස්කෘතික බැගේජ් අරං යනවා. ඉන්දියන් කාරයො අපිට එහා. රුසියන් තොප්පිය, ජපන් කෝට් එක එංගලාන්ත සපත්තු වුනාට " හදවත" ඉන්දියන් කියල කිව්වෙ රාජ් කපූර්. ඔන්න ඔය නිසා  ඉන්දියන්කාරයා යන තැන පොඩි දේවාලයක් අටවගෙන පුංචි ඉන්දියාවක් හදාගන්නවා(ඉන්දියන් විතරක් නෙමෙයි, අසල්වැසියො වෙච්ච අපි පවා).නෑ, නෑ  බස්සා ඔව්වට නෑ. කොහොමත් "හුඟක් individualistic සහ ටිකක් introvert" බස්සො මුකුත් හදන්නෙ නෑ. පරිසරට අනුගත වෙනවා   .ප්‍රාජේ තමයි කිව්වෙ.

ඉන්දියාවෙත් දෙයියො තිස් තුන් කෝටියම ඉන්නවා. ඒ වුනාට ලොක්කා ශිව දෙයියො. ගණ, විශ්ණු , සායි බාබා වගේ ජනප්‍රිය දෙවිවරුත්  ඉන්නව, තව කාලි, සරස්වතී වගේ ස්ත්‍රී දෙයියොත් ඉන්නවා. අවසේස දෙවිවරුන්ට ඇපෙත් නැතිවෙලා තියෙන්නෙ ඇයි කියල නං මං දන්නෙ නෑ. ඉන්දියාවෙ මිනිස්-දෙවි සම්බන්ධතාවය හරි අපූරුයි. ඔන්න  හින්දු බැතිමතා දේවාලෙට ගිහිල්ලා පඬුරු පුදලා, බිම පෙරලිල වැඳලා උවමනාව කියනවා. වැඩේ හරි ගියොත්, ආයෙ මොනවද දෙයියංගෙ කරේ රත්තරං, පූසාරිගෙ මල්ල කරේ.  

වැදගත්ම දේ තමා, පාර්ථනාව ඉටු නූනොත්  හින්දු බැතිමතා අනුගමනය කරන ක්‍රමය. යනවා දේවාලෙට. දෙයියට බැනගෙන, බැනගෙන යනවා පස්පඩංගුවේ. ඇඟිල්ල උලුක් කරල කියනවා, තව එක චෑන්ස් එකයි දෙන්නෙ කියලා. ඒකත් හරි නොගියොත් දේවාලෙ මාරු කරල, යනවා වෙන දෙයියෙක් ගාවට. මං හිතන්නෙ, ඉන්දියන්කාරයො අපට වඩා හොඳට දේව ගේම් එක තේරුං අරගෙන තියනවා.

මේ ලඟකදි  මං අපේ ගුජරාති මිත්‍රයා එක්ක ගිය සංවාදයක් මේක:

ගුජරාතියා: ඒ, බස්සො උඹ දෙයියො විස්වාස කරන්නෙ නෑ නේද?

බස්සා:  කොයි දෙයියද? ( මං මගේ සුපුරුදු ලිස්සන න්‍යාය අනුගමනය කලා)

ඌ නෙමෙයි ඇරියෙ, හාර හාරා එකම දේ අහනවා. මටත් මල පැන්නා.

බස්සා: හලෝ, සාර්ර්ර්ර්......කොරෝනා වසංගතයෙන්, තමන්ගෙ දේවාලෙ රැකගත්ත එක දෙයියෙක් මට පෙන්නපං. එතකොට විස්වාස කොරඤ්ඤං.

දැන් ඔහෙල හිතයි, බස්සාගෙ ඔරොප්පුව දේව සභාව එක්කය, එක සර්ව බළධාරී දෙයියෙක් දුන්න නං උන්දෑ සරෙන්ඩර් කියලා, ඒ ඔහෙලට වැරදිලා. ලෝකයේ  විතරක් නෙමෙයි, අපේ රටෙත් ඔය ආගමික,දේව විස්වාසය පාවිච්චි වෙන්නෙ දේශපාලන බලය රැකගන්න තියෙන ආයුධයක් ලෙසයි.

