May 3, 2021

බකුසු දේශපාලනය

 බස්සා කියන්නෙ සරල සතෙක්. බහූදේව වාදී ලෙස ඉපදිලා, පන්සල්, කෝවිල් විතරක් නෙමෙයි පල්ලිත් ගිහිල්ලා, පස්සෙ දෙයියො එක, එක හැලිලා, පස්සෙ සංශ්‍යවාදී වුන සතෙක්.

අඩුම ගානෙ එහෙමයි, මම මං ගැන හිතාගෙන ඉන්නෙ. Joe Scott   නම් කියන්නෙ, සංශ්‍යවාදී-agnostic කියන එකේ " I don't give a s**t" වයිබ් එකක් තියනවා කියලයි. එයා, එයාව හඳුන්වා ගත්තෙ "Seeker" කියලයි. හ්ම්....ඒකත් නරකම නෑ. මම අද ඉඳලා Seeker බස්සා. හා, දැන් ඔය මට කතා හදන්න බලාගෙන ඉන්න උන්දලටයි මේ කියන්නෙ. බුදු හාමදුරුවොත් Seeker, ඒ නිසා ඇයි මට බැරි එහෙම වෙන්න? නෑ වාහෙ බුදු වෙන්නෙ නෙමෙයි, Seeker වෙන්න? වෙනස් වීම කියන්නෙ කියන්නෙ නරක දෙයක් නෙමෙයි, අත්‍යාවශය දෙයක්.

මම පිලිගන්නවා, මගේ දේශපාලන, ආර්ථික දැණුම දුර්වලයි කියලා. ඒත් මම හැමදාම යම් දෙයක් හෙව්වා. සහජයෙන්ම කම්මැලි සතෙක් වෙච්ච මට, ඔය "සමහරුන්ට" වගේ ටොන් ගණන් පොත-පත කියවන්න, ඉතිහාසය කටපාඩමින් කියන්වන්න තරම් උවමනාවක්, දක්සකමක් තිබ්බෙ නෑ, ඒත් මට දැනට පවතින ක්‍රමයේ, මොකක් නමුත් අවුලක් තියෙනවා කියලත්,  " something is missing" කියන හැඟීම හැමදාම තිබුනා. මගේ දුර්වල දේශපාලන, ආර්ථික දැණුම නිසා, ඒ අඩුව මොකක්ද කියල කියන්න තරම් හැකියාවක් මට තිබුනෙ නෑ.

"My watch has ended" කියල කිව්වෙ ජෝන් ස්නෝව්. මම හිතෙනවා, මම හොයපු දේ හම්බවුනා කියල.  මම මෙච්චරකල් හොයලා තියෙන්නෙ " අපේ දේශපාලන ඉතිහාසය" පැය බාගෙකින් කියල දෙන වීඩියෝ එකක්! Thank you Joe Scott.

Fasten your seat-belt and get ready for a bumpy ride....


ඔහු මේක හඳුන්වන්නෙ "Late Stage Capitalism" කියලයි. දෙපාරක්වත් බලන්න වෙනවා හරියටම තේරුම්ගන්න,  අමාරුම වැඩේ  කමෙන්ට් 19,724 කියවන එකයි. දැන් මෙතන confirmation bias බොරු වලක් තියෙන්නෙ බැරිද? මේ කතාවෙ credibility  එක කොහොමද? මම නං ඒ ගැන එච්චර වද වෙන්නෙ නෑ. ඇයි, ලිඳේ ඉන්න ගෙම්බොන්ට තෙල බෙදන්න ලේසියි, ඒත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයොන්ට යූ-ටියුබ් එකේ, ඒ ගේම ගහන්න බෑ, උන් ඔහෙල  රෝස් කරන්නෙ, අමුවෙන්.

Joe Scott දක්සයි. ප්‍රේක්ෂකයාට බෝරිං නොවෙන්න කතාව කියන්න ඔහු දන්නවා. සාධාරණ පමනකට අපක්ෂග්‍රාහීයි කියලත් හිතෙනවා. දිව උලුක්කු වෙන බරපතල වචන, ක්වොන්ටම් සයන්ස් සමීකරණ වලින් කොලේ වහල, ප්‍රේක්ෂකයාව ඉච්චා භංගත්වට පත් කරල තර්කය දිනන වැඩ ඔහු ලඟ නෑ. සරල සිංහලෙන් භාෂාවෙන් කියන්න ඕනෙදේ කියනවා, දන්නෙ නැත්නම් නෑ කියනව. මම නූගත් බකමූණෙක් බව ඇත්ත, ඒත් මට කෙනෙක්ගෙ කතාවක "වයිබ්" එක තේරෙනව. බලන්න - එතකොට මම කියන්නෙ මොකක්ද කියල තේරේවි.

