Sep 8, 2012

බකුසු සිත්තරා

http://www.sliceofreallife.com/wp-content/uploads/2012/05/postmaster2-Postmaster-ratan-rabindranath-tagore-literary-talk-bengali-literature-slice-of-real-life-online-literary-magazine.jpg
බොහෝ කාලෙකට පෙර බස්සාට කියවීමේ පිස්සුවක් තිබුනා. අතට අහුවෙච්ච පොත් පත්තර , නවකතා, කෙටිකතා, පරිවර්තන, අනුවර්තන , ඔය කොයිවත් ඇරියෙ නෑ. ආං ඒ කාලෙ කියවපු කෙටි කතාවක් මේක. කතාවෙ නම, ලිව්වෙ කව්ද කියලා මතක නැති වුනාට, කතාව නං අද කියෙව්වා වාගේ මතකයි. 

කතාව පටන් ගන්නෙ"අමුපතනය අමුම අමු පිටිසරකි" කියලයි. ඔය අමුපතන ගමේ අළුතින් විවෘත කරපු තැපල් කන්තෝරුවට එනවා සිදාදියෙන් තරුණ තැපැල් මහත්තයෙක්. දන්නවනෙ ඉස්සර ගමේ තැපැල් කන්තෝරුව කියන්නෙ තැපැල් මහත්තයාගෙ නවාතැනේම කොටසක් කියලා. ගොවිතැන් බතක් කරගෙන බොහොම සරල දිවියක් ගතකල ගම්මු තැපැල් කන්තෝරුවෙන් වැඩක් ගන්න අය නූනත් ගමේ අළුතින් පටන් ගත් කොහු මෝල නිසයි ගමට තැපල් කන්තෝරුව ලැබුනෙ. ඒ නිසාම තැපල් කන්තෝරුවට කෙනෙක් ආවෙ බොහොම කලාතුරකින්. සිදාදියේ ජීවිතයට හුරුවෙච්ච තැපැල් මහත්තයට මේක බොහොම නරකට බලපානව. කම්මැලිකමේ ඈණුම් අරිමින්, තැපැල් මහත්තයා , වතුරට දාපු බස්සෙක් වගේ ජීවත් වෙනවා.


කාංසිය මැකෙන්න කියලා, තැපැල් මහත්තයා හිතනවා සංගීතයට නැඹුරු වෙන්ට. බට නලාවත් ගෙන්න ගන්න තැපැල් මහත්තයා ඒක වාදනය කරන්න හදනවා, ඒත් එකෙන් එන්නෙ ග්‍රීස් නැතිව කැරකෙන කරත්ත රෝදයකින් එනවා වගේ හඬක් මිසක් මිහිරි නාදයක් නෙමෙයි. ඒ වැඩේ හරිගියේ නැති තැන , තැපැල් මහත්තයා හිතනවා චිත්‍ර අදින්න ඕනෙයි කියලා. ඒකට ඕනෙ කරන අඩුම-කුඩුම ටික ගෙන්න ගන්න තැපැල් මහත්තයා මනස්කාන්ත දර්ශණයක් අඳින්න මුල පුරලා, අඳිනවා කන්දක් ඉස්සෙල්ලාම. ඒක කන්දක් නොව නිකම්ම නිකං මැටි ගොඩක් වගේ පේන නිසා, හිත කලකිරෙන තැපැල් මහත්තයා , නගරයේ උද්යෝගීමත් ජීවිතය ගැන සිහින මවමින්,දුකසේ කාලය ගත කරනවා.

ඒත් අපේ කතානායකයාගේ ජීවිතය දිගටම එහෙම වෙන්නෙ නෑ. ඒත් මම මේ කතාව මෙතනින් නවත්තලා , දැං කියන්න යන්නෙ මේක බස්සාගේ කතාවට සම්බන්ධවෙන ආකාරයයි.


