“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”
මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.
මේක සීත කාලෙ නොවැ. පහුගිය දොහක හිම වැටෙන උදයක බස්ස යනව තව බකමූණෙකුත් එක්ක ගමනක්. මඟ කඩයකින් උණු-උණු කොපි කෝප්පයක් එහෙම ඇද බාලා, යන කොට අහපු සිංදුවක් තමා මෙන්න මේක:
මේක ඇහුව විතරයි, මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු බස්සගෙ කට ඉබේම වැහුනා. ඌ ගියා ක්ලැසික් බස්සා මූඩ් එකට. යාළුව අහන ප්‍රශ්ණ වලට "හූම්..හූම්.." කියලා කිව්වා
"මොකද බොල උඹට උනේ, බස්සා වගේ "හූම්..හූම්.." ගාන්නෙ"
" හූම්.."
( යටි සිතින් - හහ්, 'හූම්..හූම්..' නොගා මම 'ක්වැක්, ක්වැක්' ගාන්නයෑ, මම බස්සෙක්නෙ)
බස්සගෙ හිතේ, විදුලි වේගයෙන් චිත්ත රූප පෙලක් මැව්නා. ලොකු ගෙයක්, සැඳෑ සාදයක් සහ ගතින් කෙසේ වෙතත්, හිතින් තනි වෙච්ච කුරා කුහුඹුවෙක්......
"හැබෑටම මචෝ එහෙම වෙයිද?"
" කොහොම වෙන්නද? මොකක්ද? වමාරපිය,වමාරපිය මට තේරුනා බොට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙන බව, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට"
" නෑ, මම මේ කිව්වෙ, අර සිංදුවෙ වගේ..කුරා කුහුඹු මිනිසා..."
" ආයි අහල, අන්වා ඩෙෆා. මං දන්න ඔහොම කේස් එකකුත් තියනවා"
"ඒ කිව්වෙ?"
" මගේ බැචෙක්, දෙන්නම මෙහෙ ආවා. කෙල්ලට මූට වැඩිය සිරා පෝස්ට් එකක් සෙට් වුනා, කෙල්ල හරි බ්‍රයිට්. මූ හොඳට කැපිලා පේන හාදයා. වැඩ කරන තැන, විරුද්ධ පක්සයෙන් බලපෑම් ආව. මූත් ඉතිං නිකං ඉන්න නැතුව ඇති, අඩු ගානෙ මල් කඩන්නවත් ඇති. එහෙන් මෙහෙන් වැඩේ කෙල්ලගෙ කණට ගියා. එදා ඉඳන් මූ ගෘහ මූලික"
"ඒ කිව්වෙ?"
" ඒ කිව්වෙ උගුඩුවෝ, ඌ ගෙදර ඉඳන් උයනවා, අස්-පස් කරනවා, ලමයි බලනවා. ගෑණි රස්සාවට යනවා. දැන් ඌ වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ, අපි කාඩ් ගහයි කියලා බය ඇති"
"හූම්..හූම්.."
සමග පෑසීමෙක් නැත”
මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.
මේක ඇහුව විතරයි, මෙච්චර වෙලා කියෝ කියෝ හිටපු බස්සගෙ කට ඉබේම වැහුනා. ඌ ගියා ක්ලැසික් බස්සා මූඩ් එකට. යාළුව අහන ප්‍රශ්ණ වලට "හූම්..හූම්.." කියලා කිව්වා
"මොකද බොල උඹට උනේ, බස්සා වගේ "හූම්..හූම්.." ගාන්නෙ"
" හූම්.."
( යටි සිතින් - හහ්, 'හූම්..හූම්..' නොගා මම 'ක්වැක්, ක්වැක්' ගාන්නයෑ, මම බස්සෙක්නෙ)
බස්සගෙ හිතේ, විදුලි වේගයෙන් චිත්ත රූප පෙලක් මැව්නා. ලොකු ගෙයක්, සැඳෑ සාදයක් සහ ගතින් කෙසේ වෙතත්, හිතින් තනි වෙච්ච කුරා කුහුඹුවෙක්......
"හැබෑටම මචෝ එහෙම වෙයිද?"
" කොහොම වෙන්නද? මොකක්ද? වමාරපිය,වමාරපිය මට තේරුනා බොට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙන බව, ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට"
" නෑ, මම මේ කිව්වෙ, අර සිංදුවෙ වගේ..කුරා කුහුඹු මිනිසා..."
" ආයි අහල, අන්වා ඩෙෆා. මං දන්න ඔහොම කේස් එකකුත් තියනවා"
"ඒ කිව්වෙ?"
" මගේ බැචෙක්, දෙන්නම මෙහෙ ආවා. කෙල්ලට මූට වැඩිය සිරා පෝස්ට් එකක් සෙට් වුනා, කෙල්ල හරි බ්‍රයිට්. මූ හොඳට කැපිලා පේන හාදයා. වැඩ කරන තැන, විරුද්ධ පක්සයෙන් බලපෑම් ආව. මූත් ඉතිං නිකං ඉන්න නැතුව ඇති, අඩු ගානෙ මල් කඩන්නවත් ඇති. එහෙන් මෙහෙන් වැඩේ කෙල්ලගෙ කණට ගියා. එදා ඉඳන් මූ ගෘහ මූලික"
"ඒ කිව්වෙ?"
" ඒ කිව්වෙ උගුඩුවෝ, ඌ ගෙදර ඉඳන් උයනවා, අස්-පස් කරනවා, ලමයි බලනවා. ගෑණි රස්සාවට යනවා. දැන් ඌ වැඩිය අපිත් එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ, අපි කාඩ් ගහයි කියලා බය ඇති"
"හූම්..හූම්.."
ඇයි බොල බොට මේ සිංදුවෙ මීට වඩා හොද වර්ෂන් එකක් හම්බවුනෙම නැතිය දාන්ට..!!?? ඩ්‍රම් ගහන එකා හයිහැට් එක පලන්න ට්‍රයි කොරනවා වගෙයි ඇහෙන්නෙ.. අපේ රුපියල් පා කේවා..
ReplyDeleteඅර කොට්ට ඔය පැත්තේ ලාබද? :D
ReplyDelete@බුරා
ReplyDeleteඔන්න සෑර්, හොඳ එකකට මාරුකලා :D
@පොකුටි
හහ්, ඒ මොන ඇන්නෑවකටද, මෙහේ එව්වා ලාභද කියලා හොයන්නෙ? ඔන්න ඔය පැත්තෙන්ම ගන්න තැනක්:
http://www.thebargainavenue.com.au/interests/daily-deals/24hrdeals/8405-boyfriend-pillow-1-day-deal-for-2995-catchofthedaycomau
දැන් හොඳ කපුටි වගේ ගිහිල්ලා ඉතිහාසෙ කුණුගොඩ අවුස්සන එකයි ඇත්තෙ, අපට මඩ ගහන්න.;D