කෝ දැන් බෙලි කපන අයිසිස්? කොරෝනා නිසා ගුහාගත වෙලාද? නෑ "ස්පොන්සර්ලගෙන්" ෆන්ඩ්ස් එන්නෙ නෑ. කොහොමත් දැන් මොසාඩ්(සාතංගෙ පුත්තු), ඩුබායි, සවුදි ගිය නිසා වැඩේ අනාතවෙලා තියෙන්නෙ.

මම අදේවවාදී වුනාට දේව විරෝධී නෑ. ඇත්තට මම කැමතියි දෙයියො ඉන්නවට. මිනිස්සුන්ට දේව සංකල්පය නැතුව බෑ. සමස්ථයක් වශයෙන්, ආගම් වලින් කෙරෙන්නෙ මානුෂික ජීවන රටාවකට මිනිසුන් හික්මීම. අවුල කරන්නෙ දෙයියගෙ නියෝජිතයො. 
ඔය ජර්මනිය දෙකට බෙදලා, සමාජ පර්‍යේෂණයක් කලා නෙව.. සම්ප්‍රධායික දෙයියො එලෙව්වහම, අලුත් දෙවිවරු  පහල වුනා. කාල් මාක්ස් දෙයියො, මාඕ සේතුං දෙයියො වගේ අය. දාස් කැපිටාල් බයිබලය වුනා. හරි ගියේම නෑ. 

කැමති දෙයියෙක් ඇදහුවාට කාරියක් නෑ. හැබැයි මගෙ දෙයියා, බොගෙ දෙයියට වඩා ලොකුයි කියන්නවත්, දෙයියන් වෙනුවෙන් මිනී මරන්න යන්නෙ නැත්නම්.

පෘතුවියේ පිහිටීම, පැවැත්ම, පරිසරය, ජීවය ගහකොළ මේ හැමදෙයක්ම එක්තරා ප්‍රාතිහාර්‍යයක් (දෙයියො නැතුවත්). Goldilocks Zone එකෙන් පොඩ්ඩක් එහාමෙහා වුනා නං බබිත් සුං, බබීගෙ දෙයියත් සුං. මට හිතෙන්නෙ මිනිස්සුන්ට  මේ සංකීර්ණ, සූක්ෂම සමතුලිතතාවය තේරුංගන්න, විසඳන්න ඕනෙ. එබුව  සර්ව බළධාරී දෙයියෙක් සමීකරණයට, වැඩේ ගොඩ.

මම සිම්පල් බස්සෙක්. ඒ නිසා මට ඔය සූත්තරේ විසඳන්න  කිසිම අදහසක් නෑ. මේ දේව විස්වාස ගැන බකුසු මතය ටිකක් කිට්ටුවෙන් යන්නෙ ජපන් ෂින්ටෝ ඇදහීමේ "Kami" කියන සංකල්පයත් එක්ක. Wikipedia වල Kami අර්ථකතනය වැරදියි. Kami කියන්නෙ දෙයියො නෙමෙයි "පූජනීය" වගේ දෙයක්,  ජලය, හුළඟ,  පරිසරය ඔක්කොම Kami- පූජනීයයි. පාවිච්චි කරන්නෙ බොහොම ගරු-සරු ඇතුව. විශ්වයේ රහස් අපට තාම බොහොම දුරයි. එතකං උලාකන්නෙ නැතුව, තියෙන ලබ්බ රැකගනිල්ලා.

එහෙම නැතුව උඩ ඉඳන්,  අපි දෙන දාන-මාන, පඬුරු වල වටිනාකම බලල, මිනිස්සුන් ගෙ ප්‍රාර්ථනා ඉෂ්ථ කරල දෙන, දෙයියො ගැන මගේ එච්චර විස්වාසයක් නෑ. ආගමික නායකයො, රාජ්‍ය නායකයො මේ බොරුව දන්නවා. මං හිතෙන්නෙ කොරෝනා, ශුද්ධ වූ ජලයෙන් හෝදන්න ගිය, එක්කෙනෙක් සුවර්ගස්ත වුනාද, කොහෙද?