බස්සටත් හිතුනා සිත්තරයක් අඳින්න. ගත්තා මවුසා ගැහුව ඉරක්. ඒක සරල රේඛාවක් නං නෙමෙයි. ඇන්ඳා වෘතයක් ඒක නිකං තැලිච්ච පකිස් පෙට්ටියක් වගේ වුනා. අපේ කතානායකයා නං වැඩේ ඔතනින්ම අල්ලලා දානව නෙව. හහ්, එව්ව කොහෙද මං බස්සෙක් මිසක් තැපැල් මහත්තයෙක් යෑ?

මං නෙමෙයි සැලුනෙ. ඇන්ඳා චතුරශ්‍රයක්, වෘතයක් වෙලා එයිද බලන්න. ම්හු, ඒකත් හරි ගියේ නෑ. මේක මවුසාගේ අවුලක් කියල හිතලා ගත්තා ගැ‍ෆික් මෙව්වා එක. ඇන්ඳා, ම්හු..ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? එත් ඇරියෙ නෑ. කියවන්න ගත්තා සිත්තර ඇඳිල්ල ගැන. මෙන්න හොයා ගත්ත දේ:

සිත්තරෙක් වීමට කෙලින් ඉරක් ඇඳ ගැනීමේ හැකියාවක් අවශ්‍ය නැත. ඒ තියා මොනම උලව් හැකියාවක් වත් අවශ්‍ය නැත, කෙලින්ම පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ. සම්භාව්‍ය චිත්‍රයක් යනු බලන එකාට තියා ඇඳපු එකාවත් ඒකෙ තේරුම නොදන්නා එකකි. එතකොට තමා බලන එක එක එකා ඒකට විවිධ අර්ථකතන දෙන්නෙ. ඔහෙලට විස්වාස නැහ්නං බලන්න පහල තියන සිත්තර දිහා. ඔය සිත්තර දෙක ඇඳලා තියෙන්නෙ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියො දෙන්නෙක්. එක්කෙනෙක් නං ලෝක පූජිත කලා කාරයෙක් - පිකාසෝ. හා, කියන්න බලන්න කොයි එකද එයාගෙ කියලා? බෑ නේද? මං දන්නවා වෙනස් හොයාගන්න බැරි තරමට දෙකම විශිෂ්ඨ කලා නිර්මාණ බව :)








දැං තේරෙනව නේද, මං කියාපු දේ? ඒ නිසා ඔබටත් විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙක් වීමට අවශ්‍ය නං මං කියාපු විදිහට පාට, පාට උලාගෙන , උලාගෙන යන එකයි තියෙන්නෙ.


ඔය උඩින් තියන සිත්තරේ ගත්ත පොත ලස්සන රුසියන් ලමා කතාවක්. මෙන්න ලින්ක් එක PDF එකට.
http://www.arvindguptatoys.com/arvindgupta/mir-nosov-dunno.pdf


කතාවෙ මේ පරිච්චේදයෙ නං පොඩි ආදර්සෙකුත් තියනවා: අනුන්ව සමච්චලයට ලක්වෙනකොට උඩ පැන, පැන හිනාවෙන අය, තමන්ටත් ඒදේ වුනාම හැසිරෙන හැටි :)


ප.ලි:
පොත් ගුල්ලා දීපු ඔත්තුවක් අනුව ඔරිජිනල් තාගෝර් තුමාගෙ පොත හොයා ගත්තා. මොන එකක්ද මන්දා, ඒත් ඒක අර හිංගල කෙටි කතාව තරම්ම හිතට වදින්නෙ නෑ. STORIES FROM TAGORE
කතාව ගැන කව්දෝ ලියන තිව්ව මෙන්න මේක නං බොක්කටම වැදුනා :)



Human hopes are not always bound by reason, and such hopes are, more often than not, found to be illusory. The village girl - Ratan was tempted to find a hope in her companionship with and steady dependency upon the postmaster. But when the postmaster chooses to leave the village, and Ratan's prayer to take her with him is not granted, she is left alone with tearful eyes. The postmaster philosophises that all such finer feelings of companionship are bound to be left and forgotten in the real course of life. But, for Ratan, it means genuine hope being dashed to the hard ground of realities.


