May 19, 2025

රතු ඇඳගත් හොල්මන් දැරිය සහ කුලී රහිත සොහොන් ගෙවල්

අවුරුදු 10කට විතර කලින්,  මගේ අම්මයි බාප්පයි, පොඩි සුසාන භූමියක භාරකරුවන් විදිහට වැඩ කළා. එක ගිම්හානයක, මම  සුසානය නඩත්තු කරන්න,තණකොල කපන්න උදව් කළා. ඒක හරිම උණුසුම් ගිම්හානයක්. එක දවසක් අපේ ට්‍රක් එක ගෙන යන්න අමාරු වුණ නිසා, අපි වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලායි වැඩේ පටන් ගත්තෙ. ඒත් එදිනම හැමදේම ඉවර කරගන්න බැරි වුන නිසා, ඊළඟ දවසේ උදේම නැඟිටලා තණකොල කපලා ඉවර කරන්න හිතුවා. 


ඔන්න ඉතින්, දැන් උදේ 7ට විතර ඇති.  මම හෙඩ්ෆෝන් දාගෙන සංගීතය අහමින් සුසාන භූමිය මැදින් යනවා. කනත්තෙ පැරණිතම කොටසට යනකම් හැමදේම හොඳින් සිද්ධ වුණා. ඒ කොටස තිබුණේ කන්දක කුඩා බෑවුමක. පහළට ගොස් ඉහළ බැලූ විට  මාර්ගය පේන්නෙ නෑ, නමුත් කන්දේ ඉහළට අඩක් පමණ  ගිය පසුයි, ඔබට නැවත පාර දැකගත හැකි වන්නේ. මම අවසාන සොහොන් ගල ඇති කොටසේ වැඩ අවසන් කරලා,  මගේ උපකරණ ක්‍රියා විරහිත කරල, කන්ද ඉහළට නගින්න පටන් ගත්තා. මම  ඉහළ  බැලූ විට දුටුවේ ලස්සන රතු ඇඳුමකින් සැරසුණු කුඩා දැරියක්. ඇය දුවමින්, විශාල සොහොන් ගලක් පිටුපසින් අතුරුදහන් වුනා. මේ අවස්ථාවේදී උදේ 9 ට පමණ ඇති. මම කන්ද මුදුනට පැමිණ අවට බැලුවමුත් රථයක් හෝ මිනිසුන් පේන්න සිටියේ  නෑ. මේ සුසාන භූමිය ඇත්තටම කිසිදු නිවසකට ආසන්නව තිබුනෙත් නෑ.
 
ගම්බද කනත්තක්
මම වටපිට බලා, ඇයට පිටතට එන ලෙස කෑ ගැසුවා. ඇය  දිව ගොස් මුවාවූ සොහොන් ගල දුටු මට, ඇය නැවත පිටතට දිව ගියහොත්  ඇයව දැකගත හැකි බව සිතුවා. නමුත් මට ඇයව කොහේවත් සොයාගත නොහැකි වුනා. මම මගේ අම්මාට කතා කර සිදුවන්නේ කුමක්දැයි ඇයට පැවසූ අතර, පොලිසියට කතා කර මේ කුඩා දැරිය ගැන ඔවුන්ට පැවසිය යුතුදැයි ඇසුවා.  මගේ අම්මා මගෙන් ඇහුව්වේ ඇය රතු ඇඳුමක් ඇඳගෙනද හිටියෙ කියලායි.

මම "ඔව් , ඇයි" කියලා ඇහුවා? ඉතින්, ඇය බොහොම සැහැල්ලුවෙන් මට කිව්වේ, ආ ඒ අර හොල්මන් කෙල්ල නෙ  කියලායි. මම ඇහුවා, ඇයි  මට සුසාන භූමියේ හොල්මන් තියෙනවා කියලා කිව්වේ නැත්තේ කියලා? ඇය කිව්වා,  හොල්මන් තිබෙන බව කිව්වොත් මම උඩට යන එකක් නැහැ කියලා ඇය බය වුණා කියලා. ඇයට උදව් කරන්න වෙන කිසිවෙකු නැති බව බව මම දන්නා නිසා,  කොහොමත් ඒ ගිම්හානයේදී මම ඇයට උදව් කරන බව මට සහතිකයි, නමුත් මම තනියම එහි නොයන බවත් මට විස්වාසයි. 