19 comments:

  1. Seeker කියන්නෙ අර හැරී පොටර් quidditch ගහද්දි සෙල්ලං කොරන පොසිෂන් එක නෙව.. බස්සත් කොස්සෙ නැගලා quidditch සෙල්ලං කොරනවය?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං quidditch හොයන්න Google යන්න උනා කියහංකො😂

      Delete
    2. https://www.chicagotribune.com/redeye/redeye-how-quidditch-works-in-real-life-harry-potter-20161108-story.html

      Delete
    3. බස්සට කොස්සක් උඩ පස්ස තියාගෙන වැස්ස වෙලාවෙවත් ඉසකුඩිච්චි සෙල්ලං කරන්න ඕනෙනෑනෙ ලෝර්ඩ් බුර්, බැස්ටියන්තුමාට ඇණ නොගසපු පියාපත් තියනව කියලයි එතුමා කියන්නෙ.

      Delete
    4. ඔබතුමාගෙ සිංහල උත්ප්‍රහාසය, එන්න එන්නම දියුණු වෙනවා. 🤔

      Delete
  2. //Joe Scott නම් කියන්නෙ, සංශ්‍යවාදී-agnostic කියන එකේ " I don't give a s**t" වයිබ් එකක් තියනවා කියලයි. //

    ඇති යංතං මට මිනිස්සු ඉස්සර atheistic කියලා පස්සෙ agnostic කිව්වාම මාත් හොඳමයි කියල හිටියට මට හැමතිස්සෙම හිතුනෙ මං apatheistic වෙන්න ඇතියි කියලයි. https://en.wikipedia.org/wiki/Apatheism.
    වෝල්ටර් ස්කොට්ව විතරයි මං දැනගෙන හිටියෙ, ඒත් Apathetic agnosticism එකකුත් තියනවනෙ.

    බැස්ටියන්තුමාට මේ දවස්වල හැදිලා තියන ටැක්නොලොජිකල් ෆිලොසොෆි වයිරස් එක නිසා මාත් ඉතින් දැන් ඉගෙන ගමින් පැවතෙනවා.
    ඒත් // සහජයෙන්ම කම්මැලි සතෙක් වෙච්ච// මං //ටොන් ගණන් පොත-පත//මං කැමති දේ ගැන කියෙව්වට ෆිලොසොෆි උස්මුරුත්තාවට කියවන්න අහන්න අමාරුයි , එනිසා මං ඔන්න ඔහෙ මංම වෙලා ඉන්නං කියලා agnostic apathetic agnotism ගැන වුනත් apathetic වෙලාම ඉන්නව.

    ආගම් අතර සංසන්දනය, ඒවායේ ඉතිහාසය, රිචුවල්ස් වගේ දේවල් ගැන ඉන්ටර්ස්ටෙඩ්. ඒත් වෙන අය වයසට යනකොට ගැඹුරට දෙයියො ගැන හිතුවට මට මාර්වල් කොමික් එකක ඇස්ගාර්ඩ් හෝ ඔලිම්පස්, eternals හා celestials කියවන එක හිතට රිලැක්සිං. එනීසා වෙන කාගෙ හරි මේ ජාතියෙ පෝස්ට් එකකට නම් වැටක් තමයි. :-D

    ReplyDelete
    Replies
    1. //ඒත් මට කෙනෙක්ගෙ කතාවක "වයිබ්" එක තේරෙනව. බලන්න - එතකොට මම කියන්නෙ මොකක්ද කියල තේරේවි//

      Delete
    2. වැටක් නොගහපු මේ දිග කමෙන්ට් වලට මගේ ප්‍රනාමය. ඔව්, වොව් ඔබතුමා ඇප..ඇප මොකද්ද එක තමා😂

      Delete
  3. කලින් පෝස්ට් එකේ ජෝ ඉස්කොට්ගෙ විඩියො එක ගැන කමෙන්ට් එකක් මෙතෙන්ට දැම්මට කමක් නැද්ද. ඒකෙ intuition සහ instinct කියන දෙක එක වගේ කැටගරයිස් කරන්නෙ (15.20) ඇයි කියලා තේරෙන්නෙ නැහැනෙ. මගේ අත්දැකීම නම් intuitive වෙන්න වඩාත් අමාරුයි කියලයි. දැන් ඔය 'ඒත් මට කෙනෙක්ගෙ කතාවක "වයිබ්" එක තේරෙනව කියන්නෙත්' මම intuitive කියන එක නෙවෙයිද. (මේ වගේ කමෙන්ට්ස් දාල මමත් කමෙන්ට්ස් වල වයිබ් එක විනාශ කරනවද දන්නෙ නැහැ)

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ට් එකේ කමෙන්ට් දැම්මට කිසිම අවුලක් නෑ, අයෙ මගෙ අමුතුවෙන් අවුල් වෙන්න දෙයක් නැති නිසා. හැබැයි, මට ඔය හැමදෙයක්ම තේරුනා කියල හිතනව නං, ලෝකයා අපිට "අවුලා" කිව්වෙ ඇයි කියල හිතුනෙම නැද්ද?