40 comments :

  1. අනේ අනේ බස්සෝ, කෝ දැන් තමන් මුලින් පටන්ගත්තු කතාව?
    මදැයි හරි බැරි ගැහිල වාඩි උනා කාලෙකින් බස්සගේ කතාවක් කියවන්න.

    දෙවැනි සිත්තරේ තමා වැඩිපුර සම්භාව්‍ය.
    කැත බස්සයි, කළු පූසයි. - ඔන්න සිත්තරේට නමක්.

    ReplyDelete
    Replies
    1. කතාවෙ නම තැපැල් මහත්තයා හෝ සූටි වෙන්න පුළුවන්, හැබැයි හරියටම මතක නෑ. ඒ පොතේම තිබුණ කතාවක් තමා "යකාගෙ ලියුම". ඒක ගැන පස්සෙ කියඤ්ඤා. මේක ලියපු එක යටි අදහසක් තමා දන්න කෙනෙක් කතාවෙ නම හරි පොත ගන්න විදිහක් හරි කියයි කියලා :)

      බුදු ගුල්ලෝ ඒ පූෂෙක් නෙමෙයි. ඒ ඉන්නෙ කිං ‍ටුට්. පේන්නෙ නැහ්ද අර ඔලුව උඩ තියන ඔ‍ටුන්න?

      Delete
    2. වේලාසනින් කියන්ඩ එපයි. කව්ද දන්නේ? මං හිතුවෙම පුසෙක්‌ කියල.

      තැපැල් මහත්තයා කියල කතාවක් සත්‍යජිත් රායි ගේ චිත්‍රපටයක තියෙනවා. පොඩ්ඩක් ඉන්ඩකෝ. මං හොයල කියන්නං. මගේ පොත් ගුලේ මොකක් හරි විස්තරයක් ඇති.

      Delete
    3. පොත්ගුල්ලා , ඔබ හරි. මේක රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගෙ කටි කතාවක්. සත්‍යජිත් රායි සිනමාවට අරං තියනවා. මං කියවපු කෙටි කතාව ඒ අනුසාරයෙන් තමා ලියල තියෙන්නෙ දේශීය උරුවට. ඒකෙ අවුලක් නෑ. මං කලිනුත් කිව්වෙ ගෙඩි පිටින් නැතුව , අනුන්ගෙ දේකින් වුනත් ආභාෂයක් ලබාගෙන නිර්මාණයක් කරන එකේ අවුලක් නෑ කියල

      Delete
    4. එහෙනං බස්සා හෝම් වර්ක් කරලා. මම විස්තරේ හොයා ගෙන එනකොට පරක්කු වැඩියි වගේ. ඒත් තාගෝර් කතාව කොහොම උනත් රායි ගේ සිනමා පටය නං අනුවේදනීයයි. ඒ වගේම බෙහෙවින් විචාරක ඇගයීමට භාජනය වුනු සිනමා පටයක්. වැඩි විස්තර පහළින් කොටනවා.

      Delete
    5. මට මතක විදියට පොතේ නම "ගදයාවලී " නේද ?
      තැපැල් මහත්තයා කවි ලියලා අරිනවා පත්තරේට පලවෙන්නේ නැහැ ,අන්තිමේදී තමන්ගේ වැඩපල කරලා දෙන්න එන ගැනු ළමයට අකුරු කියලා දෙන්න පටන් ගන්නවා හුගක් අසාවෙන් ඔහු ඒ දේ කරගෙන යන අතරේදී අර එපා වෙලා හිටිය කාලේදී ඉල්ලපු ස්ථාන මාරුවීම ඔහුට ලැබෙනවා ඔහු ඒ වෙලාවේදී එය අවලංගු කරගන්න උත්සාහ කලත් හරියන්නේ නැහැ .....

