Nov 18, 2011

නිඳි දෙව්දුව....

සිහිල් බෙනේ තුල යහන සදා දෙමි
සැතපෙනු මැන සුවසේ.....
එවන් වෙලාවක සමනල උම්මා
දෙන්නද මම රහසේ...

අහල පහල බස්සොන්ට පෙනෙන්නට
නොයනු මැනවි පිටවී.....
සදා ඔබේ කොට්ටය වෙන්නම් මම
එහි සැතපෙනු මැනවී...

මෙවන් හැඟීමක් නැත පෙර පහළව
අරුමෙකි මහ පුදුමයි..
භවෙන්, භවේ ඔබ මට හමුවන්නට
මා පතනා පැතුමයි....





P.S: මොකක්දෝ කියාගන්ට බැරි දුකක් හිතේ තියාගෙන , තනිවෙලා ඉන්න කෙනෙකුගෙ මුහුණට හිනාවක් ගෙනාව නං, මගේ කාරිය සම්පූර්ණයි.....

10 comments:

  1. එක හිනාවක් නෙමේ හිනා දාහක් වටිනා කවි ටිකක් බස්සෝ. මම මේ හදන්නේ මේකට කවිවලින් උත්තරයක් දෙන්නේ කොහොමද කියලයි. ඉන්ටකෝ මම හිමීට අර වලව්වේ කලා වගේ උත්තරයක් කවියෙන්ම බඳින්ට...:D

    ReplyDelete
  2. නිදන්නේ දවාලට වෙන්න ඇති

    ReplyDelete
  3. @පොකු
    අනේ කුමාරිහාමියේ කොහොම උත්තර ලීවත් කාරි නෑ. මේක මං හදාපු කවියක්මත් නෙමයි. මෙන්න ඔරිජිනල් එක:
    http://www.youtube.com/watch?v=Avf4W-CaspE
    අහන්න. ලස්සන සිංදුව. මං ඉතිං කම්මල් කාරයෙක් නොවැ. ඔය පොඩි ටිංකරින් පාරල් දීලා, මට ඕනෙ විදිහට තලලා ගත්තා.:))

    @ දෙළුම් නෝනා
    හහ්, බුදියන වෙලාව විතරද පෙනුනෙ. ඇයි අර අසරන කොලුවගෙ කොන්දට වෙන සැන්තෑසිය පෙනුනෙම නැහ්ද, හැබෑටම ?

    ReplyDelete
  4. නිදි දෙව්දුවගේ පින්තූරයක් දැක්කේ අද. හරි හැඩකාරියක් නෙවැ. කොට්ට නැති රටකද එයා ඉන්නවා කිය්නන්නේ?

    ReplyDelete
  5. @ සමනලී
    ඔව්, ඔව්, එයා පොත් කියවන්ට කැමති කෙනෙක්. තව අර මොකක්ද එකක් ගැහෙන සද්දෙ අහන්නත් ආසයිලු. පේනව නේද, ෂපාන් එකේ නිදා ඉන්න හැටි?

    ReplyDelete
  6. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  7. විශේෂ නිවේදනයයි.

    වලව්ව ඉස්සරහා රූස්ස ගහේ ඉඳිමින්, නිතරම ඔත්තු බලන, බිරියා රා බී වැටී නිදා සිටිනවිට, ඔහු ගැන කේලම් වලව්වේ හැමෝටම කියමින් රෑ තිස්සේ දඟලන, දහවල් තිස්සේ නිදන, ටොමියාගේ අතීසාර මිත්‍රයාවු, අලි මොටාගේ පරම හතුරාවු, නරි මොටා දෙස නිතරම සැකයෙන් බලා හිඳිනා DGM (දොරකට ගහේ මූකලන්) බස්සා මහතා මෙලොවට බිහිවු සුබ දිනය අදවේ.

    අදට ඔහුගේ අවුරුදු ** කි.

    වලව්වේ හැමෝම වෙනුවෙන් ඔහුගේ සියලු සිතුම් පැතුම් නැතත් එක පැතුමක් හෝ ඉෂ්ට වන (බැස්සිය සමග වන පෙතේ, නිදහසේ සිසරා යාමට හැකිවන ) සුබ උපන් දිනයක් පාර්ථනා කරමු.

    Wishing you all the happiness BASSO…….:D:D:D

    ReplyDelete
  8. බසු අය්යාට වලව්වේ දොරකඩ ගහේ දිගටම රැඳී සිටීමට තව දීර්ඝායු ලැබේවායයි පතමි.

    සුබ උපන් දිනයක්!

    ReplyDelete
  9. හැපි බර්ත් ඩේ මෙවුවා එකක්ම වේවා බෂ්ෂෝ..!!

    ReplyDelete
  10. හැමෝටම බොහොම ස්තූතියි

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code