මාත් දෙයියො නිසා දුක් විඳින බස්සෙක්. හෝතම්බු  හතරවටේම දෙයියොන්ට පහන් තියනවා. ගෙදරට බීෆ්, පෝක් ගේන්නෙ නෑ. කාටද දුක? ඒත් මම සාධාරණ බස්සෙක් නිසා දුක ඉවසගෙන ඉන්නවා.  හැබෑටම ඌරා කොයි දෙයියගෙ වාහනේද? අනික කතරගමත් "චිකන්" තියනවා නේද?

දැන් මම මේක කිව්වා කියල ඔහෙලා දේව විස්වාසෙ ගැන වෙනස් කෝණයකින් බලාවිද? මොන පිස්සුද?  මිනිස්සු තමන්ගෙ විස්වාස එහෙම ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක අනන්‍යතාවය ගැන ප්‍රශ්ණයක්. ඇදහිලි, විස්වාස "මම" කියන සංකල්පයෙ එක කොටසක්. ඒ නිසා දෙයියා විවේවනය කලාම ,හෙලවෙන්නෙ අපේම බවුන්ඩේසම. මරාගෙන මැරෙනව යකෝ, කියන්න තරං කේන්තියක් එන්නෙ ඒකයි. හොඳ වෙලාවට ප්‍රංසෙ නොහිටියෙ, නැත්නම් මෙලාහටත් බෙල්ල නෑ. Achmed The Dead Terrorist මැලේසියාවෙ තහනං කලා. අපි එහෙම නෑ කිව්වා? හරි එහෙනං අපි පොඩි අත්හදාබැලීමක් කරමුකො. 

දැන් ලංකාවෙ ජාතික මාංශය "චිකන්" කියල  දවසක් පැරා කිව්වා. එතකොට ඔහෙල ගන්නෙත් ප්‍රොසෙස් කරල, පැක් කරපු චිකන් නෙව? අර හාල් හෝදන්න එපා කියපු ගොබිලව මතකයි නෙව? විස්වාස කොරා..න්ට, උන්දෑ කියනව නෙව, චිකනුත් හෝදන්න එපා කියල. නෑ, නෑ පස්ස ගැන නං මුකුත් කිව්වෙ නෑ.

ඇහුව, ඇහුවා, එයැයිට පයිත්තියං නෑලු. හෝදලා ඔක්කොම බැක්ටීරියා මරන්න බෑලු, තම්බලා මිසක්. අපි කරන්නෙ, හෝදනවයි කියලා සින්ක් එකෙයි, අපේ ඇඳුම් වලයි, කුස්සියෙ හතර වටේ බැක්ටීරියා වපුරන එකලු. ඔන්න තියනවා වීඩියෝව. 

ඉතුරු හරිය, මං හොම්බට ඇනල කියන්නෙ ඕනෙ නෑනෙ? ඔන්න පහල තියෙනවා කමෙන්ට්. හා, දැන් ලියපල්ලා නිදහසට කාරණා.

පසු සටහන: මුල් යුගයේ සිංහල බෞද්ධයා දේවාල ගානෙ ගියේ නෑ. සිංහල රජවරුන්ගෙ ඉන්දියන් බිසෝවරුයි, පසුව වඩිග රාජ පරපුර හරහා තමයි, ඉන්දියන් දෙවිවරු ලංකාවට ආවයි කියන්නෙ. ඊට පස්සෙ දෙවිවරු පන්සල් වලට රිංගලා පදිංචි වුනා. කොහොමත්, සිතූපැතූ සම්පත් ලාබෙට එසැණින් දෙන, පොඩි ගාණකට අල්ලපු ගෙදර එකාව මකවන දේව සංකල්පය මාකට් කරන්න ලේසියි නෙව?