      Delete
    6. @ රොබින්

      මට මතක විදිහට මට ලැබුනේ කෑලි හැලෙන පොතක්, පොත් නමක් තිබුනෙ නෑ. කතාව බොහෝ දුරට එහෙම තමා. මේ කතාවෙ තාගෝර් තුමාගෙ කෙටි කතාවක්, කීප දෙනෙක්ම එක එක විදිහට පරිවර්තනය/අනුවර්තනය කරන්න ඇති

      Delete
  2. චිත්‍රෙනං පංකාදුයි ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්ව දේවයන් වහන්ස. ඔබතුමාටහ් එසේම ලැබේවා!

      Delete
  3. කොහොමත් බස්සා තමා වලව්වේ චිත්‍ර ශිල්පියා. බස්සට කොහොමටත් ලස්සනට අඳින්ට පුලුවනි.

    මට ලස්සන චිත්‍රේ නම් දෙවැනි එක. ඒත් සම්භාව්‍ය එක නම් උඩින් තියන එක.:)

    අර කතාව ගැන නම් දන්නේ නැත. ඒ කතාව ලස්සන එකක් වගේ නම් පේනවා...:D

    ReplyDelete
    Replies
    1. ලස්සනට අඳින්ට? මේ මම, හහ්, ලස්සනට කොපි/ පේස්ට් කරන්ට නං පුළුවනි :)

      Delete
  4. මරු හලෝ මේක කියවල හිනාවෙලා මැරෙනවා..ලියල තියන විදිහ නියමා......yi.......................:)

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වා නෙමෙයි, ලියවෙව්වා. ටික දවසක් මුකුත් ලිව්වෙ නෑ කියලා බුරා සත්තමක් දැම්මා. ඕකා මහ පෝරිසාදයා. තනි තට්ටෙන් වහලෙ බාල්කෙක එල්ලලා බොක්සිං ගහවි, ලිව්වෙ නැහ්නං :)

      Delete
  5. අපොයි ඉස්සර පොඩ්ඩක් අඳින්න පුළුවන් කම තිබ්බ . ඒ වුනාට මේ පරිඝනකයෙන් අඳින්න ගිහින් මටත් වුනේ බස්සට වුණා වැඩේමයි . රවුමක් ඇන්දොත් චතුරශ්‍රයක් .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේ සිත්තර කෙරුවාව ආයි පටන් ගෙන බලන්න ඕනෙ කියල හිතුනෙ බින්දි රන්දිල්ගෙ දුවගෙ උපන්දින පොස්ට් එකට දාපු කමෙන්ට් එක දැකලයි. මට හිතුනා සිත්තර අඳින්න දන්න කීදෙනෙක්, මේ ගොම්පීතර ජිල්මාට් හින්දා හිර වෙලා ඉන්නවද කියල.

      ඒත් ඇත්ත කතාව මේකයි:

      මවුසා just another pointing device එකක් මිසක් ග්‍රැෆ්ක් ටූල් එකක් නෙමෙයි. ඒක ස්ක්‍රීන් එකට කැලිබ්‍රේට් කරන්න බෑ, ඒ වගේම අවග්‍ය නිරවදයතාවය නෑ.අර ඔලුව ජපන් , කඳ ජ්ර්මන් වගේ වෘත , චතුරශ්‍ර වෙන්නෙ ඒකයි. high precision gaming මවුසලා නං කොහොමද දන්නෙ නෑ, එත් එව්වා graphic tablet වලටත් වඩා ගණන්.

      මේකට හරියන එක graphic tabletම තමා. හරියන tablet එක ‍තෝරා ගැනීම වෙනම පොස්ට් එකක් ලියන්න තරං කතාවක්, එත් හරියට කැලිබ්‍රේට් කරලා ගත්තාම, Corel Painter වගේ සොෆ්ට්වෙයා එකක් එක්ක, මේ වගේ system එකකින් ලැබෙන පහසුකම් තොගේ අති විසාලයි. මේ ගැන ලියන්න මට වඩා බොහොම සුදුසුකම් තියන අය හිටියත්, උන් එකෙක්වත් ලියනෙ නැත්නම්, මං දන්න ටික හරි ලියන්නම් :)

      Delete
    2. ඕකට Graphic tablet එකක්ම අවශ්‍ය නෑ.. Smart phone එකක් තියෙනවා නම් Touch sensitive screen එකත් එක්ක (iPhone or any good Android phone), ‍මේක ලේසියෙන්ම කරන්න පුළුවන්.. ඕන තරම් Free Drawing apps තියෙනවා Download කරගන්න..

