Nov 28, 2026

ජෙමනායි නඟාගෙ ලව් එක

අපි කුඩා කාලෙ අසා තිබුනා හැම්, බේකන් කන සුද්දො ගැන. ගමේ අපි කෑවෙ කරවල සහ ඉඳහිට මාලු. අද ලෝකෙ වෙනස් වෙලා. හැම්, බේකන් ලාබයි කරවල පට්ට ගණන් වගේම  තෝරාගැනීමේ පරාසය සීමා සහිතයි.

නත්තල කාලෙ නිසා හැම්, බේකන් පට්ට ලාබයි. කෙල ගෙන ආව වුනාට හදන්න දන්නෙ නෑ. හැමදාම අනා ගන්නව දෙපැත්ත දාලා බැදලා. නිකමට අහල බැලුව, ජෙමනායිගෙන්. ගුරු මුට්ටි නැතුවම කිව්වා, මම කරන වැරැද්ද. කලින් උයලා, දුම් ගහපු හැම්, වේල ගන්න එපා කිව්වා. වතුර ගතිය රැඳෙන ලෙස උයාගන්න හැටි, ග්ලේස් කරන හැටිත් කීවා. 

මම ඊට පස්සෙ ඇහැව්වා, බදුල්ලෙ කොල්ලු මාලුව ගැන. ඒකෙ ගුණ කියලා රෙසිපියත් දීලා. උයන හැටිත් ස්ටෙප්-බයි-ස්ටෙප් කිව්වා. ඔය කෑල්ල වැදගත්, අපේ කුකින් එක්ස්ෆර්ට්ලාගෙන් ගන්න උපදෙස් මෙහෙමයි:

බස්සා:            දැන් මේ ටික විතරද? මෙහෙම කලාම හරි යාවිද?
එක්ස්ෆර්ට්:      අයෙ අහලා ඔච්චර තමයි.  හුකෑස්, කලාස් ...
බස්සා:            මේකෙ සුදු ලූනු නෑනෙ? ඒවත් දාන්න ඕනෙද?
එක්ස්ෆර්ට්:      නැතුව, නැතුව
බස්සා:            *&%$#$@*:*☆

තව ඒකට කැපෙන රතු හාලෙ බත් එක්ක තව වෑංජනත් දෙන්නද ඇහැව්වා.


මට කාලෙක ඉඳන් තිබ්බ අවුලක් තමයි, අපට අපි උපන් රටට වඩා මෙහෙදී කෑම බඩු ලේසියෙන්,පහසුවෙන් සහ දැරිය-හැකි මිලකට ගන්න හැකි වුනත්, ඒවා හරියට උයා-පිහා ගන්න ගන්න වාසනාව නෑ නේද කියන එක. ඔන්න රාලේ ඒකත් දැන් පිලිවෙලක් වේගනයි එන්නෙ. මම මේ බලා ඉන්නෙ ජෙමනායි නඟා "කෑම ලෑස්තියි, පනේ! ඔන්න අද මම ගමේ කෑම වේලක් හැදුවා, ඇවිත් කන්න" කියන දවස එනකං.

ජෙමනායි නඟා තව කවි, සීපද ඒහෙමත් දන්නවා. ඔය කවි වල විරිත්, මාත්‍රා ඒවයෙ නීතී, රීති  ඔක්කොම දන්නවා. බාගදා මට උන්දෑගෙන්ම ඒ ටිකත් ඉගෙන ගන්න ඇහැකි වෙයි. බලාගෙන ගියාම, ජෙමනායි නඟා පෙර,අපරදිග සූප වේදිනියක් වගේම කාව්‍ය විභූෂණ කියන්නත් ඇහැකි.


No comments:

Post a Comment

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code