Mar 30, 2012

නා ගෙන ඉවරයි, හා! දැං සබන් ගා ගමු

කලින් සැරේ, අනුන්ගේ කලිසං තමන්ගේ වගේ ඇඳගෙන යාමට ගොස්, කොමෙන්ට් 200 පොස්ට් එකේ දී ඇදගෙන (අ)නා ගත්ත නිසා, මේ සැරේ ලියන්නේ
100% ටැස් කරපු එව්වා විතරය. ඕකට ටොමියා නං කීවේ " ‍තෝ නාන්ට හොර නිසා, ඔහොමවත් නා ගන්න එක හොඳා" කියලාය.


මට හැමදාම තිබුණු ප්‍රශ්ණයක් තමා, Blogger බ්ලොග් වල පළල ඇයි මේ තීරුවක් විදිහට තියෙන්නෙ කියන එක. ඇයි මේ සාගරයයක් වගේ පළලට මොනිටර් තියෙද්දි, අර "ඔබේ තීරය" වගේ පෙන්නන්නේ අපේ කුතුහලය අවුස්සන්නද, නැහ්නං මීයාගේ බෝලෙ ගෙවන්නද කියලා මං දහ අතේ කම්පනා කොරලා තියනවාය. ඔය "කෝපි- ඉස්කිරිප්ට්" එඩිට් කරලා නා ගන්න අකමැති නිසා, මං ඒ වැඩේ අත් ඇරලා දැම්මාය.

ඕන්න දැං Blogger කස්ටිය ඒ පහසුකම අළුත් Dash-Board ඉන්ටෆේස් එකේ සපයලා තියනවා. වැඩේ හරිම ලේසිය.

පලමුව මෙතනට කොටන්න




 දෙවනුව මෙතනට කොටන්න





දැන් අවශ්‍ය කරන බ්ලොග් එක ‍තෝරා ගන්ට


තෙවනුව මෙතනට කොටන්න



හතරවනුව මෙතනට කොටා  "Backup" කර ගැනීම මගේ සරීර සවුක්කියටත් , ඔබගේ බ්ලොග් සවුක්කියටත් ගුණ දායකය

දැං මෙතනට කොටන්න


දැං මෙතනට කොටන්න


දැං මෙව්වා ඇජස් කරගෙන තමන්ට අවශ්‍ය ගානට හදාගන්ට






අවසානෙට මෙතනට කෙ‍ටුවේ නැහ්නං, මෙච්චර වේලා කොරපු ඔක්කොම වතුරේය




Disclaimer: මේ කියාපු විදිහට නොකර හිතූමතේ කූඤ්ඤ ගලවන්ට යන වඳුරන්ගේ වලිග ගැන වගකියනු නොලැබේ.

Read the fine print!: මේ වැඩේ හරියන්න නං තමන්ගේ ටෙම්ප්ලේට් එක මේ පහසුකමට  ගැලපෙන්න ඕනෙ. මගේ එකට මේක හරියන්නෙ නෑ :(


ප.ලි: මොන විදිහට කිව්වත්, ඔය ටෙම්ප්ලේට් මාරු කිරිලි, අළුත්වැඩියා කිරිලි වල පොඩි පහේ යාන්ත්‍රික දෝෂ නැතුවාම නෙමෙයි. බොහෝවිට වෙන්න පුළුවන් දෙයක් තමා, එක විජට්‍ටුවක් අනෙකාගේ කරේ නැගීම. මේක වලක්වා ගන්න නම් ඔය කිව්ව එව්වාට අමතරව මෙහෙම කරන්න:

 
layout වලට කොටලා කොලපාට රවුමෙන් පෙන්නන " single colomn" layout  එක ‍තෝරාගෙන නිල්පාට රවුමෙන් පෙන්නලා තියන විදිහට විජට්‍ටු ටික එක single colomn එකක තියන බවට වග බලාගන්ට. එහෙම කරලා හදපු බ්ලොග් දෙකක් තමා මේ තියෙන්නෙ. 



http://hotambuwa.blogspot.ca/


http://bakamuuna.blogspot.ca/






12 comments:

  1. එතකොට සයිඩ් බාර් එකේ තියෙන අනුන්ගේ ලින්ක් වලට ඕක බලපාන්නේ නැද්ද

    ReplyDelete
  2. ඔහොම කරලා වැඩිපුර ලොකු කරාම අනිත් අයට පේද්දි අවුල් යනවා..මටත් මධුරංග මල්ලි තමයි කියලා දුන්නෙ..

