May 14, 2021

පාරිසරික පද්ධති, ඉංජිනේරු අලි සහ හිඟන අලි

මේක අලි කතාවක්. අද ලංකාවෙ අලින්ගෙ තත්ත්වය සෝචනීයයි. ඇත්ත, ඇපෙත් නැතුව ගෙදර ගිය අලින්ගෙ තත්ත්වයත් සෝචනීයයි තමා. එව්ව ඉතිං අර නිල් බාල්දියට වැටිච්ච නරියගෙ දක්සකම නෙව, හිටං? ඒත්, මේ කියන්නෙ කකුල් හතරෙ අලි ගැන.


මිනිස්සු ඉවක්-බවක් නැතුව, උන්ගෙ  නිජභූමි ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලා, කැලේට රජ වෙලා හිටිය මේ අභිමානවත්, ප්‍රතාපවත් සත්තු අද, පාරවල් අයිනෙ, විදුලි වැටවල් අයිනෙ හිඟාකනව. සමහරු වෙඩි කාලත්, සමහරුන්ගෙ හක්ක පටස් කාලත්, නිවන් දකිනවා. හැබැයි අලින් එහෙම නිවන් යන්න වඩා මනාප ඇති, කොටන් ඇදලා, යදමින් බැඳ පෙරහැරේ ගිහින්, කණ පාත් වෙන්න බීපු ගොව්වන්ගෙ හෙණ්ඩු පාර කනවට වඩා.

මේකට ප්‍රති-තර්කයක් තියන බවත් මම දන්නවා. අලියෙකුට කියලහරි අපවත් කරවගන්න වටින , උත්තමයො මෙහෙත් ඉන්නව. අලින්ව නිවන් ඇරලා, අපි බිදින්නෙ පරිසරයේ සමතුලිතාවය කියල මං කිව්වොත්, මම  අලින්ගෙන් ගැහැට විඳින ගැමියෙක් නොවී, අලියෙක් බේතකටවත් හොයාගන්න නැති , කොන්ක්‍රීට් වනාන්තරයක බස්සෙක් නිසා ඔහොම කියනව කියල ඔබ කියාවි.

Keystone species කියන්නෙ, පරිසර පද්ධතියක (ecosystem) ඉතා වැදගත් රාජකාරියක් කරන සත්තුන්ට, උන් නැතුව මුළු පරිසර පද්ධතිය ක්‍රමයෙන් අභාවයට යනවා. Keystone species වර්ග තුනක් ඉන්නවා. අලියා අයිති වන්නේ "පරිසර පද්ධති ඉංජිනේරුවො -Ecosystem Engineers" කියන කොටසට. හ්ම්..මැවිසුරු අලි , ඔහෙලට කියන්න, මට නිකමට හිතුනා, කිතුල් බොඩ, පොල් අතු ගිල, ගිල හොඩවැල පද්ද, පද්ද ඉන්න විදිහෙන්ම, මුං ඉංජිනේරුවොම බව. ඇයි  වාහෙ, මුන්ගෙ "වැනිල්ල" වැඩියි නෙව? 

මම මේ කියන හරුපෙ , මොකක්ද කියල තේරුං ගන්න නං , මේ වීඩියො දෙක යන්තමින් හරි බලන්නම වෙනවා:


හා, ඊලොන් මස්ක් එක්ක අඟහරු ලෝකෙ පදිංචියට යන්නද හිතාගෙන ඉන්නෙ? කෝකටත්, යන්න කලින් මෙන්න මේක බලල හිටිය නං. 


වත්ත බද්දට දී, ඇස්සට දත නියවනවා කියන එකේ තේරුම දන්න කෙනෙක් කියල දෙනවද?

22 comments:

  1. බස්සෝ තියෙනවද නිම නැති විවේකය
    පොටෙටෝ කවුච් කෙනෙකුද? හිතටත් ඒය
    දෙන වීඩියෝ හැම බැලුවොත් කම්මුතුය
    දවසට විසි හතර නම් මදි වෙනවාය

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියත් ඔහොම කිව්වා, ලියනව වැඩියි කියලා. මැල්ලුං ලියනව වගේ මෙහෙම ලියන එක නවත්තලා, විරාමයක් ගන්න එක තමා හොඳ.

      Delete
    2. අනේ, වැරදි කොණෙන් අල්ලා ගන්න එපා. නිදහස් වෙලාව අඩු, ඩේටා අඩු සිරි ලංකාවේ ඉන්නන අපට කොහෙන්ද අප්පේ එක post එකක් කියවන අස්සේ වීඩියෝ දෙක තුනක් බලන්න හැකියාවක්? ඒ විත්තියයි මට කියන ඕනි වුණේ.

      නොලියා ඉන්න නං එපා රජෝ!

      Delete
    3. වැරදි නෑ. පෙරහැරේ යන කොට, පෙරහැර පේන්නෙ නෑ නෙව? ස්තූතියි, පෙන්නල දුන්නට.

      Delete
    4. බෝ ලියන එක නැවැත්තුවොත් නං බක්සො, මං ආයෙ නොකිව්වයි කියන්ඩෙපා හරිය? මං ගාව දැනටම ඉන්නව තෝ(ර්) සමඟ රීරි යකා, එවනව බොගෙ පස්සෙං...

