Mar 22, 2014

බස්සෙක්, බරවාහනයක් සහ කරත්තයක්

http://blogsdir.cms.rrcdn.com/8/files/2012/03/Lisa4-300x199.jpgහුගිය දොහක මං පාන්දර ජාමෙ වැඩ ඉවර වෙලා එලියට ආව, ගෙදර එන්න.පාන්දර වුනාට, තාමත් කළුවරයි. පොඩි හිරිපොදයකුත්, ඇඟ කිලිපොලන හීතලකුත් තිබුනා.

 පැත්තක නවත්තල තිබුන තඩි කන්ටේනර් ට්‍රක් එකේ දොර ඇරුන. ඒකෙන් බැස්ස සුන්දර ලලනාව, කෝපි මල් හිනාවකුත් දාගෙන කෙලින්ම බස්ස ගාවට ආවා. මට පොඩි චකිතයක් ඇති  නොවුනාමත් නෙමෙයි, ඒත් අතේ ලමයෙක් හිටියෙ නෑ, තිබ්බෙ ෆයිල් කවරයක් :) සාමාන්‍යයෙ ඔය තඩි ට්‍රක් එලවන්නෙ පිරිමි. ඉඳලා හිටලා මහත-දෙහත පිරිමි වගේ ගෑණුපරාණත් එලවනවා. ඒත් මේ වගේ මටසිලි‍ටු  ඉටි-කිරිස් කෑලි ට්‍රක් ඩ්‍රැයිවරියො  අඩුයි.



ලඟට ආව කෙල්ල, මගෙන් පෑනක් තියේද ඇහැව්වා. මං නෑ කියලා, පැන්සලක් නං තියේ කිව්වා. කමක් නෑ, කියලා  පැන්සල ගත්ත කෙල්ල, ස්තූති කරලා , ආයෙත් අර මල් හිනාව දාලා , මගෙ පැන්සලත් අරං, කදිම පස්ස තාලෙට වන, වන යන්න ගියා. ඊට පස්සෙ එතන ඉතුරු වුනේ, හෙඩ් ලයිට් වැදිච්ච මුවෙක් වගේ ඇස් දෙකත් ලොකුකරන්, කටත් බාගෙන ඇරගෙන, ඒ දිහා බලා හිටිය බස්සෙක් විතරයි.

මං ගෑණුත් දැක්කා, මේවගෙ ගෑණු නොදැක්කා ...

ඔය ට්‍රක් එලවන වැඩේ තියනව නේද? ඕක හරිම ආතල් ‍රැකියාවක් වෙන්න ඇති කියලා, මට නොයෙක් වෙලාවල හිතිල තියනවා. පඩිත් ගෙවනවා, රට-තොටත්  බලාගන්න ගමන්, මඟ දිගට තියෙන  කඩ වලින් බඩ පැලෙන්න කඩචෝරු කන්නත් ඇහැකි නෙව? පොඩි කොස්සකට තියෙන්නෙ , ගියර් 18 විතර තියනවාලු, ඔටෝමැටික් එහෙම නෙමෙයි. 

ඉස්සර ලංකාවෙ ඔය ට්‍රක් වල රාජකාරිය කරල තියෙන්නෙ කරත්ත. මෙව්වා සින්ගල් ඇන්ජින්, ඩබල් ඇන්ජින් කියන මොඩල් දෙකම තිබිල තියනවා.ගමේ ගොඩේ සිල්ලර වැඩවලට තනි ගොනා බැඳපු කරත්තෙ යොදාගත්තත්, මේ වගේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නෙ ගොන්නු දෙන්නා බැඳපු කරත්ත. සොර සතුරු, වන සිව්පා උවදුරු වලින් බේරෙන්න, මේ  කරත්ත ගිහින් තියෙන්නෙ  නඩයක් විදිහට. මේ ගැල්කරුවොත්, හොඳ කලාකාරයො. බලන්නකො කියල තියන කවිවල ලස්සන.