35 comments:

  1. දෙය්යො පල් කරන්නැතුව යන දේවාලෙක යන්න මිත්‍රයා.
    බෙන හොයනව කිව්වම ලැජ්ජත් හිතෙනවා. බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. හප්පේ හැට්ටර් අද කමෙන්ට් කරල. මං දන්නවා, දෙයියට අත තිබ්බා කියන්නෙ, දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් බව. හුටා " අඩු ගානට බෙනයක්", ඔය කෙලල තියෙන්නෙ තාප්පෙට

      Silence, I kill you :)

      Delete
  2. 1. ඉන්ඩිවිජුවලිස්ටික් වුනාම අනුගතවෙනවට වඩා වෙන්නෙ කැමති දේට සහභාගිවෙලා අකමැතිදේ ඉවසීම හෝ මගඇරීම. පුද්ගලික නිදහසට ඉඩ තියන සමාජයක ඒකට ලේසියි.

    2. මට ආගමක් නෑ කිව්වාම සමහරු හිතනවා මං ආගම් විරෝධී ඇති කියල. ඒත් මට තියෙන්නෙ නොහැකියාවක්. විශ්වාස කිරීමට නොහැකියාව. විශ්වාස කිරීමට හැකි අයට ඒකෙන් ලැබෙන සහනය හා කොන්ෆිඩන්ස් එක දකිනකොට විස්වාස කරන්න පුලුවන්නම් හොදයි කියලත් හිතෙනවා. ඒත් කොහොම විශ්වාස කරන්නද ආගම්වල තියන දේවල්. ඉතින් මං නිරාගමික නෙමෙයි බැරිආගමික. ආගමිකවිරෝදීවෙන එකම අවස්තාව ආගමිකයන් ලවුඩ්ස්පීකර් මගින් මගෙ කන් අඩිය පලන්න හදනකොට තමයි.




    ReplyDelete
    Replies
    1. අංක එක: හරියට හරි, ඒත් අවාසනාවට, දේවානුභවයෙන් ගෙදර කෑම නිදහස කප්පාදු කරලා.

      අංක දෙක: //විශ්වාස කිරීමට හැකි අයට ඒකෙන් ලැබෙන සහනය හා කොන්ෆිඩන්ස් එක දකිනකොට..//
      මේ ආගම්වල හොඳ පැත්තෙන් එකක්. ආගම් තහනම් කල සමාජවාදී රටවල, ඒ රික්තය පුරවන්න වෙන කිසිවෙකට බැරිවුනා.

      Delete
    2. ඔබ හරි, අනුගතවීම කියන වචනෙ වැරදියි. ඒ යැංකි ක්‍රමය - melting pot. අපේ තියෙන්නෙ cultural mosaic. අපේ ක්‍රමේට මං වඩා කැමතියි. මේ නිසා නගරය ඇතුලෙම, අපිට ඒ,ඒ රටවල හොඳම කෑම රස විඳින්න අවස්ථාව ලැබිල තියනවා. මට ඉන්න කොටසෙ මාළුපාන්, වඩේ , ඉඳිආප්ප තියෙනවා. ඉන්දියන් කොටසෙ පානි පූරි, ගුලාග් ජමූන් තියනවා. ජීවිතේ බෝරිං කියල හිතෙනවා නං කලු ජාතිකයො වැඩිය ඉන්න කොටසට ගියාම, කන ගාවින් යන ස්ට්‍රේ බුලට් වගේ ඇඩ්වෙන්චර් වුනත් රස විඳින්න ඇහැකියි.

      Delete
  3. ශික් කාරයොන්ගේ ආගමේ දෙවියන් නෑ මට හිතෙන්නේ. උන්ට ඉන්නේ ගුරුලා 14ක් නේද ? ඉස්සර ඔය ගැන ලිවුවා හසිත. ගොඩක් ප්‍රායෝගික ආගමක් වගේ මම දැක්කේ. දේවාලෙට එන එවුන්ට හොඳට කන්න දෙනවා. වරදින්න විදියක් නෑනේ. බඩගින්නේ ඉන්න එකෙකුට ඒ ආගම හොඳ.