මගේ නෑදෑයන් එහි වළලනු ලැබූ නිසා, මම තවමත් සමහර විට ඒ කනත්තට යන නමුත් මම සැමවිටම තවත් යමෙකු සමඟයි යන්නෙ. වාසනාවකට මෙන්, මම කිසි විටෙකත් වෙනත් අවතාර දැක නැති අතර,ආයෙ නැවත කිසි දිනෙක කුඩා හොල්මන් ගැහැණු ළමයාව දැක්කෙත් නෑ.
  Maybe two dolls are enough for children -Trump

රතු ඇඳගත් හොල්මන් දැරියගේ ඔරිජිනල් කතාව


මේ කතාව කියවලා, ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඉන්න කොට මේක දැක්කා



හුදීජන පහන් සංවේගය සඳහා සුසාන භූමි විහිලු කතාවක්

මෝචරිවල වැඩ කල අය කියා තිබුනේ, ඔබ සමහර විට ඇහැ කොනෙන් චායාවල් සහ අමුතු දේ දැක්කත්, ඒවා ගණන් නොගෙන, නොසලකා හැරීමට පුරුදු විය යුතු බවයි. මේ සුසාන භූමියේ පදිංචිකරුවන් සමහරෙක් ඒ ක්‍රමවේදය භාවිතා කරන බව පෙනුනා.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

59 comments:

  1. මම කැමතිම කෑල්ල, අර සොහොන් ගෙයක් ඇතුලේ දාලා තියෙන සිල්ලර කඩේ.😮😵‍💫😁

    ReplyDelete
    Replies
    1. බස්සත් හොයාගන්න දේවල්...........................!
      හත් දෙයියනේ සොහොනෙම හිටියම මොකාට බය වෙන්නද
      ඒ කියන්නේ හැම අවුරුද්දෙම එයාල ගේ අයින් කරගන්න ඕන
      නැත්නම් ඉතින් පැවැත්මක් නැහැනේ නේද

      Delete
    2. අයිතිකරුවන්ගේ අවසරය නැතුව, තාවකාලික ගෙවල්වල ඉන්න අයට එහෙම කරන්න වෙන බවයි පේන්නෙ. තව වීඩියෝවක මම දැක්ක විදිහට, පිලීපීනෙත් හැම අතින්ම වගේ අන්ත දූෂිත රටක් කියලයි හිතුනෙ, ඒත් ඒ ප්‍රශ්ණ ඔක්කොම මැදින් වුනත් ජීවිතය ගලාගෙන යනවා.
      https://www.youtube.com/watch?v=CJ1k4tVz_Gk

      Delete
    3. බස්සන්ට බයනම් හුම් හුම් ගාන්නේ නැහැලු . යක්කුන්ට බයනම් සොහොනේ

      Delete
  2. මේ අර බස්සාගෙ එක කකුලක් අවුල් වගේ නේද? A ඇයි?🤔

    ReplyDelete
    Replies
    1. ඈ ...පින්තූරේ මාරු කරලනේ
      කලින් එකත් නියමයි AI generated ....?

      Delete
    2. ඔව්, ඔව් ඒ-අයියට කියල තමා ඔක්කොම අන්දවා ගත්තෙ.
      https://deepmind.google/technologies/imagen-3/

      Delete
  3. ඒ කියන්නෙ හොල්මන් තියනව ද?

    සෙන්නා
    (ගූගලය ලොගින් වෙන්න දෙන්නෑනෙ)

    ReplyDelete
    Replies
    1. අර සොහොනෙ ගෙවල් හදපු, මිනී පෙට්ටි උඩ බුදියන අයගෙන් සමහරු කියනව නෑ කියල, ඒත් අනෙක් අය කියන්නෙ අමුතු දේවල් තියෙන බව දැනෙනවා කියලයි. ඒත් ඒ දෙගොල්ලම කියනවා, බය වෙන්න දෙයක් නම් නෑ, පරිස්සම් වෙන්න ඕනෙ ජීවත් වෙන උන්ගෙන් කියලයි.

