Oct 28, 2012

සෙල් ලිපි

හඳවල් ගානකුත් ගෙවිලා ගියා, හරි හමන් ලියුං කෑල්ලක් කොටා ගන්ට බෑරිවුනා නෙව? ඔහෙලට කියන්ට  ආයිබෝං ලියන්ට කියලා මෙලෝ සංසාරයක් හිතට ආවෙ නෑ නොවෑ? ඕං ඔහොම ඉන්න කොට තමා මට මතක් වුනේ අපි හිංගල කොටන්න විඳින දුක.

ඒත් ඉතිං අපේ පුරාණ ගල් වඩුවො  හිංගල කොටන්න විඳපු දුකත් එක්ක බලපුවාම මේකත් දුකක්ද? උදේට බත් ගෙඩියක් බැඳගෙන ඇවිත්, බුලත් විටක් එහෙම සප්පායං වෙලා, උන්දලා දවසම හිංගල කොටන්න ඇති.




ඔය පහලින් තියෙන්නෙ ක්ලියොපැට්‍රාගෙ කස්ටිය සෙල්ලිපි කොටාපු හැටි.




මේකෙ නම සෙල් ලිපි" වුනාට, මං මේ කියන්න හදන්නෙ, දැනට අපට සිංහල කොටන්න තියෙන එක එක සොෆ්ට්වෙයා ගැනයි.

 ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔන්ලයින් එව්වා:

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
(මෙකෙ  photoshop වලට නං ප්‍රයෝජනවත්:සිංහල font විදිහටම ගෙනියන්න.)
http://unicode.malindaprasad.com/
http://www.google.com/transliterate/sinhalese


මේවා වලත් වර්ග දෙකක් තියනවා. එකක් කොටන කොටම අකුරු පෙන්නන්න එව්වා, එහෙම නැති එවා.
මේ අතරින් Google Transliteration වල පහසුකං ගොඩක් තිබ්බට, කොටන කොටම අකුරු පෙන්නන්නෙ නෑ.මට නං ඒක අවුල්.


ඊට අමතරව වින්ඩෝස් වලට නං, stand-alone එව්වත් තියනවා. මං කැමති phonetic නැත්නම් සිංග්‍රීසි වර්ගයේ එව්වට විතරයි. හේතුව, ඔය සඤ්ඤක අකුරු කොහෙද තියෙන්නෙ කියලා හොය, හොය ඉන්න බැරි නිසා :). මේ තියන්නෙ මං පාවිච්චි කරන එකම එක:

Singreesi 1.8

ප්‍රස්ණෙ කියන්නෙ, මේක දැං හොයාගන්න නෑ. මා ලඟ නං කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත කොපියක් තියනවා වින්ඩෝස් වලට, දැන්නම් ඒක වැඩි දියුණු කිරිල්ල නැවතිලා පාටයි.

මේච්චර කල් කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කලත් වින්ඩෝස් වලින් වෙන එකකට මාරු වෙච්ච දාට තමයි අවුල. එක එක එව්වා අත්හදා බලල අන්තිමට නැවතුනේ, ඒකෙම browser addon එක ලඟයි. හැබැයි, add-on එක තියෙන්නේ Google Chrome වලට විතරයි.

https://chrome.google.com/webstore/detail/singreesi/enobjimolcbaplolgmplicbkllihadig

මෙක ලියපු  එක හේතුවක් තමා ඔහෙල හිංගල කොටන්න පාවිච්චි කරන්නේ මොනවාද? එව්වයෙ ගුණාගුන කොහොමද කියල දැණගන්න එක :)

ඒක හින්දා  මේක බලලා , හොර බලල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව , දැන්න දෙයක් කොටලම ගියානං අපිටත් දැණගන්නත් එක්ක :))



22 comments:

  1. අපි නම් ඉතින් ඔය ඉස්සර කාලේ සෙල්ලිපි කොටපු අය වගේ කෝපි කෝප්ප දෙක තුනක් හිස් කරමින් (මෙතන බත් ගෙඩි දිග අරින්ට බැරි නිසා )අර පුරුදු පරිදි කොටනවා...:D

    මේ තියෙන්නේ ඒ ලින්කුව...

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

    ඔයිට වඩා විස්තර කියන්ට ඉතින් තේරෙන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ, ඒකත් අර realtime unicode converterම තමයි. ස්තූතියි.