කම්මල තිබෙන තැන පල්ලම   බස්සනවා
යන්නට හෙමින් පිට දීලා       නවතනවා
රයිගම දෙපාවේ පාලම         පසුවෙනවා
කොයි හැටි ගියත් කොතලාවල නවතිනවා



නිරන්තර ගමනේ යෙදිච්ච , ගැල්කරුවන්ගෙ ජීවිත , පතල්කරුවන්ගෙ ජීවිතවගේ දුක්බර නෑ කියලයි හිතෙන්නෙ. යනගමන්, මඟදියට තියෙන ආප්ප, ලැවරිය, හැලප කකා, වටපිට සිරි නරඹමින් යනකොට මොන දුකක්ද? 


සත් කෝරලේ දොරවක  බල්ලාපාන
වල්ල සුණු අංග දුම්බර          නාපාන
පලිස් පත්තුවේ ගම මැද        වටපාන
ඉඹුල කැපූ රුව බල         ගුන්නෑපාන






මේ ගැල්කරුවන් ඉලක්ක කරගත්ත කඩයප්පන් කඩත්  මඟදෙපස තිබිල තියන පාටයි. ගැල් කරුවන් උණු ආප්ප ගිලින්න රුසියො බවත් මේ කවිවලින් පෙන්නුම් කරනව. උණු ආප්ප වගේ විකිනුනා කියල, කතාවට කියන්නෙ නිකංයැ? ආප්ප දාන ලිප අසල තියෙන  ඇඹුල් කෙසෙල් කැන වරුවට ඉවරවෙනවා කියල තමයි මං අහල තියෙන්නෙ. උණු ආප්ප සහ ඇඹුල් කෙසෙල්, කට්ට සම්බල්, සීනි සම්බල්,ඇඹුල්තියල් කියන්නෙ ජාඩියට මූඩිය වගේ  ගැලපෙන සුසංයෝගයක්.

බොහෝ කාලයකට පෙර, ගම්මානයක  සතිපොලක් ගැන සොඳුරු මතකයක්  බකුසු මතකයේ තාම තියෙන්නෙ, එහිදි ගිලපු උණු ආප්ප නිසයි. අසලින් ගලාගෙන ගිය ගංගාව අද්දර පොල් අතු සෙවිලිකල මේ තාවකාලික  කඩයප්පන් කඩපෙලේ ආප්ප කඩයකුත් තිබුනා. ආප්පවල නියම රස විඳින්න නං , ආප්ප ලිපෙන් බාපු ගමන් කන්න ඕනෙ. රස වැඩිවෙන්න පරිසරයත් බලපානව ඇති. 

අපේ ගැල්කවියා  හොඳ විනෝදකාමියෙක්. හොඳට  කෑවා වගේම හොර පොලෙන් දෙකක් නමාගන්නත්, අමතක කරල නෑ



කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන            පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන        කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන            ආප්පේ

ඒ දවස්වල , කරත්ත ගාල් තිබිල තියනවා, සමහර ගාල්වල නතරවෙලා, උයාගෙන කාලා , නිදාගෙන පාන්දර ජාමෙ තමයි ආයෙත් ගමන පටන් අරන් තියෙන්නෙ. මේක දින ගණනක් යන විනෝද ගමනක් වගේ තියෙන්න ඇති


බත උයලා කාබී අපි සිත             අයුර
තණ කවලා ගොන් දෙන්නට දී   වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි        වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත    මිතුර

අතමිට හොඳ කලට , හොර පොලෙන් ,රේන්ද පොලට...

බැඳලා විය බාන ගොන් දෙන්නගෙ   කරට
මැනලා ගනිමු බෝතලයක්          සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක   හරියට
කොතලාවල පසුකර මිතුර            හනිකට

සසඳ කවි  කියන්නෙනෙත් ගැල්කවි විශේෂයක්. හැම කවියක්ම ආරම්භවෙන්නෙ "සසඳ සසඳ" කියලා. එක කරත්තයකින් කියන්නෙ එක පේලියයි. මේ ක්‍රමේට නඩයේ ඔක්කොම කරත්ත කරදරයක් නැතිව යනවා කියල අනිත් අයට දැණුම් දීමක් වෙනවා.