    ReplyDelete
    Replies
    1. ශික් නැත්නම් පන්ජාබි ආගම ගැන දන්නෙ ටිකයි. 14 ගැන දන්නෙ නෑ, එයාල "ගුරු ජී" කියල හදුන්වන ආගමික නායකයා, පටං ගත් බව නම් දන්නවා. බාගදා ලෝකෙ ලාබාලම ආගම වෙන්න ඇති. එයාලගෙ දේවාලවලට "මන්දිර්" කියන බවත්, පන්ජාබින් දක්ෂ ගොවියන් සහ රණකාමින් බවත් විතරයි දන්නෙ.

      මතක විදිහට වැන්කූවර් වල පන්ජාබි මාෆියාව මර්දනය කරන්න RCMP- අර අස්පයො පිටේ යන පොලෝසියට ඕනෙ වුනා. පන්ජාබින් තමුන්ගෙ අයට විරුද්ධව සාක්කි දෙන්න කමති වුනේ නෑ. RCMP කලේ පොලෝසියට පන්ජාබින් බඳවා ගත්ත එකයි. එක පන්ජාබි පොලිස්කාරයෙක් කිව්වා තොප්පිය දාන්න ජටාව ගලවන්න බෑ කියලා. නඩු කිව්වා, RCMP පැරදුනා. RCMP එකට සිද්ධවුනා බැජ් එක තියෙන ජටාවක් අලුතෙන් නිර්මාණය කරන්න.

      Delete
    2. ලන්ඩන් වලත් සික් වරුන්ට ජටාව දාන්න පුළුවන්. සීක් එවුනුයි මුස්ලිම් එවුන්යි ජම්මාන්තර වයිරයි

      Delete
    3. Sikhism also is a monotheistic religion eh? It's kind of a hybrid between Hinduism & Islam.

      Delete
    4. Yes, it is.

      Fun facts:
      1.The emblem of Sikhism, known as the Khanda is made up of a double edged sword.

      2.Sikh religious symbol - Ek Onkar, denoted by two letter, literally means "One God"

      Let's say, they have a very strict dress code. Starting with uncut hair, the turban, ceremonial dagger down to the under pants.Err.. not my cup of tea, exactly.

      Hope Sikhs don't read Sinhala blogs, as their daggers are extremely sharp. Brampton- the Sikh sector of Toronto is not that far from where I live. Don't even think about blowing my cover.Yes, I'm talking to you, Pra Jay.

      Delete
    5. I think hatred came with the division and genocide happend in India. Sikhs and hindus killed Muslims and Muslims killed Sikhs.

      Delete
    6. I don't know much about Sikhs. Heard, that there are Sikhs on both sides of the divided Kashmir and they are killing each other.

      Delete
    7. Kashmiri is Muslim.//While Muslims comprise around 96 per cent of its population, Hindus comprise 2.5 per cent and Sikhs a mere 1 per cent// Indian Muslims says Kashmiri belongs to India and Pakistani Muslims says it belongs to Pakistan. Don't try to understand it. Pointless. It's like Irish /Irish Fighting in Ireland.

      Delete
  4. මම දැකලා තියෙන දෙයක් තමයි හුඟක් අය මනුෂ්ය සම්බන්දතා හෝ මානුශීය ගුනාන්ග අමතක කරලා rituals වලට තැන දීම. උදහරනයකට මගෙ ලන්කාවෙ සමහර යාලුවො පන්සල් හොයාගෙන ගිහිල්ලා දාන දෙනවා, නමුත් තමන්ගෙ අම්මට හෝ තාත්තට නරක විදිහට සලකනවා. ඒවට හේතු ඇති, නමුත් මම නම් දකින්නෙ වැඩිය වැදගත් අපි කරුනාව, මයිත්‍රිය තවත් දියුනු කරගැනීමයි අපිට කරදකාරීව හැසිරෙන අය වෙනුවෙන් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්, දරුවන් මත යැපීම ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ලමයි කියන්නෙ තමන්ගෙ විශ්‍රාම දිවියේ "ඉන්ෂුවරන්ස් පොලිසි" එක කියන අපේ පාරම්පරික සංකල්පට අදට නොගැලපෙන බවයි මගේ අදහස. නැන්දම්මා-ලේලි කෝන්තරය, දෙවේලේ දකින කුකුලාගෙ කරමලය, හිටියත් "අතපල්ලෙන් වැටුනා සේ" ජීවත්වන්නට වීම, බොහොම සුලභයි.