      Delete
    2. හොල්මන්වලට කළ හැකි බම්බුවක් නැත
      ඒ හින්දාම එව්වට බය වෙන්නෙ නැත
      ජීවත් වන්නවුන් නං විශ්වාස නැත
      එබැවින් පරෙස්සම් වෙන්නට සිදුව ඇත!

      Delete
    3. හොල්මන්වලට ලොව හොඳ ඉල්ලුමක් ඇත
      සෑදූ සළරූ හොලිවුඩයේ බොහෝ වෙත
      මලාට පසු වෙන්නෙ මොකද ෂුවර් නැත
      නොමැරෙන ලෙසට ජීවත්වෙයි බොහෝ සත

      Delete
    4. නොමැරෙන ලෙසට ජීවත් වෙන බොභෝ සත
      උන්නත් මළා වගෙ ලොවටම දැනෙනු ඇත
      උන්ගෙන් ලොවට වෙන සෙතකුත් ඇත්තෙ නැත
      වෙන්නට එවැන්නෙක් මං නම් කැමති නැත!

      Delete
    5. හිට්ලර් මලා හොල්මන නෑ ඒ පැත්තේ
      තව නට්සියෙක් වැජඹෙයි අල්ලපු වත්තේ
      කට ඇරියොත් බොරු විදිනව හැම පැත්තේ
      ගොඩ යන්නේ කොහොමද අපි මතු මත්තේ

      Delete
    6. # People keep grouping all Trump supporters with these Nazi movements recently, which I disagree with, and think is quite silly.

      After all, the Russians fought against the Nazis.

      # A Russian spy, a sexual predator and a billionaire walk into a bar.

      The bartender says, “What can I get you, Mr. President?”

      # How many Donald Trump supporters does it take to change a light bulb?

      Look, we can change the light bulb. That I will tell you. We’re changing it, ok? And I understand what you’re saying, I hear it all the time. People call me and say, “Is the light bulb really dead?” That’s what they are asking me, it's unbelievable. The light bulb is in big trouble, that I can tell you. But we are going to change it.

      Delete
    7. Can add to the last : " No one can change bulbs as I do. I know more about changing bulbs than anyone else"

      Delete
    8. හොර බොරුවලට දිගටම වැජඹිය නොහැක
      ඔලමොට්ටල එව්වො දන්නේ නැහැ ඒක
      බලවත් වුණත් කොතරම් - මිය යයි දිනෙක
      ගොඩකට අමතකයි මේ ටික- හිතෙයි දුක!

      Delete
    9. ඉස්සර වගෙ නොවේ දැන් දියුණුයි මේක
      මනුසික අයිති, ජිනීවා ගෙනියන දාක
      එහෙන් යුද්ද, මෙහෙන් ටැරිෆ් වැඩි දාක
      කෝවිඩ් කාලෙ , අමතක වී ඇති සේක

      මම තමයි හොඳටම කරන්නෙ!

      Delete
    10. බල්ලන් උඩු බුරයි කළුවර අතරින්
      හොල්මන් කියවයි බස්සා තරහින්
      මතුරන් කට්ටඩි එයි රන්මසු හොයමින්
      අමල් බිසෝ රෑ පානේ දොර නාරින්

      Delete
    11. පහන් කණුව යට නමියගෙ වීදී කොනේ
      අමුතුම සීතලක් ගත-සිත දෙකට දැනේ
      වවුලෙක් තටු ගසයි පුහුලං තියෙන වනේ
      අමල් බිසෝ පෝක් කරිය හරිද පනේ