සසඳ සසඳ සඳ පානේ අපි                 යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ   යනවා
සකිය සගව්වට රෝදේ            කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල            ලතැවෙනවා


අපේ ජනකවියා බිහිවෙලා තියෙන්නෙ ගොවියො, පාරුකාරයො, පතල්කරුවො,ගැල්කරුවො වගේ වැඩකරන ජනතාව අතරින්. කටවහරෙන් පැවතගෙන ආපු මේ ලස්සන කවි, අභාවයට යන්න දෙන්නෙ නැතුව , මතු පරම්පරාවට ඉතුරු කරන්න උත්සාහයක් ගන්නව නං  අගෙයි.

අපේ සිංහල විකිපීඩියාවෙ සිංහල ජනකවි කියල කොටසක් තියනව.  මාත් ඔන්න මේ ටික " කරත්ත කවි" යටතෙ එකතු කලා
මෙන්න ලින්ක් එක:

 සිංහල ජන කවි
දන්න කවි ටික , ටික හරි ලියමු නේද?

ප.ලි:
විකිපීඩියාවෙ ලියන්න වෙන්නෙ HTML වලින්. එහෙම කිව්වට බයවෙන්නෙ කාරි නෑ. හැම පේලියක් අගටමත්, කවිදෙකක් අතර හිස් ඉඩක් ගන්නත් <br /> දාන එක විතරයි තියෙන්නෙ. නැත්නම් වෙන්නෙ දාන ඔක්කෝම ටික තනි පේලියක් විදිහට එන එකයි



45 comments :

  1. ඉස්සර කාලෙ මොනතරම් සුන්දරද කියල හිතෙනවා මේ විස්තරේ දැක්කම. හැබැයි ඔය ට්‍රක් ඩ්‍රයිවරියො දිහා වැඩිය බලන්න එපා. කුදලගෙන යාවි :)

    කොළඹ කොටුවෙ කොටු දොර ලඟ තාප්පේ
    හිනා මූණු ඇත නාගෙන පාප්පේ
    ගෑණුත් ඉන්නෙ ඔය ඇඳගෙන තූප්පේ
    හිනා ටිකට බඩ පිරිනවා කිරි අප්පේ

    ReplyDelete
    Replies
    1. කුදලගෙන ගියා නේන්නං ? මාව නෙමෙයි මයෙ පැන්සල :)

      Delete
  2. හොඳ සීපද පොතක් හම්බ වෙලා වගේ. බස්සෝ...ඔය ට්‍රක් එලවන අයනේ. කාර් එලවන අය ඉන්නවලු ඔයිට වඩා අර ඉටිකිරිස් හරි මොකක් හරි අය...:D:D

    මම සීපද දන්නේ නෑ...:(

    අර 'තන්ඩලේ දෙන්න දෙපොලේ ' ඒ වගේ එකක්ද?

    මටත් හිතයි ඒ කාලෙට ගිහින් කරත්තකාරයෙක් බැඳගෙන සතුටින් ඉන්ට....:)

    ReplyDelete
    Replies
    1. කාර් එලවන අය? ඒ කිව්වෙ ප්‍රියංකා චොප්රා වගේ අය වෙන්ටෑ :)

      රන් රස සේ විඳි පෙම් සුව බෝ මා
      පදින ඔරුව බඳිනා රුවලක් සේ මා
      කරත්තයට අසුවුනු ගෙම්බා අද මා
      ගුණ නැති ලියන් ලුණු නැති මාලුව සේ මා

      - අසරණ ගෙඹි නිළමේ -

      Delete
  3. මම එකට ඇවිත් නේ :)


    හැබෑටම ඔය ඉටිකිරිස් කියන වචනෙ සිංහලද? ඉන්ගිරිස් වචනයක්ද ඈ....

    ReplyDelete
    Replies
    1. ඔව්, වොව් ඔයා එක තමා :)

      අද නිවාඩු, බස්සො නිශාචර පක්සීන් නිසා , මේක පෝස්ට් කලේ යක්කු ගස්වලින් බහින වෙලාවෙ. ඒ කියන්නෙ ඔහේ උදේ වෙන්න ඕනෙ.

      ඉටි කිරිස් කියන්නෙ, මාත් ණයට ගත්ත වචනයක්. ඉටි රූපෙ වගේ තේරුම තියන හිංගල වචනයක්, මයෙ හිතේ

      Delete
  4. ලස්සන සීපද ටික බස්සො.අතීත භාණ්ඩ ප්‍රවාහනය කොයිතරම් සුන්දරදැයි හිතුනා.........
    //තන්ඩලේ දෙන්නා දෙපොළේ දක්කනවා//.....කියන කරත්ත කවිය හැර කරත්ත කවි දැනගෙන හිටියෙ නැහැ.ස්තුතියි මේ සී පද ටිකට...........