      හොයාගෙන ගිහිල්ලා දානෙ දුන්නම, එලොව සැපෙන් ඉන්න ඉන්ෂුවරන්ස් පොලිසි එකක් ලැබෙනවා නෙව? මම හිතන්නෙ, ප්‍රධානම දේ කාටවත් කරදරයක් නොවී ජීවත්වීම. ඊලඟට, හැකිවිට අන් අයට පිහිට වීම.අපි එහෙම කලයුත්තේ, එය හරි දේ නිසා මිස එලොවට පිං බලාගෙන නොවන බවයි, මගේ අදහස. සමහර හරි/වැරදි කියන එව්වා, මගේ අදහස් වගේම සාපේක්ෂයි.

      Delete
  5. Read this book buddy. You'll get answers for most of the questions... :-)

    Sapiens: A Brief History of Humankind by Yuval Noah Harari

    Merry X'mas & a COVID free 2021!

    ReplyDelete
    Replies
    1. එහෙන් මෙහෙන් කුකුලා පහුරු ගාන්නැහෙ කියවාගෙන යනවාය. මගේ කුඩා බකුසු මෂ්තිශ්කයට දිරවාගත හැකිද යන්න නං සැක සහිතය.

      Winter is coming. ට්‍රම්පුච්චාගේ Ice Wall එක වැඩක්වුනේ නැතිය. පැන්ඩාලන්තෙ Night King, අන්ඩෙඩ් හමුදාව කුරුඹිලියෙන් රිංගෙව්වේය. දැන් වෙස්ටරෝස් වලින් බාගයක් ඉතර සොම්බිලාය. ජස්ටින් තාම " මැජික් පෝෂන්" එක හිඳෝනවාය. ඒ අස්සේ "Fake News" කියමින් අපේ සමහර වාහෙලා පිකටිං යනවාය.වෙස්ටරෝස්වල ගේම් ඔෆ් ත්‍රෝන් ඉවර වුනා විතරය. බයි-ඩෝං කියා හාදයෙක් බලය අල්ලා ගත්තේය. තාප්පෙන් මෙහා වයිල්ඩ්ලිං වූ අපි උන්දෑට කිව්වේ " බයි-ඩෝං, යූ නෝ නතිං" කියාලාය.

      නුඹට ප්‍රිතිමත් නත්තලක් සහ සුභ නව වසරක් වේවා!

      Delete
  6. //අලුත් දෙවිවරු පහල වුනා. කාල් මාක්ස් දෙයියො, මාඕ සේතුං දෙයියො වගේ අය. දාස් කැපිටාල් බයිබලය වුනා. හරි ගියේම නෑ. // උන්ට එහෙම වුනේ නැහැ. සෝවියට් දේශය උන්ව යටත් කරගෙන හිටිය වගේ දෙයක් වුනේ. පුංචි කොමියුනිස්ට් පක්ෂයක් තිබ්බ තමයි. මිනිස්සු බය වෙලා හිටියේ ස්ටාසි එකට. ඒ තමයි දෙයියෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. නැගෙනහිර ජර්මනිය, සමාජවාදී කඳවුරේ හුඟක් ඉහලින් හිටි රටක් බවයි පේන්නෙ. නායකයො වන්දනාව, සංස්කෘතිය වැනසීම වගේ දේවල් වුනේ නෑ කියල තමා කියවෙන්නෙ. පසුව නැගෙනහිරින්, බටහිරට ආ අය බටහිර හෝම්ලස් අයව දැකලා පුදුම වුනා කියලත් කියනවා. ඒ තමයි නිදහස වෙනුවෙන් ඔබ ධනවාදයට ගෙවන මිල- විශම ආදායම් පරතරය.