      Delete
  2. අනේ සංසාරේ බස්සො..මාත් ඔය වගේම අසරණයෙක් .http://www.google.com/transliterate/sinhalese වල කොටලා කපලා ඇලවීම තමයි මෙච්චර කල් කලේ . ලඟදි හම්බ වුණා හිරුගේ බ්ලොග් එකේ තිබිලා ලින්ක් එකක්
    http://www.google.com/inputtools/windows/index.html ඩවුන් ලෝඩ් කරලා ගත්තම අදාළ තැනම ටයිප් කරන්න පුළුවන් . කොයිකත් මට 100 ක්ම සාර්ථක නැහැ .

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ, නොනෝ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා :)

      දැං බලාන්ට, අපේ රටේ ඉන්න IT මහත්තුරු තොගේ දිහා බැලුවාම, සිංහල කෙටිල්ලට ලැබිලා තියෙන්නෙ නං කුඩම්මගෙ සැලකිලි තමා.

      මං හිතන්නෙ, ඕකත් මං අත්හදා බලල තියනවා. සිංහල-ඉංග්‍රීසි මාරු කිරීම, ලේසියෙන් කරන්න අමාරුයි වගේ මතකයි

      Delete
    2. මට නම් එච්චර අවුලක් නැහැ දැනට . ලැන්ග්වේජ් බාර් එකේ සිංහල වලට මාරු කරනවා විතරයි .

      Delete
    3. හ්ම්... ඒකත් නරකම නෑ. එකම ප්‍රශ්ණෙ වින්ඩොස් වලට විතරයි.

      Delete
  3. මාත් හරි අමාරුවෙන් සින්හල කොටාගන්නේ අර යුනිකෝඩ් කන්වර්ටර් එකෙන්.ඒත් ඒකත් හොඳම ඔප්සන් එක නෙවෙ මගෙ හිතේ
    ඔන්න කම්මැලි නොවි කොමෙන්ට් එකක් දැම්ම :)

    ReplyDelete
    Replies
    1. ඔය කොයි එව්වයෙත් හොඳ සහ නරක දෙකම තියනවා. මේ දීලා තියන ඒවුවත් රතුරජරටගෙ පැන්සලත් අත්හදා බලල, හොඳයි කියල හිතෙන එක ‍තෝරගන්න එක තමා තියෙන්නෙ.

      Delete
  4. මක්කටැයි බොලං ඔය එකේක සොට්ටෙයාර් අටවං දඟලන්නෙ..!!?? මම නං ඉතිං notepad එකේ විජේසේකර අංකල්ගෙන් කොටලා copy-paste පාරක් දාන එක තමා කොරන්නෙ ඕං..

    හැබැයි බොලා දන්නවනං මට කියහං Android phones වල සිංහලෙන් කොටන්ට හැකි සොට්ටෙයාර් එකක්.. 'හෙලකුරු' ද ‍මොකක්ද මන්දා එකක් තියෙනවා, ඒක මයෙ phone එකේ වැඩ කොරන්නෙ නෑ බොලං.. ඔය සමහර උදවිය මනාප නෑ නෙවැ අපි ඉංගිරිස් වලින් කමෙන්ට්ස් කෙටුවහම.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි බොල විජේසේකර කොටන්න දන්නවා නං මෙහෙම දුක් විඳිනවැයි? හහ්, අපිට කොයින්ද ටොමියෝ බූල්?

      IOS, Android දෙකටම "සංහිඳ" (sanhida) වැඩ කරනවා: phonetic -Singlish එකක්. හැබැයි Android වලට ICS ඕනද මන්දා?

      Delete
    2. දාන්ඩ පහක් බූරයියෙ... මාත් උඹ වගේ වර්ඩ් එකේ අමුවෙංම විජේසේකරෙං කොටන්නෙ...
      දැන් නං ෆෝන් කෙටිල්ල හන්ද හෙලකුරුත් පාවිච්චි කරනව!!
      හැබැයි වැඩි මනාපෙ ඇවිල්ල විජේසේකර අංකල්ට තමා!!
      හරියට කියන්ඩ දන්නෙ නෑ.. ඒත් බ්ලොග් ලියන වැඩි දෙනෙක් පාවිච්චි කරනව ඇත්තෙ ඔය පරිවර්තක මෘදුකාංග වෙන්ඩ ඕනෙ....