    ReplyDelete
    Replies
    1. ජන කවි විතරක් නෙමෙයි, කරත්තත් ටිකකලකින් නැතිවෙලා යාවි. ඒක ඉතිං ලෝක ස්වභාවය නෙව? අපි මෙහෙම හරි මේ ගැන කතාවෙන එකම මදෑ, මොකද මෙව්ව පවතින්නෙ, අපේ උනන්දුව තියෙනතාක් කල් විතරයි, කියලයි මට හිතෙන්නෙ.

      Delete
  5. හොඳ යි හොඳ යි. මේ දේවල් ලේඛනගත වෙනවට විරුද්ධ වෙන අයත් ඇති. ඒත් ඒවා ආරක්ෂා වෙන්න ඕනෙ නෙ.

    ReplyDelete
    Replies
    1. ජනකවි වලට කොපි රයිට්ස් නෑ නෙව. ඔව්, ආරක්ෂා වුනේ නැත්නම් මේ අපූරු කවි කාලයත් එක්ක වැලලිලා යාවි

      Delete
  6. අගේ ඇති ලිපියක් බස්සෝ . කොච්චර කරත්ත පැදලා තිබ්බත් මෙච්චර කවිනම් අහලා නෑ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, තිලකෙ. එහෙම නං , ඒ කරත්ත කතා එහෙමත් ලියමු නේද?

      Delete
  7. කරත්ත රස්සාව වගේම තමයි පස්සෙ දියුණු උන ලොරි රස්සාවත්. ඉස්සර ප්‍රීම කම්පැණිය ආන්ඩුවෙ තියෙන කාලෙ එකෙ පිටි කොළඹ ගෙනාවෙ ත්‍රිකුණාමලේ ලොරි වල. ඒවගෙ ලස්සන. ඇතුලෙ තීන වැඩ කෑලි හරි අපූරුයි. ඒ ලොරි ඩ්‍රයිවර්ලත් පිටි අරන් රට පුරා ගියා. ඔය වගේ ජීවිතයක් ගැන හැදුන ෆිල්ම් එකක් තිබ්බ මට නම මතක නෑ, ඩ්‍රයිවර්ට උන්නෙ ජීවන්. ගෙදර පවුලට ළමයි නෑ කියල මිනිහ නිතරම ගෙදර වළි. හැබැයි පිට මිනිහ යන එන ගං වල ඉන්න හොර ගෑණුන්ට ළමයි ඉන්නව මිනිහට දව. පස්සෙ අර වඳයි කිව්ව කසාද බිරින්දැටත් ළමයෙක් ලැබෙනව. ආස්ච්‍රය මොකද්ද කියල හොයනකොට තමයි මිනිහ දැනගන්නෙ කසාද බිරින්දැට පිට කොටුවක් පැනල ළමයෙක් හදා ගත්තු එකත් ඒ එක්කම මිනිහගෙ කියල හිතන් උන්නු අනික් ගම්වල ඉන්න ළම්යිත් ඒ ඒ ගෑණු පිට කොටු ගිහින් ගෙනාපුව බවත්. කටාව ඉවර වෙන්නෙ ඛෙදාන්තයකින්.

    ඔය ට්‍රක් ජීව්තේ ගැන දැනගන්න යූ ට්යුබ් එකේ තීනව "මෙගස්ට්‍රක්චර් - ට්‍රක් ස්ටොප්ස්" කියන ප්‍රොග්‍රේම් එක බලන ඒක වටිනව. ඒක වෙනම ලෝකෙක තීන ජීවිතයක් වගේ.

    ReplyDelete
    Replies
    1. කරත්ත, පාරු පස්සෙ ආපු ලොරි වගේ ඔය භාණ්ඩ ප්‍රවාහනයට සම්බන්ධ කස්ටිය කොහොමත් ඔය හොරකො‍ටු සබ්ජෙක්ට් එකට බරයි. යහමින් අතමිට මුදල් ගැවසීමත්, නිදහසත් මේකට හේතු වෙන්ට ඇති.