      අහා! නමියගෙ සෞන්දර්ය කවි බොහොම ඉහලයි. ඔහොම යඃ👌💐🙏😁

      Delete
    12. මම ඡායා දෙකක් දැකල තියෙනවා . එකක් ඉන්දියාවේ අම්මත් එක්ක වඳින්න ගිය වෙලේ . මගේ බ්ලොග් පෝස්ට් එක්ක ලිව්වා . අර භෞතිකවාදිය සිරිස් එකේ . අනික ලන්ඩන් වල දැන් ඉන්න පැත්තේම . පලවෙනි එකේදී හාමුදුරුවරු කීව මහත්තයා පුදුම පින් වන්තයෙක් . අපි මෙච්චර කල් ආව දෙවියෝ දැක්කේ නැහැ මහත්තය ආපු පලවෙනි පාරම දැක්ක කියල . දෙවෙනි සීන් එක විස්තර කරන්න අමාරු විධිහට පොඩි ළමයෙක් ව දැක්ක . වයිෆ් කීව මනෝ බ්‍රන්තිය කියල . හේ හේ

      Delete
    13. හාමුදුරුවො නොදැක්ක ඡායාව දේවාරූඩ කල එක තමයි හොඳම.😁
      පොඩි ළමයා විසතර කරන්න අමාරුයි. මනෝ බ්‍රන්තිය වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ.🤔

      Delete
  4. මේ ලිපියත් මෙතෙන්ට ගැලපෙනවා කියලා හිතනවා. https://www.vinivida.lk/හැඳල-ලාදුරු-රෝහල්-බිමේ-අස/

    ReplyDelete
    Replies
    1. නියම ලිපියක්. ස්තූතියි.👌🙏
      එක හුස්මට කියෙව්වා. ලාදුරු රෝගීන් පිළිබඳ, හිත පාරන කතා බොහොමයක් ලෝකය පුරා තියනවා. ඉතාමත් අවාසනාවන්ත රෝගයක්.

      Culion: The Island of the Living Dead

      Delete
    2. ඒකයි , බස්සා ගේ වීඩියෝ එකයි දෙකම දුක් සහිතයි . මිනිසුන් විඳින දුක

      Delete
    3. මිනිසුන් විඳින දුක නං දැන් අපේ ලඟටම ගෙනත් පෙන්නනවා.☹️

      The American Dream 2025

      Delete
  5. ඈ හත්දෙයියනේ රෑ එළිවෙනකල් මිනී කනතුවලට වෙලා හූම් ගගා අනික් මිනිස්සු බය කරන බස්සොත් හොල්මං වලට බයයි කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. බයම නෙමෙයි. ඕන්න දැන් අපි අත්තක් උඩ තටු පොරෝගෙන අඩ නින්දෙ ඉන්නවා කියමුකො.
      ආන්න එතකොට රෑ ජාමෙ වල් ටුවර් එකක් ගිහින් එන පූෂො දෙන්නෙක් විරිත්ත ගන්නවා. එකෙක් "ඤෑවෝ, කෑවෝ" කියල මරහත දෙනවා.ඉතිං බස්සෙක් නෙමෙයි රාජාල්‍යෙක් උනත් තිගැස්සෙනවා නෙව?

      Delete
    2. රාජ අල දං පාටයි

      Delete
    3. ප්‍රින්ටින් බිස්ටේක් එකක් අපේ හාන්දුන්නේ! 🙏😁

      Delete
    4. මිනීවලවල් උඩ ඉඳගෙන බිස්ටේක් කන්න හොඳ නෑ.

      Delete
    5. මඟුලක් කියනවා, ආං අරහෙ පිල්ලො මිනීවලවල් උඩ බිස්ටේක් හිට දානවා.🤣

      Delete
  6. මාත් දැකල තියනව හොල්මං.
    මුලින්ම දැක්කෙ කුරුල්ලෙක් විදිහට, දුවන ගමන් ඌ නරියෙක්වුනා, නරියා ගිහිං බල්ලෙක්ට මුවාවෙලා හැංගුනා, ලඟට ගිහිං බලනකොට බල්ලත් හොල්මනක් !

    ReplyDelete
    Replies
    1. මුලිංම දැක්ක කුරුල්ල වවුලෙක් වෙන්න ඇති අනිවාර්යෙන්.