      ඒ ඔක්කොම තිබිලත්, මිනිස්සු ජීවිතේ පරදුවට තියලා පැන්නෙ නැගෙනහිරින් බටහිරට විතරයි. සත්තු වගේ කූඩුකරලා, හොම්බට ඇන, ඇන දෙන සමාජවාදෙ උපන් ගෙයි දෝෂ ගැන නම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. ආ එක්කො ඕනෙත් නෑ, ඉකනො ඉන්නව නෙව?
      වඩා සාධාරණ සමාජයක් පොරොන්දු වුන සමාජවාදෙ, වෙනස් වෙන්න/විවේචන වලට ඉඩක් නෑ. තමංගෙ අයිඩියොලොජියට විරුද්ධ වෙන අයව මරන්නෙ අමානුෂික ලෙස. සමාජවාදෙ නැත්තෙ මනුස්සකමයි කියල පැරා වරක් කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.
      Capitalism is not perfect, but the darn thing is the best among the worst. The Capitalism we have today is not the same as Marx's time. Perhaps Marx is right, saying that the road to Socialism is through Capitalism.May be that's what happening today.

      Capitalism is evolving, but I don't expect a ultimate Socialist utopia any time soon.As a matter of fact, better not. Freedom is a funny thing, and you only appreciate it, once you lost it.

      Delete
    2. සමාජවාදය ගැන මම කොහොමත් ලිපි පෙළක් ලියාන යනවනේ. සෝවියට් දේශයේ අත්දැකීම් එක්ක . ඒවා තවම ඉවර නැහැ

      Delete
    3. බොහොම ස්තූතියි. මම අනිවාර්‍යයෙන් කියවනවා. සමාජවාදී ජීවිතය ගැන පලමු පෙලේ අත්දැකීම් නැති මම, ඔබගේ පරණ ලිපි වලින් බොහෝ දේ ඉගෙන ගත්තා. අත්දැකීම් එක්ක ලියන රටාවට මම බොහොම මනාපයි, තනිකරම දේශපාලනය නොවන නිසා බෝරින් නෑ. හොඳ, නරක දෙකම ලියන එකත් මම අගේ කරනවා.

      Delete
    4. ස්තූතියි . අද දවස වර්ණවත් වුනා වගේ දැනුනා , හේ හේ

      Delete
  7. මම දෙවියන් විශ්වාස කරනවා කියල කියන්න අමාරුයි. මගේ බ්ලොග් එකේ ලිපි 12 විතර ලිව්වා හැබැයි paranormal දේවල් ගැන කරපු පර්යේෂණ. මේ විශ්වයේ අපට තවම හිතා ගන්න බැරි දේ තියනවා. ඉදිරියේදී හොයන්න ඕන දේ අනන්තවත් තියනවා.ඒ නිසා මේක මෙතැනින් ඉවර නැහැ. කමී කියන්නේ අර පඨවි , ආපෝ , තේජෝ , වායෝ කියන සංකල්පයම නේද?

    ReplyDelete
    Replies
    1. නෑ, කමී කියන්නේ අර පඨවි , ආපෝ , තේජෝ , වායෝ කියන සංකල්පය නෙමෙයි.

      අපට ගෝචර නොවෙන/නොපෙනෙන හතරවෙනි මානයක "දෙයියො" ඉන්නව වෙන්නත් පුළුවන්. ඒත් මේ ක්‍රියේටර්/ ග්‍රෑන්ඩ් ඩිසයින් සංකල්පය විසඳුම් වලට වඩා ඉදිරිපත් කරන්නෙ ප්‍රශ්ණ.

      ඒත් දෙයියංගෙ මේ ලෝකෙ නියෝජිතයො මේ කරන සෙල්ලමට මම කැමති නෑ. නියෝජිතයො කියන තාලෙට දෙයියො අපිව දාං අදිනවා නං, ඒ දෙයියො සාධාරණ නෑ.

      Delete
    2. ක්‍රියේටර් කතාව නම් විශ්වාස කරන්නේ නැහැ කීයටවත්. තාරකා විද්‍යාව වගේ එකක් ඉගෙන ගත්තේ ඒ නිසා. හැබැයි අපි හැමෝම තාරකා වල දරුවෝ කියල කියන තැනට විද්‍යාත්මකව ඔප්පු කර ගත්තට පස්සේ වැඩේ තව අවුල් වෙනවා.