      ඉන්දික කිව්වා හරි. මේක වෙනම ජීවන රටාවක් - උප සංස්කෘතියක්. ලොරිවල රියදුරයි, ගෝලයා/ ක්ලීනර් බානට නං, හොරකො‍ටු, බෝතලේ, මල් පූජ කිරිල්ල කියන්නෙ ජීවිතේම කොටසක් කියලයි අහල තියෙන්නෙ.

      ස්තූතියි යූ ටියුබ් විස්තරේට. බලන්නම්

      Delete
  8. අත තිබුණ පැන්සල උස්සන් යනකම් බස්සා බස්සෙකු මෙන් බලා ඉඳල

    ReplyDelete
    Replies
    1. ඔහෙට කියන්න නොනෝ, වනපු වැනිල්ලට මට ඒක නිකම්ම අමතක වුනා නෙව :)

      Delete
  9. //හෙඩ් ලයිට් වැදිච්ච මුවෙක් වගේ ඇස් දෙකත් ලොකුකරන්, කටත් බාගෙන ඇරගෙන, ඒ දිහා බලා හිටිය බස්සෙක් විතරයි.//
    මුවෙක්ගෙ උපමාවක් අවශ්ය නෑහෑ. බස්සො කොහොමත් බලන්නෙ එහෙම තමයි. හෑබෑයි ඒ ගොදුර හොදට බලාගන්න.

    සමහර කරත්තවල spare එහෙම නෑත්නම් trainee ගොනෙක් පිටිපස්සෙන් ගෑටගහගෙන ගියා. තාමත් මහියන්ගනයෙ සිට කන්දකෑටිය හරහා බදුල්ල පාරෙ ඒවගෙ දර කරත්ත යනවා

    ReplyDelete
    Replies
    1. Pra Jay කන්දකැටිය පාර ගැන බොහොම හොඳට දන්නවා වගේ.. මගේ අතීත මතක ගොඩක් තියෙන පැත්තක්.. :-)

      Delete
    2. අතීත මතක ඉතින් ලියන්නකො Buratheno.
      සම්පූර්ණ ඈත්ත ඒ හෑටියෙන්ම ලියන්න ඕනෑ නෑ. බස්ස වගේ තමන් අහින්සක බව පෙන්නන slant එකකට ලියන්න පුලුවන් නේ.

      Delete
    3. අපේ තාත්තා ඒ කාලෙ ඔය පැතිවල ග්‍රාමීය රෝහල්වල වැඩ කලා.. කන්දකැටිය, ගලඋඩ, ගෝඩුන්න, කන්දෙගෙදර, ඌව පරණගම.. තාත්තා කන්දකැටියෙ වැඩ කරද්දී මම ඉපදිලාවත් නෑ.. ගෝඩුන්නෙ එහෙම ඉන්නකොට යාන්තං අවුරුදු 2ක්-3ක් ඇති.. එහෙ ඒ දවස්සොල සර්ප විමානෙ, ක්වාටර්ස් එකේ මිදුලෙන් අඩි 15ක්-20ක් ගියාම කැලෑව.. පොඩි වුනාට මාත් මහ මගෝඩියා.. රස කතා නං එමට තියෙනවා, ඒ වුනාට මට වැඩි විස්තර මතක නෑ.. තාත්තා තමා ඉස්සර ඕවා රස කර කර කියන්නෙ (මාව පල් කරන්ට :-D ).. ඒත් දැන් ඒව අහගන්ට තාත්තා නෑ නෙවැ..

      Delete
    4. @Pra Jay
      ගොදුර? අපොයි නෑ, මං අහිංසක පක්සියා ආයිබෝං.