      Delete
    3. HUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUHHHHHHH

      Delete
    4. ඔය හහ් එක තේරෙන්නේ නැති ඒවා කියලා තියන ඔක්කොමලාට. :D

      Delete
    5. @බුරා
      ස්මාර්ට් ෆෝන් වල පුංචි ස්ක්‍රීන් එකේ චිත්‍ර ඇඳිල්ල නං කොච්චර ප්‍රයෝගිකද මන්දා? මම ටැබ්ලට් එකකට AutoDesk SketchBook එක බාගෙන ට්‍රයි කලා. නරකම නෑ, ඒත් ඒ කොයිවත් Painter සහ ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකට විකල්පයක් කියල නං මට හිතෙන්නෙ නෑ

      Delete
  6. //කතාවෙ මේ පරිච්චේදයෙ නං පොඩි ආදර්සෙකුත් තියනවා: අනුන්ව සමච්චලයට ලක්වෙනකොට උඩ පැන, පැන හිනාවෙන අය, තමන්ටත් ඒදේ වුනාම හැසිරෙන හැටි :)//

    මට අහු උනේ නෑ...:(

    ReplyDelete
    Replies
    1. මූ ඔය කියන්නෙ අර Dunno ගැන තියෙන කතා පොත ගැන.. ඒකෙ Dunno එයාගෙ යාළුවන්ගෙ විකට චිත්‍ර අඳිනවා.. ඒ හැම යාළුවම අනිත් අයගෙ චිත්‍ර දිහා බලලා හිනාවුනාට තමන්ගෙ එක දැක්කම ඒක අයින් කරන්න කියනවා.. ඒ ගැනයි ඔය 'බකුසු දර්ශනේ' දාලා තියෙන්නෙ‍‍..

      Delete
    2. @බුරා

      අනේද කියන්නෙ? අහුවෙන්නෙ කොහොමද, බාගෙට කියවන කොට? :))

      Delete
  7. යාන්තං ලියලා තියෙන්නෙ.. තව ටිකක් පරක්කුවුනා නං උඹව තනි තට්ටෙන් නෙවෙයි තටු නැතුව යවන්නෙ..

    1. සොරිවෙන්ටෝනැ කලින්ම මේ පැත්තෙ එන්ට බැරිවුනාට.. සති අන්තෙ යාළුවො ටිකක් එකතු කොරන් ක්‍රිකට් ගැහැව්වනේ.. ඉතිං වැඩිය බ්ලොග් පැත්තෙ එවුන්නෑ..

    2. ඔය Dunno කියන ඉංගිරිසි pdf පොත මයෙ ගාවත් තියේ.. ඒත් ඒක කිසි ගතියක් නෑ.. අපි පොඩිකාලෙ ඕක සිංහලෙන් තිබ්බා 'වැඩබැරිදාසගේ කතා' කියලා පොත් සෙට් එකම.. ආන්න පොත්.!!

    3. සිත්තරේ ගැන සම්භාව්‍ය විචාරයක් මං පස්සෙ වෙලාවක දාඤ්ඤං.. :)

    ReplyDelete
    Replies
    1. බුරා

      මං දැනන් හිටියා , නොලිව්ව නං මයෙ ත‍ටු සැට් එකට කෙලවෙන බව :)

      1. එව්ව කෙරෙන්න ඕනෙ වැඩ, අපේ ජාතික ක්‍රීඩාව නෙව :)
      2. සහතික ඇත්ත. මටත් හිංගලෙන් කියවනවා වගේ ගතියක් නෑ
      3. හා :)

      Delete
  8. පහත සටහන සැකසුවේ, ඕ. ටී. පෙරේරා මහතා ලියූ "සිනමාවෙන් සමුගත් සත්‍යජිත් රායි" කෘතිය ඇසුරින්;