      Delete
    5. ඇයි බොලං දැනටමත්, මැල්ලුං ලියැන්නැහෙ පෝස්ට් 18 ලියල නෙව? ඒත් අර රීරී යකාට නෙලපු නෙලිල්ල මතක් වෙන කොට...😃

      Delete
  2. බස්සො ගැන මොකුත් කියලා නෑ නෙවද? උන්ට වෙඩි තිබ්බට කමක් නෑ මහිතෙ. 🤔

    ReplyDelete
    Replies
    1. ලිස්සන්න දන්න හින්ද බේරිල ඉන්නවා, නැහ්නං මෙලාහකටත් වැටේ.😂

      Delete
    2. https://globalnews.ca/news/3454612/urban-barn-owls-facing-many-challenges-study/amp/

      https://nl.pinterest.com/pin/130041507963047100/

      Delete
    3. හා, ඔය හොයාගෙන තියෙන්නෙ? ඔව්, අපේ නවාතැන් ප්‍රශ්ණෙ බරපතලයි වගේම වියදම් සහිතයි😂

      Delete
  3. තව අවුරුදු 1000කින් තත්වේ කොහොම වෙයි ද ? කොහොම උනත් බැකප් එකක් තියෙන එක හොඳයි නේ ..

    ReplyDelete
    Replies
    1. තව අවු 1000 කින්? ඒක නං අමාරු ප්‍රශ්ණයක්. දෙයියො/ ජාතිය වෙනුවෙන් මිනී මරණ අන්තවාදියොයි, ලෝකෙ/පරිසරය උලා කන අවස්ථාවාදියොයි කොහෙන් නවතීද කව්ද දන්නෙ?

      Delete
  4. Trophic cascade ගැන විඩියො එක බැලුවා (මහන්සි වෙලා දාන එකේ අපි වැඩක් ගන්න ඕනෙනෙ). ඒක හරිම රසවත්. Whale pump ගැන දැනගත්තෙ අද.

    ReplyDelete
    Replies
    1. මමත් දැණගත්තෙ, මේකන්ම තමා. කනගාටුව, සාපේක්ෂ ලෙස පරිසරය සමඟ සාමකාමී සහජීවනයක් තියෙන ජපනුන්ට, මේ අපූරු සත්තු දඩයම් කරන කැත පුරුද්දක් තියෙන එකටයි.

      Delete
  5. පොලොවෙ ඉතිහාසය ගැන බැුලුවොත් බස්සො, සියල්ලම නැසෙන සුළුයි. තව අනාගතේදි තව තව දැවැන්තයො බිහිවෙයි, ඒ කාලෙ පවතියි කියල හිතෙන පරිසර පද්ධති පවත්වගෙන යන.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙන්න ඇහැකි. ප්‍රාග්-අයිතිහාසික යුගයෙ හිටපු දෑවැත්තයො නැති වුනා වගේ. ඒත්, දැන් ඉන්න දැවැන්තයො වඳ වුනොත්, ආයෙ බිහි වෙයිද, ඊට කලින්, අපිව වඳ වෙයිද කියල නං හරියටම දන්නෙ නෑ. දන්නව කියල හිතාගෙන හිටියට, මේ සංකීර්ණ සහ ව්‍යාකූල පරිසර පද්ධති වැඩකරන විදිහ තාම අපි ඉගෙන ගනිමින් ඉන්නෙ කියලයි මට හිතෙන්නෙ.

      Delete
  6. දහයේ පන්තියේ බයෝලොජි වලට අර ෆූඩ් චේන් එක උගන්වනවා මතකද? පල්ලහම තියෙන පොඩි ප්ලාන්ට් සහ සත්තු කොපමන් සේවයක් කරනවද කියල. අපේ තාත්ත අලි ගැන කියපු කතාවක් මේක.ලුණුගල බිබිල හරහා පැත්තේ පහලට යනකොට ගල්ඔය නේ තියෙන්නේ . ඒ පැත්තේ ඉඳන් අලි එනවාලු සමහර කොළ ජාති කන්න. උන්ට ඒවා ඕනලු. උන් එතකොට කඳු නගින්නේ කොහොමද, ගහක අත්තක් කඩාගෙන හොඬවැලේ පටලාගෙන හැරමිටියක් වගේ පාවිච්චි කරනවලු. මම ඕක විශ්වාස කලේ නැහැ. මම හිතුව තාත්ත විහිළුවක් කලේ කියල. නමුත් පස්සේ පොතක කියෙව්වා ඒක ඇත්ත කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය වගේම කතාවක් පත්තරේ තිබ්බා. අර වැවක් හරහා පීනලා කෙසෙල් හිඟාකන්න විදුලි වැට ගාවට එන අලි, මිනිස්සු කෑම දෙන එක අඩු කලාම, විදුලි වැට කඩලා උඩින් ගස් පෙරලල කොටුවලට පැන්නා කියල

      Delete
  7. දෙවෙනි වීඩියෝ ව ගැන කියන්න තියෙන්නේ, දැන් අලුත් සබ්ජෙක්ට් එකක් තියනවා SPACE ARCHITECTURE කියල. අලුත්ම නැහැ. නමුත් අඟහරු හෝ වීනස් ග්‍රහලෝක වල ජනාවාස හදන්නේ කොහොමද කියල.
    https://universe.wiki/2021/04/09/5-reasons-why-space-architecture-is-the-future/

    ReplyDelete
    Replies
    1. ඔව්, කොහොම හරි ඒ ක්‍රමවේද දියුණු කරාවි කියල හිතනවා. ඒත්, අපේ මේ Living-breathing Blue Planet එකේ ආරක්ෂාවෙන් එලියට ගියාම, නොහිතන තරම් ප්‍රශ්ණ වැලකට මුහුණ දෙන්නත් වෙයි. මට තාමත් හිතෙන්නෙ, තියෙන දේ ආරක්ෂා කරගෙන, පරිසරය එක්ක සහජීවනයෙන් ඉන්න ඕනෙයි කියන එක.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code