      / trainee ගොනෙක් පිටිපස්සෙන් ගෑටගහගෙන ගියා/
      මේක නං නියමයි :). මං හිතන්නෙ එයා apprentice කියල. ප්‍රොබේෂන් මාසතුනයි,ඊට පස්සෙ පර්මනට් - ෆුල් ටයිම් ගොනා :)

      @Buratheno

      ඔච්චර කියන එකේ අර අන්තිම පේලියටවත් ලියල දැම්මොත් නරකද? :)

      Delete
    5. @බූරා,

      මෙයා මහා ගොඩයෙක්නේ අප්පා....බලන්ට ඉඳලා තියෙන තැන්...:D:D

      Delete
    6. Ye ye.. amuma amu godayek.. godae bayyek.. :-P

      Delete
  10. කරත්ත බාශාවේ වචනයක් වන "හෝව්" ආවේ ඉන්ග්‍රීසියෙන් "Whoa".
    ඉන්ගලන්තෙ ඈමරිකාවෙඅශ්ව කරත්ත නතරකරනකොට රේන්ස් ඈදල අශ්වයන්ට කියනවනෙ

    කරත්ත බාශාවෙන් ආවයි කියන "ඕයි" ත් කෙලින්ම ඉන්ගලන්තෙ ඉන්ග්‍රීසි වචනයක් "Oi" (generally used by the so-called lower classes in England) Right, Buratheno?

    ReplyDelete
    Replies
    1. Yep, pidgin English.."Oi, let's 've a pint!" :-)

      Delete
    2. oi කියන එක අපිට ටිකක් අප්සට් වුනාට මෙහෙ නම් සාමාන්‍ය දෙයක්.. කාට හරි කතා කරද්දී නමට අගින් ඕයි කෑල්ල දානවමයි. එම් -ඕයි කියල කතා කරන්නේ බාල ගැහැණු අයට . වැඩිමල් ගැහැණු අයට චි-ඕයි .
      අම්මට කතා කරන්නේ මේ-ඕයි .
      '

      Delete
    3. "මේ ඕයි" කියලා විතරද කියන්නෙ.. අපේ වගේ "මේ ඕයි යෝදියෙ" කියලා කියන්නැද්ද.?? ;-)

      Delete
    4. කරත්ත බාසාව නං ටිකක් හොයන්න වටින දෙයක්. මං දන්නෙ, කඩ-ඇණය, වියබාන, සහ පල්ලං පොල්ල විතරයි.

      ඉංගිරිසි කාරයා "ඕයි" කියනව වගේම ස්කොටිෂ් කාරයා "ආයි" කියල උත්තර දෙනබච අහල තියනව

      Delete
    5. අපේ භාවෙනුත් ඕහිකියන එක ළඟම හිතෙවතෙකුට මිත්‍රත්ත්වයේ පෙන්වීමේදි කතා කරන වචනයක්. අපි එච් අකුර සබ්ද නොකර නිසා ඒක ඕයි තමයි කියන්නේ. 8ඒත් ඒක ගැන්ස්ටර් වචනයක් නෙමෙයි.) මගේ ශබ්දකෝශයේ ඔය වචනේ නිතර තියෙනවා ඒත් මම ලංකාවේ අයට එහෙම කියලා අහගත්තේ මම රස්තියාදු භාශාව කතා කරනවා කියලානේ. (:

      Delete
    6. බුරා ..මෙහෙ කඩේකට ගියහම වේටර් කෙල්ලෙක්ගෙන් මොනව හරි ඉල්ලන වුනහම
      එමෝයි කියල බෙරිහන් දෙන්න ඕන . එස්කියුස් මි හෙම හරියන්නේ නැහැ ...

      Delete
    7. ඕයි කියන්නෙ, අපූරු වචනයක්. ඈත ඉන්න කෙනකුගෙ අවධානය ගන්න ඊට එහා වචනයක් නෑ. අවාසනාවට ඒක අපහාසාත්මක වචනයක් ලෙසයි, සාමාන්‍යයෙන් පිලිගන්නෙ. දෙමල අය අතර "ඕයි" යෙදුම ස්වාමියා බිරිඳට කතාකරන්න යෙදෙනව කියල අහල තියනවා

      Delete
    8. Not exactly "pidgin" Buratheno. Pidgin is made out of English by non-native English speakers. Oi is very much a native English word. A rather unrefined way of getting someone's attention.
      Yes "aye" is "yes" in the old English (and still used in regional dialects and by sailors - aye aye sir ! )
      සින්හල සහ දෙමල අය ඉන්ග්‍රීසිකාරයො oi කියනව අහල පුරුදුවුනා වෙන්න ඕනෑ. ("හෝව්" වගේ.)