    ReplyDelete
  3. Thanks BAS...Will try it later...:)

    අන්න ඒ පාර බින්දි බය කරනවා...:D

    ReplyDelete
  4. හපොයි ඒත් නම් මුකුත්ම උනේ නෑ...:(

    ReplyDelete
  5. මුකුත්ම වුනේ නෑ කිවුවෙ කමෙන්ට්ස්වලටද..!!?? මූ මේ කියන්නෙ නං කමෙන්ට්ස් ගැන නෙවෙයි.. :)

    ReplyDelete
  6. @ බුරා පොකු

    නයි කයිද රෝස් පාන් කිව්වලු, බුරෝ. ආයෙත් අහලා ටපලෝගෙන නේන්නං ;
    නෝනා මහත්මියෝ මේක අළුත් නෑමක්, පරණ එක නෙමෙයි. මෙදා පොටේ ශැම්පු ගාලයි නාන්ට බලාපොරොත්තුව ;

    ReplyDelete
  7. @ බින්දි

    ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ "ප.ලි" කියලා පෝස්ට් එකේ අගට ඇමුනුවා. අර "test1" හැදුවේ නෙලුම් විලේ ටෙම්ප්ලේට් එකෙන්, අර කියාපු බ්ලොග් රෝල් ටිකත් දැම්මා :)

    @රූ

    ඒ කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ. අපි බ්ලොග් ටෙම්ප්ලේට් එක manually එඩිට් කරන්න ගියොත් එහෙම වෙන්න ඉඩ තියනවා. ඒක නිසා Blogger Template Designerපාවිච්චි කලාම ඒ අවදානම සෑහෙන දුරට අඩු කරගත්තෑකි. එකේ පල්ලෙහා පෙන්නන Preview එක බලලා කිසි අවුලක් නෑ කියලා සහතික කරගෙනම මිස "Apply to Blog" කරන්න එපා. මම IE, Opera,Firefox, Chrome වල හදපු test සයිට් දෙකම ටෙස්ට් කලා. අවුලක් නෑ

    ReplyDelete
  8. උඹට හොදටෝම ෂුවර්ද අවුලක් නෑ කියලා.. නෑ මං මේ ඇහැවුවෙ මටනං අවුලක් එනවා, බ්ලොග් එක පළල වැඩිවෙනවා, horizontal scroll bar එකක් එනවා.. ඒ නිසා ඕක කරන අය මතක ඇතුව බ්ලොග් එකේ පළල තමන්ගෙ ස්ක්‍රීන් එකේ පළලට වඩා වැඩි නොවන සේ කරන්න මතක තියාගන්ට.. හැබැයි ඉතිං හැමෝම ඒ ස්ක්‍රීන් සයිස් එකම පාවිච්චි කරනවා කියලා හිතන්නත් එපා.. ඕක තමා වෙබ්සයිට් ඩිසයින් කරද්දි අපට එන ප්‍රධානම අවුල.. :)

    ReplyDelete
  9. හුටා! එහෙමත් එකක්ද? අපේ ටොමියා මට කොච්චර කියලා තියනවද" ‍තෝ නොදන්න දෙමලෙට ගිහිල්ලා වරිගේ නහ ගන්නෙ නැතුව, දන්න කරුමාන්තයක් කරගෙන හි‍ටු" කියලා.

    අනේ පිංවත්නී, තියෙන පලියට අතදිගෑරලා ලොකුකොරාන්ට යන්නෙ නැතුව ඕධ්‍යම ප්‍රතිපදාවෙන් ,මඳ-පමණින් (bare minimum) පාවිච්චි කර, දැහැමෙන් සෙමෙන් පිබිදෙමින් වාසය කරන සේක්වා!

    ReplyDelete
  10. @බුරා

    ඒක නෙමෙයි සෑර්, මොනිටරේ සයිස් එක මොකක් වුනත් ෆුල් ස්ක්‍රින් එකට රීසයිස් කරන ක්‍රමයක් තියනවා නේද? මෙන්න මේ වගේ:

    සිංහල බ්ලොග් කියවනය

    එතකොට සයිඩ් බාර් එකේ පළල ඒකෙන් අඩුකරල ගන්න විදිහට හදලා, දෙපැත්තෙන් තව පොඩි empty table දෙකක් ඔබලා, එව්වා එකතු කරලා, කම්-බයින් කරලා ගත්තොත් මොනවා වෙයිද?

    ReplyDelete
  11. ඕ යේස්, එහෙම කරන්න පුළුවන්.. එතනදි කරන්නෙ පළල manually pixels වලින් දෙන්නෙ නැතුව percentage එකක් විදියට දෙන එකයි.. එතකොට screen size අනුව width එක automatically හදාගන්නවා.. මේක තමා හොදම ක්‍රමේ..

    හැබැයි වගබලාගන්න ඕන එකතුකරන tables වල width වල එකතුව 100% වෙනබවට.. සාමාන්‍යයෙන් WYSIWYG editor එකක් භාවිතකරලා නම් web design කරන්නෙ මේක 100%ට වඩා වැඩි වෙද්දි කොහෙන් හරි අඩුකරලා 100% automatically හදාගන්නවා.. ඒත් ඒක bad design practice එකක්.. :)

    ReplyDelete
  12. හපෝයි මං මේ දැනුයි දැක්කෙ.. උඹ මේ එක එක ජිමික්ස් උගන්නලා අන්න අරහේ නෝනා මහත්මියගෙ බ්ලොග් එක විනාස කරගෙන..

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code