      Delete
    2. @Pra Jay
      ඒ ඔබතුමා දැක්ක ටික විතරයි නෙව, තව තියනවා. 😋

      දන්නෝ දනිති
      දන්නා අය මෙහි නොමැතී
      කොහේ නමුත් යහතින්ම ඇතී
      මතකයෙ ඈත කොටසක වෙසෙතී

      @Praසන්ன

      හැබෑටම වවුලට අලේ දාලා ඇඳලා දුන්නට පස්සෙ දැක්කෙම නෑ, කියහංකො😋

      https://drackey.blogspot.com/2025/05/blog-post.html?showComment=1746557962848#c1377427708441819756

      Delete
    3. දන්න එවුනුත් මේවගේම රූකඩ හොල්මංනෙ ඉතිං

      Delete
    4. අනේ එහෙම කියාන්ට එපා ජින්-ගන්න හාංදුරුවනේ! මේ වර්චුවල් ලෝකෙ භයන්කාරයි, ගෝලාකාරයි. හැංගිලා තමයි ඉන්න ඕනෙ, ටිකිලා තමයි බොන්න ඕනෙ. ඔහේ නං කියයි, ඉන්න ටික කාලෙ හොල්මනක් විදිහටම ඉඳලා චුතවෙලා යන්න තමයි මයෙ කැමැත්තත්. 😁😋🤣

      Delete
    5. Happy Holmanning, Mr.Bastian, sorry Mr. Foxtrot, sorry again Mr K9.

      Delete
    6. හොල්මං වුනත් වලිවලට පැටලෙනවා
      https://en.wikipedia.org/wiki/Holmgang
      රුසියාවෙ, ජර්මනියෙ, ඉන්ගලන්තෙත් තියෙන්න ඇති. වයිකිංස්ලා හිටියනෙ, අනික දැනටත් එහෙමයි කියලා ඔබතුමා දන්නවනෙ

      Delete
    7. There is an art to keeping others from knowing anything about yourself.

      Delete
    8. අපේ පැත්තෙ Holman කියලා නම ගහපු ඉන්ෂුවරන්ස් බිල්ඩිමක් තිබ්බා ( බාගදා තාමත් ඇති). අපේ කස්ටිය ඒකට කිව්වෙ හොල්මන් ඉන්ෂුවරන්ස් කියලයි. තව තියනවා මුෂ්කෝකා කියල ටවුමක්. හෝතඹුවා එකට කියන්නෙ මස්-කොකා කියලයි.

      https://www.discovermuskoka.ca

      Delete
    9. වැඩේ කියන්නෙ හෝතඹුවත් හොල්මංනෙ. ඔබතුමාට ගෑවුනත් ඇති

      Delete
    10. නිකම් නෙමෙයි නරලොව හොල්මං. මෙච්චර කල් මේකෙ ටැග් ගැහෙන්න හොල්මනක් නොවී කොහොමද? හිටපු හොල්මං වලින් කීයෙන් කී දෙනාද චුත නොවී ඉන්නෙ?

      https://balunakuta.blogspot.com/2021/10/blog-post_14.html

      දැන් මෙහෙමනෙ බොසා. අපි දැන් පොතක් කියවලා යම් චිත්ත රූපයක් මවා ගන්නවා. ඒ පොතෙන් සිත්තර පටියක් ආවාම අපි "චෑ ඒක හරි නෑ, පොත තමයි හොඳ" කියනවා. මෙතන අවුල අපේ චිත්ත රූපෙ සහ ඩිරෙක්ටර්ගෙ චිත්ත රූපෙ සමපාත නොවීම කියල හිතෙන්නෙ නැහ්ද?

      මේ තියරියම අපේ මේ හොල්මන් persona එකටත් ආදේශ කලෑකි නේද? ඉතිං කොයි dissapointment එකටද ඔබතුමා වඩා කැමති?😁

      Delete
    11. දල්ලෑ.
      ඒත් ඉතිං මිස්ටර් බැස්ටියංගෙ චීත්ත රූපෙ හොඳයි

      Delete
    12. ඇයි සෑර් අපි කලුද? හන්දියෙ බක්කරෙත් ඔහොමමයි, පාන් තියනවද කියල ඇහැව්වොත් "දුප් , පරය" කියල පරණ පාන් බාගෙකින් ගහනවා. ඒත් මම තුන් අණ්ඩෙන් දුවන්නෙ, ඒකත් අරගෙන තමා.😕