      Delete
  8. කුකුළු ප්‍රශ්නය - අර බැක්ටීරියා ඇඟේ පතේ , කුස්සියේ ගෑවෙනව කියන කතාව හරි කියමු. නමුත් කුකුළා හෝදන්නේ උන් පැකට් කරන්න කලින් දෙතුන පාරක් කෙමිකල්/ක්ලෝරීන් ට්‍රිට්මන්ට් එකක් දෙන නිසා. ඒ රසායනික ද්‍රව්‍ය හෝදන්න. ඔය හෝතඹුව ඒවා දාන්නේ නැහැ නේද? අනික තමයි ඔය බැක්ටීරියා කතාව පට්ටපල් බොරුවක්. යුරෝපිය, ඇමෙරිකන්, බ්‍රිතන්‍ය කුකුළු මස් ගත්තම. ගැමා රේඩියේෂන් එකෙන් ඒවා ඔක්කොම විනාශ කරල තමයි එන්නේ. එනිසා පොඩ්ඩක් හෙදුවට කමක් නැහැ. https://agrilifeextension.tamu.edu/library/health-nutrition/irradiation-of-raw-poultry/

    ReplyDelete
    Replies
    1. එහෙම නං වතුර භාජනයක කුකුලා ඔබල ගත්තාම ඇති නෙව? ක්ලෝරීන් ගැන නං අවුලක් නෑ, රත් වුනාම වාෂ්ප වෙනවා, ඒත් අපේ සාමාන්‍ය කුකුල් සේදිල්ල එහෙම නෙමෙයි.හරි කුකුල්ලුංගෙ බැක්ටීරියා නෑ කියමුකො.වීඩියෝවෙ කියන්නෙ, කිචන් ස්ප්‍රේයර් එකෙන් කුකුල් ඉස්ම විසිවීම ගැන. එංගලාන්ත කොහොමද මන්දා, මෙහේ නං වාතයේ බැක්ටීරියා හරි කැමතියි, කුකුල් ඉස්මවල ගෙවල් හදාගෙන පදිංචි වෙන්න.

      කුකුලා උදාහරණයක් පමණයි. මට තේරෙනවා, මට උනත් හිතට හරි නෑ, බැක්ටීරියා යකාට ගියත්, කුකුලට රෝයල් ෆ්ලෂ් එක නොදුන්නොත්.මගේ පොයින්ට් එකත් ඒකයි -ආරේ ගුණ නෑරේ.

      Delete
    2. //එහෙම නං වතුර භාජනයක කුකුලා ඔබල ගත්තාම ඇති නෙව?// අපි නම් එහෙම තමා කරන්නේ . සින්ක් එකට දාල ටැප් එක පොඩ්ඩක් අල්ලනවා එච්චරයි. කුකුල් මස් කපන කොට වතුර විසි වෙනවා නම් තමා. ඒ නිසා කපල ඉවර වෙලා හෝදන්නත් පුළුවන්. ඉස්ම විසි වෙන එකට ඉතින් හොඳ ඇන්ටි බැක්ටිරියල් (දැන් ඇන්ටි වයිරස්) සොලියුෂන් එකකින් වටේ පිහ දැම්මම හරිනේ.

      Delete
  9. Replies
    1. ඔහේ මක්කා කරනවැයි? මෙහාටම ආවනං. ඈඳි ගන්ට. ඈඳි ගන්ට. සුරුට්ටුද බොන්නෙ, බුලත්මද කන්නෙ?

      Delete
    2. ගොඩිං පැනගත්ත - හුඟක් ළඟ හිංද
      සුරුට්ටුත් කනව - බුලත් විට බොනව

      Delete
    3. මෙහෙත් හරි වැස්ස - එහෙත් හෙම වෙන්ටැ

      Delete
    4. අපොයි හරි වැස්ස, වෙලත් උතුරන්ට….

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code