    තීන් කන්‍යා නමින් රායි, තාගෝර් තුමාගේ කෙටි කතා තුනක් ඇසුරින් කෙටි සිනමා පට තුනක් නිපදවනවා, තාගෝර් සංවත්සරයක් වෙනුවෙන්. එහි පළමු කතාව තමා, තැපැල් ස්ථානාධිපති. අනෙක් දෙක තමා, මොනිහාර්(නැතිවූ ආභරණ) සහ සමාප්ති(අවසානය) නමැති සිනමා පට. කතා තුනම ලාබාල කාන්තාවන් අරබයා ලියවුනු කතා.

    බස්සගේ හිත ගත් තැපැල් ස්ථානාධිපති කතාවේ, කල්කටාවේ පහල මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක් උපාධිය අවසන් කර පිටිසර ගමක තැපැල් ස්ථානාධිපති තනතුරක් ලැබී වැඩට එනවා. ගමේ ජීවිතය මේ තරුණයාට වැඩිය හිතට අල්ලන්නේ නැහැ. එයාට වැඩ පල කරලා දෙන්න නව යොවුන් වියැති කාත් කව්රුත් නැති තරුණියක් ඉන්නවා. ඇය 'රතොන්'. තැපැල් මහත්තය කම්මැලිකමට රතොන් ට අකුරු උගන්නන්න පටන් ගන්නවා. ඒක එයාට විනෝදයක් උනාට රතොන් ඉගෙනීමට බොහොම උනන්දුවක් දක්වනවා. ඒ අතර තැපැල් මහත්තයට මැලේරියාව හැදෙනවා. මේ කාලය තුළ අම්ම කෙනෙක් වගේ ඔහුට සාත්තු සප්පායම් කරන්නේ රතොන්. හොඳ උනාට පස්සේ ඔහු තීරණය කරනවා රස්සාව අතහැර යන්න. ඔහු ඇය වත් රැගෙන යන්නේ දැයි රතොන් අහනවා. නමුත් තැපැල් මහත්තයට කියන්ඩ තියෙන්නේ "ඒක මාර අදහසක්නෙ" කියල විතරයි. ඔහු රතොන් ට මුදල් දෙන මුත් රතොන් එය පිළිනොගෙන කඳුළු සඟවා ගැනීමට දිව යනවා.

    මේ ටික කෙලින්ම පොතෙන්;
    "චිත්‍රපටය අවසානයේ දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වන දර්ශනය එතරම් කතා බහක් නොමැතිව කෙළවර කර ඇති ආකාරය මේ අගනා කළා කෘතියට ඉතාම උචිත යයි සිතේ. තාත්වික රඟපෑම් වලට අමතරව, කැමරාව මෙහෙයවා ඇති ආකාරයත්, සංස්කරණය කර ඇති ආකාරයත් ඉතාමත් දක්ෂ ලෙස කර ඇති බව පැවසිය හැක. අවසානයේ අපට ඇත්ත වශයෙන්ම පෙනෙන්නේ අලුත් තැපැල් ස්ථානාධිපතිට වතුර බාල්දියක් ගෙන එන රතොන්, ගමෙන් පිටවී යන හිටපු තැපැල් ස්ථානාධිපති පසු කර යන ආකාරයයි. රතොන් බොහෝ වෙලාවක් හඬමින් සිටින්නට ඇති බව ඇගේ මුහුණ දකිත්ම අපට පැහැදිලි වෙයි. ඇය ඔහු විසින් දෙන ලද කාසිය නොපිළිගන්නේ ඇගේ සිත රිදී ඇති නිසා පමණක් නොව ඇය තුළ යම් පමණකට ආඩම්බරයක් ද ඇති නිසාය. ඔහු ඇය පසුකර බොහෝ දුර ගිය පසු, ඇගේ අතේ ඇති බරෙන් නිදහස් වීමට උවමනා වන තුරු ඇය නවතින්නේවත්, ඔහු දෙස බලන්නේ වත් නැත. ඇය නොපෙනී ගිය පසු ඇගේ සුපුරුදු කටහඬ ඔහුට ඇසේ. "මහත්තය, මං මහත්තයට වතුර ගෙනාව," ඇය මේ කතා කරන්නේ අලුත් තැපැල් ස්ථානාධිපතිට බව පැහැදිලිය. වාවා ගත නොහැකි ශෝකයෙන් ඔහු අතේ ඇති රුපියලේ කාසිය දෙස බලා සිට පසුව එය සාක්කුවේ දමාගෙන රතොන් ගෙන් සහ ගමෙන් සදහටම වෙන්වී හෙමින් පාර දිගේ ගමන් කරයි."