      Delete
    13. කලු චීත්තත් හොඳයි

      Delete
    14. ඕකනේ මම රාණි චිත්තර පටේ ගැනත් කිව්වේ ඉතින්න් . ඔහේගේ තියරිය

      Delete
    15. හ්ම්.....ඇත්ත ඒකෙත් අපේ සහ ඩිරෙක්ටර්ගෙ චිත්තරූප නොගැලපීමක ගැටීමක් තියනවා නං තමයි.🤔

      Delete
  7. Replies
    1. හයිගේට් සුසාන භුමියේ ඉන්න කාල් මාක්ස් ගේ අවතාරය කෙම්මුර දවස් වලට එලියට එනවලු . ඇවිත් හයිගේට් පැත්තේ රවුමක් දාල චැඃ කොමියුනිස්ට් සමාජේ තවම නැහැනේ කියල ආයේ වල ඇතුලට යනවලු

      Delete
    2. හෙහ්, හෙහ් ඒක නං නියම කතාව. ධනවාදී එංගලන්තෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නොතිබුනා නං කාල් මාක්ස්ගෙ දාස් කැපිටාලුත් නෑ. නිකං හිතන්නකො, අර ලෝකෙම සමාජවාදී කරවන එක සාර්ථක වුනා නං කොහොම හිටීද කියලා.

      මම සමාජවාදී මූලධර්ම වලට කැමතියි. අකමැති සමාජවාද හෝ ප්‍රජාතන්ත්‍රවාදය දඩමීමා කරගෙන එන ඒකාධිපති වාදයටයි.

      Delete
  8. ආවා.. කියෙව්වා...යනවා.....

    හොල්මං කතා, ෆිලුම්, නාට්‍ය, සීන්, දැකපු ඒවා, අහපු ඒවා, මළ ගෙවල් වල කියපු ඒවා මොකුත් සෙට් වෙන්නේ නැති අප්සට් ඩයල් එකක් මං!

    ReplyDelete
    Replies
    1. ඔය නව-නළු රස අතරින් එකක් තමයි භීෂණ රසය. මට තේරෙන විදිහට, ඒ කියන්නෙ හොල්මන් කතා රසවිඳපල්ලා කියන එකයි. නැතුව හොල්මන් ඇත්තද කියල හොයන එකත්, මලාට පස්සෙ මොකද වෙන්නෙ කියන එකේ කැටගරියට තමා, මම නං දාගන්නෙ.

      ආපු එකම මඳැයි.👌💐😊

      Delete
    2. උදය වෝකින් ඩෙඩ් බැලුවද - පට්ට

      Delete
  9. මොකද්දෝ අහේතුවකට ඔය horror genre එක සෙට් වෙන්නේම නෑ නෙව. නිදි මරාගෙන රිප්ලයි කොටන්න එපා මලේ ඔය තරුණ වයසට හොඳ නෑ... අහ් වැරදුණා... උඹට බස්සා කියන්නේ ඉතින් කට කහනවට වෙන්ට බෑ නොවෑ 😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මමත් සමහර දරුණුම හොල්මන් ෆිලුම් නම් මඟ අරිනවා.

      හොල්මන් ෆිල්ම් බලන බළලෙක්

      Delete
  10. මමත් හොල්මන් නම් බලන්නේ නැහැ මලත් ... හැබැයි සමහර Horror ඒවා බලනවා .. ෆැන්ටසි ඒවා .. දවල්ට මේවා කියෙව්වට රෑට බයවෙනවා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඕකේ, සමහර ෆැන්ටසි හොරර් නං මමත් බලනවා. මගේ තියරිය හොල්මං තියෙන්නෙ ඕනෙ ආතල් ගැනීමයි කියන එකයි. කාලෙකට ඉස්සර හොරර් වීඩියො ගේම් ගැහැව්වා. පස්සෙ යක්කු ගහන්න ගත්තා, ඇඳෙන් බිමට වැටෙන්නම. ඊට පස්සෙ දැන් cozy games විතරයි.

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code