      කොච්චර නිවැරදිද මන්දා. මම ඒක කියව්වෙ මෙහෙමයි:
      ඔය වචන දෙකම බොහෝ අය "gut feeling" කියන එකට ආදේශ කරන නිසා එක කැටගරියට දැම්ම වෙන්න ඇති. එත් ඒ දෙක සමාන නෑ.එක කැටගරිය දැම්මට අවුලක් නැනෙ? දෙකම non-logical short-cuts.

      "වයිබ්" එක=gut feeling=intuitive

      Delete
    2. ඔව් ඒක හරි, non logical and effortless (almost).
      තැන්ක් යූ තේරුම් ගන්න උදව් කලාට.

      Delete
  4. [agnostic apathetic agnotism ගැන වුනත් apathetic වෙලාම ඉන්නව]
    මට තේරෙන්නේ නැත්තේ "මම" මොනවගේද කියල හොයන්න මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියල .. හෙහ් හෙහ්

    දේසපාලනෙ මහ කම්මැලි නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. දැන් තමා ඒක තේරුනේ. ආයෙ නං, ඔලුවෙ පණ තියෙන තාක් හොයන්නෙ නෑ, මොන වගේද කියලා🤔

      ඒ කිව්වාමයි මතක් වුනේ "මං මොනවගේද" කියලා බ්ලොග් එකකුත් තිබ්බා. හොඳ වෙලාවට මම "බකමූණු කතා" කියල දා ගත්තෙ. නෑ, මං කියන්නෙ "ඉතිං අපිට පාංද" කියල හිතෙන්න බැරි නෑනෙ?

      ඇත්ත, දේසපාලනෙ කම්මැලියි තමා. ඒත් අවාසනාවට, අකමැති වුනත් ඒකෙන් ගැලවීමක් නෑ.

      Delete
    2. ඔව් පැතුම්, ඒක හොයන එක මහන්සිවෙන කම්මැලි හිතෙන දෙයක්. ඒනිසා තමයි apathetic.

      Delete
  5. ජෝ ගේ වීඩියෝ එක ටිකයි බැලුවේ කම්මැලියි , මම නම් ඉස්සර ඒ කියන්නේ නාමයේ දහයේ පන්තියේ වගේ ඉඳන් අදේවවාදී , ඒ කියන්නේ දෙයියෝ නැහැ කියන එකට වඩා දෙයියෝ ලෝකේ මැව්වේ නැහැ කියන එක පිලි ගන්න කෙනෙක්. අවුරුදු හතළිහකට පස්සෙත් ඒක වෙනස් වෙලා නැහැ. පුනරුත්පත්තිය , කර්මය මුලදී අදහමින් හිටිය. පහුගිය අවුරුදු දහය ඇතුලත ඒකත් නැහැ. හැබැයි පොඩි දෙවියෝ ඒ කියන්නේ වෙනස් සත්ව ජාතියක්, සංවේදනය අතින් අපට වඩා වැඩි කොටසක් ඉන්න පුළුවන් බව, වෙන මාන (multidimension), සමාන්තර විශ්ව, මල්ටි විශ්ව ඒවා ගැන හිතනවා, ඉගෙන ගන්නවා , ආගමික පැත්තෙන් ගත්තොත් බෞද්ධ කෑල්ලක් සයිඩ් එකෙන් තියනව. හැබැයි ලංකාවේ අදහන අර්ථයෙන් නම් නෙවේ. ඉති එහම් බැලුවොත් අපි ඔක්කොම seekers ලානේ

    ReplyDelete
    Replies
    1. පැතුම් සරල නමුත් හොඳ ප්‍රශ්ණයක් ඇහැව්වා. ඇයි ඔය නම් ගැන ඔච්චර වද වෙන්නෙ කියලා. අජිත් නොදන්න දෙයක් ඒ වීඩියෝ එකේ තියෙන්න බැහැ. ඒත් මට නං ඉගෙන ගන්න හුඟක් දේ තිබුණා. සමහර විට ජෝ කියනවා වගේ, ලෝකෙ ඉස්සරහට අදට වඩා හොඳ වේවි. මිනිසුන්ගෙ සංනිවේදනය දියුණු වෙලා, සීමා මායිම් බොඳ වෙලා යන තත්ත්වයක් තියනවා. මට හිතෙන්නේ ඒක හොඳ දෙයක් කියලයි

      Quantum Field Theory: Reality is Not What You Think It Is

      Delete

  6. කුතුහලයෙන් තවම දැවෙත
    සොයමි මමත් දිවියෙ අරුත
    මියෙන තුරුම හමු වෙනු නැත
    එද කම් නැත- පලක්ම වෙත!

    ReplyDelete
    Replies
    1. සකල කලා සොඳට දන්න
      දිය ඇලි වල ජබුං ගහන
      පැරණි කතා රහට කියන
      එකම මඳෑ , මොනවද වෙන

      Hey Jude පට්ට. රොම්බ තෑන්ක්ස් ඔත්තුවට

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code