Nov 29, 2013

ඤෑස් - NAS

ඤෑස්

කාලෙකට ඉස්සර එක ගම් පලාතක, කෑම රසයි කියල ප්‍රසිද්ධ හෝටලයක් තිබුණා. මේකෙ වඩාත්ම ප්‍රසිද්ධ , රසට හදපු සුප් එකකට කියල තමයි කතාවෙ කියවෙන්නෙ. කොහොමින් හරි, ඒ පැත්තෙ ගැවසුන බිලාල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවුනාය, හෝටලේ සුප් එක රස කලේ අහල පහල බලල්ලුය කියලා චෝදනා කරලා ,අහල පහල හෝටල් කාරයො ඔය කියන හෝටලේ, කැලෑ පත්තර ගහලා, වැස්සෙව්වලු.


දැං ඔහේල හිතයි, අහල පහල හිටියෙ හෝටල් කාරයො, මහ අජුත, හිරිකිත, ඊරිසියාකාර සැට් එකක් කියලා. නෑ, නෑ, එයාල එහෙම කලේ ඊරිසියාවට නෙමෙයි, මහජන හිතසුව පිණිසයි. කොහොම හරි , දැං අහල පහල හෝටල වලට බිස්නස් සරුයිලු. ඔන්න දවසක්, ඕය හෝටලයකට ආව පාරිභෝගිකයෙක්, සුප් එකක් , ඇනවුම් කලාලු. වේටර් කොලුව කිව්වලු " සෑර්, මේ දැං තමයි මස් ගෙනාවෙ, පොඩ්ඩක් ඉතර පරක්කු වෙයි" කියලා. එකම කියපු වේටර් කොලුව, කුස්සිය පැත්තට ගියාලු සුප් එක ලෑස්තිද බලන්න. ඔය වෙලාවටම, කොහෙදෝ යන බලල් තඩියෙක් කුස්සියෙ දොර හරහා මාරු වෙලා. වේටර් කොලුවට පෑගිලා බලල් තඩියගෙ නැට්ට. "ඤෑ......ස්"

වේටර් කොලුව සුප් එක අරන් ඇවිත් බලන කොට, පාරිභෝගික තැන අතුරුදහන් වෙලාලු.


NAS

අද කළු සිකුරාදා. ඔය කළු සිකුරාදා සමරන්නෙ, අපේ අහ නෙමෙයි, ලොකු අයියලැයි දිහා නෙව. ඒත් අපේ සමහර නොසන්ඩාලයො, වැට පැනල එහාට රිංගන බව දන්න අපේ සත්ගුණවත් මුදලාලිලා මොකද කරන්නෙ මෙහෙත් සේල් දාල, අපේ සාක්කුවට බහිනවා. මාත් ඉතිං ඔය "කල දු‍ටුකල වල ඉහගන්න " දස්ස සත්ත්වයා නිසා, බැලුව මොනවද තියන වාසි කියලා


එකසිය ගාණට බාන, සිත්තර පටි නිසා, මට කොහොමත් තව, හාඩ් ඩිස්ක් එකක් ඕන වෙලයි තිබුනෙ. මං දැක්කා මේ NAS එක ලාබෙට දාලා තියනවා.

ඉස්සර වගේ නෙමෙයි, දැං මෙව්වා අමුන ගන්න හරිම ලේසියි. ඒතරමෙ හාඩ් ඩිස්ක් එකකට යනව වගේ සුපියල් දහයයි වැඩිය ගියේ -ලාබයි.

ලාබෙට දෙන්න ඕන නිසා RAID, expansion වගේ වැඩි වැඩ නං නෑ. ඒත් අත්‍යාවශය ටික තියනවා. මැක්, වින්ඩෝස්, මොබයිල් ඕන එකකට ඇක්සස් කරන්න පුළුවනි.

අත්‍යාවශ්‍යම භාණ්ඩයක් නූනත් , තියනව නං ලේසියි.ඉස්සර , මෙව්වා හුදී ජනයාට අත පොවන්න බැරි භාණ්ඩ. අද ඉන්න හැටි දැක්කාම හිතට දුකයි, ඒකමයි ගත්තෙ.

කාළය මැව් වෙනසක අරුමේ.....

8 comments:

  1. /ඉස්සර , මෙව්වා හුදී ජනයාට අත පොවන්න බැරි භාණ්ඩ. අද ඉන්න හැටි දැක්කාම හිතට දුකයි/
    ඇත්තට ගැජට්මේනියා තියෙන ඔක්කොටම හිතෙන්නේ ඔහොම වෙන්න ඇති නේද? මටඔය ඩිස්කවුන්ට් හරි මොකක් හරි වචනයක් ඇහුනගමන් එන ලෙඩක්නේ ඕක.
    ආශාවන් ආශාවන්.... හික්ස්...
    දැන් මේකෙන් නොකියා කියන්නේ බිළාල යාළුවෝ සුප් හදනවා කියලානේ. වැඩි ඈතක නෙමෙයි පනස් ගණන් වල ඉතාලියේ ටස්කනි වල බිළාල් ලා දඩයම් කරා කියලා අහලා තියෙනවා. කොහෙද ඒ කාලේ පාප් වහන්සේ ලුණු ටිකටත් බද්දක් ගැහුවලුනේ.

    ReplyDelete
    Replies
    1. //ගැජට්මේනියා //

      මං අහල තියනවා, ඉස්සෙල්ලම PC පාරිභෝගික වෙළඳ පොලට ආවම, මිනිස්සු එව්වා ගත්තෙ , එතෙක් විශ්වවිද්‍යාල, අධි තාක්ෂණික ආයතන වලට පමණක් සීමා වෙච්ච සුඛෝපභෝගී භාණ්ඩයක් දැන් අපටත් ගන්න පුළුවන් නේද, කියන ආසාවටලු. ඒක එහෙම නූනා නං, අද අපි මෙහෙම කතා කරන්නෙ නෑ.

      හැමදේම සාපේක්ෂයි. අද නයි, හෙට ගැරඩි :)

      බිලාල කතාව නේද? ඔව් එහෙමත් හිතන්න පුළුවනි :)

      හැබෑටම අර නයි සතියට මොකද වුනේ? මං මේ "මුට්ටිය" දාලා බලනවා :)



      Delete
    2. අපි ඉස්සරහට නයි බ්ලොග් සතියක් පටන් ගන්න යන්නේ ඔහෙත් එනවැයි?

      Delete
    3. මොකෑ නැතුව. එඤ්ඤං, එඤ්ඤං. මයෙ ගානෙ දාගන්නකො මුචලින්දව :)

      Delete
  2. කාලය මැව් වෙනසක අරුමේ.....

    ReplyDelete
    Replies
    1. කාලය මැව් වෙනසක අරුමේ නේන්නං, ඔය කුරුටු ගෑ ගී පොතකුත් එල්ල ගෙන තියෙන්නෙ :)

      Delete
  3. ලොකු අය්යලාගේ ගෙවල් පැත්තේ ඉන්දෙද්දි, යාලුවෙක් ඔය කියන දවසක උදේම නැගිටලා යන්ට කතා කලා. පොඩ්ඩිට ඉතින් උදෙන්ම ඇඳෙන් බහින්ට බැරි ලෙඩක් තියෙන හන්දා ගිහින් බලන්ට බැරි උණා. :(

    දැන් බස්සා නයෙක් අරින්නේ කවද්ද? :)

    ReplyDelete
  4. කම්මැලිකමට බේත් නැත :)

    නයෙක් නේද? නයි සතිය ප්‍රකාශ කලාම බලමුකො

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code