      Delete
    3. @ ජනූ,

      මටත් ඔය සිංග්ලිෂ් කෙටිල්ල පේන්ට බෑ.. යුනිකෝඩ් එන්ට කලින් වුනත් මම MS-Word වල සිංහලෙන් කොටද්දි phonetic fonts පාවිච්චි කලේ නෑ.. ඒ පුරුද්ද තමා තාම දිගටම යන්නෙ.. :)

      Word පාවිච්චි කරනවට වඩා හොඳයි Notepad වගේ pure text editor එකක් පාවිච්චි කරන එක.. සමහර වෙලාවට word processing packages වල text formatting නිසා එකේක පිස්සු කෙලිනවා..

      Delete
  5. නෝනා වරුනි, මහත්වරුනි ලොකු අයියලෑ අහට සැන්ඩි එනෝ. අපි දෙගොල්ලොම පාවිච්චි කරන්නෙ එකම පවර් ග්‍රිඩ් එක. සැන්ඩි ඒකට කෙලියොත් අපටත් අබ සරණයි :)

    මෙහෙත් කරකො, කරකො වහිනවා. කුඩයක්වත් ගෙනියන්න බෑ, කුඩ පියාඹනවා. බකුස් දවසකට , දෙකට මිසින් නං , සමාවී වදාරණ සේක්වා!

    ReplyDelete
  6. මට මුලදී ඔය ප්‍රශ්නේ තිබුනා සැරටම දැන්නම් කිසි අවුලක් නැහැ "විජේ " සපෝර්ට් එක දෙන නිසා

    ReplyDelete
    Replies
    1. ඔයෙ විජේගෙ සපෝට් එක ගන්න හැටි අපටත් කිව්ව නං. :)

      Delete
  7. මම පාවිච්චි කරන්නෙත් UCSC Realtime Unicode Converter එක තමා. මටනං ඒක හොඳටම හොඳයි. එක html page එකක් හැටියට සේව් කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. හැමවෙලේම ඉන්ටනෙට් එකෙන් ලින්ක් එකට යන්න ඕනෙ නෑ. html විදිහට සේව් කරගත්තාම අකුරු වල සයිස් එක, ටයිප් කරන textbox එකේ සයිස් එක වගේ දෙවලුත් අපිට පහසු හැටියකට වෙනස් කරගන්න පුළුවන් html දැනුම තියෙන කෙනෙකුටනම්.

    හොඳ බෙදාගැනීමක් බස්සෝ. :) :) :)

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ Realtime Unicode Converter එක save කර ගත්තාම එලකිරි වගේ offline වැඩකරනවා නෙව. බොහොම ස්තූතියි ඔත්තුවට

      Delete
  8. මම නං කොටන්නේ ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එකෙන් තමයි. එකත් කියල දුන්නේ බින්දි. මෙතනින් ගොඩක් අලුත් දේවල් දැනගත්ත. බස්සට පිං.

    ReplyDelete
  9. චෙරිස් බෙරිස් කොටා බබා හිඳින්නේ
    දොරකොඩ ගහේ අතු අස්සෙන් එබෙන්නේ
    අමුතු අමුතු දේ අප වෙත ගෙනෙන්නේ
    මේ බස්සා නොමැත හ්ම් හ්ම් කියන්නේ

    http://malmakaranda.blogspot.com/2012/12/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. මේ දවස්වල නිවාඩු, ඒ මදිවට සීතල. ලස්සන කවිය ගුල්ලෝ, ස්තූතියි. අලුත් අවුරුද්දෙවත් මොනවා හරි ලියඤ්ඤං :)

      Delete
  10. එතකොට qsFOX පාවිච්චි කරන්නේ මම විතරද?
    (http://blog.pahans.com/2009/12/qsfox-quick-sinhala-for-firefox-qsfox/)
    මට නම් පහසුම මෙයයි. මම ගිණිනරියා එක්ක යාළු නිසාත් සිංහල අකුරු ලියන්න නොදන්න නිසාත් මේ ඇඩෝන් එක හරහා තමයි ලියන්නේ.
    කාලයක් තිස්සේ මේක අප්ඩේට් නොකරන එක ඇරෙන්න පහන්ගේ සිංහල වෙනුවෙන් කරන කැපවීමටත් බොහොම ස්තුතිවන්ත වෙන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. qsFOX බොහොම හොඳ addon එකක්, එකම අවුල අලුත් firefox වලට අප්ඩෙට් එකක් නැති එකයි

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code