      බස්සගෙ අහින්සක බව හෑමතිස්සෙමවගේ බස්ස කියනව නේ?
      A defensive mechanism perfected due to the need for constant use?

      Delete
    9. "අයිසේ" (I say) කියන එකත් එහෙම ආපු එකක් නේද.?

      // බස්සගෙ අහින්සක බව හෑමතිස්සෙමවගේ බස්ස කියනව නේ? //

      ඕවා ඔය ගොබෙල්ස්ගෙන් ඉගෙනගත්තු දේවල් නේ... :-P

      Delete
    10. @BAS,

      //දෙමල අය අතර "ඕයි" යෙදුම ස්වාමියා බිරිඳට කතාකරන්න යෙදෙනව කියල අහල තියනවා//

      ඇයි සිංහල අයත් මෙහෙම කතා කරනවානේ... :D

      Delete
    11. @ Bura & Pra Jay
      කාලෙකට ඉස්සර මාත් එක්ක එක්ක වැඩකලා හාදයෙක්. මිනිහගෙ නම ඉනසන්ට්.මේ අපි වගේ නෙමෙයි, ඇත්තටම අහිංසක, ඩීසන්ට් හාදයා, වැරදිලාවත් 'ඕයි' කියලවත් කියන්නෙ නෑ.

      මූ දවසක් මල පැනල කියනවා" බලාපං බස්සො, අපේ අම්මලටත් මඤ්ඤං නෙව, මෙහෙම නං දාන්න, මෙව්වත් නම්ද, මගේ දරුවෙකුට නං මං කවදාවත් මෙහෙම කරන්නෙ නෑ? " කියලා :)

      @පොඩ්ඩි

      //ඇයි සිංහල අයත් මෙහෙම කතා කරනවානේ... :D//

      හැබෑටම, ඕයි? මං ඔය ඇහැව්වාමයි :). ඔට්ටෙලියන් හිංගල අයද එහෙම කියන්නෙ ?

      Delete
  11. මට ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා නම් ලස්සන කොල්ලෝ සෙට් වෙලා නෑ. ඒ වුනාට ලස්සන කොල්ලෝ ඉන්නෙම කෝපි කඩවල. ( බලාගෙන ගියාම ඒ හින්දමද කොහෙද මම කෝපි බොන්න හුරු වෙලා ඉන්නෙත් කෝපි වලට වඩා කොල්ලෝ දිහා බලන්න වෙන්න ඕනෙ සුවර් එකටම.)

    ReplyDelete
    Replies
    1. ට්‍රක් ඩ්‍රයිවර්ලට නං ලස්සන කෙල්ලො සෙට් වෙනවා කියල නං අහල තියේ :)

      Delete
  12. පාර දෙපැත්තේ කඩවලින් කෑවා විතරක් නෙමේ දීගතලා කටයුතුත් කරගෙන තියෙනවාලුනේ ඒ කඩවල ගෑණි දැරිවියෝ එක්ක. සරදියෙල්ගේ තාත්තා අදාසි අප්පු [මතක විදිහට] ට පිංචො හාමි හම්බුණේ එහෙමලුනේ :)

    ReplyDelete
    Replies
    1. සිරිබෝ අය්යා

      Delete
    2. ඇත්ත කතාවක් නොවුනත් සිරිබෝ අය්යා කතාවත් ඔය වගේනේ

      Delete
    3. @ Hasitha

      ඔව්, අදාසි අප්පු, හලාවත පැත්තෙ ගැල් කණඩායමක නායකයා. උතුවන් කන්දෙ පිංචො හාමි ඉතා රූමත් ස්ත්‍රියක් කියල තමයි කියවෙන්නෙ.

      @ බින්දි

      ෂහ්, මං බලල නෑ නෙව , මේ සිත්තර පටිය. බැලුව, හොයාගන්නත් නැ :(

      Delete
    4. ඉස්සර අපේ දිහා පොත තිබුණ. දැන් නම් නැතුව ඇති. ඒ ෆිල්ම් එකේ කවි ටික හද ගී පොතේ තිබුණ සැරයක් .ලින්ක් එක සොයා දාන්නම්කො ඉඩ ඇති විටක .

      Delete
    5. http://hadageepotha.blogspot.com/2010/08/blog-post.html

      Delete

ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code