    ReplyDelete
    Replies
    1. හරිම අපූරු විස්තරයක්. ස්තූතියි පොත්ගුල්ලට. මං දැනන් හිටියෙ නෑ මේ සිත්තරපටි ටික මෙච්චර ලස්සනට ඇති කියලා. අදම හොයාගන්න ඕනෙ බලන්න

      Delete
    2. මම හෙව්වා, හම්බ උනේ නැහැ. හොයා ගත්තොත් ලින්ක් එක දාන්න, අපිටත් බලන්න.

      Delete
    3. අනිවා. ලැබිච්ච ගමන් මෙතනම ලින්ක් එක දාන්නම්

      Delete
    4. @පොත් ගුල්ලා,

      මේ 'මොනිහාර්' (නැතිවූ ආභරණ ) කියන පොත හෝ ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කරන්ට පුලුවන්ද පොත් ගුල්ලෝ.

      මම කතාවක් බලලා තියනවා ඒ මේ කතාවද කියලා දැනගන්ටයි අහන්නේ.

      Delete
    5. මමත් බලල නැහැ. පොතේ හැටියට නං මේක හොල්මන් කතාවක්. ආභරණ වලට ආසාවෙන් මැරිච්ච කාන්තාවක් නැවත හොලමනක් ලෙස ස්වාමියා ලඟට පැමිණීම තමා කතන්දරේ කෙටියෙන් කිව්වොත්.

      Delete
    6. බුරෝ, ඉංග්‍රීසි උප සිරැසි නෑ.
      අපි බෙංගාලි දන්නෙ නෑනේ.

      Delete
  9. දෙන්නටම ස්තූතියි. ඒත් ඉහි ඉහි ඉහි ඉහි ...ෆිල්ම් එක තේරෙන්නේ නෑ.:)

    ReplyDelete
  10. තීන් කන්‍යා සිත්තර පටි තුනම බා ගත්තා. ටොරන්ට් තියනවා, සීඩ්ස් නං අඩුයි. ප්‍රශ්ණෙ ඒවාත් එක්ක සබ්ටයිටල් නෑ. ගූගල් සර්ච් කරලා පෝස්ට් මාස්ටර්, මොනිහාර් දෙකේ සබ් හොයා ගත්තා. අනිත් එකට සබ් හම්බ උනේ නෑ. අප්ලොඩ් කරන්න ෆයිල්ස් (Divshare) ලොකු වැඩියි :(

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල ටොරන්ට්ස්වලයි, සබ්ස්වලයි ලින්ක්ස් ටික දාපිය.. වැඩේ ඉවරනේ..

      Delete
    2. torrent:

      http://ca.isohunt.com/download/324939877/teen+kanya.torrent

      PostMaster Sub:

      http://www.divshare.com/download/19578012-6b2

      Monihar Sub:
      http://www.divshare.com/download/19578022-c32

      Delete
  11. උඹ මොනවැයි ඔය ටෙස්ට් පෝස්ට් දාගෙන පණ දාගෙන ටැස් කොරන්නෙ..?? :)

    ReplyDelete
    Replies
    1. ඇයි ආයිබෝං, මොනවා හරි කොටල, මයෙ ත‍ටු සැට් එක බේරගන්නත් එපැයි :)
      පිංතූර ටිකක් දාලා ෂේප් වෙන්ටයි බැලුවෙ. ම්හු..හරි ගියේ නෑ :(

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code